(ජයන්ත සමරකෝන්)
බස්නාහිර පළාත් සභාවේ නව සභා ශාලාවට ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පුටු පමණක් මිලදී ගන්නා ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා පළාත් සභාවේ ප්‍රධානීන්ට අද (19) උපදෙස් දී ඇත.
මෙම පුටු දේශීය වශයෙන් මිලදී ගැනීම මාස 2 ක් ඇතුළත සිදුකර දැනට සභා ශාලාවේ ප්‍රයෝජනයට ගන්නා පුටු නව ශ්‍රවනාගාරයට යොදා ගන්නා ලෙසද අද (19) පළාත් සභාවේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමින් ආණ්ඩුකාරවරයා මේ බව දැනුම්දී තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ
ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම
පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දේශිය නිෂ්පාදකයන්ගෙන් පුටු ගන්නැයි බස්නාහිර ආණ්ඩුකාරවරයාගෙන් උපදෙස්
Bamunuarachchi Wednesday, 19 September 2018 01:19 PM
ඔය ටික 1977 සිට කළා නම් අපි අද කොපමණ දියුණු මිනිස්සුද? දේශීය නිෂ්පාදන නවතා දමා, පිටරටින් භාණ්ඩ ගෙන්වීම නිසා අපේ නිෂ්පාදන නැතිවුණා. රුපියල බාල්දු වුණා. කරුණාකර ලක්ෂ 83ක දොරක් හදන්න දෙන්න එපා. ඒවා අනවශ්‍ය වියදම්. 83ට සාපේක්ෂව සුළු මුදලකට තේක්කවලින් දොරක් දාගන්න පුළුවන්...
Bamunuarachchi Wednesday, 19 September 2018 01:19 PM
ඔය ටික 1977 සිට කළානම් අපි අද කොපමණ දියුණු මිනිස්සුද? දේශීය නිෂ්පාදන නවතා දමා පිටරටින් භාණ්ඩ ගෙන්වීම නිසා අපේ නිෂ්පාදන නැතිවුණා. රුපියල බාල්දු වුණා. කරුණාකර ලක්ෂ 83නේ දොරක් හදන්න දෙන්න එපා. ඒවා අනවශ්‍ය වියදම්. 83 ට සාපේක්ෂව සුළු මුදලකට තේක්කවලින් දොරක් දාගන්න පුළුවන්...
Hafeel Wednesday, 19 September 2018 01:54 PM
අනේ මේ මන්ත්‍රීලාට දේශීය නිෂ්පාදිත පුටුවල වාඩිවෙන්න පුහුණුවත් දෙන්න. නැත්නං, කොන්දෙ අමාරු හැදේවි. එහෙම කොන්දෙ අමාරු හැදුණත්, සිංගප්පූරු එළිසබෙත් රෝහලට ගියොත්, තවත් ලොකු වියදමක්...
Hafeel Wednesday, 19 September 2018 01:54 PM
අනේ මේ මන්ත්‍රීලාට දේශීය නිෂ්පාදිත පුටුවල වාඩිවෙන්න පුහුණුවත් දෙන්න. නැත්නං, කොන්දෙ අමාරු හැදේවි. එහෙම කොන්දෙ අමාරු හැදුණත්, සිංගප්පූරු එළිසබෙත් රෝහලට ගියොත්, තවත් ලොකු වියදමක්...
rocky Wednesday, 19 September 2018 02:32 PM
අර දොරේ ප්‍රශ්නෙට මොකද කොරන්නේ, දොරේ? මහ ඇමැතිගෙන් එ්කේ වියදම කප්පාගත්තොත් නරකද? කොහොම වුණත් එ්කේ වියදම තක්සේරු කරලා බැලුවොත් හොඳයි. කවුරු හරි ගතමන්ට් එකක් ගහපුබව ෂුවර්!
saa Wednesday, 19 September 2018 02:42 PM
ඇත්තටම ලංකාවේ තියෙන BOI ප්‍රොජෙක්ට් වලටත් ඕකම කරන්න ඕනේ. සියලුම බදු අයින් කළාම හැමෝම ගෙනෙන්නේ පිටරට දේවල්. ලංකාවේ තියෙන ටයිල් කැටයක්වත් ගන්න උනන්දු වෙන්නේ නැහැ. බිලියන ගාණක් සල්ලි පිට යනවා. ලංකාවේ හදනවානම් පිටින් ගෙනෙන්න බැරි වෙන්න නීති දාන්න ඕනේ...
BamunuarachchiWednesday, 19 September 2018 04:48 PM
හැබැයි මේකත් කිව යුතුය. ලංකාවේ නිෂ්පාදනය කරපු රෙදි, දැන් හදන ටයිල්, සෙරමික්, රබර් භාණ්ඩ ගුණාත්මක භාවයෙන් ඉහළයි. එ්ත් සමහර භාණ්ඩ ගෙවන මුදලට වටින්නේ නැත. බටහිර මිනිසුන්ට වගේ ටික දවසක් පාවිච්චිකර විසිකරන්න බඩු ගන්න ලංකාවේ ජනතාවට නොහැකිය. එමනිසා ගුණාත්මක භාවයෙන් යුත් බඩු වෙළඳපළට එවන්න බැරිනම්. එම භාණ්ඩ පිටරටින් ගෙන්විය යුතුය.
dias Wednesday, 19 September 2018 03:31 PM
ලක්ෂ්මන් නිපුණආරච්චිට පින්සිද්ද වෙන්ට මේ විනාශය නවතා ගත්තා.
OMG Wednesday, 19 September 2018 03:35 PM
ඔබ අවංකව කිසිම බලපෑමක් නැතුව රටේ මහජනතාව ගැන හිතලා කළා නම් ඔබට තුති. මට මතක හැටියට මෙය ඉස්මතු කලේ ජනතා විමුක්ති පෙරමුණ. සහෝදරයා ඔබටත් තුති.
chathuri Wednesday, 19 September 2018 04:29 PM
පුදුම පුටු කතවක්නේ යන්නේ. වෙන ප්‍රශ්න නැත්ද රටේ. මොලේ තියෙන කෙනාට පුටුවම ඕන නැහැ. පැදුර එලලා දුන්නත් වැඩේ කරයි.
prabha Wednesday, 19 September 2018 08:01 PM
අත ළග තියෙන මොරටුව අමතක උනානේ
roshan Thursday, 20 September 2018 03:52 AM
මහා ඇමතිය සමඟ ඔය වැඩ සටහනට සම්බන්ධ සියල්ලෝ හිරේ දාන්න නීති නැද්ද? කෝටි ගණනක වංචාවක් නැත්නම් නාස්තියක් නේ වෙන්න ගියේ. පුටු කේස් එක ඉවර වෙද්දී දැන් දොරවල් කේස් එකක්. දොරෙන් ඔහොම නාස්ති කරලා නම් මුළු ගොඩනැගිල්ලේම ගැහිල්ල කොපමණ ඇත්ද? ක්‍රිකට් බෝඩ් එකේ එකාට ට්‍රාන්සර් එකක් හරි දුන්න, මහා ඇමතිය මෙච්චර වැඩ කරලත් නිදහසේ. මහා ඇමති කම තියා කම්කරු රස්සාවක් වත් දෙන්න නොවටී........
vipula Thursday, 20 September 2018 07:26 AM
මේ අයම පුටු ප්‍රශ්නයක් ගෙනල්ල මේ අයම විසදගත්ත. 2015 ඉදන්ම මේ අයම ප්‍රශ්න ගෙනල්ලා මේ අයම විසදනවා මිසක් රටේ , ජනතාවගේ ප්‍රශ්න විසදන්න කාලය ඉතිරි වෙලා නෑ
රවින් Thursday, 20 September 2018 09:22 AM
අණ්ඩුකාරතුමනි !! කරුණාකර ඔය වටිනා මොලටික තියාගන්න හමස් පෙට්ටි ටිකකුත් ඇනවුම් කරන්න ඉඩදෙන්න. මළ ජුලියයි වෙන්නේ මොළ ටික තැලිලා.