IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


නවක වදය දුන් සිසුන් 10 දෙනා රිමාන්ඩ්

(පාලිත ආරියවංශ)
 
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක නවකවදයට ලක් කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන සිටි එම විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ සිසුන් 10 දෙනා  ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අද(12) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වැඩබලන මහේස්ත්‍රාත් හේමින්ද දයාංවශ මහතා නියෝග කළේය.
 
එම විශ්වවිද්‍යාලයේ සිසුන් සිව්දෙනෙකු මානසික පීඩාවට පත්වන අයුරින් නවක වදයට ලක් කර, පහරදී තුවාල කිරීම සම්බන්ධයෙන් මොවුන් ඊයේ(11) අත්අඩංගුවට ගෙන තිබිණි.
 
1998 නවක වද වනත යටතේ සැකකරුවන්ට විරුද්ධව නඩු පවරන බව බදුල්ල පොලිසිය සඳහන් කරයි.
 
මෙසේ රක්ෂිත බන්ධනාරගත කෙරුණේ, රජිත් දුෂ්මන්ත ගාල්ලගේ, ජේ.දේශාන්, එම්.ඩී. ඩබ්ලිව්  කේ.විජේසිරි, අරුණ කිත්සිරි, ධනුෂ්ක විජේවීර, දිලීප මධුවන්ත, ලක්ෂාන් රවිදු, කේ.එච්.චතුර මධුෂාන්, කේ.පී ජී අනුෂ්ක, කේ.එම්.ඩිලන්ත අනුර යන සිසුන්ය.
 
බදුල්ල පොලිසිය විමර්ශන පවත්වයි.



අදහස් (4)

නවක වදය දුන් සිසුන් 10 දෙනා රිමාන්ඩ්

Mahee Tuesday, 12 November 2019 10:02 AM

අර ත්‍රීවීල් පක්ෂේ කට්ටිය ආවේ නැද්ද ඇප ලබාදෙන්න? කලකට ඉහත පේරාදෙණියේ වධකාගාරයක් පවත්වාගෙන ගිය උන්මත්තකයින්ට මොකද වුනේ?

:       0       0

sunil Tuesday, 12 November 2019 10:43 AM

මේ අය නවක වදය නවත්වන්නේ නැත්තේ මෙවැනි අමනයින්ට දැඩි දඩුවම් නොදීම නිසයි. මෙවැන්නන්ට ශිෂ්‍යභාවය අවලංගු කොට, වසරක සිර දඬුවමක් නියම කළ යුතුයි.

:       0       43

මෝ Tuesday, 12 November 2019 12:02 PM

නම් සදහන් කරපු එක ඉතා හොදයි.

:       0       0

Raveendra Tuesday, 12 November 2019 08:56 PM

මෙවන් අය තවදුරටත් ඇතුලෙම තබා ගැනීම පිලිබඳව පළමුව අප ගරු අධිකරණයට අපගේ ගරුත්වය පුදකරන්නෙමු. තවත් කෙනෙකුට වදයක් හිංසාවක් කල අයෙකු හෝ පිරිසකට කෙසේ සිසුන් ලෙස ආමන්ත්‍රණය කරන්නේද?

:       0       92

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 26 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 421 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 127 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 202 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 555 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 427 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1717 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site