IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


දිවි රඟමඬලින් සමුගෙන ගිය දයා තෙන්නකෝන්

ලාංකේය සිනමාවේ විශිෂ්ට රංගන ශිල්පියකු වූ දයා තෙන්නකෝන් මහතා පසුගියදා සිය ජීවිත රඟ මඩලෙන් සමුගත්තේය. ඒ වන විට 79 හැවිරිදි වියේ පසුවූ ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19වන  ඉරිදා)  පෙරවරු 11.00 ට මාලඹේ තලාහේනේ පොදු සුසාන භූමියේදී සිදු කෙරිණ.

මේ ඔහුගේ කලා දිවිය පිළිබඳ කෙරෙන කෙටි විමසුමකි.


 

1941 වසරේ නොවැම්බර් 29 වන දින උපත ලැබූ තෙන්නකෝන් මහතා මූලික අධ්‍යාපනය ලැබීමට මහනුවර ධර්මරාජ විදුහලට ඇතුළත් වූයේය. පසුකලෙක ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂකවරයකු වූ ධර්මසේන පතිරාජ ඔහුගේ පාසලේ සමීප මිතුරකු වීය. පතිරාජ හෙවත් ‘පතී‘ සමග එක්ව කටයුතු කිරීමේ අත්දැකීම් පසුකලෙක දයාගේ දිවියට ආශිර්වාදයක් වූවාට සැක නැත.

තරුණ තෙන්නකෝන් උසස් අධ්‍යාපන කටයුතු සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පිවිසියේය. පතිරාජ එහිදීද ඔහුගේ සගයා වීය.

දයාත් - පතීත් සරසවි සිසුන් ලෙස ඉගෙනුම් ලබමින් සිටියදී සුගතපාල සෙනරත් යාපා චිත්‍රපටයක් කිරීමට රචනා කළ පිටපතද අතැතිව විශ්වවිද්‍යාලයට පැමිණියේය. විශ්වවිද්‍යාල ජීවිතය හා තිර පිටපත ගැළපේද යන්න බැලීමට ඔහු එසේ පැමිණ සිටියේය.

ඔහු තවත් පිරිසක් ද සමඟ මේ ගැන සාකච්ඡා කරමින් පිටපත අලුතින් ලියූ අතර, මේ සෑම සාකච්ඡාවකටම පාහේ දයා තෙන්නකෝන්ටද සහභාගී වීමට අවස්ථාව ලැබිණි. ඒ අනුව, සුගතපාල සෙනරත් යාපාගේ ‘හන්තානේ කතාව’ සිනමාපටයට රංගනයෙන් දායක වන්නට ඔහුට අවස්ථාව සැලැසිනි. එයද නාථ නමැති සරසවි සිසුවකුගේ භූමිකාවකටය. එය ඔහුගේ පළමු සිනමා පිවිසිම වීය.

දයාගේ මෙන්ම ශ්‍රී ලාංකේය සිනමාවේ සිහින කුමාරයා වූ විජය කුමාරතුංගගේත් පළමු චිත්‍රපටය ‘හන්තානේ කතාව‘ම විය‍

කෙසේවුවත් සරසවියෙන් පිටවී රැකියාවක් සොයමින් සිටි අවධියේදී ගුවන් විදුලි සංස්ථාවේ රැකියා සඳහා පළ කළ ඇබෑර්තු වෙනුවෙන් ඔහු ඉල්ලුම් කළේය. ගුවන් විදුලි නිවේදකයකු වීමටද ඔහුගේ ආශාවක් විය. ආශාව ඉටුකරමින් ඔහුට රැකියාව ලැබිණි. එවකට ලංකාවේ එකම විද්යුත් මාධ්‍ය ආයතනය වශයෙන් පැවති ගුවන් විදුලි සංස්ථාවෙන් කළ ප්‍රචාරක කටයුතු සඳහාද කලා කටයුතු සඳහා ද දයා තෙන්නකෝන් දායකවූයේය.

මේ අතරේදී බන්දුල ජයවර්ධන මහතාගේ ‘බෝසතාණන්’ නාට්‍යයෙන් වේදිකාවට අවතීර්ණ වන දයා තෙන්නකෝන් පසුව නාමෙල් වීරමුණිගේ ‘නැට්ටුක්කාරි’, සුගතපාල ද සිල්වාගේ ‘හිත හොඳ අම්මණ්ඩි’ වැනි නිර්මාණවලටද රංගනයෙන් එක් වූයේය.   සුගතපාල ද සිල්වාගේ ම ‘දුන්න දුනුගමුවේ’, ‘සත සහ සත’, ධර්මසේන පතිරාජගේ ‘කොරා සහ අන්ධයා’ වැනි වේදිකා නාට්‍ය ගණනාවකට ද දායක වීමට ඔහුට අවස්ථාව හිමිවිය. එවකට මෙම නාට්‍යය සම්බන්ධයෙන් වැඩි කතාබහක් සිදුනොවුණද පසුකලෙක එය ඉටුවිණි.ෙ

විමල් කුමාර ද කොස්තා දයා තෙන්නකෝන් මහතාගේ සගයා වීය. ‘කොරා සහ අන්ධයා’ නාට්‍යයේ ප්‍රධාන භූමිකා දෙකට පණ දුන්නෝ ඔවුහු දෙදෙනා වෙති‍ෙ

වේදිකාවේදී ඔහු පෑ ප්‍රතිභාව හඳුනාගත් සිනමා අධ්‍යක්ෂකවරු ඔහු සමඟ කටයුතු කිරීමට කැමැත්ත පළ කළහ. ඒ අනුව, ‘අහස් ගව්ව’, ‘එයා දැන් ලොකු ළමයෙක්’, ‘සෙයිලම’, ‘බඹරු ඇවිත්’, ‘කරුමක්කාරයෝ’, ‘කිණිහිරියා මල්’, ‘සක්මන් මලුව’, ‘සොල්දාදු උන්නැහේ’ ඇතුළු සම්මානනීය සිනමාපට රැසකට ඔහු රංගනයෙන් දායක වූයේය

මාලනී ෆොන්සේකා සමඟ බහුලව රංගනයෙන් දායක වී ඇති හෙතෙම එවකට කැපී පෙනුනු රංගන ශිල්පීන් වූ ඩබ්ලිව්. ජයසිරි, අමරසිරි කලංසූරිය, ජෝ අබේවික්‍රම, විජය කුමාරතුංග වැනි අය හා සමීපව ඇසුරු කළේය. යහපත් සහ සුන්දර මිනිසකු වූ තෙන්නකෝන් මහතා සමාජ දේශපාලන සංස්ථා සහ කලා ක්ෂේත්‍රය පිළිබඳව ද වෙනස්ම ආකාරයේ මත දරන දැනුමැති අයෙකු විය.

වේදිකාව, සිනමාව පමණක් නොව ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක් වූ දයා තෙන්නකෝන් මහතා ‘තට්ටුගෙවල්’ ටෙලි නාට්‍යයෙන් ප්‍රේක්ෂක ආකර්ශනය දිනාගත්තේය. ‘කඩුල්ල’ ඔහු දායක වූ තවත් ප්‍රමුඛ පෙළේ ටෙලි නාට්‍යයකි.

‘සක්මන් මළුව’ චිත්‍රපටයේ රංගනය උදෙසා දයා තෙන්නකෝන් මහතා සරසවිය සම්මාන උලළේ කුසලතා සම්මානයකින්ද පිදුම් ලැබූ අතර මීට අමතරව විවිධ සම්මාන හිමිවිය.

 

දිවි මඬලට සමුදුන් දයා තෙන්නකෝන් මහතානෙනි, ඔබට සුබ රැයක්!

 

සැකසුම ඩිල්ෂානි චතුරිකා දාබරේ

ඡායාරූපය - දයාන් විතාරණ



අදහස් (7)

දිවි රඟමඬලින් සමුගෙන ගිය දයා තෙන්නකෝන්

සංජීව Sunday, 19 April 2020 06:50 AM

තවත් ප්‍රවීණ කලාකරුවෙක්ගේ නික්මයාම. නිවන් සුව පතමි.

:       0       0

ravi Sunday, 19 April 2020 06:56 AM

හොඳ නළුවෙක් , හොඳ මනුස්සයෙක් .. කනගාටුයි .

:       0       6

jagath Sunday, 19 April 2020 07:13 AM

සුබ ගමන් මහතාණෙනි...

:       0       11

Swarna Sunday, 19 April 2020 08:32 AM

අප අතර සිටින දක්ෂ විශිෂ්ට කලාකරුවන් අපෙන් වෙන්වීම ඉතාමත් කණගාටුදායකයි. දයා තෙන්නකෝන් මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි...!!!

:       0       20

Raveendra Sunday, 19 April 2020 10:45 AM

දක්ෂ නළුවෙක්. ඔබට නිවන් සුව අත් වේවා !!!!

:       0       0

විජිත් Sunday, 19 April 2020 03:09 PM

නිවන් සැප ලැබේවා...!!!

:       0       10

Ariyadasa dissanayake Tuesday, 21 April 2020 04:09 AM

උප්පාද වය ධම්මිනෝ. නිවන් සුව ලබත්වා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 117 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 269 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 618 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site