IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ජනපති ගිය හෙලිකොප්ටරයෙන් වෙළෙඳසැල් වලට හානි

(ඉන්දික  අරුණ කුමාර)

නාඋල - කොහොලන්වල  විශේෂ බලකා මුලස්ථානයේ අද (16) පැවති ජනාධිපති වර්ණ ප්‍රධාන උත්සවය  නිමා කිරීමෙන් පසු ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතාට   පිටත්ව යාම සඳහා පැමිණ තිබු  හෙලිකොප්ටරය  ඉහළට එසැවීමේදී  නාවුල නගරයේ වෙළදසැල් කිහිපයකට දැඩි හානී වී තිබේ.

 

හෙලිකොප්ටරය ඉහළ නැංවෙනවාත් සමඟ  පැමිණි දැඩි සුළං තත්ත්වයෙන්   මෙම හානිය සිදු වී  ඇත.

නාඋල මහජන ක්‍රිඩාංගණය ආසන්නයේ පිහිටි සංනිවේදන උපකරණ අළුත්වැඩියා කරන ස්ථානයක් හා සිල්ලර වෙළද සැළකට හැනි සිදුවි තිබේ.

දුරකථන  අලෙවි සැලේ හිමිකරැ කියා සිටියේ වහලයේ තිබු සිට් කැබැල්ලක් තමන් ගේ ඇගට කඩා වැටුණු  බවත් , සිද්ධියෙන් තමන්ගේ අතට සුළු තුවාලද  සිදුව ඇති බවත්ය.

 



අදහස් (28)

ජනපති ගිය හෙලිකොප්ටරයෙන් වෙළෙඳසැල් වලට හානි

එම්.සිරිසේන Friday, 16 August 2019 09:35 AM

"ඉතින් ඒකට මමද පලි..? ඔබගේ වෙළඳසැල හදපු කොන්ත්‍රාත් කාරයාගෙන් වන්දි ඉල්ලන්න.. හිටං.."

:       1       223

Sunil Friday, 16 August 2019 09:40 AM

ඒ විතරක් නෙවෙයි මුළු රටම හානියට පත් කළා..

:       0       467

Ranjan Friday, 16 August 2019 09:52 AM

කකුල් දෙක ළඟටම එන්න ඕනෑදේ ටිකක් දුරින් නතර කරලා එතෙන්ට ඇවිදගෙන යන්න බැරිද? අනික නියමුවන් දන්නේ නැද්ද තදබල සුළඟක් පිටවෙන බව..

:       1       94

එම්.සිරිසේන Friday, 16 August 2019 11:29 AM

"බැරි නිසා නේන්නම් හෙළිකොප්ටර් එකෙන් එන්නේ. හෙලිකොප්ටරයෙන් එන්නේ නැතිව, කොහොම එන්න කියලද කියන්නේ...? අමතක කරන්න එපා මම රටේ නායකයා කියලා... ඒ වගේම මම නිතරම ඉන්නේ ජාතික ආරක්ෂාව ගැන අවධියෙන් කියල...හිටන් . "

:       0       30

RaveendraFriday, 16 August 2019 01:04 PM

ඇත්තටම ඔහෙලට මොලේ කළඳක්වත් නැද්ද? හැබෑට සිතීමට...? මම හෙලිකොප්ටරයෙන් එන්නේ නැතුව රොකට් එකෙන් එන්නද කියන්නේ? එහෙම අාවොත් කියයි පතෝල මුදලාලි දැන් එහෙනම් රොකට් එකෙන්මයි ගමන කියලා... මම දන්නැද්ද ඔහෙලගේ සීලාචාර කටවල්... පසුගිය කාලෙක ඉන්දියන් මෝඩි අයිය හැටන්, වටවල පැත්තේ ඇවිත් හෙලිකොප්ටරෙන් අාපහු යනකොට ඔයදේම වුණා. ළඟපාර අයිනේ තිබුණු විසල් මාලිගා ටකරන් එක්කම ගහගෙන ගියා.. එකේ ඒ ගැන කතාකළාද?

:       0       4

sirimal Friday, 16 August 2019 09:58 AM

අයියෝ. හෙලිකොප්ටර් එකක හුළඟටවත් ඔරොත්තු දෙන්නේ නැති විදිහටනේ මේ ගොඩනැඟිලි හදල තියෙන්නේ. ජනාධිපතිතුමාගේ ඔලුව ගිනි අරගෙන තියෙන මේ වෙලාවේ මේ වැඩේටත් එතුමාට දොස් කියන්න යන්න එපා අනේ... අර ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙන කෙනා තවම පොහොට්ටුවේ සාමාජිකත්වය අරගෙන නැත්තේ ළඟදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ගන්න බලාපොරොත්තුවෙන නිසා කියලයි කියන්නේ. පොහොට්ටුවේ කට්ටිය මහින්ද කියන ඕනෑම දේකට එකඟ නිසා එතන කිසිම අවුලක් වෙන එකක් නැහැ. වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය මහින්ද කණ්ඩායම අතට පත්වෙලා මැතිවරණය දිනාගන්න එක තවදුරටත් ශක්තිමත් වෙන එක විතරයි. දිනුවට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ශයේ අයට වෙන දේ වෙනම කතාවක්. ඒඋනාට ගෝඨාභය රාජපක්ෂ තවමත් පොහොට්ටුවේ සාමාජිකත්වය නොගෙන නිර්පාක්ෂිකව සිටීම ගැන තමන් සතුටු වන බව ශ්‍රී.ල.නි.ප. උප සභාපති මහින්ද අමරවීර මහතාත් කියල තියෙන්නේ. දේශපාලනයේ සදාකාලික සතුරන් හෝ මිතුරන් නැතිලුනේ.

:       1       289

wedage Friday, 16 August 2019 10:19 AM

මේවට කියන්නේ මඩු කියලා...

:       34       18

Dilan Friday, 16 August 2019 10:22 AM

අපට මොනවා වුණාම මොකද ඔබතුමා සැපෙන් ඉන්න.

:       0       12

dilal Friday, 16 August 2019 10:39 AM

කියමනක් තියෙනවා නේද ඔරුවේ යනවිට තොටියා කියනදේය ඇසිය යුතුයි කියා. ඒවගේ හෙලිකොප්ටරය පදවන්නා හෙලිකොප්ටරය නතරකිරීමට සුදුසු ස්ථානයක එය නතරකළ යුතුයි.

:       0       4

Kamal Friday, 16 August 2019 10:42 AM

ජනාධිපති වුනාම හෙලිකොප්ටරෙන් යන්නේ නෑ කිව්වා. දැන් ගෙවලුත් කඩාගෙන යන්නේ....

:       0       168

athuraSaturday, 17 August 2019 05:32 AM

හිනාගිහින් බඩත් කොර වුණා...

:       0       1

සෙනෙවි Friday, 16 August 2019 11:40 AM

ලොක්කා යනකොට කොරහත් බිඳගෙන යන ලක්ෂණ මෙයින් පෙන්නුම් කරනවා. ශිලනිපෙ සජිත්ට විකුණලා යයි වගේ...

:       0       166

Raveendra Friday, 16 August 2019 12:44 PM

වැසිකිළි වලක් ඉතුරුවත්, කොහේ හරි පිස්සෙක් එල්ලිලා මැරුණත් අපේ පතෝල මුදලාලිට බනින එක හරිද.? චි..චි. හරිම කැත මිනිස්සු ටිකක්..

:       5       24

I.O.සිරිසේන Friday, 16 August 2019 01:14 PM

හෙලිකොප්ටරය බැස්ස වූ පිට්ටනිය අලුතින්ම ඉදිකරනලද එකක් බව පේනවා. හා නැවුනා යයි කියන වෙළඳසැල්ද අලුතින් ඉදිකල ඒවා විය හැකිය. වහලය සෙවිලිකර ඇති ආකාරයෙන් පේනවා තාවාකාලික ඉදිකිරීමක් කියලා. 2015 ජනවාරියට පෙර මෙවැනි වාර්තාවක් පලවුණා නම් සිදුවිය හැකිදේ සිතාගන්නවත් බැහැ. පේනවා නේද යහපාලනේ අදහස් ප්‍රකාශ කිරීමට ඇතිකරපු නිදහස...

:       0       12

Jana Friday, 16 August 2019 02:12 PM

සුළඟට නෙවෙයි වහල ගැලවුනේ,.. අපේ ජනාධිපතිතුමාගේ තේජසට...

:       0       6

එම්.සිරිසේන Friday, 16 August 2019 03:53 PM

" ඒක ඇත්ත.. මම හෙලිකොප්ටර් එකේ පයිලට්ට කිව්වා ටිකක් උඩින් යමු.. මගේ තේජසට ගෙවල් බිමට පාත්වෙයි. වාහන පෙරලෙයි, පාරවල් ඇදවෙයි, මිනිසුන් අන්ධවේවි, ගැහැනුන් ගැබ් ගනියි... කියලා. කොහෙද මෙයා ඇහැව්වේ නැහැනේ...? තවම මම උඩ ඉන්නේ.

:       0       22

Chanak los angeles Friday, 16 August 2019 03:02 PM

දැන් අහයි මම හෙලිකොප්ටරයක ගියාද කියලා...?

:       0       62

RaveendraFriday, 16 August 2019 04:02 PM

නැතුව නැතුව පුතේ... පුතාලා හිතුවද" තරුණ කාලේ වගේ හීනෙන් " ගියා කියලා...

:       0       26

එම්.සිරිසේන Friday, 16 August 2019 06:02 PM

ලැජ්ජා වෙන්න එපා. ඇඩ්රස් එක දෙන්න මම බෝතලයක්ම එවන්නම්. ලෙඩේ අහවරයි....

:       0       15

RaveendraFriday, 16 August 2019 07:14 PM

එම්. සිරිසේන වෙත, ඔබ නම් හරිම සුන්දර පුරවැසියෙකි. අපට සිනහව නවතා ගැනීමට අපහසු විය. කිසිදු වියදමකින් තොරව සහ එමගින් අපගේ රුධිරය පිරිසිදු කිරීමට ඔබ දැක්වූ දායකත්වයට බොහොම පින්... ඔබට ජය...

:       0       2

මිසිස් .බමුණුආරච්චිSaturday, 17 August 2019 08:20 AM

අනේ සිරා මල්ලියේ, මගේ මහත්තයටත් ඔය ලෙඩේ තියෙනවා. කරුණාකරලා බෙහෙත් බෝතලයක් එවන්නකෝ. පින් අයිතිවෙයි.

:       0       0

lankasri Friday, 16 August 2019 05:49 PM

එයා පත්තරෙන් දැකලා ඇක්ෂන් එකක් ගනියි.

:       0       1

ධම්ම Friday, 16 August 2019 06:23 PM

මේවා අනවසර ඉදිකිරීම්... මොවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න.

:       0       12

චමින්දSaturday, 17 August 2019 12:55 AM

ධම්මගේ අදහස හරි. පේනවා නේද සවිකර ඇති ජනෙල් වල හැටිත් වහලය වසා ඇති සැටිත්. මේ නිසා මෙම අනවසර ඉදිකිරීම් ඉවත්කරන්න. ඒ අතරම ජනාධිපතිතුමාට අපහාස කෙරෙව්වාට නඩු පවරන්න.

:       0       1

siri Friday, 16 August 2019 08:20 PM

මෙයාලට හෙලිකොප්ටරේ තහනම් කරන්න ඕනේ.....

:       0       0

sunil perera Friday, 16 August 2019 09:34 PM

විහිළු කරනවට වඩා අපේ රටේ ප්‍රමිතියට නිවාස කඩ හදන්න අපි ඉගෙනගමු. පුළුවන් තරම් ලිී අඩුකරලා වහළ ඉතාම අවදානම් අයුරින් සාදන මග නවතා වහලයේ ලි සහ ශීට් එකිනෙකට මනා ලෙස සවි කරන පොදු ක්‍රමයක් හදමු. ආණ්ඩුවලට දොස් නොකියා ඉංජිනේරු අංශවල පෙරට ඇවිත් උදවූ කරන්න . වැසි කුණාටුවලදී මේ ගොඩනැගිලි බිදෙන්නේ එහි කිසිම ප්‍රමිතියක් නැති නිසයි. හැබැයි අමතක කරන්ට එපා මේ සියල්ලටම හේතුව දුප්පත්කම.... මෙවැනි තැනකදීවත් විහිළු නොදොඩා බුද්ධිමත් පාඨකයිනි අපේ රටට ආදර්ශය සපයන්න.

:       0       1

Sugath Premalal Saturday, 17 August 2019 05:03 AM

හිටන් හුටන්...ගිය තැන හුටන් පටන් හිටන්...

:       1       1

shan Sunday, 18 August 2019 06:50 AM

මේක කලින් වැස්සට කඩ වැටුණු එකක්ද දන්නේ නෑ. මුදලාලිය ගානක් කඩාගන්න සිරිසේන ගොයියාට ලෙඩේ දානවා වෙන්න බැරිද? දන්නවනේ අපේ අයියලාගේ හැටි..?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 542 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1029 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1219 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 684 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 667 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 224 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1732 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site