IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දෙවැනි විශේෂ මහාධිකරණය සති දෙකකින්



(බිඟුන් මේනක ගමගේ) 

බරපතල මූල්‍ය වංචා දූෂණ නඩු විභාග කිරීමේ දෙවැනි ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය ඉදිරි සති දෙක ඇතුළත පිහිටුවන්නේ යැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි තලතා අතුකෝරාල මහත්මිය ‘ලංකාදීප’ යට පැවසුවාය.

1978 අංක 2 දරණ අධිකරණ සේවා සංවිධාන පනතින් අධිකරණ ඇමැතිවරිය හැටියට තමාට පැවැරී ඇති බලතල යටතේ මෙම පිහිටුවීම සිදුකරන්නේ යැයි ද අතුකෝරාල මහත්මිය කීය.

විශේෂ මහාධිකරණය පිහිටුවන ස්ථානය සම්බන්ධයෙන් අවසන් තීරණයකට තවමත් පැමිණ නැතැයි කී ඇමැතිවරිය එය කොළඹ අධිකරණ බල ප්‍රදේශයේ පිහිටුවන්නේ යැයි ද පැවසුවාය.

අධිකරණ අමාත්‍යාංශය මගින් එය නිල වශයෙන් අධිකරණ සේවා කොමිසන් සභාවට භාරදෙන්නේ යැයි ද ඉන් පසු එහි භාරකාරිත්වය අගවිනිසුරුවරයා සතුවන්නේ යැයි ද තලතා අතුකෝරාල මහත්මිය සඳහන් කළාය.

විශේෂ මහාධිකරණ පිහිටුවීමේ සංශෝධන පනත් කෙටුම්පත පසුගිය වසරේ මැයි 9 වැනිදා ව්‍යවස්ථාදායකයේ වැඩි ඡන්දයෙන් සම්මත වූ අතර ඊට අනුව එහි පළමු විශේෂ මහාධිකරණය පසුගිය වසරේ අගෝස්තු 21 වැනිදා පිහිටුවිණි.

දණ්ඩ නීති සංග්‍රහට යටතේ ගැනෙන වැරදි විභාග කිරීමට මෙම මහාධිකරණවලට බලය හිමිවන අතර ඒ අනුව අල්ලස්, සාපරාධී විශ්වාසය කඩ කිරීම, මූල්‍ය අපහරණය, මූල්‍ය විශුද්ධිකරණය, ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් යෙදීම, සංවිධානාත්මක අපරාධ සහ මහජන දේපල අවභාවිතයට අදාල පැමිණිලි විභාග කිරීම එහිදී සිදුවේ.

 

 



අදහස් (4)

දෙවැනි විශේෂ මහාධිකරණය සති දෙකකින්

sirimal Sunday, 13 January 2019 02:52 PM

දෙවැනි එකට කලින් පළවෙනි එකට මොකද වුනේ කියලා කිව්වොත් නරකද? වහන්නේ නැතුව නඩු අහනවා කීවට ඒවා ගැන කිසි ආරංචියක් නැහැනේ. ඒ වුණාට හදන්නා තියා තවම හිතලාවත් නැති නව ව්‍යවස්ථාවක් ගැන නම් පුදුමාකාර ප්‍රචාරයක් තියෙන්නේ.... අර මහ බැංකු මංකොල්ලයටත් වැඩිය ඉස්තරම්... කොරහේ කිඹුල්ලුනේ කවුරු කවුරුත් මේ පෙන්වමින් මහ ජනතාව ගොනාට අන්දන්නේ...

:       67       294

Bandara Sunday, 13 January 2019 05:01 PM

ඒවා ගැන බලන්නේ විශේෂ එකකින් කියලා තමයි කියන්නේ. අනික දැන් මහබැංකු හොරකම ගැන කථාකළාම සූත්තර පුංචට කඩේ යන අයට තරහ යනවා. බලාගෙන...

:       58       230

Amila Sunday, 13 January 2019 07:47 PM

පලමු එකෙන් අල්ලපු හොරෙක් ඉන්නවාද ? ඒ මදිවට අලුත් ව්‍යවස්තාවක් ගේන්නත් හදනවා. බොහොම අමාරුවෙන් ගත්තු ආණ්ඩුව ආයෙත් සවුත්තු කරගෙන ගෙදරම යන්න තමයි මේ හදන්නේ. මුලින්ම මිනිස්සු අතර ආණ්ඩුවට ඉහළ පිලිගැනීමක් හදගන්න බලන්න ඔන එහෙම නැතුව මේවා කරලා තියෙන ඡන්ද ටිකත් නැති කරගන්න හදන්නේ.

:       0       39

gunasena Sunday, 13 January 2019 11:58 PM

ආණ්ඩුව පත්කරනකොට තිබු හදිස්සිය දැන් නොමැත. ඒවා මතක් වන්නේ ඡන්දෙ ළංවෙනකොටද?

:       0       34

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 85 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඪ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 423 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 285 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 391 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 893 1

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1624 1

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site