IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


පළාත් සභා නිලධාරීන් 750කට තීරුබදු රහිත වාහන බලපත්‍ර


 
(මුදිතා දයානන්ද)
        
පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත් ලබා නොදුන්නද පළාත් සභා නිලධාරීන් 750කට තීරුබදු රහිත වාහන ගෙන්වා ඇතැයි  එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී සුසිල් කිඳෙල්පිටිය මහතා අද (21) පැවසීය.
        

කිඳෙල්පිටිය මහතා මේ බව පැවසූයේ බස්නාහිර පළාත් සභා රැස්වීම එහි සභාපති සුනිල් විජේරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද බත්තරමුල්ල පළාත් සභා පරිශ‍්‍රයේදී පැවැත්වූ අවස්ථාවේදීය.
 
ඔහු මෙසේද පැවසීය.
 
         ‘‘දැන් බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීවරු වෙනුවෙන් ගෙන්වන ලක්ෂ හය හමාරක පුටුවක් ගැන කතා කරනවා. ඇත්තටම මන්ත‍්‍රීවරුන්ට මොනවද ලැබිලා තියෙන්නේ. මීට පෙර පළාත් සභාවලදී සභා මන්ත‍්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත් ලැබුණා.
 
එහෙත් මෙවර සභා කාලය අවසන් වීමටත් ආසන්නව තිබියදීත් අපිට ඒ වාහන පහසුකම ලැබුණේ නැහැ. එහෙත් නිලධාරින් 750 කට තිරුබදු රහිත වාහන මේ වසරේ ගෙන්වා තිබෙනවා.‘‘
 



අදහස් (13)

පළාත් සභා නිලධාරීන් 750කට තීරුබදු රහිත වාහන බලපත්‍ර

vidya Tuesday, 21 August 2018 04:09 PM

පාරේ බස් එකේ යන්න බැරි ඇයි. වෙනත් රටවල එහෙමයි වෙන්නේ. තුන් වන ලෝකයේ අශ්චාර්ය. රටටම සිප්දෙන ගුරුවරු මහා පාරේ.

:       0       177

Dhammika Tuesday, 21 August 2018 06:31 PM

අවම ලක්ෂ 50 බැගින් 750 දෙනෙකුට මේවා දීම නිසා රුපියල් 3750000000 රටට අහිමි වුනා නියමයි සාමාන්‍ය ජනතාව වන අපට යන්න බස් කොච්චිත් හරියට නැහැ

:       2       52

rocky Tuesday, 21 August 2018 11:01 PM

ජනතාවගේ රීරි මංසය උර බොන බඩ ජහරි දේශපාලුවන්ට ශාප වේවා!

:       0       55

Hafeel Tuesday, 21 August 2018 11:21 PM

අනේ මෙයාත් දැන් වෙනස්වෙලා. කොහොම හිටපු මිනිහ.

:       0       50

Chandima Tuesday, 21 August 2018 11:33 PM

අනේ මේ රටට විදේශ විනිමය ගෙන එන මැදපෙරදිග ශ්‍රමිකයන්ට ඔය කියන තිරුබදු රහිත වාහන ගෙන එන්න ලැබෙන්නේ නැහැ. මේ කොහෙවත් ඉන්න එවුන් ටිකක් හැමදාම ඕවා ගන්නවා. දැන් හරි කාලේ ඔය අසාධාරණේ වෙනුවෙන් කතා කරන්න.

:       0       51

Chaminda Wednesday, 22 August 2018 12:47 AM

මේ අය ඇවිල්ල ඉන්නේ සැප ගන්න හද පියව් ගමේ පාරවල් ටික ඉස්සෙලා

:       0       21

Bamunuarachchi Wednesday, 22 August 2018 01:12 AM

රටට විදේශීය විනීමය ඉපයූ හා උපයන අපිට තීරු බදු රහිත වාහනයක් ගන්න බැහැ නමුත් ඒ මුදල් කාබාසිනියා කරන අයට ඕනෙතරම් පහසුකම් අර ඉපයූ මුදලින් දෙනවා. මගේ ළමයි එක ඩොලරයක් මේ රට එවන්නේ නැත.

:       0       47

kalpa Wednesday, 22 August 2018 02:16 AM

මෙම නිළධාරීන්ගෙන් සමහරක් දෙනා කරන්නේ බලපත්‍රය විකුණා මුදල් ගැනීමත් පාවිච්චියට කුලී රථයක් ගැනීමට අවසර ගෙන බස් එකේ නැත්නම් එයාගේ සේවා ස්ථානයේ වෙනත් කෙනෙකුට රාජකාරි ගමනක් යොදා එම වාහනයේ ගමන්කිරීමත් කරනවා. මෙයින්ද රාජ්‍ය මුදල් විශාල ලෙස අවභාවිතා වෙනවා.

:       0       1

sunil perera Wednesday, 22 August 2018 03:40 AM

ලංකාව වැනි ඉතාම කුඩා රටකට මේ පළාත් සභා අවශ්‍ය නැහැ. ඉන්දියාව වැනි අතිවිශාල රටක දේශපාලන උවමනාවට මේ සිදුකල හානිය සුළු පටුනොවේ. මේ සුදු අලි ව්‍යාපෘතියක්.

:       0       7

දිගුම් Wednesday, 22 August 2018 03:56 AM

තීරුබදු රහිත වාහන ගේන්න දුන් නැතිනිසා අපි පුටු ගේනවා වගේ නේ කථාව. ඇයි පුටුවලින් පුළුවන්නේ තීරුබදු රහිත වාහනෙන් ලැබෙන ගානම කොමිස් එක විදියට ගන්න නේද. අපිට දැං කථා කරනකොටම ඒවයේ යටි අරුත තේරෙන්න තරම් තුච්ඡ දේශපාලනේ තිත්ත වෙලා.

:       0       2

raheem Wednesday, 22 August 2018 03:57 AM

ඇයි මේ පලා බබාලට ත්‍රී රෝද වලින් යන්න පුළුවන්නේ? ඡන්දෙ දීපු අය යන්නේ ත්‍රී රෝද වලින්, මේ අය විතරක් තීරු බදු රහිත වාහන වලින්?

:       0       2

willowsd Wednesday, 22 August 2018 04:41 AM

රටට විදේශීය විනීමය ඉපයූ හා උපයන අපිට තීරු බදු රහිත වාහනයක් ගන්න බැහැ නමුත් ඒ මුදල් කාබාසිනියා කරන අයට ඕනෙතරම් පහසුකම් අර ඉපයූ මුදලින් දෙනවා.

:       0       4

Dayananda Wednesday, 22 August 2018 08:04 AM

මන්ත්‍රීලට, ඇමතිලට වගේ නිකමොන්ට තීරුබදු රහිත වාහන බලපත්‍ර මොකටද? ඒවා ඕනෙ රටට වැඩ කරන මිනිස්සුන්ට. එහෙම නැතුව පුටු රත් කර කර ඉන්න, රටේ දේ හූරන් කන්න බලාගෙන ඉන්න මන්ත්‍රීලට, ඇමතිලට නෙමෙයි. ඒ වගේම එහෙම එවුන්ට කත් අදින, මොලේ කලඳක් නැති, උන්ගෙ පස්සෙන් යන මි හරක් කුලයෙ බත් බැලයන්ටත් නෙමෙයි.

:       0       114

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 363 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 752 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 912 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 498 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 547 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 194 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site