IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


තවත් කසල කඳු දෙකක් ඉතාමත් අනතුරුදායක තත්ත්වයේ - ඇමති පාඨලී

(ඩයනා උදයංගනී)

ඉදිරියේදී අනතුරුදායක තත්ත්වයට පත්විය හැකි කසල කඳු ගණනාවක් ඇති බවත්, මහනුවර දිස්ත‍්‍රික්කයේ ගොහාගොඩ හා ගම්පොළ කසල කඳු දෙක ඒ අතරින් ප‍්‍රධාන බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් බදාදා (25) පැවති විශේෂ රැස්වීමකදී මේ බව අනාවරණය වූ බව කී අමාත්‍යවරයා මෙම කසල කඳු කළමනාකරණය කිරීමට අදාළ නගර සභා වෙත මාර්ගෝපදේශ ලබාදෙන ලෙස එහිදී ජනාධිපතිවරයා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට දැනුම් දුන් බව ද ප්‍රකාශ කරයි.

ලබන මාසය වන විට මෙම මාර්ගෝපදේශ ලබාදීමට හැකි බවත් මහනුවර ගොහාගොඩ හා ගම්පොල කුණු කඳු පිළිබඳ පැයෙන් පැය සොයාබලා නඩත්තු නොකළොත් මීතොටමුල්ල වැනි තත්ත්වයක් ඇතිවිය හැකි බවත් ඒ මහතා කියයි.

ඇමති පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේදී අද(26) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මීට අමතරව මාතර, ගාල්ල, කළුතර, ගම්පහ කැළණිය හා පෑලියගොඩ ආදී ස්ථානවලත් විශාල කුණු කඳු ගොඩගැසෙමින් තිබෙන බව කී අමාත්‍යවරයා ඒවා කළමනාකරණය කිරීමට නිශ්චිත මාර්ගෝපදේශ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය විසින් ඉදිරියේදී නිකුත් කිරීම නියමිත බව පැවසීය.



අදහස් (6)

තවත් කසල කඳු දෙකක් ඉතාමත් අනතුරුදායක තත්ත්වයේ - ඇමති පාඨලී

සමන් Wednesday, 26 April 2017 11:51 AM

මහත්වරුනි පොලිතින් තහනම් කරන්න. විශේෂයෙන් මේ කොම්පැනි වලින් කඩවල් වලට දාන කුඩා පැකට් සහ ප්ලාස්ටික් බෝතල් නිසා පුදුම විනාසයක් වෙන්නේ. ඉස්සර ග්‍රෑම් 100ට ගහපු පැකට් දැන් ග්‍රෑම් 10ටත් තියෙනවා.

:       0       18

nuwan Wednesday, 26 April 2017 12:39 PM

දැන්ද ඕවා පෙන්නේ? මිනිස්සු මැරෙන්න කලින් දැක්කේ නැතිද?

:       0       19

de silva berlin Wednesday, 26 April 2017 04:13 PM

දොඩවා දොඩවා ඉන්නේ නැතුව වහාම ක්‍රියාත්මක වන්න , ඉස්සෙල්ල හමුදාව සහ පොලිසිය යොදා අවට ජිවත් වන මිනිස්සු ඉවත් කර ඔවුන්ගේ ජිවිත සහ දේපල ආරක්ෂාව සහතික කරන්න , පසුව කුණු කදු නාය යාම වලක්වන පියවර ගන්න , ලංකාවේ පිළිගත් විශ්ව විද්‍යාලයක ඉංජිනේරු උපාධියක් හිමි ඔබට මෙය තේරුම් ගන්න අපහසු මොකද ?

:       0       24

Senarath Thursday, 27 April 2017 02:54 AM

මෙන්න මෙයාගේ ටිකිරි මොලේට දැන් තමයි තේරිලා තියෙන්නේ . ඒ පලාත්වල මිනිස්සු මේවා ඉවත් කරන්න කියල උද්ඝෝෂණ කළේ අවුරුදු ගණනක ඉදල

:       1       5

SIRI Thursday, 27 April 2017 07:11 AM

ගැලරිය තියෙන කල් මෙයාලට ජය මගුල්....

:       0       0

sisira Thursday, 27 April 2017 12:09 PM

ඔලුගෙඩිය තුල තියෙන කසල කන්දත් එක්කද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 42 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 117 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 169 0

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 172 0

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 295 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 99 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site