IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 74 ක් ශ්‍රී ලංකාව - ඉන්දියාව අතර හවුල් ව්‍යාපාරයකට

(මුදිතා දයානන්ද)

ත්‍රිකුණාමල තෙල් ටැංකිවල මූලික අයිතිය ලංකා රජයට හිමිවන පරිදි එයින් 14 ක් ඉන්දියානු තෙල් සමාගමටත්, 10 ක් ලංකා ඛතිජ තෙල් නීති ගත සංස්ථාවටත්, ඉතිරි 74 දෙරට අතර හවුල් ව්‍යාපාරයක් හැටියට පවත්වාගෙන යාමටත් එකඟතාවයකට පැමිණ ඇතැයි රාජ්‍ය ව්‍යාවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය. රාජ්‍ය ව්‍යාවසාය සංවර්ධන අමාත්‍යංශයේ අද (24) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව පැවසීය.

ත්‍රිකුණාමල වරාය හා තෙල්ටැංකි ඉන්දියාවට විකිණිමේ සැලැස්මක් තිබේදැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කබීර් හෂීම් මහතා මේ බව පැවසීය. 

තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ලංකාවේ කිසිදු වරායක් විකිණිමේ සැලැස්මක් නැති අතර එසේ කරන බවට වැරදි මතයක් සමාජයේ පැතිරි ඇති බවත් පැවසීය. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි මීට පෙරත් ඉන්දියාවට පවරා තිබූ බවත් මෙතෙක් කිසිදු ආයතනයක් හෝ ශ්‍රී ලංකා රජය හෝ මේ තෙල් ටැංකි සියල්ල භාවිතා කර නොතිබුණ බවද පැවසීය. එසේම ලංකා ඛනිජ තෙල් සංස්ථාවට මෙම ටැංකිවලින් කිසිවක් මෙතෙක් හිමිව නොතිබූ බවද පැවසූ කබීර් හෂීම් මහතා අගමැතිතුමාගේ උපදෙස් පරිදි චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයා ඇතුළු පිරිසක් පසුගිය දා ඉන්දියාවට ගොස් සාකච්ඡා කළ බවත් එහිදී ඉහත එකඟතාවයන්ට එළැඹී ඇති බවත් ඒ සියල්ල සිදුවන්නේ ගිවිසුමක් අනුව  පමණක් බවත් පැවසීය.



අදහස් (10)

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 74 ක් ශ්‍රී ලංකාව - ඉන්දියාව අතර හවුල් ව්‍යාපාරයකට

dias Monday, 24 April 2017 12:13 PM

හොඳ අදහසක්. ඉක්මනින් ක්‍රියාත්මක කරමු. වර්ජකයින් ගෙදර යවා තරුණයින්ට රැකියා දෙමු

:       175       66

pradeep perera Monday, 24 April 2017 12:49 PM

රට අනාත වෙලා ඉවරයි.

:       69       87

athuraTuesday, 25 April 2017 03:24 AM

රට අනාථ වෙලා නැහැ.මේවා මෙහෙම ගියොත් අරයගෙ පස්සෙන් යන කට්ටිය අනාථ වෙනවා.

:       62       4

saman Monday, 24 April 2017 01:05 PM

සේරම දීල, අන්තිමට මුළු රටමත් විකුණලා හමාර උනාට පස්සේ කියයි "මම පත්තරෙන් දැක්කේ " කියලා...

:       29       94

lalith Monday, 24 April 2017 01:30 PM

ව්‍යාපාර වලට හවුල් වෙන්න කොහෙද? සල්ලි තියෙන්නේ. හදපු වරායටත් ණය ගෙවාගන්න බැරුව. ජනතාවට ඇත්ත කියන්න. ජපනාට ලංකාවේ භුමිය දෙන්න යනවා... ඉන්දියාවට විකුණන්න භාණ්ඩ නිපදවන කර්මාන්තශාලා ඉදිකරන්න. ඉන්දියාවට තෙල් ටැංකි දෙන්න යනවා. ඒ කම්හල්වලට බඩු ගෙනෙන නැව් වලට ඉන්ධන සපයන්නයි අවශ්‍ය විදුලිය නිපදවන බලාගාර වලට ඉන්ධන සපයන්නයි. ත්‍රිකුණාමල වරාය දෙන්න යනවා ඉන්දියන් කාරයින්ට එක දියුණු කරලා ජපනගේ නැවු වලට පහසුකම් සපයන්න. අපේ වරාය, අපේ තෙල් ටැංකි, අපේ රට කිවුවට එදාවේල කන්න නැතුව ණය බරින් මිරිකිලා ඉන්න අපට ඔයිට වැඩිය වැඩි යමක් ඉතිරි වෙලා නැහැ කරන්න. අඩු තරමේ ඔය සමාගම් වල රැකියා කරන්නවත් ලබෙයිනේ හොඳ වැටුපකට. එ්කටත් දැන් දැන්ම ජපන් භාෂාව, හින්දි භාෂාව අපේ මිනිස්සුන්ට ඉගැන්නුවේ නැතිනම් අපට වෙන්නේ ඉංග්‍රීසි දන්නා ජපන්නුයි, ඉන්දියන් කාරයොයි යටතේ වැඩ කරන්න.

:       6       17

AA Monday, 24 April 2017 05:37 PM

ලලිත්, ඔබ වැනි දැනුම තියෙන පුද්ගලයන් ලංකාවේ නැත්තේ මොකද?

:       0       0

hewawithartana Monday, 24 April 2017 10:38 PM

තෙල් ටැංකි සංකීර්ණයේ රක්ෂාවට එන්න ඉන්දියන්කාරයෝ දැනටමත් ඉල්ලුම් පත්තර දසදහස් ගානක් එවල කියල මගේ මිත්‍ර ඉන්දියන්කාරයෙක් මා සමග පැවසුවා

:       0       0

ravin Tuesday, 25 April 2017 02:14 AM

විය යුත්තේ අනික් විදියට නේද? අපේ රටට අයත් දේවලින් වැඩිපුර කොටස අයිති වියයුත්තේ රට තුලට මිස පිට රටකට නොවේ.

:       0       8

athura Tuesday, 25 April 2017 03:36 AM

මේකේ අදහස් දාල තියෙන සමහරුන්ට ඕන ණය තියනවා කියල දැන දැනම එකට යට වෙලා ඉන්න. එකෙන් ගොඩයන විදිහ පේනකොට ඒකට විරුද්ධ වෙන්න. මේවා රජයේම තියාගෙන අටවත් පාස් නැති හෙන්චයියන්ව රැකියා ලබාදෙන්න. ආයතනය පාඩු වුනත් ලොකු පඩියක් ගන්න. මේවගේ ආයතන ප්‍රතිවිවුහ ගතකරන එකම හොදයි. එතකොට ඔය නිකන් ඉදල පඩි ගන්න අයට පඩිත් නැහැ. ඔය එක එක දේශපාලකයන්ට කඩේ යන සංගම් ඇති වෙන්නෙත් නැහැ නේ.

:       13       3

athura Tuesday, 25 April 2017 07:10 AM

යහපාලනයෙන් උදා වූ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය අවභාවිතා කරමින් ලංකාවේ වෘත්තීය සමිති වැඩ වර්ජනය කරන්නේ හුදෙක් තම වෘත්තීය ඉල්ලීම් සඳහා නොවේ. දේශපාලන ඉල්ලීම් සඳහා ය. එම දේශපාලන ඉල්ලීම් ද අන්ත පසුගාමී ඒවාය. පාඩු ලබන හම්බන්තොට වරාය සංවර්ධනයට එරෙහි වීම, ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනයට එරෙහි වීම ආදිය ඉන් කිහිපයකි. එම එරෙහිවීම්ද ආර්ථික කාරණා පාදක කර නොගත් ‘රට විකුණනවාය‘ යන බොළඳ දේශප්‍රේමය පදනම් කර ගත්තක් පමණි. දේශපාලන ඉල්ලීම පමණක් ඉදිරියට දැමීමෙන් තම දේශපාලන හෙළුව ප්‍රදර්ශනය වන බැවින් දේශපාලන ඉල්ලීම සමග වෘත්තීය ඉල්ලීම් කිහිපයක්ද එල්ලා ගැනීම මේ නියැන්ඩර්තාල් වෘත්තීය සමිතිවල සුලබ දසුනකි. මෑත යුගයේ සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගත් මැලේසියාව සිංගප්පූරුව ආදී කිසිදු රටක් එම ඉලක්ක කරා ලඟා වූයේ නියැන්ඩර්තාල් වම්මුන්ගේ යල් පැන ගිය ගොබ්බ උපදෙස් අනුව නොවේ.

:       41       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 390 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 805 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 980 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 551 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 572 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 200 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site