(ඩයනා උදයංගනී)
නැගෙනහිර පළාතේ බොහෝ ස්ථානවල සහ පොළොන්නරුව, මුලතිව් සහ කිලිනොච්චිය යන දිස්ත‍්‍රික්කයන්හි හෙට (15) දිනයේ දී දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම ප‍්‍රදේශයන් හි සෙල්සියස් අංශක 39 ඉක්මවූ උෂ්ණත්වයක් පැවතිය හැකි අතර වැඩි වේලාවක් උෂ්ණත්වයට නිරාවරණය වුවහොත් දැඩි තෙහෙට්ටුව, විජලනය හා ලවණ ඉවත්වීම හේතුවෙන් මස්පිඬු පෙරළීම වැනි තත්ත්වයන් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ උණුසුම් කාලගුණ තත්ත්ව පිළිබඳ අවවාදාත්මක නිවේදනයේ දැක්වේ.
එබැවින් වැඩබිම් තුළ කටයුතු කරන අය ඇතුළු සියලූ දෙනා ප‍්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම හා සෙවණ ඇති තැන්වල විවේක ගැනීම කළ යුතු බවත්, වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳ සැළකිලිමත් විය යුතු බවත්, කුඩා ළමුන් තනිව වාහන තුළ රඳවා නොයාම හා අධික වෙහෙසකර කටයුතු සීමා කිරීම වැනි පියවර අනුගමනය කළ යුතු බවත් එහි සඳහන් වේ.
දිවයිනට දැනට බලපා ඇති උණුසුම්කාරී කාලගුණ තත්ත්වය තවත් දෙසතියක් පමණ පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශිකාවක් පැවසුවාය.
මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්
අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ
යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ
විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නැ’හිරට හෙට දැඩි උණුසුම් කාලගුණයක්