ක්‍රයිස්ට්චර්ච්හි මුස්ලිම් දේවස්ථානයේදී වෙඩි තැබීම කළ පුද්ගලයා නම නැවත නොකියන බව නවසීලන්ත අගමැතිනි ජසින්ඞ් ආර්ඞ්න් ප්‍රකාශ කළාය.
“ඔහු ඔහුගේ ත්‍රස්ත ක්‍රියාවෙන් බොහෝ දේ බලාපොරොත්තු වෙනවා. ප්‍රසිද්ධියට පත්වෙමින් ඔහුගේ ක්‍රියාවට ප්‍රසිද්ධියක් ලබාදීමට උත්සාහ කිරීම එයින් එකක්. ඒ නිසා මා නැවත කිසිදු දිනෙක ඔහුගේ නම කියන්නේ නැහැ. එයි සිදුවෙන්නේ නැහැ” යැයි නවසීලන්ත පාර්ලිමේන්තුවේදී ඉතා සංවේදී කතාවක් කරමින් අගමැතිනියා කීවාය.
නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හිදී මුස්ලිම් දේවස්ථාන දෙකක පසුගිය සිකුරාදා සිදු වූ වෙඩි තැබීම්වලින් 50 දෙනකු මරුමුවට පත්ව තවත් පිරිසක් තුවාල ලැබූහ.
වෙඩි තැබීම කළ පුද්ගලයා ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රෙන්ටන් ටැරැන්ට් නමින් හැඳින්විණි. වයස අවුරුදු 28ක් වන එම පුද්ගලයා සුදු අන්තවාදියකු යැයි පැවැසුණු. ඔහුට ඝාතන චෝදනා එල්ල වී තිබේ.
“මම ඔබ සියුල දෙනාගෙන් අයැද සිටිනවා. වෙඩි තැබීමෙන් ජීවිත අහිමි වූවන්ගේ නම් කියන්න. ඔහු ත්‍රස්තවාදියෙක්. ඔහු අපරාධකරුවෙක්. ඔහු අන්තවාදියෙක්. ඉදිරියටත් ඔහු එසෙමයි. මම කතා කරද්දි ඔහුගේ නම කියන්නේ නැහැ. නමක් නැති පුද්ගලයෙක්” යැයි නවසීලන්ත අගමැතිනිය කීවාය.
බී.බී.සී. ඇසුරිනි
055
https://twitter.com/i/status/1107928463309242369
විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය
කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට
කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය
මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නවසීලන්ත අගමැතිනිය ක්‍රයිස්ට්චර්ච් ඝාතකයාගේ නම ප්‍රතික්ෂේප කරයි
Bamunuarachchi Wednesday, 20 March 2019 12:14 AM
මේ සියල්ල ඇගේ පුද්ගලික මත ඒවා ගණන් ගත යුතු නැත. තලෙයිබාන් කාරයෝ අන්තවාදී වැඩ කරනවානම් මේ පුද්ගලයාගේ අන්තවාදී වැඩ ගැන මෙපමණ කතා කරන්නේ මැය බොළඳ නැතිනම්නි හැඟීම්බර නිසා. මෑන්හැටන් හී "ට්වින්ටවර්ස්" වලට පහර දී දහස් ගණනක් ඇමරිකානුවෝ මැරුවේ මුසල්මානු අන්ත්වාදියෝ බව මැයට අමතක වෙලා. මේ ප්‍රහාරය සම්බන්දව ඇමරිකානුවන්ගේ අදහස් කියවන්න ලැබුනේ නැහැ.
nisarWednesday, 20 March 2019 06:42 AM
"මුසල්මානු අන්තවාදියෝ". ප්‍රභාකරන්ට ක්‍රිස්තියානු ත්‍රස්තයෙක් කියලා කොහෙවත් කියනවා දැක තිබේද? ගෝලීයකරණයේ එක කොටසක් තමයි මේකත්...
WasalamudaliWednesday, 20 March 2019 06:49 AM
මෙයාට තියෙන්නේ බෞද්ධයකුට තියෙන අදහස් නෙවෙයි. ලංකාවේ පෘතුගීසි ලන්දේසි ආරයෙන් පැවැත එන්නෙකුගේ අදහස්… මේ ඇත්තෝ ලංකාවට ආපු ගමන් මරන්න ගත්තේ මුස්ලිම් අයවලුන්. තවම ඒ ගතිගුණ පවතින බව පේනවා… ඒ කියන්නේ ජානයේ දෝෂයක්... සාමාන්‍යයෙන් ලංකාවේ බෞද්ධයකුට මෙවැනි අවස්ථාවක වහාම හිත වුණුවෙනවා… මුන්නැහේට එහෙම නැති හැඩයි... මම හරිද?
BamunuarachchiWednesday, 20 March 2019 07:53 AM
ඔබ හරියට හරි. ඒ උනුවීම නිසා අපි සිංහල කියා ප්‍රෞඩව අවුරුදු 2500 කතා කළ අපිට 2015 පසු අපි ශ්‍රී ලංකා කියා දියාරුවීමට සිදුවුනා. ඒ මෑත ඉතිහාසයේ ලංකාවට මුහුදෙන් ගසාගෙන ආ මුසල්මානුවන් හා දෙමළුන් නිසාය. සරත් වීරසේකර වැන්නවුන් ජිනීවා වල මොරදෙන්නේ අවුරුදු 2500 කතා කළ අපි සිංහල කියන ප්‍රෞඩත්වය රැගෙන අපේ සිංහල දරුවන්ට ඉටුකරන්නයි. යුනෙස්කෝව ලෝක උරුමයක් ලෙස රකින සිංහල භාෂාව රැකගන්නයි. සිංහලයා ශ්‍රී ලාංකික වුනොත් ලෝක උරුමයක් ලෙස රකින්න සිංහල භාෂාවක් නැත. මම වැරදිද?
susanthaWednesday, 20 March 2019 07:45 AM
හරි නිසාර් මහත්තයෝ ඔයාට කියන්න පුලුවන්ද? ලෝකේ 99.99%ක් ත්‍රස්තවාදීන් මුස්ලිම් වුනේ මොකෝ කියලා. එ්ක අහඹුවක්ද කියමුකෝ බලන්න...
BamunuarachchiWednesday, 20 March 2019 08:00 AM
මොකද නැත්තේ? නිසාර් අපි ඔහුගැන දන්නවා. නමුත් ඔහු බුදුපිළිම කඩුවේ නැත. ඔහුගේ තිබුනේ දෙමල ජාතිවාදය... ඔවුන් කොටසක් අල්ලා ගන්න හැදුවා මිස රට දෙමලකරණය කරන්න හැදුවේ නැත. මුසල්මානු කියන්නේ ආගම්වාදයකි. එහි දෙමල, පාදඩ සිංහලයින් සහ මලයානු මිනිසුන් සහ තවත් ජාතීන් සිටිති. මුසල්මානු යනු ජාතියක් නොවෙයි..
BamunuarachchiWednesday, 20 March 2019 08:18 AM
මේ අගමැතිනිය හැඟුම්බර කෙනෙක්. ඒ නිසයි මෙවැනි ප්‍රකාශ කරන්නේ. මැය නේද කිරි දරුවා ඇකයෙහි තියාගෙන පාර්ලිමේන්තු ආවේ. ඒ හැඟුම්බර නිසා. කිසි දිනක රැජින දරුවන් ඇකයේ ගසාගෙන සිටින රාජ සභාවට ආවාද ප්‍රසිද්ධියේ පෙනී සිටියාද? මම කතා කරන්නේ ආවට ගියාට නොව හේතු ඉදිරිපත් කරමින්. මේ ක්‍රමය මට පාසලේ කියා දුන් මගේ ගුරුවරුන් ආදරයෙන් සිහිපත් කරනවා. වැඩිදෙනාගේ අදහස වූ පලියට මම ඔවුන්ට එහෙයි කියන්නේ නැත. එහෙව් මිනිසුන් එකලත් සිටියා නම් ඉර ලොව වටා යනවයි කියා මිනිසුන් තවමත් විශ්වාස කරාවි...
nisarWednesday, 20 March 2019 08:33 AM
සුසන්ත මයා, ගෝලීයකරණය කියලා බටහිර රටවල් උත්සාහ කරන්නේ ලෝක භාෂාව ඉංග්‍රීසි, මුදල් ඒකකය ඩොලර්, ආගම ක්‍රිස්තියානි වගේ දේවල්. මේවා ක්‍රියාත්මක කරන්න තියන ප්‍රධාන බාධකය මුස්ලිම් රටවල් හා ඒ රටවල් වල සංස්කෘතිය හා ආගම... ලෝක ජනතාවට මාධ්‍ය හරහා බොරු ප්‍රචාරයන් තුළින් නැති ප්‍රශ්න ඇති කරලා බෝම්බ ගහලා බටහිර රටවල් වලට එරෙහිවන සියලුම අය ත්‍රස්තවාදීන් කරලා එයාලගේ බඩකට පුරවා ගන්නවා. ඔය තෙල් සම්පත ඉවර වෙනකම් ඇමරිකාව මැද පෙරදිගට සාමය ගෙනෙයි.
nisarWednesday, 20 March 2019 08:42 AM
බමුණුආරච්චි... බුදුපිළිම කැඩුවේ නැත. දළදා මාලිගයට බෝම්බ දැම්මෙත් නැත.
BamunuarachchiWednesday, 20 March 2019 10:47 AM
එහෙම කළානම් අපි මුසල්මානුවන් ඉතුරු කරන්නෙත් නැත. කල එකාගේ අලුවත් නොමැත.
raviWednesday, 20 March 2019 09:26 AM
කලබල වෙන්න එපා ... අපි ඔයාව ළඟදීම " අංගොඩ මානසික රෝහලට " ගෙනිහින් දානවා.. අපහු එන්න බැරි වෙන්නම...
BamunuarachchiWednesday, 20 March 2019 10:29 AM
හම්බයින්ට සිංහලයින් අංගොඩ යවන්න කලින් අපිට හම්බයින් ස්වර්ගත කරගන්න පුළුවන්...
raviWednesday, 20 March 2019 01:38 PM
ඔබතුමා එහෙම නෙමෙයි... හැබැයි ඔබතුමා සිංහලයෙකුත් නෙමෙයි... පිස්සන්ට කොහෙද ජාතියක්.. ජන්මයක්? ඔබතුමා නිකම්ම නිකන් පිස්සෙක් පමණයි. මේකට සිංහලෙන් කියන්නේ "නට් ලූස්" කියලා...!
jabir Wednesday, 20 March 2019 12:48 AM
අති දක්ෂ අගමැතිනිය
sarath perth Wednesday, 20 March 2019 01:38 AM
කෙලින් තම නිවැරදි අදහස් ප්‍රකාශකරන අගමැතිතුමියක්... එ්ත් අපට ඉන්නේ තණකොළවලට ඇල්ම තියන ගව රංචුවක්නේ...
ධම්ම Wednesday, 20 March 2019 02:06 AM
අපේ අය නම් කුණුරසට හරි කැමතියි. ඩුබායි හිරේ ඉන්න කුඩුකාරයන්ගේ මානව හිමිකම් ගැනත් දැන් කතාකරනවා.
වජිර Wednesday, 20 March 2019 04:06 AM
ඕනෑම මජර වැඩක් කරලා කාගේ හරි නමකට පන්ගාර්තු කරන අපේ රටවල දේශපාලනඥයින්ට ඔබ ආදර්ශයක්...
samab Wednesday, 20 March 2019 05:15 AM
අපේ රටේ නම් නමට මහත්මයා කෑල්ලත් එකතු කරනවා... ප්‍රභාකරන් මහත්මයා වගේ, ලොකු නෝනලා තමයි කියන්නේ...
Uditha - London Wednesday, 20 March 2019 06:17 AM
ඇත්තට මොන තරම් තත්ත්වයක් තියන මනුස්සයෙක්ද... මෙහෙම මිනිස්සු තමා දේශපාලනයට අවශ්‍ය.. ඒකට හරියන්න අපේ ලංකාව.. අනේ මොකට කියනවද? මිනිස්සුන්ගේ ආකල්ප කියන දේ බලන්න මොන තරන් ඉහල තැනක තියනවද කියල... ඒකනේ ඔය රටවල් දිනෙන් දින දියුණු වෙන්නේ.. රටක සිටින ඉහල මිනිහගේ ඉදන් ඒ රටේ සමස්ත මනුස්ස වර්ගයම ඔහොම හිතන්න පතන්න හුරු උනහම ඒ රටවල් දියුණු වෙනවා..
smn Wednesday, 20 March 2019 06:33 AM
මෙතුමියගේ සානුකම්පිත හැසිරීම සහ මානවවාදී ක්‍රියාකලාප සෙසු රාජ්‍ය නායකයන්ටත් මහඟු පූර්වාදර්ශයක්.. විශේෂයෙන්ම පහත් පෙළේ අදහස් තියෙන ට්‍රම්ප් වැනි නායකයන්ට හොඳ පාඩමක්... තවත් අතකින් සලකනවිට උසස් තත්ත්වයේ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවක්.. ඇතැම්විට ලෝකය පුරාවට ආගමික සිද්ධස්ථානවලදී මතුවට සිදුවන්නට ඉඩ ඇති පිළිගැනීමේ ප්‍රහාර වැලක්ම වළක්වාලීමට තුඩු දෙන්නක් වන්නට බැරි නැහැ. කොහොම නමුත් ජසින්දා අග්‍රාමාත්‍යතුමිය 2019 සාමය සඳහා වන නොබෙල් ත්‍යාගය ලබන්නට සුදුසුකම් ලබා තියෙන බව කිව හැකියි...
ravi Wednesday, 20 March 2019 07:18 AM
නවසීලන්ත අගමැතිනියගේ මතය හරියටම හරි.. අපේ රටේ තමයි අයි. ආර්. සී කාරයින්ගේ , හොරුන්ගේ ,කුඩු කාරයින්ගේ .. ත්‍රස්තවාදීන්ගේ නම් කියවමින් උන්ව සමාජයේ ලොකු තරාතිරම් වලට පත්කරලා ලෝකයට හඳුන්වා දෙන්නේ... නවසීලන්තය, නීතිය .. අධිකරණය ඉතා හොඳින් ක්‍රියාත්මක වෙන රටක් බවට මේ.. අගමැතිනිය විසින් තවදුරටත් තහවුරු කරලා තියනවා.. මෙව්වා අපේ " පොල් බූරුවන්ට" හොඳ පාඩම්..!
susantha Wednesday, 20 March 2019 07:44 AM
හරි නිසාර් මහත්තයෝ ඔයාට කියන්න පුලුවන්ද ලෝකේ 99.99% ක් ත්‍රස්තවාදීන් මුස්ලිම් වුනේ මොකෝ කියලා. එක අහඹුවක්ද කියමුකෝ බලන්න.
Gamlath Christchurch Wednesday, 20 March 2019 08:08 AM
අගමැතිනිය නම් නොකියන ත්‍රස්තවාදියා මුස්ලිම් විරෝධී පමණක් නොවේ. ඔහු සංක්‍රමණික සියල්ලන්ටම විරුද්ධ මතවාදී අයෙක්... ඔහුගේ ක්‍රියාව මෙම නගරයේ අප සියලුදෙනා මෙන්ම රටවැසියන් සියලුදෙනා පිළිකුලෙන් හෙලාදකින්නෙමු. ශ්‍රී ලාංකික සමහරක් මෙය වීරක්‍රියාවක් බවට හා එයින් සතුටට පත්වන අන්දමේ අදහස් දැක්වීම ඉතාම කණගාටුදායකයි...
BamunuarachchiWednesday, 20 March 2019 08:56 AM
කණගාටු වෙන්න එපා ඔවුන්ගේ අදහස් විශ්ලේෂණය කරන්න. එවිට කව්රු හරිද කව්රු වැරදිද කියා බලාගන්න පුළුවනි... මගේ අදහස වැරදිනම් එය නිවැරදි කරගන්නම්...
WasalamudaliWednesday, 20 March 2019 09:39 AM
Bamunuarachchi මයාට... කවුරු හරිද? කවුරු වැරදිද? කියන කතාවක් මෙතැනට අනවශ්‍යයි.. රටක නායිකාවකගේ අවංක චිත්තාවේගයක් පාච්චලයට ලක් කරන්නට තරම් ඔබ මහේශාක්‍ය චණ්ඩියකු වීම ගැන පුදුමයි... කණගාටුයි.!
BamunuarachchiWednesday, 20 March 2019 10:37 AM
වාසලමුදලි මෙතනට අවශ්‍ය කවුරු හරිද? කව්රු වැරදිද කීම පමණයි රාජ්‍ය නායිකාවකගේ අදහස් නොවෙයි ඇය පළකර තිබුනේ. මෑන්හැටන් හී ට්වින්ටවර්ස් වලට මුසල්මානුවන් ගහපු වෙලාවෙවත් ඔවැනි ප්‍රකාශයක් ඇමරිකානුවන් කලේ නැත.
Wasalamudali Wednesday, 20 March 2019 08:39 AM
බමුණුආරච්චි මයා වෙත.. ලංකාවේ ඔබේ ඉතිහාසය පටන් ගන්නේ 1505 සිටයි. ඒ නිසා ඔබේ අනිත් අදහස් සේරම නිෂ්ඵලයි. දැන් සමහරවිට ඔබ ආගම වෙනස් කරගෙන ඇති... ඒ ගැන සතුටුයි. නමුත් අර පරණ පුරුද්දට වෛරය, ද්වේශය, යනාදී අබෞද්ධ ගුණාංග තවමත් ඔබතුළ විද්‍යමාන වෙනවා. ඔබ දරන අසුභවාදී සහ අන්තවාදී අදහස්වලින් එය පෙනෙන්නට තියෙනවා…. ඔබ පමණක් නෙවෙයි…..ඔබලාගේ හුඟක් දෙනකුට ඔය රෝගය තියෙනවා……අවිහිංසාවාදය දෙසන බෞද්ධයන් අතර වෛරී අදහස්වලට ඉඩක් නැහැ… අනුන්ගේ ඛේදයකදී අනේ අපොයි කියලා කම්පාවට පත්වීම බෞද්ධ සහජ ගුණාංගයක්... ඒ ගුණය ඔබ ළඟ නැහැ. ඒක ඔබගේ වරදක් නෙවෙයි.. ආරයේ වැරැද්ද...මම වැරදිද?
Hasith Wednesday, 20 March 2019 09:14 AM
අනේ බමුණෝ අපේ දේශපාලක උදවිය පොඩි දරුවන් අල්ල අල්ල උම්මා දෙන්නේ, රටේ ලොක්කෝ දරුවන් පිරිවරාගෙන උත්සව වෙත එන යුගයක් තිබුනෙම නැද්ද? ළමයින්ගේ රගර් ක්‍රීඩා බලන්න ප්‍රසිද්ධ අම්මලා ගියේ නැද්ද? මේ කාන්තාව දරුවාට කිරි දෙන්න අවශ්‍ය නිසා රාජකාරි තැනට පොඩි ළමයාව අරන් ගියාම ඒක ගැලපෙන්නේ නැහැලු. හැඟීම්බර වීමක්ලු... බමුණු කට ඇරියොත් කාගේ හරි ඇහේ රොඩ්ඩක් දකින්නේ තමන්ගේ ඇහේ පරාල නොදැක...
nuwan Wednesday, 20 March 2019 09:51 AM
බමුණුආරච්චි යනු පාරම්පාරික බමුණන්ගේ අදහස් ඇති බමුණෙක්මය...
raviWednesday, 20 March 2019 10:22 AM
සමහර වෙලාවට... මහදැනමුත්තාගේ බමුණුආරච්චි මහත්තයට එයාගේ.. බෙහෙත්ටික බොන්න අමතකවෙනවා.. අන්න ඒ වෙලාවට තමයි එයා මේ වගේ වල්පල් දොඩවන්නේ.!.
smn Wednesday, 20 March 2019 10:40 AM
susantha මහතාගේ ප්‍රශ්නයට නිසර් මහතාගෙන් පිළිතුරක් නොලැබුණු බව පෙනෙයි.. ඒ නිසා ඔබ තවමත් පිළිතුරක් බලාපොරොත්තුවෙන් සිටිනවා නම් මම දන්නා තරමින් ඉතා කෙටියෙන් කියන්නම අහගන්න.. මෙයට මූලික හේතුව ආගමික නෙවෙයි... දේශපාලනිකයි… එනම් දෙවන ලෝක යුද්ධයෙන් පසු 1948 දී සියලුම බටහිර රටවල් එකතුවෙලා මුස්ලිම් රාජ්‍යයක් වූ පලස්තීනය තුල යුදෙව් රජයක් [ඊශ්‍රායලය] බලහත්කාරයෙන් පිහිටුවලා එය ශක්තිමත් කරගනිමින් තදාසන්න සියලුම මුස්ලිම් රාජ්‍යවලටම තර්ජනයක් ලෙස හැසිරීමයි… එකී යුදෙව් රජය විසින් එතැන් සිට පලස්තීනුවන්ට කරන හිරිහැර සෙසු මුස්ලිම් රාජ්‍යවලට හිසරදයක් වීම හා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් මෙහිදී කිසිම දෙයක් කරගත නොහැකි වීම නිසා අදාළ පාර්ශවවල ත්‍රස්තවාදයට නැඹුරු වුණා… එය ඔඩු දුවගෙන ගොහින් වත්මන් තත්වයට පත්වෙලා… ඔය කිව්වේ කෙටියෙන්...
hira Thursday, 21 March 2019 03:00 AM
නවසිලන්ත අගමැතිනියට මේ පිරිස තාම රට ආක්‍රමණය කරනවා කියල තාම තේරිලා නැහැ වගේ. මේ කට්ටිය ලෝකයටම තර්ජනයක්, කොයි රටේද ප්‍රශ්නයක් නැතුව සාමයෙන් ජීවත් වෙන්නේ. ඉන්නේ කොතනද එතන ලේ හැලෙනවා. අනිත් ජාතින් අබිබවා ඉස්මතුවීමටයි නිතරම උත්සහ කරන්නේ. මුලින්ම ජාතිය විසාල වශයෙන් බෝ කර තමන්ගේ අනන්‍යතාවයක් ගොඩනගා ඉන් පසු තමයි ආරවුල් ඉල්ලන්නේ.
සුමාර Thursday, 21 March 2019 05:32 AM
බමුණුආරච්චි නම් කෙනාත් නවසීලන්ත ප්‍රහාරකයා වැනිම ත්‍රස්තවාදී අදහස් ප්‍රචාරය කරන්නෙක්.....
rasika Thursday, 21 March 2019 04:44 PM
ඔවුන් ඔවුන්ගේ රටේ ප්‍රශ්න හොදින් විසදා ගනීවි. අපි අපේ ප්‍රශ්න ගැන විද්වත් විදියට සාකච්චා කර විසදා ගත යුතුයි. ප්‍රශ්නයක් වුනහම එය දේශපාලනීකරණය හෝ ආගමකරණය කර හෝ උතුර දකුණ ලෙස නොදැක , එම ප්‍රශ්නය ගැන බලනවානම් අපිට ගොඩක් ගැටළු විසදා ගන්න පුළුවන්. බොහොමයක් මුස්ලිම්වරුන් හොදයි, ඒවගේම බොහොමයක්, ක්‍රිස්තියානි අයත් හොදයි, ඒවගේම බොහොමයක් බෞද්ධයොත් හොදයි.. අපි ඔවුන් එක සේ එකතුවෙලා රට ගොඩ නගමු..
m.s.amunaf Friday, 22 March 2019 12:37 AM
රසිකා මා ඔබට එකගය