IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


දළඹු ’සේනා’වගෙන් කෙසෙල් - එළවළු බේරාගන්න ඇඹිලිපිටියේ ඉරිඟු වගා ගිනි තියති

(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
 
බඩඉරිඟු වගාවට හානි කරන සේනා දළඹුවා කෙසෙල් වගාවට බෝවීමේ අවදානමක් ඇතිබව ඇඹිලිපිටිය අවට කෙසෙල් ගොවීහූ පවසති.
 
මෙම අවදානම ඇත්තේ සේනා දළඹුවාගේ හානිය ඇති ඉරිඟු වගාවන්ට යාබදව ඇති කෙසේ වගාවන්ට බව ද ඔවුහු පෙන්වා දෙති.
 
එසේම බණ්ඩක්කා වගාව ද ‘සේනා දළඹුවාගේ’ ව්‍යවසනයට ගොදුරුවීමේ දැඩි අවදානමක් පවතින බව ද එම ගොවීහූ කියති. ඇඹිලිපිටිය, මොරකැටිය, කුට්ටිගල, ජූලංගැටේ, පදලංගල, තුංකම ආදී ප‍්‍රදේශවල ඉරිඟු වගාව මේ වනවිට ‘සේනා දළඹුවාගේ’ උවදුරින් සම්පූර්ණයෙන් ම විනාශවී ඇති බව ගොවීහූ කියති. 
 
එළවලූ, වී සහ කෙසෙල් වගාවන් සේනා දළඹු උවදුරින් ගලවා ගැනීමට අක්කරය දෙක ප‍්‍රමාණයෙන් යුතු ඉරිඟු වගාවන් ගිනි තබා විනාශ කිරිමට ඇතැම් ගොවීහූ ක‍්‍රීයා කළහ.
 
මේ ව්‍යවසනය හමුවේ උපදෙස් ලබා ගැනීමට රාජ්‍ය නිලධාරින් නොමැතිවීම සහ ඔවුන් මේ උවදුර සම්බන්‍ධයෙන් නිරීක්‍ෂණය කිරීමට ද නොපැමිණි බවට ද ගොවීහූ චෝදනා කළහ. එහෙත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම චෝදනාව ප‍්‍රතික්‍ෂෙප කරයි. 
 
 

ඔවුන් පැවසුවේ පොදුවේ සෑම වගා ඉඩමක්ම පරීක්‍ෂා නොකළත් හානි ඉඩම් පරීක්‍ෂාකර ඒ සම්බන්‍ධයෙන් තොරතුරු රැස්කර ‘‘සේනා දළඹුවා’’ මර්ධනය කිරීමට කළ හැකි දේ පිළිබඳව සොයා බලමින් සිටින බවයි.
 
ගොවිජන අයිතින් සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති ගයාන් මේනක දිසානායක මහතා:


‘සේනා දළඹු උවදුර දැන් රත්නපුර දිස්ත‍්‍රික්කයේ ඇඹිලිපිටිය අවට ගොවි ප‍්‍රදේශවලටත් තදින් පැතිරිලා. මේ වසංගතය මර්දනය කළ නොහැකි ලෙසට දිනෙන් දින වර්ධනය වෙමින් යනවා. අපි මේ ප‍්‍රදේශවල සංචාරය කළා. ඉරි`ගු වගාවට විතරක් නෙයෙි එළවලූ සහ කෙසෙල් වගාවටත් සේනා දළඹුවා ඇත් කියලයි ගොවීන් කියන්නේ.’


‘ලංකාවේ කෙසෙල් වැඩිපුරම වගා කරන්නේ ඇඹිලිපිටිය අවට ප‍්‍රදේශවල. කෙසෙල් වගාවට සේනා දළඹු උවදුර පැතිරුණොත් විශාල පාඩුවක් වේවි. දේශීය වෙළඳපොළට විතරක් නෙවෙයි විදෙස් වෙළඳ පොළට කෙසෙල් වැඩිපුර අපනයනය කරන්නේ මේ ඇඹිලිපිටිය ප‍්‍රදේශයෙන්. සේනා දළඹුවා කෙසෙල් වගාවට පැතිරුණොත් වුණොත් ජාතික ආර්ථිකයටත් ඒක බලපායි.’


‘අනික මේ ගොවීන් බොහොම මහන්සියෙන් මේ වගාවන් කරන්නේ. වැඩි දෙනෙක් බැංකුවලට ණය වෙලා කරන්නේ. ඒ නිසා වගා හානි වූ ගොවීන්ට වන්දි ගෙවන්න කියලා, ජනපති, අගමැති සහ කෘෂිකර්ම ඇමතිට අපි බලකරලා කියනවා. මේක සුලූකොට තකන්න එපා.’ යැයි ද ඔහු පැවසීය.


මේ සම්බන්‍ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කළ විමසුමකදී එහි ප‍්‍රකාශයකයෙක් පැවසුවේ ‘‘සේනා දළඹුවාගේ’’ ආක‍්‍රමණය රත්නපුර දිස්ත‍්‍රික්කයට ඇති බව හඳුනාගෙන ඇති බවයි. රෝගය මුලින් හඳුනාගත් පිටස්තර ප‍්‍රදේශ වලින් සේනා දළඹුවන් සහිත ඉරිඟ අස්වනු ගෙන ඒ ඒමද රෝගය පැතිර යාමට ඉවහල් වූ බව ඔහු සඳහන් කළේ ය. 


මේ සේනා දළඹු උවදුර රත්නපුරෙන් මැඩලීමට ගතයුතු පියවර සම්බන්‍ධයෙන් වගකිවයුතු නිලධාරීන් එක්ව අද (21) රත්නපුර නව නගරයේ සබරගමු පළාත් සභා ශ‍්‍රවනාගාරයේ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වෙන බවත් එම නිලධාරියා පැවසුවේය.


 



අදහස් (3)

දළඹු ’සේනා’වගෙන් කෙසෙල් - එළවළු බේරාගන්න ඇඹිලිපිටියේ ඉරිඟු වගා ගිනි තියති

tarzan Monday, 21 January 2019 06:29 AM

පව් ඉතින් උනුත් කන්න බොන්න ඕන, අනික මේක බෞද්ධ රටක් , සත්තු මරන්න බැහැ. ලස්සන සමනල්ලු ඕනේ නම් දළඹුවන් ඕන

:       156       94

roshan Monday, 21 January 2019 06:35 AM

ඒ වගෙද ව්‍යවස්ථාව? එක තමයි වැදගත්ම දේ.

:       40       115

උපුල Monday, 21 January 2019 08:07 AM

මේ ව්‍යසනය කරලා තියෙන්නේ පලිබෝධ හදන ව්‍යාපාරිකයන් බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මොකද, මුළු ලංකාවටම බෝවෙන්න තියෙන එකම මග තමයි පලිබෝධ සමග දළඹු බිත්තර මිශ්‍ර කිරීමෙන් හැම වගාවකටම ව්‍යාප්ත කිරීම. රටට හෙන ගහලා ගියත් සල්ලි හොයන මස් වැද්දෝ සෙට් එකක් මේ බිස්නස් එක කරන්නේ.

:       0       12

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 324 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 679 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 827 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 454 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 519 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 181 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site