ඌ මට ගැහැව්වා, මට ඌ ගැහැව්වා’ අන්තිමට ගුටි කාලා තියෙන්නේ මම පමණයි.
ඉහත වැකිය 80 දශකයේ දී ගුවන් විදුලියේ, රූපවාහිනියේ හා ප‍්‍රසංග වේදිකාවේ දී ඇසීමට හා දැකීමට ලණස් බර්ටි ගුණතිලක, ඇනස්ලි ඩයස්, සැමුවෙල් රොඞ්රිගු එකතුව එකල වේදිකාගත වූ විනෝද සමය විකට වැඩසටහන මතකයට ගෙන එන කථා පුවතකි.
දිනක් විනෝද සමය වැඩසටහන අවසන් කොට රාත‍්‍රියේ තම නිවෙස බලා යෑමට රාත‍්‍රී 01ට පමණ අඟුලාන සිට කිරිබත්ගොඩ බලා යන ලංගම බසයකට බර්ටි ගුණතිලක නම් ශිල්පියා ගොඩ වූයේය. ඔහු අසල වාඩි ගෙන සිටි පදමට වෙරිවූ ගණන්කාරයෝ දෙදෙනකුගේ දෙබස් ඔහුට ද ඇසෙන්නේය. එම දෙබස් ඉහත සඳහන් එක් අයෙක් ගුටිකෑ කථා පුවතකි. ඒ කියන්නේ මිනිහට ගහන්න ලැබිලා නැහැ. ගුටි කාලා විතරයි. එය ධාරණය කර ගත් බර්ටි ගුණතිලක විසින් පසුවදාම තමන් තනියම ගුටිකන විනෝද සමය වැඩසටහන නිර්මාණය කළේය.
මහනුවර උපන් බර්ටි ගුණතිලක නම් මෙම රංගන ශිල්පියා මහනුවර සංඝරාජ පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය හදාරා පසුව කුලියාපිටිය ගල්පොල විද්‍යාලයේ උපගුරුවරයකු ලෙස සේවය ආරම්භ කළේය. ඉන්පසු සිංහල බෞද්ධයා පත‍්‍රයේ සෝදුපත් කියවන්නෙකු හා 1953 ජනතා පුවත්පත් බෙදා හැරීම් අංශයේ සේවය කර තිබේ. 1954 වර්ෂයේ දී එච්.ඞී. විජයදාස මහතා විසින් ගුවන් විදුලියේ ආරම්භ කළ විහිළු තහළු වැඩසටහනට ඇනස්ලි, සැමුවෙල් සමග ඔහු මුලින්ම දායක වූ අතර පසුකාලීනව වරින් වර ගැමුණු විජේසූරිය, ජෝෂප් සෙනෙවිරත්න, ඇල්ෆ‍්‍රඞ් පෙරේරා ද පසු කලක දී මර්සි එදිරිසිංහ සමග ද එකතු වූයේය.
1983 රූපවාහිනිය ආරම්භ වීමත් සමග එහි ආරම්භක විකට නළුවන් ලෙස එකල බොහෝ රසියකයන් අතර ජනප‍්‍රිය ‘නන්දන වින්දන’ විකට වැඩසටහන ඉහත තුන් කට්ටුවේ සහභාගිත්වයෙන් පැවැත්විය.
පැරීසියේ කලාකරුවන් සුරැුකීමේ එකමුතුව විසින් පැවැත්වූ ප‍්‍රථම පියවර ලෙස ඉන්ද්‍රානි පෙරේරා, අනිල් භාරතී, උපාලි කන්නන්ගර සහභාගි වූ ප‍්‍රණාම සංගීත ප‍්‍රසංගය තුළින් බලාපොරොත්තු වූ ඉහළම ප‍්‍රණාමය වශයෙන් දැනට ජීවතුන් අතර සිටින විකට චරිත මැවූ එකම ප‍්‍රවීණ රංගන ශිල්පී බර්ටි ගුණතිලක මහතා වෙත රුපියල් පනස්දාහක (50,000* මුදල් පරිත්‍යාගයක් පසුගියදා රත්නපුර ගොඩකවෙල ඔහුගේ නිවසේ දී ප‍්‍රණාම ප‍්‍රසංගය වෙනුවෙන් දායකත්වය සැපයූ ජනප‍්‍රිය සංගීතවේදී හා ගිටාර් වාදක උපාලි කන්නන්ගර මහතා විසින් පිළිගන්වනු ලැබුවේය. 92 වැනි වියේ සැඳෑසමය ගෙවන රංගන ශිල්පී බර්ටි ගුණතිලක මහතා ප‍්‍රණාම ප‍්‍රසංගයේ සමරු කලාපය බලමින් ඔහුට උපකාර කළ සියල්ලන්ට ස්තුතිය පුද කිරීමට ද අමතක නොකළේය. මෙයට දායකත්වය සැපයූ සියලූ දෙනාට පින් ලැබෙන බව ද කීවේය.
සුනිල් ආනන්ද පැරීසියේ සිට...
ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි ගමන් ගත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශවී යාම සැකසහිත බවත් ඒ හේතුවෙන් ඉරාන ආරක්ෂක
සියලුම බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බැවින් සියලුම නිලධාරීන් සේවයට වාර්තා කර අධිකරණ රාජකාරිවල නිරතවිය යුතු බව බන්ධනාගාාර මාධ්‍ය ප්‍රක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරුන් පත් කිරීමේ තීරණය ක්‍රියාත්මක කිරී
පවතින අයහපත් කාලගුණ තත්වය තවදුරටත් පැවතිම නිසා හෙට සහ අනිද්දා පුත්තලම දිස්ත්‍රික්කයෙ සියලුම පාසල් වසා දමන්නැයි වයඹ ආණ්ඩුකාර නසිර් අහමඩ් මහතා වයඹ අධ
රුපියල් තුන් කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් ඔස්සේ , වායුසමනය යන්ත්‍රයක ’’ කොම්ප්‍රෙෂරයක්’’ තුළ සගවා , කූරියර් පාර්සල
වත්මන් පරපුරේ සතිමත් බව ඇති කිරීම සඳහා “බුද්ධ රශ්මි’’ ජාතික වෙසක් මංගල්‍යයට සමගාමීව ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ අධ්‍යාපන අමාත්‍යා
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ප‍්‍රවීණ රංගන ශිල්පී බර්ටි ගුණතිලක පැරීසියේ ප‍්‍රණාමයට