IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


පරිපාලන ගැසට්ටුවට සංගමයෙන් බලපෑම්- වෛද්‍ය සංසදය

(රංජන් කස්තුරි)

නුසුදුස්සන් වෛද්‍ය පරිපාලන තනතුරුවලට පත් කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සෞඛ්‍ය ඇමැතිවරියට බලපෑම් කරන බවට වෛද්‍ය පරිපාලකයින්ගේ සංසදය චෝදනා කරයි.

වෛද්‍ය පරිපාලන තනතුරුවලට සුදුස්සන් පත් කිරීමේදී  වෛද්‍ය පරිපාලන පශ්චාත් උපාධිධාරිනට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවට සඳහන් කරමින් නිකුත්කර ඇති ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ඇමැතිවරියට බලපෑම්  කරන බවද එම සංසදය කියයි.

නියෝජ්‍ය වෛද්‍ය පරිපාලන ශ්‍රේණියේ විශේෂිත මහජන සෞඛ්‍ය ආයතනවල තනතුරු 18ක් සඳහා පත්කිරීමේදී  ප්‍රජා සෞඛ්‍ය පශ්චාත් උපාධිධාරීනට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවත් ඉතිරි නියෝජන වෛද්‍ය පරිපාලන ශ්‍රේණියේ තනතුරු සඳහා පත්කිරීමේදී  වෛද්‍ය පරිපාලන පශ්චාත් උපාධිධාරීන්ට ප්‍රමුඛත්වය ලබාදීමටත් නිර්දේශ කරමින් එම ගැසට් නිවේදනය නිකුත් කර තිබූ බව ද වෛද්‍ය පරිපාලකයන්ගේ සංසදය පවසයි.



අදහස් (6)

පරිපාලන ගැසට්ටුවට සංගමයෙන් බලපෑම්- වෛද්‍ය සංසදය

අනුර Monday, 12 April 2021 11:57 AM

දොස්තර අතරම ප්‍රශ්නද? තව ටික දවසකින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අවුරුදු 10ක සේවය ඇති ශල්‍ය, නාරිවේදය, වැනි වාට්ටු වල වැඩ කරන වෛද්‍ය නිලධාරින් විශේෂඥ වෛද්‍යවරු කරන්න කියයි. තමන්‌ට වෛද්‍යවරු ලෙස තියෙන බලය වැරදි විදියට භාවිතා කරන්න රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දැන් වැඩ කරනවා වගේ. තව ටික කාලෙකින් මේ ගෞරවණීය වෘත්තියත් විනාශ කරයි... මේ සංගමය.

:       3       10

siri Monday, 12 April 2021 12:47 PM

බොහොම අමාරුවෙන් වර්ජනය කරලා බේගල් දෙසාබාලා මීය කඩාගත්තේ ඇඟිලි ලෙවකාලා බකන් නිලාගෙන ඉන්න නෙවේනේ... අන්තිමට ඔය පත්වීම් අනුමත කරන අයගේ අධ්‍යාපන සුදුසුකම් මොනවද කියලත් ඇහුවොත් තමයි වැඩිය හොඳ...

:       2       12

බද්රානි Monday, 12 April 2021 01:10 PM

සෞඛ්‍ය අමාත්‍යංශයේ පරිපාලනයට නිලධාරීන් පත් කිරීමට කිසිම රජයක් දොස්තරලාගෙන් අවසර ගත යුතු නැහැ. "ගොමා" නමැති දකුණු ආසියාවේ භයානකම මාෆියා කල්ලියට විරුද්ධව වැඩ කරන්න තරම්, ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය ළදරු බව අපි දන්නවා. රාජ්‍ය රෝහල් වල සේවය අකාර්යක්ෂම කරමින්, පෞද්ගලික රෝහල් වලට රෝගීන් අද්දා ගෙන ජනතාවගේ මුදල් සුරාකෑමට උපරිම සහයක් දක්වන මේ මාෆියා සංගම් කල්ලිය ගැන අපි දැනගෙන ගොඩක් කල්. හරිහමන් නායකයින් මේ රටේ හිටියා නම්, ඔය මාෆියා කල්ලි කාරයින්ට මේ විදිහට නටන්න දෙන්නේ නැහැ.

:       8       8

Hafeel Monday, 12 April 2021 01:38 PM

වෛද්‍ය සංගමයටත් ඕන නැති වැඩක්....

:       1       7

ප්‍රියන්ත Tuesday, 13 April 2021 02:40 AM

ශ්‍රී ලංකා වෛද්‍ය සභා ආඥා පනතට අනුව වන නීත්‍යානුකූල අයිතියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 55 වගන්තියට අනුව ලද නිර්දේශය අධිකරණමය තීන්දු හා එකඟතාවයන් 02කට පසු ගැසට්ටුවක් මගින් ප්‍රකාශයට පත්ව ඇතිවිට එය අහෝසි කිරීමට තර්ජනය කරන්නන් සඳහා සුදුසු වන්නේ බර කරත්තය සහ සෙක්කුව පමණක් නොවේද?

:       0       0

සෙනෙවිරත්න Tuesday, 13 April 2021 06:26 AM

වැඩ වර්ජන කර රෝගීන් ප්‍රාණ ඇපයට තබා ඉල්ලීම් දිනා ගැනීමේ ඩ්‍රැකියුලා න්‍යාය සහ රාජපක්ෂ හිතවත්භාවය මත යමක් වේවි...!!! 

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 370 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 768 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 929 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 514 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 551 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 197 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site