IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ගුරුවරයකුගේ අපයෝජන සිද්ධිය යටගැසුවාට විදුහල්පතිගේ සේවය අත්හිටුවයි

(එෆ්.අස්ලම්)

යාපනය පේදුරුතුඩුව පාසලක ශිෂ්‍යාවක අපයෝජනය කළ ගුරුවරයෙකු පිළිබඳ පැමිණිල්ලක් යටගැසීමට උත්සාහ කළේ කියන විදුහල්පතිවරයෙකුගේ සේවය අත්හිටුවීමට උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා පළාත් අධ්‍යාපන ලේකම් සී.සත්‍යසීලන් මහතා වෙත නියෝග කර ඇත.

චෝදනා එල්ල වන ගුරුවරයාගේ සේවයද වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමටද පියවර ගෙන තිබේ.

පාසලේ ඉගෙනුම  ලබන තම දියණියව එහි ගුරුවරයෙකු අපයෝජනය කර ඇති බව ඇගේ දෙමාපියන් විසින් විද්‍යාලයේ විදුහල්පතිවරයාට දන්වා තිබුණද, ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් නොකර සිද්ධිය යටගැසීමට විදුහල්පතිවරයා උත්සාහ දරා තිබිණි.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මහජන ගැටළු විසඳීමේ විශේෂ කාර්යාංශය වෙත දෙමාපියන් පැමිණිලි කර ඇති අතර එම කාර්යංශය කළ මූලික විමර්ශනයේදී විදුහල්පතිවරයා එම සිද්ධිය සැඟවීමට උත්සහා දරා ඇති බව අනාවරණය වී තිබිණි.

මේ අනුව මෙම විදුහල්පතිවරයාගේ සේවය අත්හිටුවීමට ද සිද්ධියට අදාළ සවිස්තරාත්මක වාර්තාවක් ලබාදෙන ලෙසටද උතුරු පළාත් ආණ්ඩුකාරවරයා අධ්‍යාපන ලේකම්වරයාට කඩිනමින් නියෝගයක් නිකුත් කර ඇත.



අදහස් (4)

ගුරුවරයකුගේ අපයෝජන සිද්ධිය යටගැසුවාට විදුහල්පතිගේ සේවය අත්හිටුවයි

රවින් Sunday, 23 June 2019 12:58 PM

සේවය අත් හිටුවලා මදි. එම නොමනා ක්‍රියාව කිරීමට ආධාර හා අනුබල කිරීමක් ලෙස සලකා විදුහල්පතිවද දැඩි දඬුවමට ලක් කළ යුතුවේ.

:       0       120

Lashan Sunday, 23 June 2019 01:10 PM

අන්න නියම නායකකම.., දෙමළ මිනිස්සු එහෙමයි.

:       64       125

ලසන්ත Monday, 24 June 2019 12:37 AM

පාසැලේ නම අපකීර්තියට පත්වීම වැලැක්වීමට එහෙම කරන්න ඇති. බොහෝවිට මෙරටේ පාසැල්වල එහෙම අවස්ථා තියෙනවා. සමහරක් අයගේ දැරියට /දරුවාට වඩා පාසැලේ නම වටිනවා.

:       0       1

SARATH Monday, 24 June 2019 02:37 AM

වැරදි කාරයින්ට ඉක්මනින් දඬුවම් නොදීම තමයි ලංකාවේ ලොකුම ප්‍රශ්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 77 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 198 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 250 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 213 1

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 320 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 112 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site