IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


පද්මාවත් තිරගත කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

නවදිල්ලිහිදීය (ඒ.එෆ්.පී)
 
‘පද්මාවත්’ චිත්‍රපටය තිරගත කිරීම නවත්වන්නැයි ඉල්ලමින් රාජස්ථාන හා මධ්‍ය ප්‍රදේශ් කළ අභියාචනය ප්‍රතික්ෂේප කරමින් චිත්‍රපටය තිරගත කිරීමට දුන් තීන්දුව ඒ අයුරින්ම ක්‍රියාත්මක කළ යුතු යැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) එම ප්‍රාන්ත දෙකට නියෝග කළේය. 
 
පද්මාවතී යන නමින් තිබූ චිත්‍රපටයේ නම ‘පද්මාවත්’ යනුවෙන් සංශෝධනය කළ අතර චිත්‍රපටයේ රූප රාමු කිහිපයක් ද සංශෝධනය කළේය. ඉන් අනතුරුව චිත්‍රපටය තිරගත කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරය හිමිවිය. කෙසේ නමුත් චිත්‍රපටය තිරගත නොකරන බව ඉන්දියාවේ රාජස්ථාන්, මධ්‍ය ප්‍රදේශ් හා හර්යානා ප්‍රාන්ත නිවේදනය කළේය.
 
එල්ල වූ විරෝධය හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය දෙසැම්බර් මාසයේදී චිත්‍රපටය තිරගත කිරීම තාවකාලිකව නවතා දමන්නැයි නියෝගයක් දුන්නේය. ඉන් අනතුරුව කරන ලද සංශෝධනවලින් පසු බ්‍රහස්පතින්දා (25) සිට චිත්‍රපටය තිරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරය හිමිවිය.
එහෙත් එම අවසරයෙන් පසු ද චිත්‍රපටය තිරගත නොකරන බව රාජස්ථාන් හා මධ්‍ය ප්‍රදේශ් නිවේදනය කර අතර ඒ සම්බන්ධයෙන් අදාළ ප්‍රාන්ත ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරුණු විමසීය. චිත්‍රපටය තිරගත කිරීමේ ප්‍රාන්තවල නීතිය හා සාමය පවත්වාගෙන යෑමට බාධාවක් යැයි ද එම ප්‍රාන්ත ආණ්ඩු ප්‍රකාශ කළේය. 
 
“අපි නියෝගයක් දුන්නා. සියලු දෙනා එම නියෝගයට යටත් විය යුතුයි” ඉන්දීය අගවිනිසුරු දීපක් මිස්රා පැවසීය. “නීතිය හා සාමය පිළිබඳ ගැටලු තිබෙනවා. ඒ නිසා චිත්‍රපටය තිරගත නොකරන්නැයි කීමට කිසිවකුටත් හැකියාවක් නැහැ. ඒ වගේම චිත්‍රපටයට පනවා තිබූ තහනමත් ඉවත් කර තිබෙනවා. ඒ නිසා මේ ආකාරයට චිත්‍රපටය තහනම් කරන්නැයි කියන්න කිසිවකුටත් හැකියාවක් නැහැ” යැයි ද හෙතෙම කීය. 
.
නඩු තීන්දුව දෙමින් අදහස් දැක්වූ ශේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එම් කාන්විල්කාර් මෙසේ කීය. “මේ ඉල්ලීමේ කිසිදු වලංගුතාවයක් නැහැ. ඔබ පළමුව අපගේ නියෝගය ක්‍රියාත්මක කරන්න. චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න. යම්කිසි ප්‍රචණ්ඩත්වයක් ඇතිවුණොත් අපි ඉන් පස්සේ කරුණට කරුණ, සිදුවීමට සිදුවීම සලකා බලමු” 
 
පද්මාවත් චිත්‍රපටය බ්‍රහස්පතින්දා (25) සිට තිරගත කිරීමට නියමිතය. රාජස්ථාන් සහ මධ්‍ය ප්‍රදේශ් ඇතුළු ප්‍රාන්ත කිහිපයක සිනමාශාලාවලට පොලස් ආරක්ෂාව සැලසීමට ද බලධාරීන් කටයුතු කර තිබේ.  
 
055



අදහස් (1)

පද්මාවත් තිරගත කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

යසාරා සෙනෙවිරත්න Thursday, 27 December 2018 05:12 AM

නඩුව ගැන විස්තර දැන ගත්තා. මේ නඩු තීන්දුව පිලිබද වැඩි විස්තර දැන ගැනිමට හැකිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 276 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 601 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 720 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 409 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 477 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 169 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site