IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


චීන රොබෝ යානය අඟහරු මතට

චීනය රෝබෝ යානය අඟහරු මතුපිටට ගොඩබෑම අද (15) සිදුවිය. චීනය අඟහරු මතුපිටට යානයන් යැවූ කළ පළමු අවස්ථාව මෙයයි.

‘ෂුරොංග්’ යන නමින් නම් කළ මෙම යානය, රොබෝ රෝවර් යානයකි. ‘ෂුරොංග්’ රෝවර් යානය සම්බන්ධ කර තිබුණේ ‘ටියැංවෙන් 1’ නමැති යානයටය. චීනය ඔවුන්ගේම රොකට්ටුවක් ආධාරයෙන්, ‘වෙංචෙංග්’ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ‘ටියැංවෙන් 1’ අභ්‍යවකාශයට තල්ලු කර යැවුණේ 2020 ජූලි 23 වැනිදාය.

රොකට්ටුවෙන් වෙන්වුණු ‘ටියැංවෙන් 1’යානය පසුගිය පෙබරවාරි 10 වැනිදා අඟහරුගේ කක්ෂයට පිවිසියේය. එය එදා සිට මේ දක්වා අඟහරු කක්ෂයේ රැඳී සිටියේ සුදුසු වෙලාවක් බලා ‘ෂුරොංග්’ රෝවර් යානය අඟහරු මතු පිටට යැවීමටය. එය සිදුවූයේ අද (15) දිනයේය.

‘ටියැංවෙන් 1’යානය අඟහරු කක්ෂයේ චන්ද්‍රිකාවක් ලෙස රැඳී සිටිනු ඇත. අඟහරු මතුපිට සිට ‘ෂුරොංග්’ රෝවර් යානය චීන විද්‍යාඥයන්ට යවන දත්ත සහ ඡායාරූප සංඥා පෘථිවියට යැවෙන්නේ, ‘ටියැංවෙන් 1’යානය හරහාය. ‘ෂුරොංග්’ රෝවර් යානය ගොඩබෑම සිදුවූයේ ‘උටෝපියා ප්ලැනිටියා’ යන නමින් විද්‍යාඥයන් නම් කර ඇති අඟහරුගේ ද්‍රෝණියටය.

මෙම සානුවේ රතු පස් තට්ටුවට යටින් අයිස් තට්ටුවක් ඇති බවට විශ්වාස කෙරේ. ද්‍රෝණියේ පස් සහ එම අයිස් සාම්පල පරීක්ෂා කරමින්, අතීතයේ අඟහරු මතුපිට ජීවීන් සිටියේ ද යන්න තහවුරු කර ගැනීම ‘ෂුරොංග්’ රෝවර් යානයේ අරමුණ බව චීන විද්‍යාඥයෝ පවසති.

‘ෂුරොංග්’ රෝවර් යානය අඟහරු මතට ගොඩබෑම ඉතා සංකීර්ණ මෙන්ම අසීරු මෙහෙයුමක් විය. ඒ, පෘථිවියේ සිට යැවෙන පණිවුඩ සහ උපදෙස්, යානයට ලැබෙන්නේ මිනිත්තු 7 ක් ගතවීමෙන් පසුව වීමය. 1976 වසරේ ඇමෙරිකාවේ නාසා ආයතනය, අඟහරු ගවේෂණයට යැවූ ‘වයිකිං 2’ රොබෝ යානය පතිත කළේ ද ‘උටෝපියා ප්ලැනිටියා’ ද්‍රෝණියටය.

‘ෂුරොංග්’ රෝවර් යානයට අති නවීන කැමරා පද්ධතියක් අයත් වෙයි. ඊට අමතරව, සංවේදක රැසකින් ද රෝවර් යානය සමන්විත වෙයි. අඟහරු මත ඛනිජ ද්‍රව්‍ය හඳුනා ගැනීමට හැකි ලෙස මෙම කැමරා පද්ධතිය සකසා තිබේ. කැමරා පද්ධතියට අයත් තවත් කැමරා දෙකකින්, අඟහරු මතුපිට ඡායාරූප ගැනීම සිදු කෙරේ.

පසුගිය 2020 වසරේ ජූලි මාසයේ අඟහරු ග්‍රහයා, පෘථිවියට ළංව පිහිටියේය. ඒ අනුව, චීන අභ්‍යවකාශ ආයතනය පමණක් නොව, ඇමෙරිකාවේ නාසා ආයතනයත්, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ අභ්‍යවකාශ ආයතනයත් පෙර සැලැසුම්වලට අනුව යමින්, ගවේෂණ යානා අඟහරු වෙත යැවීම සිදු කළේය.

එසේ යැවුණු රොබෝ යානා තුන ඉකුත් 2021 පෙබරවරි මාසයේ අඟහරු වෙත පැමිණියේය. එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, ඔවුන්ගේ අභ්‍යවකාශ වැඩසටහන හරහා අඟහරු වෙත යැවුවේ ‘අමල්’ නමැති රොබෝ යානයයි. ‘අමල්’ කක්ෂීය ගවේෂණ යානයකි. ‘අමල්’ යානය අඟහරුගේ කක්ෂයට පිවිසියේ පෙබරවාරි 9 වැනිදාය.

ඇමෙරිකාවේ නාසා ආයතනය අඟහරු ගවේෂණයට යැවුයේ ‘පර්සිවියරන්ස්’ නමැති රොබෝ යානයයි. මෙය ද රෝවර් යානයකි. ‘පර්සිවියරන්ස්’ පෙබරවාරි 18 වැනිදා අඟහරු මතට ගොඩබෑවේය. ‘පර්සිවියරන්ස්’ රෝවර් යානයට සම්බන්ධ කරමින්, නාසා විද්‍යාඥයන් කුඩා හෙලිකොප්ටර් යානයක් ද අඟහරු යැවීය. පෘථිවියෙන් අඟහරු ගිය පළමු හෙලිකොප්ටරය මෙයයි.

(රොයිටර්)



අදහස් (5)

චීන රොබෝ යානය අඟහරු මතට

Bandara Saturday, 15 May 2021 06:48 PM

ඕන එකක් කරගන්න... ලෝකෙ අනික් මිනිස්සුන්ගේ ඔලුගෙඩිවලට පතබාවන්නේ නැතිව...

:       16       13

ranjith Sunday, 16 May 2021 01:39 AM

ලෝකේ මොන තරම් ළමයින් බඩගින්නේ ඉන්නවද.?

:       0       0

Sam Sunday, 16 May 2021 03:35 AM

වෙනත් ග්‍රහලෝක තරණය කරන්න කලින්, පරිසර දූෂණය නිසා විනාශ වෙමින් පවතින පෘථිවිය රැකගත්තොත් හොඳයි...!

:       0       0

jagath Sunday, 16 May 2021 04:33 AM

අපේ එක්කෙනා යවපු එක දැන් කොහේ ඇතිද.?

:       0       0

විපරමා Sunday, 16 May 2021 07:57 AM

අපරාදේ, අපි හිතාගෙන උන්නේ මැදමූලනේ පැත්තට වත් බස්සවයි කියලා... ?

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 402 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 821 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 989 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 558 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 581 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 202 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site