IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂකයා නම් කිරීම 25 වැනිදා

(අංජුල මහික වීරරත්න)
 
එක්සත් ජාතික පක්ෂය පූමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලබන බදාදා (25) නම්  කරේ.
 
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම සදහා පිටරට ගොස් සිටින මැති ඇමතිවරු දිවයිනට කැදවන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (19) උපදෙස් දුන්නේය.
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුව දිවයිනෙන් පිටව ගොස් සිටින සියලු මැති ඇමතිවරු ලබන බදාදාට පෙර දිවයිනට පැමිණිමට නියමිතය.
 
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සදහා මේ වන විට දෙදෙනෙකුගේ ලිඛිත ඉල්ලීම් මේ වනවිට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලැබී පවතියි.
 
ජනාධිපති අපේක්ෂකත්වයට ඉල්ලුම් කර ඇති දෙදෙනාම එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් වන අතර එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මෙන්ම කතානායක දේශබන්දු කරු ජයසූරිය යන අපේක්ෂකයින් දෙදෙනා වෙති.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබද අවසන් තීන්දුව හෙට (සෙනසුරාදා) වන විට තමන්ට  ලැබිය යුතු බව සිවිල් සංවිධාන හා බහුජන සංවිධාන වෙත දැනුම් දී ඇත.
 
 



අදහස් (15)

ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂකයා නම් කිරීම 25 වැනිදා

waduge Thursday, 19 September 2019 07:00 AM

කවුරුහරි සජිත්ව ඇහැරවනවද? පොරට හොඳට ජනාධිපති හීන බලබල නිදි. රනිල් ඕක සජිත්ට දෙන්නේ නෑ.

:       0       2499

Dilan Thursday, 19 September 2019 07:09 AM

කිහිප දෙනෙක්ම ඉන්න නිසා අපේක්ෂකයෙක් වෙනුවට අපේක්ෂක මණ්ඩලයක් පත් කරමුද? (නායකත්ව මණ්ඩලය වගේ !)

:       0       18

bamda Thursday, 19 September 2019 07:20 AM

කරූ කියන්නේ මෙලෝ රහක් නැති කෙනෙක්.

:       1       25

banda Thursday, 19 September 2019 07:24 AM

ලබන අවුරුද්දේ කරුට අවුරුදු 80... දැන් යන එන තැනකට වැඩ කරගත්තොත් හොඳයි. තණ්හාය ජායති සෝකෝ...!!!

:       0       223

Jude Thursday, 19 September 2019 07:26 AM

අපේක්ෂකයා තෝරගන්න කල්මරණ අය රට හදන්නේ කොහොමද?

:       0       18

Mahee Thursday, 19 September 2019 07:27 AM

අනේ ඇයි ඒ පිටරට ගිහින් ඉන්න ඇමතිවරුන්ට කරදර කරන්නේ? අන්තිම ට්‍රිප් එක එන්ජෝයි කරලා ආපුවාවෙකෝ. ඕකට කවුරු දැම්මත් වැඩක් නැති එකේ ඒ මිනිස්සු ඔහේ හිටපුවාවේ. ඔන්න ඔය පොර කන කවුරු හරි දාන්න අප්පා. ඒ මනුස්සයා කීයක් හරි නැතිකර ගන්නේ නැතැයි..

:       109       265

sisira Thursday, 19 September 2019 07:52 AM

ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ? හරි ලස්සනයි නේද නම හැබැයි එයාලා ඡන්ද තියන්න කැමති නෑ .ඡන්ද දායකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙයි කියලා. හරියට හෙළ උරුමය මුළු හෙළයම විකුණන් කන අය එක්ක ඉන්නවා වගේ වැඩක්. සමහර ඡන්දදායකයෝ දේශපාලන අතකොලු නිසා මෙයාලව අනුගමනය කරනවා. ඔලුව තියන මිනිස්සුනම් හරිදේ තේරුම් ගන්නවා .

:       642       646

gamini Thursday, 19 September 2019 07:56 AM

කවුරු ආවත් අනිවා ගෝටා දිනනවා. සම්ප්‍රදායක නායකයන්ට මිනිස්සු කැමති නෑ. වැඩ කරන්න පුළුවන් පොරක් ඕනි.

:       1081       1160

ආන්ජලෝ නුගාරා Thursday, 19 September 2019 08:20 AM

බලමු සිවිල් සහ බහුජන සංවිධාන වල ප්‍රතිචාර එක්ක සජිත්ට නම් දාමු කෘත්‍යාධිකාරී මණ්ඩලයට එකත් අවුල්නම් නායකත්ව මණ්ඩලයෙන් කපලා දාමු.

:       0       2

rohana Thursday, 19 September 2019 08:29 AM

සිසිර සහ ගාමිණි වෙත, හීනෙන් තමයි ගෝඨා... එයාට ඡන්දෙ දෙන්නේ බත් කන හරක්...

:       244       393

kamal Thursday, 19 September 2019 08:49 AM

බදාදා කටක ලග්නෙට අසුබයි නේද?

:       1       0

Hafeel Thursday, 19 September 2019 08:49 AM

මෙම ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ නියෝජන කරන ප්‍රධාන පක්ෂ වන එක්සත් ජාතික පක්ෂය තුළ හෝ එම පක්ෂයේ නායකයාට හෝ ප්‍රජාතන්ත්‍රවාදය නැහැ...

:       0       106

Karthini Thursday, 19 September 2019 09:26 AM

අලියා සහ හෙණ්ඩුව

:       0       0

rim Thursday, 19 September 2019 09:41 AM

ඇති යාන්තම් තීරණයකට ආවා. 25 වෙනකොට මොනවහරි කියයිද මන්දා...

:       0       5

thilakasiri Thursday, 19 September 2019 11:12 AM

ඡන්දෙන් ආ ඒකාධිපතියෝ සිමා නිර්ණ ඇති කළ නිසයි ඡන්ද තියන්න බැරි. ප්‍රජාතන්ත්‍රවාදී රටක විධායකය හා ව්‍යවස්ථාදායකය පාර්ලිමේන්තුවයි.ජනතාව විවිධ පක්ෂ වලින් පත්කර යවන පාර්ලිමේන්තු නියෝජිත මත ගැටුමෙන් නොහොත් ජනතා මත ගැටුමෙන් සම්පාදනය වන නීති මගින් අධිකරණය හරහා උසාවි පොලිසි හමුදා රජයේ ආයතන වලින් සමවිත රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වී සමස්ත රටවැසියා පාලනය වෙයි. තව ඇත්තේ දැනට ජනපති සතුව පවතින බලයත් සම්පුර්ණයෙන්ම පාර්ලිමේන්තුව සතුකර ව්‍යවස්ථාවක් හැදීම පමණි.තේ රබර් පොල් අපනයන කර රටේ අදායම හොයාගත නොහැකි මේ යුගයේ අපනයනය සඳහා අපේ කිසිවක් ද නැත.එ් නිසා රටේ පැවැත්ම සඳහා ඇමරිකා චීන ඉන්දීයාව යන බල තරඟයෙහි සිටින අප රට කෙරෙහි උනන්දුව ඇති බලවතුන් ගේ ව්‍යාපාර අප රටේ ඇතිකර ඔවුන්ගෙන් රටට වියහැකි හානි පාලනය කිරීම හැර වෙන විකල්පයක් නැත. මේ බැරැරුම් කටයුත්ත රනිල් වැනි බුද්ධිමත් පාලකයින් ලවා කළ යුතුය. එය රට විකිණීමක් නොවේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 107 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 123 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 111 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 309 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 688 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 132 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1712 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site