IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


තමිල්නාඩුවේ සිට ලාංකිකයින්ට හොරට වීසා හැදූ දෙන්නෙක් අත්අඩංගුවට

තමිල්නාඩුවේ සිට  ශ්‍රී ලාංකිකයින් සඳහා ව්‍යාජ ගුවන් බලපත‍්‍ර සකස් කරදීමේ ජාවාරමක් පවත්වා ගෙන ගිය  ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය ප්‍රෙස් ට‍්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය අද  (15) වාර්තා කළේය.

මෙම ජාවාරම සම්බන්ධයෙන් ඉන්දීය පොලීසියට ලැබුණු ඔත්තුවක් අනුව පූසාල් ප‍්‍රදේශයේදී කළ වැටලීමකදී මෙම ලාංකිකයින් දෙදෙනා අත්අඩංගුවට පත් වී ඇත.
මොවුන් දෙදෙනාට සහාය දුන් තවත් පුද්ගලයෙකුද ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සිදුකළ මෙම වැටලීමේ දී ඉන්දීය විදෙස් ගමන් බලපත්ර  77ක්ද ශ්‍රී ලාංකික විදෙස් ගමන් බලපත්රත  12ක් සහ ඒවා සකස් කිරීම සදහා යොදාගත් උපකරණ මෙන්ම මුදල් තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවද එම ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය

මෙම සැකකරුවන් විසින් ලාංකිකයින්ට ඉන්දියානුවන් ලෙස විදෙස් රටවලට යාමට හැකිවන පරිදි අදාළ ගුවන් බලපත‍්‍ර සකස් කිරීම සිදුකර ඇති අතර ඊට සම්බන්ධ පුද්ගලයින් 11 දෙනෙකු මීට පෙර ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබු බව සදහන් වේ.

අත්අඩංගුවට ගත් ලාංකිකයින්  දෙදෙනා විසින් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 10ක මුදලකට එම විදෙස් ගමන් බලපත‍්‍ර සකස් කෙරෙන බවද එම ප්‍රෙස් ට‍්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් වාර්තාවේ දැක්වේ.

මෙම සැකකාර ලාංකිකයින් දෙදෙනාද සංචාරක වීසා මත තමිල්නාඩුවට පැමිණ එම ව්‍යාජ ගුවන් බල බලපත‍්‍රයකින් විදෙස් ගත වීමට නිවසක රැදී සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බවද  එහි සඳහන් වේ.

මෙම ජාවාරම ශ්‍රී ලංකාවේ රැදී සිටින තවත් පිරිසකගේ සහයෝගයෙන් ක‍්‍රියාත්මක වී ඇති බවට ද ඉන්දීය පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මේ අතර මුදල් සොරකම් කිරීමක් සම්බන්ධයෙන් තවත්  ලාංකිකයෙකු ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලවාලසායි ප‍්‍රදේශයේ 42 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

(125)



අදහස් (0)

තමිල්නාඩුවේ සිට ලාංකිකයින්ට හොරට වීසා හැදූ දෙන්නෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 36 0

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 171 0

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 128 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 358 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 719 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 546 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1722 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1560 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site