IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දකුණේ පැතිරෙන වෛරසය ගැන මහ ඇමැති වාර්තාවක් ඉල්ලයි

 (ජේ.කේ.එල් චාමින්ද)


දකුණු පළාතේ දරුවන් අතර පැතිරියන වෛරස් උණ රෝගය පිළිබද  හා දැනට මෙම රෝගි තත්වයට ලක්විමෙන්  දකුණු පළාතේ සියලුම  රෝහල්වල නේවාසික ප්‍රථිකාර ලබන රොගින් ගැන සම්පුර්ණ වාර්තාවක් තමන් වෙත ඉදිරිපත් කරණ ලෙස දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය හා  පළාත් සෞඛ්‍ය  ඇමති ෂාන් විජේලාල් ද සිල්වා මහතා විසින් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වෙත උපදෙස් ලබා දි ඇත.


 උණ රෝගය වැළදිමෙන් දැනට ප්‍රථිකාර ලබන නේවාසික රෝගින් ගැන දත්ත ලබාගෙන එහි තොරතුර වසංගත රෝග ඒකකයට දන්වා පාසල් වැසිම ගැන මෙන්ම ඉදිරි කටයුතු ගැන උපදෙස් ලබාගන්නා ලෙස ප්‍රධාන අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දි  තිබේ.


 දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්විමේ දි. වෛරස් උණ රෝගය පිළිබද මන්ත්‍රිවරුන් දැනුවත් කිරිමට දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජී. විජේසුරිය මහතා විසින් පියවරගෙන ඇත.


 මෙහිදි මන්ත්‍රිවරුන් මෙම උණ රෝගය ගැන මෙන්ම  එය වලක්වා ගැනිමට ගෙන ඇති පියවරවල් කුඩා දරුවන් මියයාම ගැන දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාගෙන් ප්‍රශ්න කොට තිබේ. 


මේ ගැන දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක පි විජේසුරිය මහතාගෙන් අප කළ විමසුමකදි මේසේ කිවේය.
 වෛරස් උණ රෝගය ගැන පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් දැනුවත් කිරිමට මා කටයුතු කළා..රටට ආදරය කරන පුරවැසියෙකු විදියට රාජ්‍ය සේවකයෙකු විදියට තමයි  මම තින්දු  තිරණ ගන්නේ කියලා කිවා. මේ ගැන  වැරදි ප්‍රචාර තුලින් රටට වන හානිය ගැන  මම පැහැදිලි කළා.  මෙකි වෛරසය සුළග මගින් තමයි බෝවෙන්නේ   වලක්වා ගැනිම තමයි කළයුත්තේ. 


මේ සදහා එන්නතක් පවා නැහැ. ලෝකයේ වෙනත් රටවලද මෙම වෛරස් උණ පැතිරෙනවා.  මෙම වෛරස් උණ වැළදිමෙන්දරුවන් හතයි මියගොස් තියෙන්නේ  අප්‍රෙල් මාසයේ මුල ඉදලා තමයි මෙම වෛරස් තත්වය ඇති වුණේ.
 දැනට මෙකි වෛරස්  උණෙන් රෝගින් 350ක් විතර නේවාසික  ප්‍රථිකර ගන්නවා .

 

මේ  කාලය තුල 800ක් විතර ප්‍රථිකාර අරන් තියෙනවා. කුඩා දරුවන් 100ක්  විතර සිටින බවද පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සදහන් කළේය. 



අදහස් (7)

දකුණේ පැතිරෙන වෛරසය ගැන මහ ඇමැති වාර්තාවක් ඉල්ලයි

sampath Tuesday, 22 May 2018 10:29 AM

පාරම්පරික හෙළ වෙදකම් කරලා මේ ලෙඩ්ඩු මරුනනම් ඔය බටහිර වෛද්‍යවරු රෙදි ගලෝගෙන කෑ ගහයි….වයිරසයේ නම අහයි, කොහොමද දන්නේ අහයි, ලෙඩේට කියන නම අහයි, එයාල ලගට ගෙනවානම් බේරගන්න තිබුණ කියයි ....නමුත් පාරම්පරික හෙළ වෙදකමේ මේ වගේ වෛරස නසන බෙහෙත් අනන්තවත් තියෙනවා, ඕවට නම් කියන්න ඒ මිනුස්සු දන්නේ නැහැ..නමුත් වෛරසය නසන බෙහෙත් දීල ලෙඩේ හොදකරන්න දන්නවා ….මේ රෝගීන්ව වෙදගමට රැගෙනයන්න.

:       0       0

සඳුන්Tuesday, 22 May 2018 01:20 PM

ඉස්පිරිතාලෙ ගෙනියන එක පැත්තකින් තියල තොවිලයක් නැටුව නම් හරි. සමහරු හුළඟක් හැමුවත් කාටහරි බනින්නයි බලන් ඉන්නෙ.

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 22 May 2018 10:38 AM

වාර්තා හද හද ඉන්න වෙලාවේ ලෙඩෙකුට බෙහෙත් කලානම් ඒක බොහෝ වටිනවා.

:       0       21

Ranjith Silva Tuesday, 22 May 2018 10:50 AM

මේ වෙලාව බරපතල කාරණයකට සිත් යොමු කරන්න ඕනේ මිසක් වාර්තා හදහද ඉන්න වෙලාවක් නෙමේ. ඇමතිට ඕනේ නම් කෙනෙක් දාල කරගන්න. අනිත් අයට ලෙඩේට මුල හොයල ප්‍රතිකාර කරන්න ඉඩ දෙන්න. කද තිබුනට මොලේ නැහැ වගේ.

:       0       47

AsankaTuesday, 22 May 2018 01:42 PM

සංඛ්‍යා ලේඛන නැතුව මහා පරිමනේ තීරණ ගන්න බැහැ, එය වසන්ගතයකටත් අදාලයි

:       0       0

සතයපාල Tuesday, 22 May 2018 12:59 PM

යම්කිසි ප්‍රශ්නයකට සාර්ථක පිලිතුරක් ලබා ගන්න ඒ ප්‍රශ්නය හොදින් අධනය කළ යුතුයි.ඒ සදහා ප්‍රශ්නයට අදාල සංඛයා දත්ත හා වෙනත් තොරතුරු එක් රැස් කල යුතුයී.එය වරදක් නොවේ නමුත් ප්‍රශ්නය වන්නේ මෙම වෛරස් උන පැතිරෙන්නේ අප්‍රේල් මුල් සතියේ සිට නම් දැන් මැයි මාසයේ මැද වෙනකම් මේ සම්බන්ධයෙන් සොයා නොබැලුවේ ඇයිද යන්නයයි. විශේෂයෙන්ම දකුණේ මහා ඇමතිවරයා ඇතුළු අමාතය මණ්ඩලය ජනතාවට කරුනු කිව යුතුයී.ඒ වෙනුවට දකුණු පළාත් සභාවේ අධයාපන ඇමතිවරයා මියගිය රෝගින්ගේ සංඛයාව සොයමින් දේශපාලන වාසි ගන්න පහත් උත්සාහයක නිරත වෙනවා.

:       0       0

රවින් Tuesday, 22 May 2018 01:25 PM

හරි වාර්තාව හැදුව කියමුකෝ? කියවල තේරුම් ගන්න කීදෙනෙකුට පුලුවන්ද? තව වාර්තාවේ එන යෝජනා ක්‍රියාත්මක කරන්න ගිහිල්ල කීදෙනෙකුට ගානක් හොයාගන්න පුළුවන් වෙයිද කියල වෙනම වාර්තාවක් හදන්න වෙයි වගේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 202 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 441 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 536 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 337 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 423 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 152 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site