IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කෝටි 114 ක වියදමින් ත්‍රෛභාෂා පාසලක් මීරිගමදී

(රංජන් කස්තුරි)

රුපියල් කෝටි 114 ක වියදමකින් නව ත්‍රෛභාෂා පාසලක් ඉදිකිරීම සඳහා අනිද්දා (20) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මීරිගම දී මුල්ගල් තැබීමේ උත්සවයක් පැවැත්වේ.

කතානායක කරු ජයසූරිය මහතාගේ ඉල්ලීම මත අක්කර 12 ක භූමිභාගයක එම ත්‍රෛභාෂා පාසල ඉදිකිරීමට සැලසුම්කර තිබේ.

නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාට ගෞරවයක් ලෙස ඒ මහතාගේ නමින් එනම් ‘‘දොන් ස්ටීවන් විද්‍යාලය‘‘ නමින් එම විද්‍යාලය නම් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.



අදහස් (11)

කෝටි 114 ක වියදමින් ත්‍රෛභාෂා පාසලක් මීරිගමදී

ලංකාපුත්‍ර Wednesday, 18 September 2019 01:37 PM

මෙම පාසැල ඉදිකිරීම ඉතාම වටිනා ක්‍රියාවක්. මෙරට දුවා, දරුවන්ට කුඩාකාලයේ සිටම ත්‍රෛභාෂාවන් ඉගැන්වූවොත් පවතින බොහෝ ප්‍රශ්න විසඳිය හැකි වේවි..!!!

:       139       1037

dilanThursday, 19 September 2019 12:19 PM

එතකොට ජපානය, රුසියාව, එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය විතරක් නෙමෙය් අරාබියාවේ රටවල් සියල්ලේම ජාතිවාදී ප්‍රශ්න අවම මට්ටමක තියෙන්නේ ඔය කියන විවිධ භාෂා ඉස්කෝල තියන හින්දද? නැහැ නේද? සුළු ජාතීන්ට ඒගොල්ලන්ගේ අනන්‍යතාව රැකගෙන මහා ජාතිය එක්ක නොගැටී ජීවත් වෙන්න ආකල්පමය මෙනසක් කරලා තියන නිසා නේද? මේ රටටත් අවශ්‍ය සුළු ජාතින්ගේ අන්න ඒ ආකල්පමය වෙනස අැති කරන ක්‍රමයක් මිසක රාජ්‍ය මුදල් ගිලින ඔය කියන භාෂා පාසල් නෙවෙයි. ඉතිහාසේ අරන් බැලුවත් ඇත්තටම සියලුම ගැටුම් වලට මුල පුරලා තියෙන්නේ සුළු ජාතින් මිසක් හැම ජාතියම නෙවෙයි. උදාහරණ විදියට 21 මීගමු ප්‍රහාරය, මහනුවර කෝලාහලය, අලුත්ගම කෝලාහලය, තිකුණාමලය කෝලාහලය දක්වන්න පුළුවන්.

:       0       3

chinthaka Wednesday, 18 September 2019 03:09 PM

මේ මිනිස්සුන්ගේ ඔලුවලට මොනවා හරි වෙලා කියලා හිතෙන්නේ මට විතරද? ඇයි දෙයියනේ මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාට ගෞරවයක් ලෙස ඒ මහතාගේ භාවිතා නම වන "ඩ්.එස්. සේනානායක" නමින් ඉස්කෝලේ නම් කරා නම් ඉවරනේ. එහෙම නොකර මේ මොකක්ද‘ දොන් ස්ටීවන් විද්‍යාලය‘?

:       133       162

chandima Wednesday, 18 September 2019 03:10 PM

පක්ෂේ කෙරුම්කාරයන් ඉන්න පළාත්වල හෝ ගාලා අරවා මෙව්වා විවෘත කරගෙන, මුල්ගල් තියාගෙන දඟලන්නේ.., මේ පාර ඡන්දෙන් ඒ ලොක්කෝ සේරමත් අතුගෑවෙන ගතියක්ද තියෙන්නේ..?

:       171       244

some Thursday, 19 September 2019 02:52 AM

"ඩ්.එස්. සේනානායක" නමින් ඉස්කෝලයක් මීරිගම තියනවා. එ්කයි. මේ දොන් ස්ටීවන් විද්‍යාලය‘ කියල නම් කරලා තියෙන්නේ.

:       4       5

sharm warn Thursday, 19 September 2019 03:46 AM

දැන් අපිට තියෙන දැවෙන ප්‍රශ්නේ භාෂා තුනෙන්ම උගන්වන ඉස්කෝලයක්ද? තියෙන ඉස්කෝලවල අඩුපාඩු අහස උසට, අධ්‍යාපන ඇමතියාට ඒවා බලන්න වෙලාවක් නැහැ එයාට වෙන වැඩ.. කාවද මේ රවටන්නේ? තවත් වොක්ස්වැගන් ව්‍යාපෘතියක්ද? තියෙන රජයේ පාසල්වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන්න ගුරුවරු නැහැ. ලංකාවේම ඉන්න ළමයින්ට මීරිගමට එන්නද කියන්නේ? තව කොච්චර කල් මේ බොරුව ගෙනියන්නද හදන්නේ? අපිත් තව කොච්චර කල් මේ හොර මගඩි බලා ඉන්නද කියන්නේ?

:       190       416

kapThursday, 19 September 2019 04:54 AM

ඔය වගේ අයව සතුටු කරන්න මොනවද කරන්න ඕනේ...? හැමදේකම පරහක් දකින ඔය වගේ අය ඉස්කෝලේ ගිහින් නැහැ වගේ.

:       139       77

sharm warnThursday, 19 September 2019 06:36 AM

ඉස්කෝලේ ගිහිල්ලා තියෙන නිසා විතරක් නෙමේ ඉස්කෝලෙක වැඩ කරලත් තියෙන නිසා තමයි කතා කරන්නේ. සුරඟන සිහින දකින එ්ක හරිම ලේසියි. යතාර්ථය සමග ජීවත් වෙන එක ඔයාලා වගේ අයට අමාරුයි. අඩු ගානේ පහුගිය කාලේ ප්‍රවෘත්ති බැලුවා නම් ඔබට දකින්න තිබුණා වහල කැඩුණු, ගරා වැටිච්ච, ගුරුවරු නැති පාසල් කීයක් මේ රටේ තියෙනවද කියලා. ඒ මොකුත් නොදැන කතා කරන ඔබ වැස්සකටවත් පාසල් ගියාද කියලා අහන්න වෙනවා. දැනටත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන ජාතික පාසල් මේ රටේ තියෙනවා. නමුත් අවශ්‍ය ප්‍රමාණයට ගුරුවරු නැහැ. මේ බොරු වියදම නොකර ප්‍රධාන විෂයයන් වලට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ගුරුවරුන් බිහි කරන්න ගුරු විදුහලක් පිහිටුවන්න තිබුණා. අර අබලන් පාසල්වලට යහපතක් කරන්න තිබුණා. හෙල්මට් දාගෙන කුඩ ඉහළගෙන අකුරු කරන දරුවන්ට ගොඩනැගිලි හදලා දෙන්න තිබුණා. බලාගෙන ඉන්නකෝ.. මේ ඡන්දයක් කටේ තියන් පටන් ගන්න ව්‍යාපෘති කොහෙන්ද කෙලවර වෙන්නේ කියලා. කට්ටියගේ සාක්කුවලට ගතමනාව යයි. ඉස්කෝලේ සුදු අලියෙක් වෙයි. ඊට වඩා දෙයක් වෙන්නේ නැහැ.

:       0       1

දොන් ජුවන් Thursday, 19 September 2019 05:01 AM

මගේ නමෙත් කෑල්ලක් ඉස්කෝලෙට තියෙනවා දැක්කහම පෘතුගීසි කාරයින්ට රට ලියලා දුන්නා කුමාරයෙක් හැටියට පුදුම සතුටක් දැනෙනවා.

:       3       4

Sugath Premalal Thursday, 19 September 2019 05:48 AM

වොක්ස්වැගන් වාහන නිෂ්පාදනාගාරය වගේ වෙයිද දන්නේ නැහැ. හැදෙනකම් සත 5කට විශ්වාස කරන්න බැහැ. එක්සත් ජාතික පක්ෂයේ හැමදේම මුල් ගලකට පමණක් සිමා වෙනවනේ. වගකීමෙන් කියන්නේ.

:       0       3

Mahee Thursday, 19 September 2019 07:47 AM

හංසයා දියෙන් කිරි වෙන් කරගෙන බොන්න දක්ෂයිලු. ඒ වගේ බොරුවෙන් ඇත්ත වෙන්කරගන්නේ කොහොමද කියලා උගන්වන විෂයකුත් මේ ඉස්කෝලෙදිම ඉගැන්නුවොත් නරකද? හැබැයි, බලාගෙන, ජනාධිපතිකමේ ඉඳන් පහලට ජොබ් එක නැතිවෙන්න පුලුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 85 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 389 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 307 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 244 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 608 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 1236 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1715 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site