IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජාතික ලොතරැයි ලොක්කන්ට කෝටි 5ක දිනුමක්

(හර්ෂණ තුෂාර සිල්වා)

ජාතික ලොතරැයි මණ්ඩලයේ ඉහළ කළමනාකාරීත්වය මේ වසරේ මුල් මාස 10ක කාලයේදී ‘දිනුම් ඇදීම් දීමනා’ නැමැති ක‍්‍රමවේදයක් යටතේ රුපියල් මිලියන 8.1ක මුදලක් ලබාගෙන (ආසන්න වශයෙන් රුපියල් 8,146,750) ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ලොතරැයිපත් මිලදී ගන්නන් නොව මෙම පිරිස් එක් රැයෙන් මිලියනපතියන් බවට පත්ව ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි.

මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ප‍්‍රධාන රාජ්‍ය ව්‍යවසායවලින් එකක් වන ජාතික ලොතරැයි මණ්ඩලයේ ඉහළ කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩලය මේ අයුරින් ‘දිනුම් ඇදීම් දීමනා’ නැමැති ක‍්‍රමවේදයක් යටතේ අති විශාල මුදල් කන්දරාවක් ලබාගෙන තිබේ.

ඔවුන් මෙම මුදල් ලබාගෙන තිබෙන්නේ පැයකටත් අඩු කාලයක් පවතින දිනුම් අදින අවස්ථාවේ නිරීක්ෂක මණ්ඩලයක සිටීම වෙනුවෙනි. මෙම දිනුම් ඇදීම් දෛනිකව රූපවාහිනිය ඔස්සේ විකාශය කරන අතර එහිදි දිනුම් ඇදීම් වෙනුවෙන් අත්සන් තබන නිරීක්ෂක මඬුල්ලේ තුළ ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂවරයකු අනිවාර්යෙන්ම සිටිය යුතු වේ.

මේ වසරේ ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා කාලයේදී සභාපතිවරයා සහ අධ්‍යක්ෂවරුන් සිව්දෙනකු රුපියල් මිලියන 8.1ක මුදලක් (ආසන්න වශයෙන් රුපියල් 8,146,750ක්) ලබාගෙන ඇත. එක් අධ්‍යක්ෂවරයකු අදාළ මුදල ප‍්‍රතික්ෂේප කර ඔහුට ලැබුණු එකම රුපියල් 100,000ක මුදල ජාතික ලොතරැයි මණ්ඩයේ නිවසක් නොමැති දරුවන් ද සිටින සේවකයකුට ලබා දී ඇත.

සම්පූර්ණ මුදල වෙන වෙනම සලකා බැලීමේදී සභාපතිවරයා මේ වසරේ මුල් මාස දහයක කාලයේදී රුපියල් මිලියන 1.36ක් මුදලක් ලබාගෙන ඇති අතර ඒ කි‍්‍රයාකාරී අධ්‍යක්ෂවරයකු ලබාගෙන ඇති මුදල් රුපියල් මිලියන 2.3 (ආසන්න වශයෙන් 2,355,500) ඉක්මවා ගොස් තිබේ.

අනෙකුත් අධ්‍යක්ෂවරුන් තිදෙනා රුපියල් 1,407,250, රුපියල් 1,395,000 ක් සහ රුපියල් 1,629,000ක් ආදී වශයෙන් ලබාගෙන තිබේ. කළමනාකරුවන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්, සහකාර සාමාන්‍යාධිකාරීවරුන් සහ අනෙකුත් කාර්යමණ්ඩලය ලබාගෙන ඇති මුදල් කන්දරාව රුපියල් මිලියන 41 (ආසන්න වශයෙන් රුපියල් 41,711,250) කි.

මෙලෙස ලබාගෙන ඇති මුදල් පිළිබඳ වාර්තාවක් මුදල් අමාත්‍යාංශයට ලැබී තිබෙන අතර එය මුදල් අමාත්‍යාංශය නිලධාරීන්ගේ ඇස්ගෙඩි උඩ යෑමක් හේතු වූ බව ද වාර්තා විය. ඇතැම් අවස්ථාවලදී ‘දිනුම් ඇදීම් දීමනා’ ලබාගෙන ඇත්තේ දෛනික දිනුම් ඇදීම් සිදුවන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් සහ අදාළ ලේඛනවලට අත්සන් තැබීමෙන් පමණක් බව ද මුදල් අමාත්‍යාංශය ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

ඉදිරියේදී දිනුම් ඇදීම් කි‍්‍රයාවලිය මුදල් අමාත්‍යාංශ නිරීක්ෂණයට ගෙනෙන නව ක‍්‍රමවේදයක් හඳුනාදෙන බව ද එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය. එමෙන්ම මෙවැනි ‘දිනුම් ඇදීම් දීමනා’ ක‍්‍රමවේදයක් අනෙක් ලොතරැයිවලට සම්බන්ධ ප‍්‍රධාන රාජ්‍ය ව්‍යවසාය වන සංවර්ධන ලොතරැයි මණ්ඩලය තුළ කි‍්‍රයාත්මක කරන නොවන බව ද වාර්තා වේ.

 

 

 

 

 

 

 



අදහස් (12)

ජාතික ලොතරැයි ලොක්කන්ට කෝටි 5ක දිනුමක්

ratawasiya Monday, 11 December 2017 07:34 AM

මෙහෙමත් හොරු රැලක්. පාර්ලිමේන්තුවට නොදෙවෙනි තැනක්. අදාල ලියකියවිලි වල අත්සන් කිරීමත් තමන්ගේ රස්සාවේම කොටසක්. පඩි ගෙවන්නේ ඒකට තමයි. අමුතුවෙන් දීමනා මොකටද?

:       0       207

Nalin Monday, 11 December 2017 08:42 AM

සූදු පොලක එකතුවෙන සල්ලි සූදු සෙල්ලම් කරන අය දිනුවත් සූදු පොලේ සේවකයෝ බෙදාගත්තත් අපට මොකෝ.

:       59       11

rajaMonday, 11 December 2017 09:06 AM

ඔහොම තමයි එතන ටයි දාගෙන ගසාකන අයත් හිතනවානේ. නමුත් මේ කියන තැන රජයේ ආයතනයක්. එක එක්කෙනාට රජයේ සල්ලි බෙදාගන්න බැහැ. මෙහෙම දෙයක්වත් නොතේරෙන ප්‍රාථමික විදියට හිතන මිනිසුන් ඉන්නවා යයි දැකිමත් අවුලක්. මෙහෙම අය ඉන්න නිසා තමයි අට පාස් නැති අය රට කරවන තැනට යන්නේ...

:       0       14

ravi Monday, 11 December 2017 08:47 AM

මේ වංචා කරපු මුදල්වලින්... පාරේ බැහැලා යන එක සහ නිදහසේ ජීවත්වීම තහනම් කල යුතුයි. අන්න එදාට තමයි අපේ රටේ මෙවැනි දූෂණ අඩුවෙන්නේ...

:       0       86

yaha Monday, 11 December 2017 08:52 AM

මිනිස්සු දුප්පත්කමට හෝගාලා ලොතරැයියක් අද හෙට ඇදෙයි කියලා. මේ අයගේ හිතේ මේ අය ගැන තිබෙන කාර්යක්ෂමතාවට ලොතරැයි මණ්ඩලේට සල්ලි එනවා කියලා. ඉතින් මේ අයට මොකටද බෝනස්...? එළිමහනේ රට අරාජික කරනවා. මිනිසුන්ට හොඳ පාඩම්... මාරුවෙන් මාරුවට හොරුන්ට ඡන්දෙ දෙනවට ...

:       0       7

Upali Monday, 11 December 2017 08:57 AM

බලනකොට ලොතරැයි මණ්ඩලයේ ලොක්කන්ටනේ ස්වීප් ටික ඇදිලා තියෙන්නේ...

:       0       42

oopatha Monday, 11 December 2017 09:00 AM

මේ කාලකන්නි පුද්ගලයින් ආර්ථික වශයෙන් දියුණු රටක හිටියා නම් කොහොම දිමනා ඉල්ලයිද දන්නේ නැහැ. ලංකාව කියන්නේ ලක්ෂ ගාණක් සමෘද්ධි සහනාධාර, පොහොර සහනාධාර ලබන දුප්පතුන්ගෙන් පිරි රටක්. එහෙව් රටක මෙහෙම දීමනා හොරට ලබාගන්න හිත හදාගන්නේ කොහොමද? මෙතන විතරක් නෙමෙයි තවත් රජයේ තැන් වල නිලධාරිනුත් මෙහෙමම තමයි ගසාකෑවේ...

:       0       28

Lapaya Monday, 11 December 2017 09:03 AM

ඒකනේ ගෙයක් නිකන් ලැබුණු එක්කෙනත්, ලොතරැයි මණ්ඩලයේ එයාගේ අමාත්‍යාංශයට ඉල්ලුවේ.

:       0       16

KANDEPOLA Monday, 11 December 2017 09:06 AM

'ඉදිරියේදී දිනුම් ඇදීම් කි‍්‍රයාවලිය මුදල් අමාත්‍යාංශ නිරීක්ෂණයට ගෙනෙන නව ක‍්‍රමවේදයක් හඳුන්වාදෙන බව ද එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය'....ඒ කියන්නේ ඔයාලා කෑවා ඇති.. දැන් අපි කන්නම් කියන එකනේ...

:       0       19

kaman Monday, 11 December 2017 09:15 AM

යහපාලන රජය ආපු ගමන් පහුගිය රජයේ ඇමතිලා සහ නිලධාරින් කරලා තියෙන හොරකම් මෙහෙමයි කියලා පලකලා. අපි ඇස් දල්වාගෙන හිටියා... ප්‍රසිද්ධ කරලා ආයේ හත්මුතු පරම්පරාවේ කව්රුවත් හොරකම් නොකරයි ආයිනම් කියලා හිතලා. නමුත් මොනවද වුනේ? දෙගොල්ලෝම එකට ආණ්ඩු කරන නිසා පරණ අයගේ වැරදි හෙව්වෙත් නැහැ. දඬුවම් දන්නෙත් නැහැ. ඒ ඒ අය ඒ ඒ පුටුවලම ඉන්නවා. ඇමතිලාගේ අමාත්‍යාංශ මාරුවුනා විතරයි. මේවත් එහෙම්මම තමයි. මෙහෙම ලක්ෂ ගණන් දීමනා අනුමත කරවා ගන්න යනකොටමනේ මේවා නවත්වන්න තිබුනේ. මේ අයව වහාම නෙරපන්න ඕනේ.

:       0       13

sam Monday, 11 December 2017 12:59 PM

සංවර්ධන ලොතරැයියත් ඔය වගේමයි. ඒක ගැනත් හොයන්න.

:       0       2

daya Monday, 11 December 2017 01:37 PM

මේ තරම් සල්ලි කන්දරාවක් ගෙවන්න අනුමත කළේ කවුද?

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 134 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 305 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 357 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 262 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 372 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 130 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site