(අනීෂා මානගේ)
වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවකු ඇතුළු කර නොගන්නා බව කියමින් විද්‍යාලයේ ගොඩනැගිල්ලක වහළය මතට නැග මාරාන්ත උපවාසයක් ආරම්භ කළ මව අසාධ්‍ය තත්ත්වයෙන් තංගල්ල මූලික රෝහලට අද (22) ඇතුළත් කර ඇත.
වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ 2019 වර්ෂයේ පළමු ශ්‍රේණියට අයැදුම් කර ඇති විද්‍යාලය ආසන්නයේ පදිංචිව සිටින සන්ධ්‍යා කුමාරි ලියනආරච්චි මහත්මිය මෙලෙස ඊයේ (21) අලුයම් කාලයේදී උපවාසයක් ආරම්භ කළාය.
දෙවැනි පාසල්වාරය ආරම්භ වුවද මෙම දරුවාට මෙතෙක් පාසලක් ලැබී නොමැති බව ඇය කියයි.
දරුවාගේ මව උපවාසයේ නිරත වෙමින් සිටින අතරතුර කුඩා දරුවා පාසල් ඇඳුමින් සැරසී විද්‍යාලය ඉදිරිපිට ඔහුගේ මිත්තණිය සමග සිටියේය.
පෙරේදා රාත්‍රී කාලයේ ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව මධ්‍යයේද කාන්තාව වහළය මතට නැග උපවාසය අත්නොහැර සිටි අතර ඇය රෝගී තත්ත්වයේ පසුවිණි.
මේ හේතුවෙන් සුවසැරිය ගිලන් රථය ගෙන්වා ඇය තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීහු ක්‍රියාකළහ.
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දරුවා පාසලට ඇතුළු කරගන්නැයි උපවාසයේ යෙදුණු මව රෝහල්ගතකරයි
sunanda Wednesday, 22 May 2019 07:26 AM
මූලික අවශ්‍යතාවක් ආණ්ඩුව විසින් සපුරා දිය යුතුය....
සුපුන් Wednesday, 22 May 2019 08:45 AM
හැම දේටම ආණ්ඩුවට බනින එකත් සිරිතක් වෙලා. එක අතකින් පොලිටික්කෝ කරන දේවල් වල හැටියට එහෙම නොවීත් බැහැ. හැබැයි මෙතන තියෙන්නේ වෙන දෙයක්. කිසිම ළමයෙක්ට ඉස්කෝලයක් නොලැබෙන්නේ නෑ. මේ අයට ඕන කරපු ඉස්කෝලේ ලැබිල නෑ, එතකොට බලෙන් හරි ළමය දාගන්න තමයි බලන්නේ. මේකත් එක විදිහක බලහත්කාර කමක්. ලංකාව හැදෙන්න නම්, මේ විදිහේ අම්මලටත් දඬුවමක් දෙන්න ඕන මොකද දැන් නාස්ති වුනේ ඔබෙත් මගෙත් පාන් ගෙඩියෙනුත් ගෙවුව බදු සල්ලි.
BamunuarachchiWednesday, 22 May 2019 10:52 AM
පාන්ගෙඩියට ගෙවපු බදු සල්ලි වලින් 15000 අර අහවල්ලු තමන්ගේ පැසෝන් එකට දාගන්නවට කතාවක් නැහැ, සිංගප්පූරුවේ ඉස්පිරිතාලවල බෙහෙත් ගන්න ගියාට කමක් නැහැ මේ අම්ම ඉස්පිරිතාලෙට ගෙනිච්චාමයි මේ උන්දැට බදු සල්ලි වලට මොකද වෙන්නේ කියලා මතක් වෙලා තිබෙන්නේ. අනේද කියන්නේ.
BamunuarachchiWednesday, 22 May 2019 11:22 AM
ඔබේත්, මගේත් පාන්ගෙඩියට ගෙවූ බදුසල්ලි රුපියල් 10ක් විතරවේවි... ඕක මොකක්ද?
BamunuarachchiWednesday, 22 May 2019 11:26 AM
එ්කනේ අපේ ළමයින්ව රජයේ පාසල්වලට දාලා කාගේවත් බදු සල්ලිවලින් උගන්වන්නේ නැහැ. හැබැයි ඒ ළමයින්ගේ දැනුමෙන් රටට සේවයක් බලාපොරොත්තු වෙන්නත් එපා.
ලසන්ත Wednesday, 22 May 2019 09:21 AM
මේවාට හේතුවන විදුහල්පති මාපියාව වහාම අවසන්කිරීමට පියවර ගතයුතුය
Sriyal Wednesday, 22 May 2019 09:30 AM
ලේකම් තුමාලට සල්ලි දුන්නා නම් ළමයට පාසලක් ලැබෙයි. ලගම ළමයි නොවේ හැම පාසලකම ඉන්නේ, මේක හොඳ ව්‍යාපාරය ක්
Athula Wednesday, 22 May 2019 10:45 AM
බදියුර්දීන්ට කියන්න එපායැ... එක කෝල් එකනේ...
Dhammika Wednesday, 22 May 2019 11:02 AM
නොදන්නා අය මගුලක් කියන්න එපා අපේ පවුලේ දරුවෙකුට කිසිම පාසලක් ලැබුනේ නැහැ , ආසන්න පාසල් 2ක් ම තිබිල ඉඩ මදි , ආදී ශිෂ්‍ය නොවේ වගේ හේතු කියල. අන්තිමේ බැරිමරගාතේ ගෙවල ජාත්‍යන්තර පාසලකට දා ගත්ත දරුවාගේ වාසනාව කියල හිතෙනවා දැන් අධ්‍යාපන මට්ටම දෙස බලද්දී