IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


පොලිස් නිලධාරියාට මරු කැඳවු වෛද්‍යවරිය යළි රිමාන්ඩ්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 

මත්පැන් පානය කර මෝටර් රථයක් පදවා පොලිස් බොක්සිං කණ්ඩායමේ පුහුණුකරු වූ පොලිස් පරීක්ෂක අජන්ත ගාමිණී මහතා මරණයට පත්කිරීම ඇතුළු ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනාට තුවාල සිදු සිදු කළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශේෂඥ වෛද්‍යවරිය මෙම මස 30 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස නුගේගොඩ අධිකරණයේ මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා නියෝග කළේය.

මෙලෙස රිමාන්ඩ් බාරයට පත් වූයේ පිළියන්දල විද්‍යාල මාවතේ පදිංචිව රත්නපුර මහා රෝහලේ දියවැඩියා ඒකකයේ විශේෂඥ වෛද්‍යවරිය වූ නිලානි කාවිංගා මහත්මියයි.

එම සැකකාර වෛද්‍යවරිය මේ වනවිටත් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ කලුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

ඡායාරූප - චතුර එස් කොඩිකාර



අදහස් (20)

පොලිස් නිලධාරියාට මරු කැඳවු වෛද්‍යවරිය යළි රිමාන්ඩ්

sarath Tuesday, 16 October 2018 06:14 AM

බීලා එලවන අයට හොඳ පාඩමක්.

:       2       84

එර්දි Tuesday, 16 October 2018 06:23 AM

විශේෂඥ වෛද්‍යවරියක් උනත් අද සමාජයෙන් ගැරහුම් ලබන තැනැත්තියක්. දෙමවුපියන් සමාජයට හොද පුරවැසියෙක් දුන්නත් අද තත්වය දෙමවුපියන්ගෙ දෙනෙත්වල කදුළු.

:       580       415

නුවන් Tuesday, 16 October 2018 06:47 AM

එම වෛද්‍ය වරිය මොකද කළුබෝවිල රෝහලේ ඉන්නෙ කිසිම තුවාලයක් නැතිව.

:       60       498

රොමේෂ් Tuesday, 16 October 2018 06:53 AM

අපිට අපි ගැනම මහා දුකක් සහ කලකිරීමක් ඇතිවෙනවා. අපේ දරුවොන්ට හෙට ජීවත්වෙන්න අපි හදපු අපූරු ලෝකය. නීතියක් නැති ලෝකය. සාධාරණයක් නැති ලෝකය. හික්මීමක් නැති ලෝකය. හැදියාවක් නැති ලෝකය. හොරු, මිනීමරුවන්, දූෂකයන් රජකරන ලෝකය. දොස්තරව බේරගන්න දොස්තරලා දඟලනවා, පොලිස් නිලධාරියෙක් නිසා පොලිසිය අමුතු ජවයකින් නඩුව ගෙනියනවා. නීතිඥයෝ සල්ලි වෙනුවෙන් වරදකරු නිදහස් කරගන්න දඟලනවා. පොලිසිය නීතිය නමනවා. මොන සමාජයක්ද මේ. අපි තනපු ලෝකය සම්බන්ධව අපේ දරුවෝ හෙට අපිට සාප නොකරාවි. ඔව්න්ද නිතැතින්ම ඒ ක්‍රමයේම පංගුකාරයන් වේවි. මක්නිසාදයත් හෙට මේ ලෝකය තව තවත් මේ ක්‍රමය තුලින්ම අලුත් අලුත් ක්‍රම බිහිවෙන නිසාවෙනි. ක්‍රමය වෙනස් කිරීමට අපහට තවත් සීමිත කාලයක් ඉතුරුවී තිබේ. මතු පරපුරට නැවුම් ලෝකයක් සැදීම අප කාගේත් පරම වගකීම විය යුතුයි.

:       0       12

Hafeel Tuesday, 16 October 2018 07:20 AM

නුවන්, එයාටත් අපේ දේශපාලකයන්ට වගේ සමාන වරප්‍රාසාද. හැබැයි තාම නම් සංගමයෙන් අනතුරු, වර්ජන දකින්නට නම් නැහැ. කොටුව දුම්රිය ස්ථානයේ සිද්ධියට බයවෙලා වගේ.

:       0       0

Sunil Tuesday, 16 October 2018 07:31 AM

නීතියෙන් ගැලවෙන්න දෙන්නම නරකයි.

:       0       0

Roshan Tuesday, 16 October 2018 07:39 AM

වැරදි වාර්තාවක් දුන්න දොස්තර ගැනත් නීතිමය පියවරක් අනිවාර්යයෙන් ගත යුතුය.

:       0       1

sam Tuesday, 16 October 2018 07:58 AM

වෛද්‍යවරිය කළුබෝවිල රෝහලේ තබාගැනීමට හේතුව කුමක්ද? අධිකරණ වෛද්‍යවරයා යවා නිසිලෙස පරීක්ෂා කරවිය යුතුය. බන්ධනාගාරයට නියම වූ අපරාධකරුවන්ට හෝ සැකකරුවන්ට එයින් බෙරී සිටීමට ඔව්න්ට උදව්කරන රෝහලේ අනික් වෛද්‍යවරුන්වද අදාළ නීති යටතේ අත්අඩංගුවට ගත යුතුය.

:       0       2

සනත් ඉතාලිය Tuesday, 16 October 2018 07:58 AM

නුවන් මටත් මේ පුවත දැක්කම හිතුනෙම ඕක

:       0       0

Sunil Tuesday, 16 October 2018 07:58 AM

අහිංසක පවුලකට දුන්න දුක් ගින්දර නිවන්න ආත්ම ගණනාවක් යයි.

:       0       0

jayath Tuesday, 16 October 2018 08:17 AM

කෝ මේ රටේ නීතිය ? ඇයි මේ අපරදකාරී රිමාන්ඩ් කරන්නේ නැත්තේ ?මෙයා ට තියන අමාරුව මොකද්ද ?

:       0       0

rohana kumara mendis Tuesday, 16 October 2018 08:28 AM

අය්යෝ නුවන් ඔය ලංකාවේ නෙමේද ඉන්නේ. දොස්තර විතරක් නෙමේ වැරද්දක් කලාම විශේෂයෙන් දේශපාලකයෝ (ලොකු ලොකු ය කිසිම හේතුවක් නැතිව ඉක්මනට අසනීප වෙනවා.)කෙලින්ම ලොකු ලොකු ඉස්පිරිතාලවල නවතින්නේ ඇප දෙනකම්ම .

:       0       5

සෙන්ජී Tuesday, 16 October 2018 08:56 AM

ඉතාම නින්දිත ලෙස නීතිය හෑල්ලු වෙනවා

:       0       1

Amila Tuesday, 16 October 2018 09:09 AM

මේ සිද්ධියෙදී පොලිසිය සහ පොලිසියේ කෙනාගේ පවුලේ අය ඇයි මෙච්චර කලබල වුනේ. අනිවාර්යයෙන් නැති වුන පොලිසියේ කෙනාගේ හරි වාහනය එලෙව්වා කියලා සැක කරන එයාගේ පුතාගේ මොකක් හරි දෙයක් පොලිසිය යටගහන්න හදනවා වෙන්න පුලුවන්. මතකනෙ අර කොටකෙතන සිද්ධිය වෙලවේ ඩින්ඵ් නොතිබුනා නම් අහුවෙන්නේ වෙන මනුස්සයෙක්. එහෙම පොලිසියක් අපිට තියෙන්නේ.

:       0       0

Chandima Tuesday, 16 October 2018 09:09 AM

ඔන්න ප්‍රතිඵල!! කාන්තාවන්ටත් මත්පැන් නිකුත් කරන්න මානව හිමිකමේ නාමයෙන් සමහරුන්ට පහුගිය කාලේ තිබුනේ පුදුම උවමනාවක්නේ. සමහරු ගැසට් නිවේදන පවා නිකුත් කලා. ඔන්න දැන් මත්පැන් බීලා විතරක් නෙමයි පාරේ යන මිනිස්සුන්වත් මරලා දාන පහත් තත්වෙට පත්වෙලා. අපි මේ රටේ කලින් අහපු දේවල්ද මේ?

:       0       0

Sathya Tuesday, 16 October 2018 10:03 AM

මේවට මහලොකු වෛද්‍ය සංගම්වලිනුත් උත්තර නෑනෙ. තමන්ගේ කුලයේ එවුන් මොන වැරැද්ද කලත් ඉවසනවා. බැරිවෙලාවත් වෙන කෙනෙක් අතින් වෛද්‍යවරයා මැරුනානම් බලන්න තිබ්බ නාට්‍ය ටික. පොඩි වෙච්ච වාහනේ ලෙඩ්ඩු ටික සනීප වෙලා ගෙදර යනකන්ම, තියාගෙන ඉදිවී හොස්පිටල් එකේ. මේවට සාධාරණය ඉටු වේවි අධිකරණයෙන් හෝ බන්ධනාගාරයේදී.

:       0       7

sadharana kota Tuesday, 16 October 2018 10:17 AM

ඇප දෙනකම් රෝහලේ මැයට අපක්ෂපාති වෛද්‍ය පරීක්ෂණයක් කිරීමට වහාම බන්ධනාගාර රෝහලට මාරු කර යැවිය යුතුයි. මෙවෙනි අවස්ථාවලදී ක්‍රියා කිරීමට ස්වාධීන වෛද්‍ය මඩුල්ලක් සිටිය යුතුය. නීතිය එක පන්තියකට පමණක් වෙනස් වීම සාමාන්‍ය ජනතාවට කරන බලවත් අසාධාරණයක්.

:       41       370

Sriyal Tuesday, 16 October 2018 10:21 AM

වෙන අයට මෙහෙම කරන්නේ නැහැ නේද. රටේ නීතිය සාධාරණ ලෙස ක්‍රියාත්මක කරන්න

:       15       132

සංජීව Tuesday, 16 October 2018 01:16 PM

මෙයාලට රෝහලේ සිටීම ගෙදර හිටියා වගේ බන්ධනාගාර නිලධාරීනියන්ට තමා අපහසු ස්ථානයක රැදී සිටින්න සිදු වන්නේ.

:       0       5

Sisira Tuesday, 16 October 2018 01:37 PM

GMOA මොකද නිශ්ශබ්ද? සාධාරණය කොහෙද? අහක යන ප්‍රශ්න GMOA එකට ලොකුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 261 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 565 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 673 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 394 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 466 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 167 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site