IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ජනපතිවරණයට ඇරයුම් ලැබුණු බව රාජිත කියයි

(ඩයනා උදයංගනී) 
 
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ලෙස ප්‍රසිද්ධ භික්‍ෂූන් වහන්සේනමක් තමාට ආරාධනා කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.      
 

මුදල් නොමැති වුවත් හැකි විදියට ජනාධිපතිවරණයට තරග කරන්නැයි උන් වහන්සේ කී බව කී ඇමතිවරයා තමා මුදල් උපයා නැති නමුත් මිනිසුන් හම්බ කරගෙන ඇතැයි ද සඳහන් කළේය.
 
පක්‍ෂ කරේ දමාගෙන හෝ නායකයින් වර්ණනා කරමින් තමා කටයුතු කරන්නේ නැතැයි ද කී ඇමතිවරයා මොන විරෝධතා පැමිණියත් කිව යුතු දේ ඍජුව ප්‍රකාශ කරමින් රට ආරක්‍ෂා කරගැනීමත්, බඩගින්නේ සිටින ජනතාව ඉන් මුදාගැනීමත් තම මූලික පරමාර්ථය බව ද ප්‍රකාශ කළේය.
 
දුප්පත් ජනතාව වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ ජනප‍්‍රිය අමාත්‍යවරුන්ට විවිධ චෝදනා නැගූ වෛද්‍ය සංගමය ඉදිරි මහ මැතිවරණයේ දී වෛද්‍යවරුන් 07 දෙනෙකු ඉදිරිපත් කිරීමට සුදානම් වන බවද අමාත්‍යවරයා පැවසීය.
 
රාජ්‍ය සේවක වැටුප රුපියල් දසදහසකින් වැඩි කිරීම ඇතුළු වෙනත් රජයන්ට වැඩි සේවාවක් වත්මන් රජය කළ බව හා සෞඛ්‍ය සේවාව වෙනුවෙන් තමා කළ මෙහෙවර බොහෝ දෙනාට අමතක බව කී අමාත්‍යවරයා වෛද්‍යවරුන් තමාට විරුද්ධ අහිංසක ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබාදීමේදී ඔවුන්ට ලක්ෂ ගණන් මුදල් අහිමි වීම නිසා බව ද කීවේය.



අදහස් (52)

ජනපතිවරණයට ඇරයුම් ලැබුණු බව රාජිත කියයි

Thilina Sunday, 23 June 2019 03:23 PM

තවත් ටොම් පචයක් ..මෙහෙම බොරු කියන්න නැමෙන දිවක් කොහෙවත් නැහැ.

:       68       567

RaveendraMonday, 24 June 2019 01:38 AM

බුරුව උනත් මම දැන් හොද කතිකයකි..// පැටියා උනත් ඒකා ගොන් කතිකයකි..// රජපුටුවට ගොන් හරකුන් තේරුවානොවේද..// මෙදා සැරෙත් මූ වගේ අයෙක් තෝරමුද ..??

:       0       0

RaveendraMonday, 24 June 2019 01:46 AM

සුදුපිරුවට ඇද කෙරුවෙම හොරකමනේ..// වඳුරන් රිලවුන් ලෙස පැන පැන උන්නානේ..// පැටියා වුනත් මේකගේ වූ හොඳහැටි දන්නවනේ..// වාසි පැත්ත බල බල මුන් ඔක්කොම පනිනවනේ..//

:       7       65

Ruhunu Sunday, 23 June 2019 03:30 PM

ඔබතුමා දවල් හීනයක්වත් දැක්කද?

:       71       382

RaveendraSunday, 23 June 2019 04:03 PM

හරකුන්ට ‘තුමා‘ යැයි කියන ලෝකයේ එකම එක රටේ අපේ මව්බිම වීම මොනතරම් අභාග්‍යසම්පන්නයිද?

:       85       574

Prabha Sunday, 23 June 2019 03:38 PM

එන්න එන්න... ඔය වර්ගයේ ජනාධිපති කෙනෙක් විතරයි රටේ හිටියේ නැත්තේ...සල්ලි නැතිනම් අර ගම්මන්පිල උන්නැහේගෙන් අහගන්න සල්ලි හොයාගන්න විදිහ කියලා දේවි..

:       22       285

Lebbe Sunday, 23 June 2019 03:47 PM

ඕක කියන්න ඇත්තේ ගෑස් කාරයන් තමයි.

:       62       275

Raveendra Sunday, 23 June 2019 03:55 PM

මේ වගේ බොරුකාර පරයන් තවත් ලෝකේ කොතනකවත් නැතිව ඇති.... වරෙව් වරෙව් සියලුම හරකුන් එනතෙක් අහිංසක බදු ගෙවන ජනතාව මග බලා ඉන්නේ ආදරයෙන් සාදරයෙන් පිළිගන්න.

:       16       485

neil Sunday, 23 June 2019 04:14 PM

පව් අසරණ ජීවියා...!!!

:       140       140

K Perera Sunday, 23 June 2019 04:19 PM

ඔබට විතරක් නොවේ, දඹානේ වැද්දන්ටත් අරාධනා ඇවිත් තිබෙනවා... තරග කරන්නට...!

:       63       605

srilankanMonday, 24 June 2019 06:34 AM

වන්නිලැත්තෝ මෙයාට වැඩ බොහොම ඉදිරියෙන් ඉන්න කෙනෙක්

:       6       104

Bamunuarachchi Sunday, 23 June 2019 04:53 PM

තමන් තමන්ටම චරිත සහතික දෙන ක්‍රමයක් අපි මීට පෙර නම් අසා නැත. ඒත් අර හාමුදුරුවන් ඡන්දෙනුත් තමන්ගේ පවුලේ ඡන්දෙනුත් ජනාධිපතිවරණය දිනන්න පුළුවන් කියා දේශපාලනයේ කරවෙච්ච ඇමතියෙක්... සිතනවා නම් නිදහස් පුද්ගලයෙක් හැටියට ජනාධිපතිවරණයට එන්න. හැබැයි අපි නම් වැරදිලාවත් ඡන්දය දෙන්නේ නැත.

:       39       405

saliyaMonday, 24 June 2019 03:55 AM

බමුණු. ඔය විකාර කතා කියන්න එපා මම නම් කොහොමටත් ඡන්දෙ දෙනවා මොකද කවුද කැමැති නැත්තේ මේ රටේ දහස් ගණන් සිංහල අම්මලට ළමයි නැතිකරන සාෆිලට උදව් කරන්න , වී හාල් දාන්න තැනක් නැතිව එයාර් පොට් වලත් ඒවා දාපු, කොස් මාම හිටපු රටක දරුවෝ කුස ගින්නේ මැරෙනවට කවුද අකමැති, ඔයාට ඕනේ නම් අංගොඩ මානසික රෝහලේ ඉන්න ප්‍රසිද්ධ හාමුදුරුවන්ගෙන් මෙයා වගේ බණටිකකක් අහල එන්න .

:       6       36

de silva Sunday, 23 June 2019 06:05 PM

අනේ එන්න එන්න... අර වැදී නායකයත් කියලා තිබුනනේ ඔහුටත් ඇරයුමක් තිබෙනවා කියලා, එකක් කියන්න පුළුවන් අනිවාර්යයෙන් වැදීනායක තුමා ඔබට වැඩිය විශාල වැඩි ඡන්ද ප්‍රමාණයක් ගන්නවා..

:       13       308

nali Sunday, 23 June 2019 06:44 PM

ඕනෑම ගොනෙකුට යුද්ධ කරන්ට පුළුවන් කීව රටේ...

:       12       360

BamunuarachchiSunday, 23 June 2019 11:49 PM

ඕනෑම ගොනෙකුට ජනාධිපතිකමට ඡන්දය ඉල්ලන්න බැරිද? පුළුවන්...

:       1       22

Shan Sunday, 23 June 2019 06:52 PM

කියපු මහනායක කව්ද? නම කියනවද?

:       125       158

asanka Sunday, 23 June 2019 07:15 PM

ඔයාට වඩා හොදයි අපේ දඹානේ වැදී නායකයා...

:       9       442

saliyaMonday, 24 June 2019 04:00 AM

අසංක මම මේක කියන්නේ විහිලුවට නෙවි..... මේ මේ පෙරේතයන්ට උපමා කරලා ඒ උතුම් නායකයා අපහාසයට ලක් කරන්න එපා කරුණාකරලා . ඒ අපිට ඉන්න සියටෙල් .

:       7       106

Mo Sunday, 23 June 2019 09:52 PM

ඇත්ත වශයෙන්ම මේ වගේ අයත් තරඟ කල යුතුයි. එතකොට රටටම බලාගන්න පුලුවන් හම්බ කරපු මිනිස්සු ගණන.

:       0       0

sam Sunday, 23 June 2019 11:24 PM

ශාපිගෙන්, හිස්බුල්ලාගෙන් සහ බදුර්දීන්ගෙන් අතමාරුවක් ගන්න බැරිද ඡන්දෙට.

:       2       23

sisira Sunday, 23 June 2019 11:38 PM

භික්ෂූන් වහන්සේ නමකගෙන්ද, එහෙමත් නැතිනම් පන්දම් අල්ලන චීවර ධාරියකුගෙන්ද?

:       5       21

sisira Sunday, 23 June 2019 11:42 PM

අපේ ගමේ පොල් කඩන මනුස්සයා ඊට වඩා ලක්ෂ කෝටිගාණක් හොඳයි. සුදුසුයි... අවංකයි.

:       4       28

romesh Monday, 24 June 2019 12:53 AM

හම්බකරන් තියෙන තරම එන්නකෝ පෙන්නන ඔය හම්බකරන් තියෙන ප්‍රමාණය.....

:       12       27

රවින් Monday, 24 June 2019 01:24 AM

ඔය මතුවෙන්නේ ජන්මානුගතික ලක්ෂණ. පුතත් පහුගිය ටිකේ කිය කියා ගියානේද මෙරට පැරණි දේශපාලකයින් ප්‍රසිද්ධ පුද්ගලයින් එයා ලඟින් ඇසුරු කරලා තියනවා කියලා. ඕනෙම දෙයක් දන්නවා කියලා හේම. එයා නවත්වලා ? මෙයා පටන් අරන්.

:       0       0

චමින්ද Monday, 24 June 2019 02:48 AM

ඇමතිතුමනි, අදහස් පලකිරීම් අනුව පේනවා සිංහලයින්ට යමක් මතක තියෙන්නේ දින හතයි කියා ප්‍රභාකරන් කිව්ව කථාව සත්‍යබව

:       10       22

mp Monday, 24 June 2019 02:58 AM

ආරාධනය එන්න ඇත්තේ අංගොඩින්!

:       0       22

Amila Monday, 24 June 2019 03:05 AM

පිස්සොන්ට ආයේ මේ රටේ මිනිස්සු ඡන්දය දෙන්නේ නෑ මහත්තයෝ.

:       3       20

Upul Dissanayake Monday, 24 June 2019 03:34 AM

වැදි නායකයා ඡන්දෙට අාවොත් මගේ ඡන්දෙ වැදි නායකයාට..

:       2       6

Ajantha Monday, 24 June 2019 03:34 AM

අපේ රට වේගයෙන් විනාශ වේගෙන යනවා. ඒ වේගය 10ගුණයකින් වැඩි කරන්න තමයි මෙයා ප්ලෑන් කරන්නේ. කොහොමත් ඡන්දෙ ලැබෙන්නේ නැහැ. ඉල්ලන්න හිතපු එක ගැනත් ලැජ්ජා වෙන්න ඕනේ..

:       4       19

Mahee Monday, 24 June 2019 03:35 AM

සල්ලි නැත්නම් තියෙන හැටියකට හරි ජනාධිපති වරණයට තරඟ කරන්න කියලා ආරාධනා කලේ ඇයි? කියලා මේ හාදයට තේරිලා නෑ. එහෙම තරඟෙට ආවහම තියෙන සල්ලි ටිකටත් තට්ටුවෙන බව දැනගෙන ඒ සල්ලි ටික නැතිකරලා දාන්නයි, කොමිස් කුට්ටි එහෙම එලියට අද්දවන්නයි තමයි උන්වහන්සේ එහෙම යෝජනාවක් කරලා තියෙන්නේ... මෙයා හිතන්නේ ආදරේට කියලා...

:       19       20

චමින්ද ජයනාත් ජයසූරිය Monday, 24 June 2019 03:49 AM

විහිළු කරන ඒකෙත් සීමාවක් තියෙන්න ඒපා අප්පා.....

:       5       113

පරාජිත Monday, 24 June 2019 04:13 AM

අනේ (ප)රාජිත පුළුන්නම් දඹානේ වැදි නායකතුමා එක්ක තරග කරලා දිනලා පෙන්වන්න.

:       3       25

janahitha 1 Monday, 24 June 2019 04:16 AM

ඒ හාමුදුරුවෝ රෑට දානේ වළඳන කෙනෙක් වෙන්නැති

:       2       6

dakune api Monday, 24 June 2019 04:18 AM

මන්ද පෝෂණය නිසා මියගිය මාස 11ක් වයසැති බිලිඳකු සම්බන්ධ හද පාරවන ශෝකී පුවතක්

:       1       85

nadheera Monday, 24 June 2019 04:32 AM

එක අතක හොඳයි එහෙම උනොත්, මොකද එතකොට සිංහල ඡන්ද කැඩෙන්නේ නැති වෙයි....

:       0       10

ටොප් නානා Monday, 24 June 2019 04:35 AM

ජයවේවා ! අපේ ඡන්ද ඔබටයි. අපි දන්තයට ! දන්තය අපිට !

:       0       12

ලුම්බිණි Monday, 24 June 2019 05:11 AM

විහිලු කතා කියන්න එපා ඇමැති තුමා.

:       0       13

සේන Monday, 24 June 2019 05:37 AM

ජනාධිපතිවරණයට නෙවෙයි මනුස්සයෝ ඔය දේශපාලන හයිය නැතිව , ආරක්ෂක වළල්ලක් නැතිව පාරෙ බැහැලා යන්න පුලුවන් ද කියලා හිතන එක හොඳා. ඒ තරම්ම තමුන්නැහේ ජනතාවට අප්පිරියයි .

:       4       56

KANDEPOLA Monday, 24 June 2019 05:45 AM

පහුගිය දවසක මීගමුවේ පැත්තේ ජනතාවත් මෙයාට ආරධනා කරනවා අපි දැක්කා.

:       1       123

Dayana Monday, 24 June 2019 06:00 AM

පිස්සෙක් කියන දේවල් කව්ද ගණන් ගන්නේ. මේ වගේ එවුන්ව දිරච්ච ගස් කොටන් වලින් ඕන තරම් කපා ගන්න පුළුවන්. මට නම් මතක් වෙන්නෙම මිස්ටර් බීන්ගේ කතා මයි. නැත්තන් අර කතාවක් තියෙන්නේ හඳයා කියල ගොන් වස්සෙකුගේ අන්න ඒ කතාවමයි.

:       5       54

SUMITH Monday, 24 June 2019 06:26 AM

මටනම් දෙකොනේම්ම හිනා හිනා

:       3       0

maaraya Monday, 24 June 2019 06:34 AM

නියමයි අපි එකෙන්ම නෙමේ දෙකෙන්ම කැමති. ඔය නාගාලන්දද පගාලන්දද කියන අය වගේ නෙමේ මෙන්න පොරවල්.

:       0       5

Amarabandu Monday, 24 June 2019 06:51 AM

හාහ් හාහ් හාඃ බඩ දනවා

:       0       0

janahitha Monday, 24 June 2019 07:31 AM

සල්ලි වීසි කළොත් ඕනෑතරම් දැන්වීම් පල කරගන්න පුළුවන්නේ... අර හාමුදුරු තැන මේ වගේ දේවල් කියවන්නේ එක්කෝ වාසනාවක් පහළ වෙලා නැත්නම් මානසික ව්‍යාධියක් තියනවද දන්නේ නැහැ..

:       0       0

Sana Monday, 24 June 2019 07:49 AM

සෞඛ්‍ය සේවාව වෙනුවෙන් තමාකළ මෙහෙවර බොහෝදෙනාට අමතක බව කී අමාත්‍යවරයා වෛද්‍යවරුන් තමාට විරුද්ධ අහිංසක ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබාදීමේදී ඔවුන්ට ලක්ෂ ගණන් මුදල් අහිමි වීම නිසා බවද කීවේය. එච්චර හොඳ පහසුකම් තියෙන නිසා වෙන්න ඇති.... අර කිරින්දේ මුහුදේ ගිලුණු කාන්තාව අම්පාර රෝහල දක්වා අරගෙන ගියේ... ඒ ආසන්න රෝහල්වල සේවකයෝ නිවුස් වලට කීව තියෙන පහසුකම් ගැන... ඉල්ලන්න මහත්තයෝ එ්ක හොඳයි අපිටත් ඕනෑ කොහොමහරි අතුගාලා දාන්න තමයි..

:       9       14

Bandula. Monday, 24 June 2019 08:01 AM

අනේ පව් ඉල්ලන්න තිබුනේ තමන්ගේ තරම දැනගන්න.. ඔය කියන උන්නාන්සේට ටැපලුණා වත්ද?

:       1       0

sam Monday, 24 June 2019 08:35 AM

මෙයාගේ මොලේ කොලොප්පන්. මේකට පවුලේ අයගේ ඡන්දෙ තමියි ඉතින් හම්බ වුනොත්... ලංකාවෙන්ම ඡන්ද 20ක් විතර අරගෙන ලෝක වාර්තාවක් තියන්න පුළුවන්... පිස්සු. කවුද යකෝ මේ පොරට ඡන්දෙ දෙන්නේ..?

:       0       1

රවින් Monday, 24 June 2019 08:41 AM

කියමනක් තියනවා "තාත්තා කළ දේ පුතා නොකළොත් එයා නොට්ටිගේ පුතාය" කියලා. පුතා කළදේ තාත්තා කළොත්?

:       0       1

upul Dissanayad Monday, 24 June 2019 09:58 AM

මෙයාට වඩා හොඳයි වැදි නායකයා...

:       0       1

sharm warn Monday, 24 June 2019 10:14 AM

ඇත්තටම මෙයා හිතාගෙන ඉන්නේ මේ රටේ ජනතාව කන්නේ තණකොලයි බොන්නේ පුන්නක්කුයි කියලද? සල්ලි නැතිකතාව තමයි ලස්සනම අයිසින් ටික... නැව් ගත්තේ මැණික් මල්ලක් කවුරු හරි ගෙනත් දීලා කියලද කියන්නේ?

:       1       2

කසුන් Monday, 24 June 2019 12:04 PM

මේ ළඟදී බයිපාස් එකක් කළානේ... මට හිතෙන්නේ දොස්තරලා වයර් මාරු කරලා නැවත හයි කරන්න ඇති...!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 480 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 946 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1115 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 637 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 635 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 217 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site