පවතින සමාජීය ක්‍රමය හේතුවෙන් පාසල් දරුවන් පවා මානසික රෝගී තත්ත්වයට පත්ව ඇති බවත් එසේ නොවන්නට නම් ඒ පිළිබඳව ඔවුන්ට අධ්‍යාපනය ලබා දිය යුතු බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.
අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ දී පැවැති ජාතික මානසික සෞඛ්‍ය දිනය සැමරීමේ උත්සවය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
බෝ නොවන රෝග යටතේ මානසික රෝගවලට සුවිශේෂි ස්ථානයක් හිමිවන බවත් වාණිජ කරණය, ආකල්ප වෙනස් වීම තුළ මෙවැනි සමාජමය ගැටළු ඇති වන නිසා පාසල් අධ්‍යාපනයේදී දරුවන්ට මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් දැනුම ලබා දිය යුතුව ඇතැයි පැවැසීය.
වර්තමානයේදී පාසල් දරුවන් තරගකාරී අධ්‍යාපන රටාවක නියැලෙන බවත් අතීතයේ දරුවන්ට තිබු සුන්දර ළමා විය දැන් දරුවන්ට නොමැති බවත් හෙතෙම කීවේය.
මෙවැනි මානසික ගැටළු සඳහා විසඳුම් කඩිනමින් ලබාදීමට වර්තමානයේ දියුණු ක්‍රම භාවිත කරන බවත් ඒ සඳහා ප්‍රාථමික සෞඛ්‍ය සේවාවත් දියුණූ කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශ්වීය සෞඛ්‍ය රැකවරණය ජනතාවට ලබාදෙන බවත් පැවසු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජන සමාජය තුළ මානසික රෝගී තත්ත්වයෙන් සිටින පිරිසට ආදරය , කරුණාව දැක්විය යුතු බවයි.
(36698)
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පාසල් දරුවන්ටත් මානසික සෞඛ්‍ය පිළිබඳ අධ්‍යාපනය
රවින් Sunday, 21 October 2018 10:18 AM
ඔක්කොටම ඉස්සෙල්ල මානසික ප්‍රතිකාර ලබාදිය යුත්තේ දියවන්නා 225 ට , හොරකම් කිරීමේ මානසික ප්‍රධාහය කියන රෝග ලක්ෂණයෙන් පටන්ගෙන වංචාව, දුෂණය , ළමා අපචාර , ස්ත්‍රී දුෂණය, මෙකි නොකී රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කරන එක වඩාත් හොඳයි. රටේ අනිකුත් අයට තියන තත්වය තමා කම්බා හොරුන්ටම වටිනා ඡන්දය දීම.
Hafeel Sunday, 21 October 2018 01:32 PM
මෙයා කියන ඔය මානසික රෝගයනං දැනට බෝවෙලා තියන්නේ මෙයා නියෝජන කරන දියවන්නා ඔයට... එතන තමයි මතක නැති, දන්නෙ නැති අය ඉන්නවා. ඒ නිසා එතන්ට මේ අධ්‍යාපනය දියයුතුයි. සමහරුන්ට හාර්ට් ඇටෑක් වගෙත් ආවලු.
Bandula. Monday, 22 October 2018 05:58 AM
මේක පටන් ගන්න ඕනේ මැතිවරණ අපේක්ෂකයන් පාර්ලිමෙන්ට් යන්න කලින්.