(යොහාන් භාසුර)
කොළඹ - මහනුවර මාර්ගයේ පස්යාල සිට කඩුගන්නාව දක්වා කිලෝමීටර 56 කට ආසන්න ප‍්‍රමාණය අදියර හතරක් යටතේ වසර එකහමාරකින් පුළුල් කර සංවර්ධනය කිරීමට මහාමාර්ග අමාත්‍ය පියවර ගෙන තිබේ.
මෙම ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකු අරමුදල්වලින් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගේ පූර්ණ අධීක්‍ෂණයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය ක‍්‍රියාත්මක කරයි.
එහි පළමු අදියර පස්යාල සිට අඹේපුස්ස දක්වා කිලෝමීටර 14.9 ක කොටස ස`දහා රුපියල් කෝටි 160.3 ක් ද, අඹේපුස්සේ සිට කෑගල්ල දක්වා දෙවැනි අදියරට රුපියල් කෝටි 150.7 ක් ද, වැය කිරීමට ඇස්තමේන්තු කර තිබේ
තෙවැනි අදියර වන කෑගල්ලේ සිට මාවනැල්ල දක්වා කිලෝමීටර 13.9 ක කොටස ස`දහා රුපියල් කෝටි 134.5 ක් ද, අවසන් අදියර වන මාවනැල්ලේ සිට කඩුගන්නාව දක්වා කිලෝමීටර 14 ක කොටස ස`දහා රුපියල් කෝටි 163 ක් ද, වැය කිරීමට නියමිතය.
මෙහි පළමු අදියරේ කොළඹ සිට පස්යාල දක්වා කිලෝමීටර 44.3 ක ප‍්‍රමාණයක් පුළුල කර කාපට් අතුරා සකස් කිරීම මේ වන විටත් අවසන් කර තිබේ.
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පස්යාල සිට කඩුගන්නාව දක්වා අදියර හතරක් යටතේ පුළුල් කරයි
sb Tuesday, 11 May 2021 10:08 AM
නිට්ටඹුවේ ඉදලා පස්යාලට යනකල් අවුරුදු ගානක් අලුත්වැඩියාකරල නැ.
siri Tuesday, 11 May 2021 10:57 AM
කොරෝනා මර්ධනයට නැති සල්ලි මේවට කොහෙන්ද අප්පා. මේ කද අද දවසේ ඇති මුලිකම අවශ්‍ය තාවය ?
WCA Tuesday, 11 May 2021 12:29 PM
පාරවල් හැදුවට කමක් නෑ ඔය පාරේ යන මනුස්සයන්ට යන්න පාරේ අයිනත් හදන්න .සමහර තැන්වල මිනිස්සු පාරේ යන්නේ ඉඩක් නැතිනිසා
Milton Tuesday, 11 May 2021 01:05 PM
මේ වගේ වාර්තාවක් ලියනකොට කොළඹ - නුවර පාරේ යන මිනිස්සු කියවන බව දන්නේ නැද්ද? පාර පළල කරලා තියෙන්නේ පෑලියගොඩ සිට නිට්ටඹුව දක්වා පමණයි. නිට්ටඹුව සිට පස්යාල දක්වා අන්තිමයි. ඉක්මනින් අඹේපුස්ස දක්වා වත් හදල දෙනවනම් මාර්ග තදබදය අඩු කරන්න පුළුවන්. අඹේපුස්නසෙන් පාර දෙකට බෙදෙනවා A-1 සහ A-6. වරකාපොල නගර කොටස මංතීරු 6 ක් තිබුනානම් හොඳයි.