IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දාගැබට නැග ඡායාරූප ගත් සරසවි සිසුන් 7 දෙනා රිමාන්ඩ්

(උපාලි ආනන්ද සහ පැතුම් දර්ශන)  
             
ඓතිහාසික කිරළාගල දාගැබ මත නැගී දාගැබට අපහාස වන අයුරින් ඡායාරූප ලබාගෙන අන්තර්ජාලයට මුදාහැරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් 7 දෙනා පෙබරවාරි 5 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් මාලින්ද හර්ෂණ අල්විස් මහතා අද (24) නියෝග කළේය.      
           
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ අග්නිදිග සරසවියේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ සිසුන් 7දෙනෙකි.     
                                               
පුරාවිද්‍යා වටිනාකම් ඇති ස්ථානයක දාගැබක් මත නැගී ඡායාරූප ගෙන ඒවා මුහුණු පොතට මුදාහැර අදාළ දාගැබට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මෙම සැකකාර සිසුන් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
                                       
ඓතිහාසික කිරළාගල දාගැබ පිහිටා ඇත්තේ  හොරොව්පොතාන මැදවච්චිය මාර්ගයේ හොරොව්පොතානේ සිට කිලෝමීටර් 7ක් ගිය පසුය.



අදහස් (28)

දාගැබට නැග ඡායාරූප ගත් සරසවි සිසුන් 7 දෙනා රිමාන්ඩ්

Raveendra Thursday, 24 January 2019 11:04 AM

පුරාවස්තු වටිනාකමක් ඇති ආගමික ස්ථාන පිලිබදවවත් වැදගත් කමක් නොදත් මෙවන් අය සරසවි සිසුන් යයි පවසන්නේ කෙසේ ද ? අඩු තරමින් වටපිට පරිසරය, විනය පිලිබදව කිසිවක් නොදත් පොතටම සීමාවූ අනිකුත් මෝඩයන්ටත් මෙය ජිවිත කාලයටම හොද පාඩමක් වේවා !

:       148       400

Buddika Thursday, 24 January 2019 11:07 AM

ගොඩාක් හොඳයි. ආගමක හරය වටිනාකම නොහඳුනන මිනිසුන්ට උපරිම දඬුවම් දිය යුතුයි.

:       230       532

BamunuarachchiThursday, 24 January 2019 01:48 PM

ඔව් මේ ගොල්ලෝ හිතාගෙන ඉන්නේ ඒ ගොල්ලන්ගේ ආගම තමයි ලෝකයා පිළිගන්න ඕනේ කියලා.

:       50       380

Sam Thursday, 24 January 2019 11:51 AM

නොදන්නා ගොඩක් දේවල් සිර ගෙදරකින් ඉගෙන ගන්න පුළුවන්...

:       15       66

Hemantha Liyanage Thursday, 24 January 2019 12:04 PM

මේ අයට ඉහළම දඬුවම් දිය යුතුයි. ආයෙමත් මේ වගේ පහත් දේවල් නොකරන්න...

:       70       173

hemanha liyanage Thursday, 24 January 2019 12:09 PM

මේ අයට ඉහළම දඬුවම් දිය යුතුයි. ආයෙමත් මේ වගේ පහත් දේවල් නොකරන්න.

:       7       55

BamunuarachchiThursday, 24 January 2019 01:48 PM

කකුල් කොට කළා නම් හරි...

:       7       64

මම නොවන මම Thursday, 24 January 2019 01:08 PM

රටේ තිබ්බ දැවෙනම ප්‍රශ්නෙ විසඳුනා දැන්. ලංකාවේ මිනීමැරුම්, මංකොල්ලකෑම් එහෙම වෙන්නේ නැති රටක්නේ... ෂෝක්...!!!

:       315       130

BamunuarachchiThursday, 24 January 2019 01:46 PM

මේවායින් තමයි ජාතික ප්‍රශ්න ඇති කරන්නේ... ජාතිවාදී ප්‍රශ්න ඇති වුණාට නම් කමක් නැහැ... නමුත් අපිට මුදලින් වන්දි ගෙවන්න වෙන එකයි ඉන්න බැරිම දේ. මහා බැංකු කොල්ලකෑම් හැරෙන්නට ලංකාවේ මිනීමැරුම්, මංකොල්ලකෑම් වෙන්නේ පුද්ගලිකවයි. සුළු ජාතීන්ගේ නොහොඹිනාකම් සිංහල අපිට පෙන්වන්න ගිහින් වෙන හානිය තරමක් විශාලයි...

:       11       106

nisarThursday, 24 January 2019 03:22 PM

ඔව් ඔව් වැරදීමක් වුණාම සමාව දෙන්නේ නැතිව දඬුවම් දීමට කුරීරු අවිහිංසාවාදය වගේද? හිතාමතා අපහාස කරනවා නම් දඬුවම් දිය යුතුයි. පල්ලි 20කට ගිනි තියලා වන්දි ගෙව්වද?

:       128       155

බද්රානි Thursday, 24 January 2019 02:51 PM

මෙතන අදහස් පල කරන්නේ, ළමා වියක්, තරුණ වියක්, පිළිබද කිසිඳ අවබෝධයක් නොමැති එලොවටත් නැති, මෙලොවටත් නැති අලුගෝසුවන් රැලක් බව කිව යුතුයි. මිලේච්ඡයින්ගේ දේශයේ මිනීමැරුම්, ස්ත්‍රී දුෂණ, හා මංකොල්ල කෑම් සාමාන්‍ය දේශයක් වුවද, ඓතිහාසික ස්ථාන මත පය තැබීම මරණ දඬුවම ලැබීමට තරම් විශාල වරදක් බව ලෝකවාසීන් හට දැනුම්දෙමි. ඉපදුණු රට, අඳින ඇඳුම, භාෂාව හා අදහන ආගමේ වෙනස් කම් තිබුනත්, ඇෆ්ගන් තලේබාන් හා ඇෆ්රිකානු බොකොහරාම් ත්‍රස්තවාදීන් හා මොවුන් අතරේ ආකල්පමය වශයෙන් කිසිඳු වෙනස්කමක් නොමැති බව දන්වමි.

:       156       359

Bamunuarachchi Thursday, 24 January 2019 03:51 PM

සිංහලයින් අලුගෝසුවන් කියා අදහස් දමන්නේ ඔබ කව්රු කියලා හිතා ගෙනද? ගිනිගන්න ගෙවල් ඇතුලට ජීවිතය පරදුවට තබා ගොස් මිනිසුන් බේරා ගන්න අයත්. ජාතිය නොබලා බිමට දමන ළමයි බේරා ගත්තෙත් ඔබ ඔයකියන අපේරටේ අලුගොසුවන්මයි. ඔබට මිනිසුන් ගැන අවබෝදයක් නැතිකමයි ප්‍රශ්නය "මිලේච්ඡයින්ගේ දේශයේ මිලේච්ඡයින්ගේ දේශයේ මිනීමැරුම්, ස්ත්‍රී දුෂණ, හා මංකොල්ල කෑම් සාමාන්‍ය දේශයක් වුවද, " මෙහෙම කියන්නේ ශ්‍රීලංකාව ගැනනම්. මෙරටට මෙහෙම වුණේ කාගේ පැමිණීමෙන් පසුද? අනික මිලේච්ඡයින්ගේ දේශයේ මිනීමැරුම්, ස්ත්‍රී දුෂණ, හා මංකොල්ල කෑම් නැති රට මොකක්ද. බද්‍රාණි කතා කොරන්නේ එයා ලිච්චවී නුවර ඉන්නවා කියල හිතාගේනනේ. ඇමරිකාවේ ළමයි ඉස්කෝලෙට ගිහිල්ල 10-15 මරනවානම් ඒවා මිලේච්ඡයින්ගේ දේශ නොවෙයිද?

:       12       63

KapThursday, 24 January 2019 05:41 PM

ඔබ අයිති වෙන්නෙ බද්රානි කියපු කට්ට්යට

:       45       36

BamunuarachchiFriday, 25 January 2019 05:41 PM

කියලා වැඩක් නැහැ.. මට ඔබලාට අලුගොසුවෙක් වෙන්නේ පුළුවනි. වැටුප් නොමැතිව සේවය කරනවා අතිකාල සේවයත් කරනවා.. අකුරටම වැඩේ කරනවා. ජොබ් එක දීලා බලන්න.

:       0       0

leel gunawardena Thursday, 24 January 2019 06:53 PM

බද්රනි ආව ගියාට අදහස් දාන්න එපා පාඩුවේ ඉන්න කිසිස තේරුමක් නැති කතාවල් කියනවා මම අනුරපුරයේ දාගැබ වලට නගින්නේ එළුවන් විතරයි මිනිසුන් නෙමෙයි මේ අයට අවවාද කල යුතුයි ඒ ඇති රවීන්ද්‍රත් , හරි බමුනුත් හරි අළුගෝසු කතාව මමත් අනුමත කරන්නේ නැහැ ඔබට ජය .

:       0       14

ලුම්බිණි Thursday, 24 January 2019 10:34 PM

මෙතන මේ ළමයි කිසියම් නීතියක් කඩ කරලා තිබෙනවා නම් දඬුවම් දුන්නට ප්‍රශ්නයක් නැහැ. නමුත් හිරේ දමන්න තරම් දෙයක් උනා කියල හිතන්න අමාරුයි.

:       0       12

chandima Friday, 25 January 2019 01:31 AM

අනේ ඔය වේගෙන්ම මහබැංකුව කාපු එවුන්, කුඩු ගෙන්වන එවුන් එහෙමත් අල්ලනවනම්?

:       0       14

සහන් චතුරංග Friday, 25 January 2019 02:48 AM

හැබැයි මෙතන කුහක කමත් ගැවිලා තියනවා කියල පේන්නේ මට විතරද? ලියල තියෙන කමෙන්ට්ස් බැලුවහම පේනවා. අනිවාර්යයෙන්ම මේ කමෙන්ට්ස් දාපු අයගෙන් 90% ම ඉංජිනේරු පීඨ සිසුන් සමග සියුම් ඊර්ෂ්‍යාවක් තිබෙන බව පේනවා. මොකද ඒ අයට බැරිවුණා නිසා. දාගැබට නැග්ග එක වැරදියි. එම සිසුන් ඒගැන සමාව ගත යුතුයි. දැඩි දඬුවම් දෙනවා නම් කොච්චර ඉන්නවද. සුළු දෙයක් කියන්නම්. මේක එක උදාහරණයක් විතරයි. උත්තරීතර පාර්ලිමේන්තුව ඇතුලේ සත්තු වගේ හැසිරුණු අය සාක්ෂි තිබුනත් තාම එළියේ. මේ ළමයි රිමාන්ඩ්.

:       84       106

BamunuarachchiFriday, 25 January 2019 07:11 AM

අපිට මොවුන් කවුරු උනත් කමක් නැහැ. මේගොල්ලෝ ඉන්ජේනෙරුවෝ නොවෙයි දෙවි වරු උනත් අපේ කකුලෙන් ඉහළට අපිට වැඩක් නැත. අපි බලන්නේ බෞද්ධ සිද්ධස්ථානවලට , බෞද්ධාගමට අගෞරව කරන්නේ කවුද කියලා පමණයි. මේගොල්ලෝ ඉංජිනේරු සිසුන් කියලා කරේ තියා ගන්න කියලද කියන්නේ? විකාර

:       0       0

NuwanFriday, 25 January 2019 08:18 AM

වර්තමාන සමාජයේ තියෙන මන්ද බුද්ධික ක්‍රමය අනුව ඉංජිනේරු වෘත්තිය කියන්නේ අලි ලොකු එකක් වගේ... හිනායනවා මේවට!!!

:       16       10

Deepal Nirosh Friday, 25 January 2019 06:32 AM

සිසුන්ගේ වයසට කරපු දඩබ්බර ක්‍රියාවක් කියල බාහිරින් පෙනුනට මේක හුදෙකලා සිද්ධියක් කියල හිතන්න අමාරුයි. ඒ නිසා කාට මොන දඬුවම දුන්නත් ආයිමත් “අළුත්ගමක්“ උදා නොවන මට්ටමට මේ වගේ ප්‍ර‍ශ්න කළමණාකරණය කර ගැනීම රටට හිතකරයි.

:       0       0

Bamunuarachchi Friday, 25 January 2019 07:02 AM

නිසර් මොකක්ද වැරදීම? මීට කලින් නොවැරදුණු ඔබලාට මේ අවුරුදු 4ක් ඇතුළතද වරදින්න පටන් ගත්තේ? ඔබලාගේ මේ වැරදි සිංහල බෞද්ධයාගේ ඉවසීම ටෙස් කිරීමක්... සිංහලයාගේ ඉවසීමේ සීමාව පැන්නාම වෙනදේ ඔබලා අත්දැකලා ඇතිනේද? ඔබලාගේ වැරදිවලට අපි ඔබලාට වන්දි ගෙවිය යුතු නැත. ඔබලා වන්දි ගෙවිය යුතුය.

:       7       11

Bamunuarachchi Friday, 25 January 2019 07:04 AM

මොවුන්ගේ නොසන්ඩාල වැඩවලට නිවට ආණ්ඩුව නිසි දඬුවම් කරන්නේ නැතිනම් ආයිමත් “අළුත්ගමක්“ උදා උනාට කිසිම වරදක් නැත...

:       10       13

Sarasi Friday, 25 January 2019 07:29 AM

කෝ අර හැම තිස්සෙම සරසවි සිසුන් කරන කියන හැමදේම නිවැරදියි කියන ධනුෂ්ක? දැන් මේකට මොකද කියන්නේ...!

:       0       0

Nuwan Friday, 25 January 2019 08:23 AM

nisar ,"පල්ලි 20කට ගිනි තියලා වන්දි ගෙව්වද?" පල්ලි 20 ගිනිතියාගන්න තැනට වැඩ ඇති කරේ අපිද? ඔහෙලා අවුරුදු 13න් පහළ ළමයා කසාද බඳින්න ඕනේ කියලා පාරේ හර්තාල් කරනකොට අපි ගල් ගහනවද? අපි පාරේ අපේ ජාතිය, ආගම රැකගන්න මිනිස්සුන්ට රැස්වීම් තියනකොට ඔහෙලා ගල් ගහනවා. පස්සේ කියනවා පල්ලි ගිනි තිබ්බලු. මාර ලොජික් තියෙන්නේ ඔහෙලගේ...

:       4       26

Vikum Friday, 25 January 2019 10:28 AM

නිසාර්, අනවසර ඉදිකිරීම් තමුන් විසින්ම ගිනිතියලා වන්දි ගන්න. ඒවත් පල්ලිගොඩට දාපු කතා අපි දැකලා තියෙනවා.

:       0       10

amila Friday, 25 January 2019 11:40 AM

ජාති බෙදේ නිකම්ම අවුස්සගන්නයි හදන්නේ...

:       0       0

de silva Sunday, 27 January 2019 02:41 AM

දාගැබ උඩ නැගගෙන අත්බඳගෙන උජාරුවට ඉන්න හැටි , හිතන් ඉන්නේ මුන් ලෝක ප්‍රසිද්ධ සුපර්ස්ටර්ලා කියලා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 152 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 411 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 910 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 185 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 232 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 659 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1719 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site