IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


බස් ටිපර් යතුරුපැදි අනතුරෙන් අයෙක් මරුට


 
(කාංචන කුමාර ආරියදාස)
 
දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී  අද  පස්වරුවේ සිදුවූ  රිය අනතුරකින් එක් අයෙකු මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.
 
වැලි  ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් සහ විදේශීය සංචාරකයන් පිරිසක් ගමන් කරමින් තිබූ   බස් රථයක් හා  යතුරු පැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.
 
අනතුරින් මියගොස් ඇත්තේ දඹුල්ල  පැල්වෙහෙර ප්‍රදේශයේ පදිංචි සමීර ප්‍රසාද් (19)  නම් තරුණයකු වන අතර ඔහු   යතුරුපැදියේ ගමන් කරමින් සිට ඇතැයි පොලිසිය පවසයි.  මෙම අනතුර සිදුවන ආකාරය  එම අසල ගරාජයක සවිකොට තිබූ සීසීටීවී කැමරා පද්ධතියක සටහන්ව තිබේ.
 
දඹුල්ල දෙසින්  වැලි ප්‍රවාහනය කරන ටිපර් රථය ධාවනය වෙමින් තිබියදී ඉදිරියේ බස් රථයක් නවතා මගින්  බැස්සවමින්   සිට ඇත. එම බස් රථයට ටිපර් රථය ඉස්සර කිරීමත් සමග හබරණ දෙසින් දඹුල්ල දෙසට විදේශීය සංචාරකයන්  ගමන් කරමින් තිබූ  බස්රථයක් පැමිණේ.    

බස් රථය මාර්ගයෙන් ඉවත් කොට ටිපර් රථයට ඉඩ දෙනවාත්   සමඟ ඊට පිටුපසින් වේගයෙන් පැමිණි යතුරුපැදිකරු බස් රථය ට ඉස්සර කරනවාත් සමග  ටිපර් රථයේ ඉදිරිපස  හැපී  පසෙකින් ගමන් කරමින් තිබූ විදේශිකයන් රැගෙන ගිය බස් රථයෙ වැදීම නිසා මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
 
ටිපර් රථ රියදුරාගේ සහ යතුරුපැදිකරුගේ නොසැලකිලිමත් රිය ධාවනය මෙම අනතුරට මුල් වී ඇතැයි   මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබෙන බව දඹුල්ල පොලිසිය කියයි.



අදහස් (0)

බස් ටිපර් යතුරුපැදි අනතුරෙන් අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අහුංගල්ල බබාගේ පියා ඝාතනය කරයි
2024 මැයි මස 08 84 0

දැනට ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන අහුංගල්ලේ ‘බබා‘ නැමැත්තාගේ පියා බව කියන පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන වෙඩික්ක


යුක්ක්‍රේන් යුදපිටිය අපේ කොල්ලන් යැවූවැයි හමුදාවේ ලොක්කෙක් මාට්ටු
2024 මැයි මස 08 96 0

රුසියන් - යුක්ක්‍රෙන් යුද පිටියට ශ්‍රී ලංකා හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් රවටා යෙදවූයේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු බව කියන හිටපු මේජර් ජනරාල


ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී අල්ලයි
2024 මැයි මස 08 175 0

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ ර


වාතයෙන් වතුර නිපදවන යන්ත්‍රයක් හදයි
2024 මැයි මස 08 458 1

පරිසර වායුගෝලයෙන් ජලය නිපදවීමේ යන්ත්‍රයක් නිර්මාණය කිරිමට අනුරාධපුර තඹුත්තේගම සෝලම පදිංචි, මේ වන විට නව නිපැයුම් 30කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කර ඇති


‘ ධුරයෙන් ඉවත්වන්නැයි ඇමැති ටිරාන්ට බලපෑම් ‘
2024 මැයි මස 08 1106 2

මත්ද්‍රව්‍ය ජාලයට එරෙහිව සිදුකරනු ලබන මෙහෙයුම් නිසා තමාට අමාත්‍යධූරයෙන් ඉවත්වන ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබදතා පවත්වන ඇතැමුන් බලපෑම් කරන බ


වීසා ගැටළුව අහන්න ලොක්කෝ දෙන්නෙක් මුදල් කමිටුවට
2024 මැයි මස 08 356 1

වීසා අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ආගමන විගමන පාලකවරයා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට හෙට කැඳ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 553 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2028 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1784 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site