IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දුම්රිය වර්ජනයත් - සාකච්ඡාත් දිගටම

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වර්ජනය අද(10) සිව්වැනි දිනටත් ක්‍රියාත්මක වන අතර මේ හේතුවෙන් දුම්රිය මගීන් රැසක් දැඩි අපහසුතාවයට ලක්විය.

වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු අතර, ඔහුගේ කොළඹ පිහිටි නිවසේ අද පස්වරුවේ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්විණි.
නමුත් අද පැවැති සාකච්ඡා පිළිබඳවද සෑහීමකට පත්විය නොහැකි බව වෘත්තීය සමිති ආරංචි ප්‍රකාශ කරන අතර ඔවුන්ගේ විධායක සභාව රැස්වී වර්ජනය පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

මේ අතර දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කරමින් පසුගිය සිකුරාදා(8) විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණු අතර ප්‍රවාහන අමාත්‍යංශය කියා සිටියේ සේවයට නොපැමිණෙන සියලු දුම්රිය සේවකයින් සේවය හැර ගියා සේ සලකන බවයි. 
කෙසේ නමුත් මේ වනතුරු වර්ජන ක්‍රියාවලිය අඛණ්ඩව පැවැත්වෙන අතර දුම්රිය කිහිපයක් පමණක් ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කර තිබෙනු දැකිය හැකිවිය.
මේ අතර සති අන්ත නිවාඩුවට ගම් බිම් බලාගොස් යළි පැමිණෙන මගීන් අද(10) සවස දැඩි අපහසුතාවයට පත්වූ අතර හෙට සඳුදා දිනයේද (11) රාජකාරී සඳහා පැමිණීමට නියමිත මගීහු ද දුම්රිය වර්ජනය හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටිති. 
විශේෂයෙන්ම අඟහරුවාදා (12) ඇරැඹීමට නියමිත අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ටද දුම්රිය වර්ජනය හේතුවෙන් දැඩි බලපෑමක් ඇතිවිය හැකි බව ජනතාව පෙන්වා දෙති.
කෙසේ වෙතත් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට අපහසුවක් නොවන අයුරින් දුම්රිය වර්ජනය නතර කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේය.



අදහස් (12)

දුම්රිය වර්ජනයත් - සාකච්ඡාත් දිගටම

සන්ජේ ද සිල්වා Sunday, 10 December 2017 04:06 PM

මේ රටේ පාලකයන් නැද්ද? ඕන කෙනෙකුට වර්ජන තුලින් ජනජීවිතය අඩාල කරන්න පුළුවන්. පාලකයන්ගේ යුතුකමක් මහජනතාව ආරක්ෂා කිරීම. හැම පාලකයාම ජනතාව පාවිච්චි කරනවා විතරයි. මිනිසුන්ට අවශ්‍ය දේ කරන්නේ නෑ.

:       3       253

Sanath Sunday, 10 December 2017 06:45 PM

වැඩ වර්ජනය කරලා මහා ජනතාව බිල්ලට අරගෙන ආණ්ඩුවට බලපෑමක් කරන්න පුළුවන් රජයේ සේවකයෝ අසාමාන්‍ය ආකාරයට වැටුප් සහ දීමනා ලබාගන්නවා ඊට සමාන්තර අනෙකුත් අංශ වල රජයේ සේවකයින්ට ලැබෙන්නේ මොවුන්ට ලැබෙන වැටුපෙන් සියයට 50 කටත් වඩා අඩු වැටුපක් .

:       1       3550

ajitSunday, 10 December 2017 07:11 PM

සනත් ඔබ කියන දේ හරි

:       0       105

theshanMonday, 11 December 2017 02:09 AM

සනත්, ඔබ හරි, මේ රටේ වැඩකරන ජනතාවගෙන් සියයට 75 ක්, ඉන්නේ පෞද්ගලික අංශයේ... නමුත් රාජ්‍ය අංශයේ වැටුප් එකක් බලද්දී අපිට ලැබෙන්නේ සොච්චම් වැටුපක්... ලැබෙන වැටුප හැම මාසෙකම 15 වෙද්දී ඉවරයි. ඉතිරි දවස් ගෙනියන්න. එක්කෝ ණය වෙන්න ඕනෑ... නැතිනම් වැටුප් අත්තිකාරම් ගන්න ඕනෑ. මම නම් කියන්නේ දුම්රිය සේවයත් පෞද්ගලික අංශයට දෙන්න ඕනෑ. එතකොට තමයි මේ ගොල්ලන්ගේ ඇස් ඇරෙන්නේ....

:       0       15

kavantissa Monday, 11 December 2017 12:53 AM

නියමුවන් නැතිව යන්න පුළුවන් අලුත් තාක්ෂණ දැන් බිහිවී තියෙනවා. ටොයෝටා, වොල්වෝ වැනි අලුත් එන්ජින් ගෙන්වාගෙන පෙට්ටි දෙකක් තුනක් ඇති... කුඩා කෝච්චි වශයෙන් නියමුවන් නැති සේවයක් ගෙනයාමට කාලය එලැඹී තියෙනවා. ඕනෑනම් තත්පර ගණනින් ටයිම්කර යවන්න පුළුවන්. මේ ගොල්ලන්ට තුන්සිය හැටපස් දවසෙම ස්ට්‍රයික් දමාගෙන, කාලා ඉතා සන්තෝෂයෙන් කල් ගතකරන්නට පුළුවන්...

:       0       2

Ruwan Monday, 11 December 2017 01:58 AM

අද දවස ඇතුළත වර්ජනය අවසන් විය යුතුයි !

:       0       0

sahan Monday, 11 December 2017 03:15 AM

මම අපොස උසස්පෙළ විභාගයට මුහුණ දුන්නේ 1994. දෙවනවර අපොස උසස්පෙළ විභාගයට මුහුණ දුන්නේ 1995. මෙම විභාග දෙකේදීම දුම්රිය දෙපාර්තමේන්තුව වර්ජනය කලා අපේ උසස්පෙළ විභාගයට මුහුණ දුන්න සිසුන්ගේ ජීවිත පරණ ඇපයට සහ බිල්ලට අරගෙන. අපි විභාගයේදී පුදුම දුකක් වින්දා පාසලට පැමිණෙන්න. සමහරුන්ට විභාගයට නිසි වෙලාවට එන්න ලැබුනේ නැහැ. ලංකාවේ ඉන්න රජයේ සේවකයෝ ටික ඉන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ තමයි.

:       0       1

indika Monday, 11 December 2017 06:11 AM

සිංගප්පූරුවේ අධිපතිගේ තීරණය එහි ගුවන් සමාගම වෙනුවෙන් ගත්තු විදිහට කරන්න. සේරම අහක දාලා අලුත් තරුණ රැකියා විරහිත කට්ටියට අවස්ථාවක් දෙන්න. සමහරවිට සති දෙකක් හරියට වැඩ වෙන්නේ නැති වේවි. නමුත් ඊට පසු හරියට වැඩ කරාවි. වැඩ අල්ල ගත්තට පසු. මිනිසුනේ සති දෙකක් දුක් විඳින්න දුම්රිය හරියට නැතිව. ඊට පසු හොදට වේවි!!!

:       0       60

Lusena Monday, 11 December 2017 06:15 AM

මොවුන්ගේ වැටුප ලක්ෂ 2ටත් වැඩියි. තවත් තණ්හාවම තමයි.

:       1       38

priyantha Monday, 11 December 2017 06:54 AM

මේ රටේ රජයේ සේවකයින් පමණද ජීවත් වන්නේ? බලයට ඒමට සැමදාම බලය පවත්වා ගැනීමටත් සෑම ආණ්ඩුවක්ම කලේ මෙම රාජ්‍ය සේවකයින් පිනවපු එක හැර වෙන කිසිවක් කලේ නැත.

:       0       201

Deepal Nirosh Monday, 11 December 2017 06:57 AM

අඛණ්ඩ වැඩ වර්ජනයක් බැවින් හා මහජනතාවට දෛනිකව අත්‍යාවශ්‍ය සේවාවක් බැවින් වගකිවයුතු රජයක් වශයෙන් සේවාව පවත්වා ගැනීමට සෘජු පියවර ගත යුතුයි. හැබැයි ප්‍රායෝගික විය යුතුයි. අත්‍යාවශ්‍ය සේවා ගැසට් නිවේදනය නිකුත් කළ යුතුව තිබුණේ නියමිත දින සිට සේවයට වාර්තා නොකරන සේවකයින් හා නිලධාරීන් නැවත සේවයට වාර්තා කරන තෙක් කාල පරාසය වැටුප් රහිත නිවාඩු ලෙස සලකා කටයුතු කරන බවයි. සේවය හැර යාමේ නිවේදන නිකුත් කිරීමෙන් සිදුවන්නේ ඔවුන් නැවත සේවයේ පිහිටුවා එම කාල පරාසයට ද නිකරුණේ වැටුප් ගෙවීමට සිදුවීමයි.

:       0       0

pradeep Monday, 11 December 2017 07:44 AM

අත්‍යාවශ්‍ය සේවාව කිව්වට මේ අයට තේරෙන්නේ නැහැ. මොකද මේ කට්ටියට ඕනෑ තරම් සල්ලි තියෙනවා. මොකද ලොකු වැටුපක් ගන්න නිසා. වෙන රටක නම් මෙලහකටත් මේ කට්ටියගේ වැඩ තහනම් කරලා ඉවරයි. අලුතෙන් කට්ටිය අරන් දීලා බලන්න ජනතාව මාසයක් හරි ඉවසීමෙන් ඉන්නවා. හොඳ තත්වෙට එනකන්. මෙයාලගෙන් එක් අයෙකුගේ වැටුපට අලුතෙන් දෙන්නෙක් ගන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 0 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 120 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 345 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 114 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 113 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 105 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 329 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1711 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site