IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කොළඹ වායු දුෂණය ඉහළට

(ඩයනා උදයංගනී)
කොළඹ නගරයේ වායුගෝලීය දූවිලි අංශු ප‍්‍රමාණයේ ඉහළ යාමක් හෙට (13)  දිනයේදීද සිදුවිය හැකි බව ජාතික ගොඩනැගිලි සහ පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් පේ‍්‍රමසිරි මහතා පැවසීය.
 
සාමාන්‍යයෙන් වායුගෝලීය දූෂණ දර්ශකය පවතින්නේ 60 -70 අතර අගයක වුවත් හෙට (13)  දිනයේදී එය 100 -120 අතර අගයක් ගනු ඇතැයි නිරීක්‍ෂණය කර තිබෙන බව ඔහු ප‍්‍රකාශ කළේය.

මෙම තත්ත්වය දිනය පුරාම හෝ පැය කිහිපයක කාලයක් පැවතිය හැකි බව ද හෙතෙම කීවේය.

 මෙවන් තත්ත්වයක් පවතින අවස්ථාවකදී ශ්වසන රෝග ඇති අය, කුඩා දරුවන්, වැඩිහිටියන් මෙන්ම ගර්භනී මව්වරුන් ආරක්‍ෂාකාරී විය යුතු බවද සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේය.
 
එබැවින් හෙට (13) දිනයේ දී එවැනි අය වැඩි වශයෙන් එළිමහනේ ගැවසීමෙන් වැළකීම, මුව ආවරණ භාවිතය, ශරීරය වෙහෙසට පත්නොකිරීම ආදී ආරක්‍ෂිත පියවර ගැනීම සුදුසු බව ද ජ්‍යෙෂ්ඨ විද්‍යාඥවරයා කීවේය.
 
මෙම දිනවල වායුගෝලයේ පවතින තත්ත්වය අනුව මෙසේ වායුගෝලීය අංශූ ප‍්‍රමාණය ඉහළ යන බව සිදුවන බව හෙතෙම සදහන් කළේය.
 
බාහිරින් පැමිණි දුවිලි හා විවිධ රසායන අංශු විශාල ප‍්‍රමාණයක් සමග රථ වාහන හා කර්මාන්තශාලා ආදියෙන් නිකුත්වන දුම් එකතුවීමෙන් මෙවන් තත්ත්වයක් මතුවන බව කී ජ්‍යෙෂ්ඨ විද්‍යාඥවරයා පසුව සුළග සමග ඒවා බොහෝ දුරකට පාවයාම, ගහකොළ ආදිය මත තැන්පත්වීම සිදුවන බව ද කීවේය.
 
මීට පෙර ඉකුත් 5-6 දිනවලද කොළඹ නගරයේ වායුගෝලීය ෂණය ඉහළ ගොස් තිබූ අතර එයට හේතුව ලෙස දක්වා තිබුණේ  ශ්‍රී ලංකාවට උතුරේ සිට පැමිණි සුළං ඔස්සේ දුවිලි අංශු පැමිණීමයි.
 
වායුගෝලීය දත්ත ලබාගැනීම ඉදිරියටත් සිදුවන බව කී ජාතික ජ්‍යෙෂ්ඨ  විද්‍යාඥ සරත් පේ‍්‍රමසිරි මහතා මේ වන විට කොළඹ, මහනුවර නගරවලට අමතරව අනුරාධපුරය, යාපනය, වව්නියාව, පුත්තලම ආදී දිස්ත‍්‍රික්කවල ද වායුගෝලීය දත්ත ලබාගැනීමේ උපකරණ තැන්පත් කර ඇතැයි කීවේය.
 
මෙය ලංකාවට පමණක් බලපා ඇති තත්ත්වයක් නොවන බව කී ප්‍රේමසිරි  මහතා ඉන්දියාව,පකිස්තානය, බංග්ලාදේශය, චීනය වැනි ආසියාතික රටවලද මෙවැනි තත්ත්වයන් ඇතිවන බව සඳහන් කළේය.
 
මෙවැනි තත්ත්වයක් කොළඹ නගරයට බලපෑ පළමු අවස්ථාව මෙය නොවන අතර පසුගිය වසරේ නොවැම්බර් මාසයේද දිනක් පුරා මෙවැනි තත්ත්වයක් වාර්තා වූ පැවසීය.



අදහස් (4)

කොළඹ වායු දුෂණය ඉහළට

Mahee Tuesday, 12 November 2019 12:39 PM

වායු දුෂනයට්ත් වැඩියි ශබ්ද දුෂණය. පාරක යන්න බෑ හැමතැනම වේදිකා හදාගෙන අපේ කන් අඩි පුපුරවනවා, ලඟදි අපේ ගෙට යාබදව තිබුන රැස්වීමක්. සමහරු මොනතරම් සද්දෙන් බෙරිහන් දුන්නද කිව්වොත් කාටවත් මොකවත් තේරුනෙත් නෑ. ඔක්කොටම හපන් රැස්වීමෙන් පස්සේ පාන්දර 4 වෙනකම් සංවිධායකයෝ බී මත්ව බාගෙට සින්දු කියා කියා බෙරිහන් දෙමින් කරපු ගෝෂාව.

:       0       2

Raveendra Tuesday, 12 November 2019 08:31 PM

අනේ මේවා මොන දූෂණද?

:       15       1

Kumar Wednesday, 13 November 2019 02:54 AM

වැස්සක් ලැබුනොත් නම් ඔය තත්වය මග හැරෙන්න ඉඩ තිබෙනවා. ඔය වාතයේ ඇති අප ද්‍රව්‍ය නිසා පෙනහැල්ලේ රෝග වැඩිවෙනවා. අප ද්‍රව්‍ය තව වැඩිවුනොත් මුකවාඩම් බැඳගෙන යන්න වෙන්නෙ. මෙරටේ අපට කියන්නේ අප ද්‍රවය වැඩි වෙනකොට හැකි තරම් ක්‍රීඩා වැනි දේ කිරීමෙන් වලකින්න කියලා. ඉල් මාසයේ මහා වැස්ස නිසා වතුර හතක ගලන වග අහල තිබෙනවා. තවම වැස්ස නැද්ද? කැලිෆෝර්නියාවේ ඉන්න අපටත් තවම වැස්ස ලැබී නැත.

:       1       0

Rohana Wednesday, 13 November 2019 06:37 AM

දූෂණය (හොරකම) ස්ත්‍රී දූෂණය මදිවට අපිට ලැබුන අලුත්ම දූෂණය වායු දූෂණය.

:       6       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 225 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 497 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 601 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 366 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 447 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 163 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site