IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


තොරතුරු ලැබී තිබියදීත් අවධානය යොමු නොකිරීම පිළිබඳව සොයා බලනවා

(හර්ෂණ තුෂාර සිල්වා)

කොළඹ සහ ඇතැම් ස්ථානවල අද (21) සිදු වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් කලින් තොරතුරු ලැබී තිබුණ ද ඒ පිළිබඳව ප්‍රමාණවත් පියවර නොගැනීම සහ ප්‍රමාණවත් පරිදි අවධානය යොමු නොකිරීම බරපතළ කරුණක් යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය. 

අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් තමා ඇතුළු අමාත්‍යවරුන් දැනුවත් නොකිරීම සහ තොරතුරු ලැබී තිබියදී ඒ සම්බන්ධයෙන් නිසි අවධානය යොමු නොකිරීම සහ අදාළ පියවර නොගැනීම සම්බන්ධයෙන් ද සොයා බලන බව අග්‍රාමාත්‍යවරයා අද (21) පස්වරුවේ පැවැසීය.

කොළඹ අරලිය ගහ මන්දිරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම කරුණු කීය. 

එහිදි තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය. 

         “බෝම්බ් පිපිරීම් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වූ වහාම රට තුළ අස්ථාවරත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා අග්‍රාමාත්‍යවරයා ලෙස මම අවශ්‍ය සියලු පියවර ගත්තා. කිසිසේත් ත්‍රස්තවාදයට හිස එසවීමට ඉඩ තියන්නේ නැහැ. මූලික පියවරක් ලෙස ආරක්ෂක ලේකම්වරයා සහ ආරක්ෂක ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර අදාළ පියවර ගත්තා. ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළා. සෞඛ්‍ය, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරුන් සමඟ සාකච්ඡා කර ඒ ඒ අංශවලට අදාළව පියවර ගැනීමට උපදෙස් දුන්නා. කතානායකවරයා සමඟ සාකච්ඡා කළා. ඒ අනුව හෙට පාර්ලිමේන්තුව කැඳවනවා.

මම හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරු සමඟ සාකච්ඡා කළා. මහානායක හිමිවරුන් දුරකතනයෙන් අමතමින් උන්වහන්සේලාට සිදුවීම් ගැන තොරතුරු දැනුම් දුන්නා. මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් සමඟත් සාකච්ඡා කළා.

අමාත්‍යවරුන් සමඟ සාකච්ඡා කර අදාළ පියවර ගැනීමට කටයුතු කළා. ඒ වගේම එහිදි ගත යුතු ඉදිරි පියවර ගැනද සාකච්ඡා කළා.

ප්‍රහාර මාලාවෙන් මෙරට වැසියන් මෙන්ම විදේශිකයන් විශාල පිරිසක් ද ජීවිතක්ෂයට පත්වුණා. තවත් විශාල පිරිසක් තුවාල ලැබුවා. ඔවුන් සියලු දෙනාට මම මගේ කනගාටුව සහ සංවේගය පළ කරනවා.

සිදුවීම් සම්බන්ධයෙන් පොලිසිය සහ ආරක්ෂක අංශ කටයුතු කරනවා. ප්‍රහාරවලට සැකපිට අට දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අතර කිසිදු විදේශිකයෙක් නැහැ. ඔවුන් සියලු දෙනා මෙරට වැසියන්. ඔවුන් සහ විදේශීය කණ්ඩායම් අතර සම්බන්ධතා තිබෙනවා ද කියා සොයා බලනවා. 

රට තුළ අස්ථාවර තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම තමා මූලික කරුණ. ඒ සඳහා දැනටමත් පියවර ගෙන තිබෙනවා. ත්‍රස්ත ක්‍රියා සිදුකළ පරිහරණය කරන ලද නිවාස ගණනාවක් හඳුනාගෙන තිබෙනවා. මරාගෙන මැරෙන බෝම්බකරුවන් යොදා ගනිමින් මෙම ප්‍රහාර එල්ල කිරීමට පියවර ගත් සියලු දෙනාට තදින් නීතිය ක්‍රියාත්මක කරනවා.

මෙහෙයුම් අතරවාරයේදී පොලිස් නිලධාරීන් තිදෙනකු ඔවුන්ගේ ජීවිත පූජා කළා. 

අසත්‍ය පුවත්, ප්‍රචාර, කටකතා නිසා මහජනතාව නීතිය අතට ගෙන කටයුතු කළහොත් සිදුවන්නේ ත්‍රස්තවාදීන්ගේ වුවමනා ඉටුවීම පමණයි. ඒ නිසා සන්සුන්ව සාමය ආරක්ෂා කරමින් කටයුතු කරන්නැයි ශ්‍රී ලාංකිකවාසීන්ගෙන් ඉල්ලා සිටිනවා. 

සාමය ආරක්ෂා කිරීම සඳහා කටයුතු කළ ආරක්ෂක අංශ, ආගමික නායකයන් සහ මහජනතාවට මම මගේ කෘතඥතාව පළ කරනවා.

මේ මොහොතේ රට තුළ යම් ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදු කර රට අස්ථාවර කිරීමට යම් කණ්ඩායමක් කටයුතු කරන්නේ නම් දෙස් විදෙස් සහාය ලබාගනිමින් එම ත්‍රස්තවාදී ක්‍රියා පරාජය කිරීමට දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කරන බව අවධාරණය කරනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඉරානයේ සංචාරයක නිරත වී සිටින පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙනුවෙන් එරට විදේශ අමාත්‍ය ෂාහ් මහ්මූද් කුරේෂි, නේපාල අගමැති ප්‍රසාද් ඕලි ඇතුළු රාජ්‍ය නායකයන් මා අමතා ඔවුන්ගේ කනගාටුව සහ සංවේගය පළ කළා. ඒ වගේම ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ඔවුන්ගේ උපරිම සහයෝගය ලබාදෙන බවට මෙන්ම කෙරෙන පරීක්ෂණවලට පූර්ණ සහයෝගය ලබාදෙන බව ද පොරොන්දු වුණා. 

සමඟිව කටයුතු කර අප සැවොම හමුවේ තිබෙන මෙම අභියෝගය පරාජයට පත් කිරීමට එකාවන්ව අත්වැල් බැඳගන්නැයි ආදරණීය ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා” යැයි ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය. 

ඡායාරූප - ඉෂාන් සංජීව

 

 

 



අදහස් (16)

තොරතුරු ලැබී තිබියදීත් අවධානය යොමු නොකිරීම පිළිබඳව සොයා බලනවා

dd Sunday, 21 April 2019 06:49 PM

අශ්වයා පැනලා ගිහින්. ත්‍රස්තවාදයේ රඟ ඔබට වැටහෙනවද?

:       0       69

Bandara Sunday, 21 April 2019 07:28 PM

තව රණවිරුවන් සිරකොට බුද්ධි අංශ අඩපණ කරලා ඔබතුමා නිදාගන්න. එතකොට ඉතුරු ටිකටත් හරියයි.

:       0       67

[email protected] Sunday, 21 April 2019 07:32 PM

රට ආරක්ෂාව දෙශපාලකයින්ට නෙමෙයි, අරක්ෂක අංශ වලට වගකීම දෙන්න... ජාතික අාරක්ෂාව අනතුරේ දාන පක්ෂ භේදයෙන් තොර මේ වගේ අය හෙලා දකිමු..

:       0       82

[email protected] Sunday, 21 April 2019 08:14 PM

බැලුවහම තනියෙන්ම ඔක්කොම කරලනේ. හැබැයි, අර අමාත්‍යවරුන්ට තොරතුරු ලබා දී දැනුවත් කිරීම් නොකළේ නම් හේතු ඇතුව වෙන්න පුළුවන්. ඒ මිනිස්සුත් දන්නවා ඇතිනේ කාලය නාස්ති නොකිරීමේ වැදගත්කම....

:       0       41

td Sunday, 21 April 2019 08:17 PM

බොහෝ විට මෙම ත්රස්තවාදීන්/ අන්තවාදීන් මෙම ප්‍රහාර සැලසුම් කිරීමට පෙර " Facebook" වැනි සමාජ ජාල හරහා අදහස් හුවමාරු කරගැනීම බොහෝවිට සිදුවන්නට ඇත. ලංකාවේ ආර්ථිකයට, සංචාරක ව්‍යාපාරයට බරපතල හානියක් කැළලක් කරමින් කල මෙම ත්‍රස්ත ක්‍රියාවන්ට විදේශ ආසියානු කණ්ඩායම් සම්බන්ද නම් ආසියාවේ රටවලට ලංකාව ලබාදී තිබු " visa on arrival" ක්‍රමය තාවකාලිකව නවතා දැමීම සලකා බැලිය යුතුය. ලෝක නායකයන්ගේ පවා අවධානයට ලක්වූ මෙම ත්‍රස්ත ක්‍රියාවන් නැවත ලංකාවේ සිදු නොවිමට නම් ලෝකයේ බලවත් රටවලින් ලබාගත හැකි සියලු ආධාරයන් ලබාගැනීමට කටයුතු කල යුතුය. මෙය ජාතින් අතර ගැටුම් ඇති කරලීමේ ප්‍රයත්නයක් වීමට බෝහෝ දුරට ඉඩ තිබේ. එම වරදකරුවන් සියලු දෙනාට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කලයුතුය. දේශපාලන රැකවරණ පතා ලංකාවට පැමිනෙන ආසියානු රටවල පුරවැසියන් පිලිබදව ගැඹුරු සොයා බැලීමක් කලයුතුය. වෙනත් අරමුණුවලින් පැමිණෙන අන්තවාදී කණ්ඩායම් බොහෝවිට දේශපාලන රැකවරණ පමණක් නොව අධ්‍යායාපනය හෝ වෙනත් සුළු ව්‍යාපාරයන් සදහා පැමිණ ඔවුන්ගේ අරමුණු ඉටුකරගැනීමට ක්‍රියා කරනු ලැබේ.

:       0       47

Lashan Sunday, 21 April 2019 10:38 PM

සුරංගනා කතා, හෙළාදකින කතා කිය කිය මෝඩ විදියට හිතන්න එපා.

:       0       152

Chaminda Sunday, 21 April 2019 11:42 PM

හෙන ගහනවා උඹලට... ඕකට තමයි එෆ්.බී., වට්ස් අප්, ඉක්මණින් වහලා දැම්මේ... ඉක්මනින් ඡන්දයක් එනවා නං...

:       33       302

Bamunuarachchi Monday, 22 April 2019 12:48 AM

ඔබලා රටේ සිදු වුණු, සිදුවෙන මොනවටද අවදානය යොමුකළේ? අවදානය යොමුකළා නම් රට මේ පරිහානියට වැටෙනවාද? නුඹලා අවදානය යොමුකළේ රටම පාවාදී සුළුජාතීන්ගේ ඡන්දය ලබාගැනීමටයි. එල්.ටී.ටී.ඊ සමයේ ක්‍රියාකාරී වූ බුද්ධි නිලධාරින්ට අත්වූ ඉරණම රටේ ජනතාව දැක්කා. එවැනි පාවාදීමක් සිදු වූ රටක, අපිට‍ බුද්ධි අංශයෙන් තවත් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? නුඹලාට මේ රට කරන්නට බැහැ.. දාලා පලයව්...

:       0       278

Bamunuarachchi Monday, 22 April 2019 12:50 AM

ඝෝඨාභය මහතාටණනි, ඔබ බලයේ සිටියා නම් රටට මේ දේ සිදුවන්නේ නැත.

:       65       322

S.S.කදුරුගලවත්ත Monday, 22 April 2019 01:26 AM

ඔබතුමා කියනවා තොරතුරු ලැබී තිබියදීත් ඔබව දැනුවත් නොකල බව හා එය ඔබේ අවධානයට යොමු නොකලබව. ආරක්ෂක ලේකම් කියනවා තොරතුරු ලැබී තිබුන බව. ඒකාබද්ධයේ සංවිධායක කියනවා බුද්ධි අංශ දුර්වල කිරීම නිසා මෙය සිදුවුන බව අඩුම තරමින් ආරක්ෂක ඇමතිවරයාවත් මේ ගැන දැනුවත්ව සිටියාද. ඔහුත් නොදන්නවානම් තොරතුරු ගැන ක්‍රියා නොකලේ කවුද

:       0       129

Sunil Monday, 22 April 2019 02:30 AM

හොයන්න තරම් දෙයක් නෑ. බුද්ධි අංශ පොතේ විදිහට අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙන්න ඇති. කිසිම නීති කඩ කිරීමක් නැතිව, අවශ්‍ය උපදේශ ලබාගෙන අනිවාර්යයෙන්ම නීති ගරුක විදිහට රාජකාරිය කරලා ඇති. තවත් මොනවා හොයන්නද.

:       0       54

keppetipola Monday, 22 April 2019 02:49 AM

බුද්ධි අංශය තොරතුරු ලබාගෙන එය රටේ පාලකයන්ට යොමු කලාම පාලකයන් විසින් පොලිසියටත් හමුදාවටත් එම තොරතුරු පිළිබඳව සොයා බලා වහාම පියවර ගැනීමට අණ දිය යුතුයි.

:       0       93

anura Monday, 22 April 2019 02:59 AM

අස්සයා පැන ගිය පසු ඉස්තාලය වසා වැඩක් නැහැ. රටේ මූලික පාලකයින් තොරතුරු මට වෙලාවට ලැබුනේ නැහැ කියන එකත් ඔහුගේ දුර්වල කමක්. දැන් වත් තේරුම් ගත යුත්තේ හරි තොරතුරු තමන්ට නොලැබෙන බවයි.

:       0       70

Senarath Monday, 22 April 2019 03:14 AM

තව බුද්ධි අංශ නිලධාරීන් හිරේ දැම්මාම හොඳට තොරතුරු ලැබේවි. මෙහෙම නපුංසක ආණ්ඩුවක් තියෙන කොට රටේ මෙහෙම දේවල් වෙන එක පුදුමයක්ද? රටම කනවා මේ අය...

:       0       501

Deepal Nirosh Monday, 22 April 2019 04:51 AM

ඕක ඔච්චර හොයන්න අමාරු දෙයක්ද?

:       0       41

Sunil Monday, 22 April 2019 02:10 PM

කරපු දේවල්වල හැටියට ඕක මොකද්ද? ඕකෙන් මැරිච්ච මිනිස්සු ගාන දැනිලවත් නැතුව ඇති. මිනිස්සු මේ අයට කරන සාපෙ නම් වැඩි කල් නොදීම ඵල දෙයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 442 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 888 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1058 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 599 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 612 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 211 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site