IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පහතරට වතුකම්කරුවන්ගේ සංගමයෙන් රතු එළියක්

(එම්.සුසිල් ප්‍රියන්ත)
 
වතු කම්කරු වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමට වතු හාම්පුතුන්ගේ කොන්දේසි දෙකට සිය සංගමය කැමති බවද, ජනවාරි වනවිට වැඩි කළ වැටුප නොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන බවද, පහත රට වතුකම්කරුවන්ගේ සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ මහතා කීවේය.
 
ඒ මහතා එසේ කීවේ වතු කම්කරු වැටුප දහස දක්වා වැඩි කිරීම වෙනුවෙන් අද (23 ) ඇල්පිටිය පොරවගම සිය සංගම් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගාල්ලගේ මහතා ඒ සම්බන්ධයෙන් මෙසේද කීවේය.
                
"ඇත්තටම වතු කම්කරු වැටුප රුපියල් දහස දක්වා වැඩි කෙරුණේ අය වැයෙන්.අය වැයකින් වතු කම්කරු වැටුපක් වැඩිවූ පලමු අවස්ථාව මෙයයි. එහිදී කිසිම කොන්දේසියක් දැම්මේ නැහැ. වතු හාම්පුතුන් මේ කරන්නේ වතු කම්කරු වැටුප දහස දක්වා වැඩි කිරීම නොදෙන්නයි.අය වැයකින් වැඩි කළ වැටුපකට කාටවත්ම කොන්දේසි දාන්න බැහැ.නමුත් වැඩි කල වැටුප අපිට අවශ්‍යයි. එය ජනවාරියේදී නොදුන්නොත් අපි ඒ වෙනුවෙන් වෘත්තීය ක්‍රියා මාර්ග ගන්නවා.
        
වතු හාම්පුතුන් ඉල්ලන අමතර තේ දලු කිලෝග්‍රෑම් දෙක නෙළලා දෙන්න අපි කැමතියි. හැබැයි නියම කාර්තුවට තේ පොහොර වතුවලට දැමීමේ එකගතාව මතයි. ඒ වාගේම දින 180ක් අනිවාර්‍යයෙන්ම වතු කම්කරුවන් වැඩ කිරීමේ කොන්දේසියටත් අපි එකගයි. කොහොමත් වතු කම්කරුවන් හැමදාම වැඩට එනවා.ඔවුන් වැඩ කලොත් පමණයිනේ වැටුප ලැබෙන්නේ.
                  
ඒ නිසා අපි වතු ඇමතිට මෙන්ම කම්කරු ඇමතිට කියනවා අපේ වැටුප වැඩි කිරීමට වතු හාම්පුතුන් ඉල්ලන මේ කොන්දේසි දෙකට අපි කැමතයි. ජනවාරි මාසයේ ඉදලා එය ක්‍රියාත්මක කරන්න කියලා. මේක අය වැයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වැඩි කල වැටුපක් .අය වැයෙන් යෝජනා කරන අනෙක් යෝජනා හරියටම ක්‍රියාත්මක කරනවා නම් ඇයි වතු කම්කරුවන්ගේ වැටුප ජනවාරියේ සිට වැඩිකරන්න බැරි.
 
 
 වතු හාම්පුතුන්ගේ කොන්දේසි දෙකටම අපි කැමතියි. එහෙමනම් වතු හාම්පතුන් එක්ක තව සාකච්ඡා ඕන නැහැ. දැන් තියෙන්නේ වතු කම්කරුවන් වෙනුවෙන් අය වැයෙන් යෝජනා කල මේ වැඩි කල වැටුප ලබලා දෙන එකයි.අපිට දැන ගන්න ලැබුණා මාධ්‍යයෙන් කැබිනට් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කියනවා පෙබරවාරි මාර්තු මාසවලදී මේ වතු කම්කරුවන්ගේ වැටුප් ප්‍රශ්නය බොහෝ දුරට විසදනවා කියලා. එතකොට ජනවාරි පෙබරවාරි හා මාර්තු මාසවල වතු කම්කරුවන්ගේ වැටුප යන්නේ කාගේ සාක්කුවටද කියලා අපි එතුමාගෙන් අහනවා. මේ බොරු කතා නැතිව අය වැයෙන් වැඩි කල වතු කම්කරු වැටුප අපිට ලබලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. අපි වැටුප් ඉල්ලන්නේ වැඩ කරලායි. අනෙක් සේවකයින් වගේ වැඩ නොකර නෙමේ" යයි ඒ මහතා අවසාන වශයෙන් කීවේය.
 



අදහස් (2)

පහතරට වතුකම්කරුවන්ගේ සංගමයෙන් රතු එළියක්

mihira Wednesday, 23 December 2020 06:13 AM

ඇයි දෙනවා කියපුවා... සහන මල්ල එහෙම දුන්නද?

:       0       0

විජේ Wednesday, 23 December 2020 06:25 AM

දවස තිස්සේ නැහෙන මනුස්සයෙක්ට රුපියල් 1000ක පඩියක් දෙන්න බැරිනම් මොකද්ද ඔය අපනයන බෝගයේ ඇති වැඩේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 0 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 375 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 117 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 199 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 543 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 425 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1717 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site