IMG-LOGO

2024 මැයි මස 11 වන සෙනසුරාදා


පාසල් සිසුන්ට හෙට සිට දියර කිරි පැකැට්ටුවක්

(නාලක සංජීව දහනායක)
 
‘කිරෙන් සපිරි දැයක්’ යන තේමාව යටතේ පාසල් සිසුන්ට දියර කිරි පැකැට්ටුවක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් රත්නපුර කලවාන කජුගස්වත්ත ශාස්ත්‍රෝදය විද්‍යාලයේ දී හෙට (23) ආරම්භ කිරීමට නියමිතය. 
 
ඒ අනුව පළමු වසරේ සිට පහ වසර දක්වා දරුවන් ලක්‍ෂ හතරකට දිනකට දියර කිරි මිලි ලීටර් 150ක් ලබාදීමට නියමිතය. මේ සඳහා රජය වසරකට රුපියල් මිලියන දහසක මුදලක් වෙන්කර ඇත. 
 
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශයන්ට අනුව රස කළ කිරි වෙනුවට ප‍්‍රමිතිගත දියර කිරි පැකට්ටුවක් ලබාදීමට නියමිතය.  
 
වසර 2025 වනවිට මෙරට දියර කිරි නිෂ්පාදනය ඉහළ දැමීමට, ප‍්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීමට, කිරිපිටි ආනයනය කිරීම වෙනුවෙන් රජය වසරකට වියදම් කරනු ලබන ඇමරිකානු ඩොලර් මිලියන 380ක මුදල අවම කිරීමට, මේ වනවිට පාසල් ළමුන් අතර පවතින මන්දපෝෂණ තත්ත්වය මැඩ පැවැත්වීමට, දියර කිරි පරිභෝජනය සඳහා මෙරට ජනතාව හුරු කරවීමට සහ රට තුළ දියර කිරි නිෂ්පාදනය ප‍්‍රචලිත කිරීමට මෙම වැඩසටහනින් අපේක්‍ෂා කෙරේ.
 
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි අධ්‍යාපන අමාත්‍යංශයේ හා පශු සම්පත් අමාත්‍යංශයේ සහයෝගය මත ජනාධිපති ලේකම් කාර්යාලය හා ග‍්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කරයි.



අදහස් (8)

පාසල් සිසුන්ට හෙට සිට දියර කිරි පැකැට්ටුවක්

thilakasiri Monday, 22 July 2019 11:34 AM

අන්න හොද වැඩක්. අනාගත ලංකාව හැම අතින්ම සරු රටක් කරන්නට දරුවන්ටම හැම අතින්ම සලකමින් ලෝකේ කිසි රටක නොදෙවෙනි අන්තවාදී නොවන අන්ද විස්වාසවලින් තොර කිසිවෙකුට රැවටීය නොහැකි මිනිසුන්ගෙන් පිරි රටක් හදමුද? එහෙනම් වැඩිහිටියන් තම තමන්ගේ කුහකකම් හදුනාගන ඉන් නික්මෙන්න.

:       0       11

Raveendra Monday, 22 July 2019 11:41 AM

වැඩේ නම් ඉතාමත්ම අගනා වැඩක්. ඒත් මේ හදිස්සියේ.. මේවා ක්‍රියාත්ම කරන්න තිබුනේ දශක කීපයකට පෙර කෙසේ හෝ පමාවී වුනත් ගත් මෙම තීරණය අප අගය කරන්නෙමු. අප විස්වාස කරනවා ලග එන තෝරන තරගෙට පෙර සුදානමක් ලෙස ගත තීරණයක් නොවෙන බවට ..

:       0       30

Bandula. Monday, 22 July 2019 11:42 AM

අනේ ඡන්දෙත් ළඟ ළඟ එනවා නේද, බඩේ අමාරුවක් එහෙම හැදෙන එකක් නැහැනේ.

:       1       3

ravi Monday, 22 July 2019 11:45 AM

පොඩි අයව නම් රවට්ටලා අහුවෙන්න එපා. මොකද මේ ළමයි ලොකු මහත් උනහම " ඡන්ද දායකයෝ " වෙන නිසා .

:       1       27

සේන Monday, 22 July 2019 12:30 PM

පොහොසත්, අධිපෝෂිත ළමයින්ට නොදී, අවශ්‍ය දරු පැටවුන්ට දෙනවා නම් වඩා හොඳයි. ලංකාවේම නිෂ්පාදන දෙන්න පුලුවන් නම් කොච්චර අගේද?

:       205       5

Prabha Monday, 22 July 2019 03:30 PM

සිරිසේන මහත්තයා ආපහු වතාවක් ඉල්ලන්න වගේ...

:       1       24

Abaran Tuesday, 23 July 2019 03:55 AM

හැබැයි නියම එළකිරි වියයුතුයි...

:       0       1

Kanchana Tuesday, 23 July 2019 05:18 AM

කිරි පැකට් නැතුව වීදුරු දුන්නනම් හොඳයි. දැනට තියෙන ප්ලාස්ටික් ප්‍රශ්නේ තව දරුණු වෙනවා දවස ගානේ පැකට් ලක්ෂ ගානක් පරිසරයට දැම්මම.

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිල්ලි මහ ඇමැති කෙජ්රිවාල්ට ඇප
2024 මැයි මස 11 101 0

දූෂණ චෝදනා සම්බන්ධයෙන්, මාසයකට වැඩි කාලයක් අත්අඩංගුවේ සිටි දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල්ට ඇප නියම කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.


ඉන්දියාවට එන්නද? මාලදිවයින ජනපති අසයි
2024 මැයි මස 11 364 0

ඉන්දීයාවට වඩා දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහමඩ් මුයිසු ඉන්දීය සංචාරයකට කැමැත්තෙන් පසුවන බව පැවැසෙයි.


ෂාරුක්ගේ දියණියයි අමිතාබ්ගේ මුනුපුරයි
2024 මැයි මස 11 658 0

ෂාරුක් ඛාන්ගේ දියණිය සුහානා ඛාන් සහ අමිතාබ් බච්චන්ගේ මුනුපුරා වන අගස්ත්‍යා නන්දා පෙම්වතුන් යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.


ඇමෙරිකන් ජනාධිපතිවරණයට AI බාධාවක්
2024 මැයි මස 11 309 0

නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට අදාල මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී ඒ.අයි. තාක්ෂණය භාවිතයට ගැනෙන බැවින්, ජනතාව නොමඟ යැවීමක් සිදුවෙන බව ඇමෙරිකන් එෆ්.


ඇමෙරිකාවෙන් ඊශ්‍රායලයට චෝදනා
2024 මැයි මස 11 241 0

ඇමෙරිකන් අවි භාවිතයට ගනිමින් ඊශ්‍රායලය ගාසා තීරයේ මානුෂීය නීති කඩකර ඇතැයි සැකයක් පවතින බවට ඇමෙරිකාව චෝදනා නගයි.


ඩයනා ගැන නීතිපතිගෙන් උපදෙස් ගන්න යයි
2024 මැයි මස 10 1905 0

ඩයනා ගමගේ මහත්මිය සංචාරක වීසා මත 2014 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ඇය මෙරට රැඳී සිටියේ කෙසේදැයි සොයා බැලීමට ආගමන විග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 591 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2085 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1823 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site