IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


පාසලෙන් දුන් කිරි බී සිසුන් 28ක් රෝහලේ

(රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
 
පාසලෙන් ලබාදෙන කිරි පැකට් පානය කිරීම හේතුවෙන් වාරියපොල හේරත්ගම විද්‍යාලයේ සිසුන් 28 දෙනෙකු වාරියපොල රෝහලට ඇතුළත් කර ඇත.

උදරයේ වේදනාව හා වමනය වැනි රෝගී තත්වයන් හේතුවෙන් මෙම දරුවන් රෝහලට ඇතුළත් කළ බවත් කිසිවෙකු අසාධ්‍ය තත්වයේ පසුනොවන බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

දරුවන් 1990 ගිලන්‍ රථ සේවයේ නිකවැරටිය සහ වාරියපොළ ගිලන් රථවලින්  රෝහල කරා ගෙනවිත් තිබිණ.

මෙම විද්‍යාලයේ සිසුන් 300 ක් පමණ දෙනාට අද දිනයේදී කිරි පැකට් ලබාදී තිබුණද 5 වසර පංතියේ සිසුන්ට පමණක් මෙසේ රෝගී ලක්ෂණ මතුව ඇත.

මීට පෙර සිටම මෙම විද්‍යාලයේ සිසුන්ට කිරි පැකට් ලබාදී ඇතත් අද වෙනත් වර්ගයක කිරි පැකට් ලබාදී ඇතැයිද සිසු දරුවෙකුගේ මවක් පැවසුවාය.



අදහස් (16)

පාසලෙන් දුන් කිරි බී සිසුන් 28ක් රෝහලේ

රවින් Wednesday, 24 July 2019 09:36 AM

ෂුවර් එකටම ගියපාර මැයි රැලියට දීපු ජාතියේ කිරි පැකට් වෙන්නැති...

:       3       124

dhammika Wednesday, 24 July 2019 09:50 AM

සමහර කඩවල හරියට ශීතකරණ නිතරම ක්‍රියාත්මක කරලා තියෙන්නෙත් නෑ. ඉතින් නරක් උන ඒවා බීලා බඩේ අමාරුව හැදුනම පස්සේ හොඳ ඒවා බීවත් ඒ ලෙඩේ හැදෙනවා.

:       11       164

sidath Wednesday, 24 July 2019 10:06 AM

ඉහතින් ධම්මික දක්වා ඇති අදහස ඇත්ත. බොහෝ වෙළන්දන් විදුලි බිල අවම කර ගැනීමට ශීතකරණ සැමවිටම නිසි පරිදි ක්‍රියාත්මක කරලා තියෙන්නෙත් නෑ. ලංකාවට හරි යන්නේ පිටි කිරි පමණයි.

:       18       78

ගල්කටස් Wednesday, 24 July 2019 10:25 AM

බලපල්ලා N.T.J. මුස්ලිම් කඩයකින්ද දන්නෑ... සප්ලයි කරලා තියෙන්නේ..?

:       111       242

Raveendra Wednesday, 24 July 2019 10:34 AM

තම තමන්ගේ වගකින් නිසිලෙස ඉටු කරන්නේනම් මෙවන් අවාසනාවන්ත සිදුවීම් සිදු නොවෙන බවනම් කිව යුතුය වැරදි කරුවන් අල්ලා තරාතිරම නොබලා ( අර දේශපාලුවගේ ගොට්ට මේ දේශපලුවගේ ගොට්ටා යන්න අදාලම නැත ) දඩුකදේ ගැසිය යුතුය......කෙසේ වෙතත් මේ දරු පැටවුන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු..

:       0       207

දිලුම් Wednesday, 24 July 2019 10:58 AM

මේ අපේ රටේ අනාගතේ. ඉස්තරම්ම දේ දෙන්න ඕනෑ මේ අහිංසකයින්ට. මේ දරුවන් ලෙඩ වුනොත් මුළු ජාතියේම අනාගතේ ලෙඩ වෙනවා. ළමයින්ගේ වටිනාකම් තේරෙන්නැති නරුම ජාතියේ අය කරන බලු වැඩ.. මේ දරුවන්ට ඉක්මන් සුවය පතනවා. දෙවි පිහිටයි.

:       0       29

dilal Wednesday, 24 July 2019 11:54 AM

නව ව්‍යාපෘතියක් වශයෙන් පාසල් සංවර්ධන සමිතිත් සමඟ සාකච්ඡා කළා... නරකද ඉඩකඩ තිබෙන පාසල්වලට කිරිහරක් දුන්නොත් දරුවන්ට පිරිසුදු කිරි වීදුරුවක් දෙන්න. ඉස්සර නම් කියන්නේ මහා විද්‍යාලයකට අක්කර 6ක ඉඩමක් තිබිය යුතුයි කියා... ඒවගේ ඉඩම් තිබෙන පාසල්වල මේ ව්‍යාපෘතිය අාරම්භ කරන්න පුළුවන්... දරුවන්ටත් සතුන් කෙරෙහි ඇල්මක් ඇතිවෙනවා. දේශීය කිරි නිෂ්පාදනයත් ඉහළ යනවා.

:       2       16

hiranthi wijewardhana Wednesday, 24 July 2019 11:59 AM

කිරි පෝෂණ ගුණයෙන් පිරි වුවත් කුඩා ළමුන් හැමෝටම ඔට්ටුවෙන්නේ නැහැ. මොකද කිරි, බිත්තර, චීස්, ඉස්සෝ, කකුළුවෝ කියන්නේ හරි ඉක්මණින් ඇලජික් වෙන ආහාරයි. මේ නිසා දරුවන්ට ඇලජික් වෙන මේ කිරිදෙන්න පෙර දරුවන්ට අසාත්මිකතාවන් ඇතිදැයි සොයාබැලීම රජයේ යුතුකමක්. ඒ ගැන දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කර මුලින්ම සොයා බැලිය යුතු වෙනවා. එහෙම නැතිව මෙවැනි ආහාර හිතු මතයට දෙන්න ගියොත් දරුවන්ගේ ජීවිත අනතුරේ වැටෙන්න පුළුවන්. ඇලජික් හෙවත් අසාත්මිකතාවන් තිබෙන ආහාර දීමෙන් මරණය පවා සිදුවිය හැකියි. කරුණාකර පාලකයෝ මේ ගැන වගකීම් දැරිය යුතුයි. මම මේක දෙනවා කිව්ව ගමන් මේකවෙයි කියලා හිතුවා.

:       2       136

RaveendraWednesday, 24 July 2019 02:17 PM

හිරන්ති විජේවර්ධන මහත්මියගේ/මෙනෙවියගේ අදහස් වලට ගරු කරන්නෙමු. එහි සත්‍යතාවයකුත් තිබෙන බවත් කිව යුතුයි. නමුත් අසාත්මිකතාවයන්ගෙන් මිදීමට නම් සුළුවෙන් හෝ ඒවා ශරීරයට හුරු කලයුතු නොවේද? කෙසේ වෙතත් සෞඛ්‍ය ආරක්ෂිතව පෝෂ්‍යදායි ආහාරයක් දරුවන්ට ලබාදීම නම් ඉතාමත්ම වැදගත් බැවින් මේවා නිසි අධීක්ෂණයකින් කළ යුතු බව නොරහසකි. අවාසනාවකට අපේ තොත්ත බබාලා දැන් මෙම සිදුවීම පිළිබඳව නවකතා ලියයි. අහිංසක දරුවන්ගේ ගැටලුව ගැන කෑකෝ ගසමින්...

:       0       56

lal Wednesday, 24 July 2019 12:32 PM

ළමුන්ට කිරි වේලක් දීම ඉතාම හොඳ කාරණයක්... කොම්පැනි කාරයින්ගේ පැකට් කළ ඒවා නැතුව නැවුම් එළකිරි ලබදීමට හැකිනම් අගනේය...

:       0       33

Lankaputha Wednesday, 24 July 2019 02:50 PM

පාසල් දරුවන්ට ආසාත්මිකතාවයක් පැතිරිලා යනවා වගේ...

:       0       0

Raveendra Wednesday, 24 July 2019 05:01 PM

සුන්දර පැටව දුටුවිට මට මතක් වුනේ..// අපගේ කුඩාකල බව නම් නොරහසකි..// ලස්සන ළමාවිය දැන් නම් අවලස්සනයි..// පතනවා ඉක්මන්සුවය ඔක්කොම දරු පැටවුන්ට..//

:       0       0

Bandula. Thursday, 25 July 2019 04:16 AM

ඡන්දෙ ලංවෙලා දෙන ලණුනේ මේවා.... දින පැනපුවා වෙන්න ඇති... අනේ අහිංසක දරුවන්ගේ ජීවිත එක්ක සෙල්ලම් නොකර හිටියා නම් වැදගත්. බෝන කිරි එකක් ඔය 225 බිව්වා නම් කමක් නැහැ.

:       0       0

නෙවිල් Thursday, 25 July 2019 10:48 AM

පුදන කොටම කාපි යකා !

:       0       0

vidya Thursday, 25 July 2019 10:32 PM

දුෂ්කර පළාත් වල හරි හැටි වැසිකිලි නැති පොඩි දරුවෝ ඉන්න පාසල් වලට ඔය කිරි දෙන්න එපා. අකිල විරාජ් සහ සජිත් ප්‍රේමදාස, ආනමඩුවෙන් පුත්තලමෙන් එහා පොඩි ඉස්කෝල වලට පරිගණක, ටැබ් නෙමේ ඕනේ පිරිසිදු වතුර සහ වැසිකිලි. ළඟදීම ලංකාව කල්කාටාවක් වෙන්න ඉස්සරලා වැසිකිලි සැදීම පටන් ගත යුතුයි .

:       0       0

Kumar Friday, 26 July 2019 04:55 PM

දිගුකලක් කිරිබොන්නේ නැතිව සිට නැවත කිරිබොන්න පටන්ගත් විට ඇතිවෙන දෙයක් තමා සිදුවී ඇත්තේ... මෙවැනි අජීර්ණයක් සිදුවෙන්නේ කිරිවල ඇති ලැක්ටොස් නමින් හදුන්වන ද්‍රව්‍ය නිසයි. කිරිසැපයුම් කරු අත්අඩංගුවට ගන්න කලින් දොස්තරලාට කතාකරන්න. ඉංග්‍රීසියෙන් මේ ආබාධයට කියන්නේ lactose intolerance කියල. වැඩිහිටි අයටත් මෙය සිදුවෙනවා. මෙයට පිළියම කිරිනොබී සිටීමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 561 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1062 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1255 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 702 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 677 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 225 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1732 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site