IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


ජයශ්‍රී ගේ වත ගොත

2016-04-23-ent-45

ජය ශ්‍රී කියන්නේ කාලයක් තිස්සේ අපේ රටේ වගේම ජාත්‍යන්තරවත් ජනප්‍රිය රෙගේ ආරට සමීප සංගීත කණ්ඩායමක්. ජයශ්‍රී මේ දවස්වල කරන්නේ මොනවාද ඉස්සරහට කරන්න ඉන්නේ මොනවාද කියලා රෝහිතගෙන් අපි ඇහුවා.

 

2016-04-23-ent-46කොහොමද ජයශ්‍රීලට අවුරුදු හොඳයිද?

අපි චාරිත්‍ර වාරිත්‍ර නම් කළේ නැහැ. හැබැයි ඉතින් අලුත් අවුරුද්ද කියන්නෙ වැදගත් උත්සවයක්නෙ. ඉතින් ගම්පළාතෙ අහල පහළ අයත් එක්ක විනෝදයෙන් ගත කළා. ඒ ගෙවල්වලින් කෑමබීමත් ලැබුණා. ඉතින් හොඳයි. නත්තල වගේම තමා.

 

අලුත් වැඩ මොනවද කියලා කිව්වොත්?

අපි අලුතින් ඇල්බම් එකක් රිලීස් කළා Love කියලා. අලුත් සින්දු පහළොවක් තියෙනවා. අවුරුදු අටකට විතර පස්සෙ තමා අපි ඇල්බම් එකක් කළේ. ඊට අමතරව ඉතින් මේ දවස්වල Live shows වල ගීත ගායනා කරන්න යනවා.

 

හැබැයි දැන් ගොඩක් දෙනෙක් කියන කතාවක් තමයි දැන් ඇල්බම් කළාට විකිණෙන්නෙ නෑ කියලා. ඉතින් ඔයාලට එහෙම Risk එකක් නැද්ද?

ඒක තනිකර ඇත්ත. ගීත හොරකම් කරන හින්දයි ඩවුන්ලෝඩ් කරන හින්දයි ඇල්බම්වල ඉල්ලුම අඩුවෙලා තියෙන්නෙ. හැබැයි අපි ලංකාව ගැන විතරක් නෙමේනෙ හිතන්නෙ. ඉතින් කඩචෝරු කනවා වගේ සින්දු අහන්න දෙනවට වඩා ඇල්බම් එකක් එළියට දාන එක බෑන්ඩ් එකකට වටිනවා. අපිට පිටරටත් රසිකයෝ ඉන්නවා. ඉතින් එයාලා ඇල්බම්ස් එකතු කරනවා. සීඩී කරන කට්ටියත් සින්දු අරන් රුපියල් පන්සීයට සින්දු ගහලා විකුණලා අපිට සාධාරණයක් වෙන්නෙ නෑ. ඒ දේ ගොඩක් වෙන්නෙ ලංකාවෙ තමා. අපිට තියෙන්නෙ ඉතින් පිනක් කරගත්තා කියලා හිතහදාගන්න එක තමා. ඒ හින්දම මේ පාර ඇල්බම් එක කළේ අපිමයි. අනික අපි ලංකාවෙ ඇල්බම් විකිණීමෙන් ලැබෙන ආදායම ගොඩක් දුරට වැය කරන්නේ ළමා නිවාස කිහිපයකට තමයි.

 

අලුත් ඇල්බම් එක ගැන කතා කළොත්, මොනවහරි අලුත් දෙයක් මේකෙන් ඉදිරිපත් කරලා තියෙනවද?

Love කිව්වම මුළු ලෝකෙටම අදාළ වෙන මාතෘකාවක්නෙ. Love කියන්නෙ ගැහැනියක් මිනිහෙක් අතර තියෙන සම්බන්ධෙ හෝ ගැහැනු ළමයෙක් පිරිමි ළමයෙක් අතර තියෙන සම්බන්ධෙ විතරක්ම නෙමේනෙ. පරිසරයට දක්වන ආදරය, රටට දක්වන ආදරය, සතාසීපාවට තියෙන ආදරය වගේ ගොඩක් ප්‍රභේද තියෙනවනෙ. ඒ සේරම වගේ මේ ඇල්බම් එකේ කතා කරනවා. ආදරය නැතිකම සහ එකිනෙකාට ගෞරව නොකිරීම නිසා තමයි මම හිතන විදිහට අද ලෝකෙම ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නෙ. ජාති භේද ආගම් භේද දේශපාලන භේද පටලැවිලා ලොකු ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නෙ ඒකයි. බුදුන් වහන්සේ, ජේසුස් වහන්සේ, මොහොමඩ්තුමා ඇතුළු සියලු දෙනා කියලා තියෙන්නෙ ආදරය ගැන. එහෙම නැතුව කුලල් කාගන්න එක ගැන නෙමේ. ඕක තමා ගොඩක් අයට තේරුම් ගන්නත් අමාරු. අපි ඉපදෙද්දි අපි හැමෝම මනුෂ්‍යයොනෙ. ඉපදුණායින් පස්සෙ තමා අපිට නමක් ලැබෙන්නෙත් ජාතිය ආගම ලැබෙන්නෙත්. ඔය පොඩි දේ තේරුම් ගන්න බැරි හින්ද තමයි මේ ප්‍රශ්න සේරම. ඒකයි අපිත් love ගැන කරන්න හිතුවෙ.

 

රජිත 

DESHAYA

 

2016-04-23-ent-39
2016-04-23-ent-40
2016-04-23-ent-41
2016-04-23-ent-42
2016-04-23-ent-43
 



අදහස් (0)

ජයශ්‍රී ගේ වත ගොත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 897 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 994 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 394 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site