IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


කොරෝනා කතාව ගැන ෆොන්සේකාගෙන් පැයක ප්‍රකාශයක්

(ඉන්දිකා රාමනායක)

‘මගේ ප‍්‍රකාශය වැරදි  ඒක  දන්නා එපා කියලා  එදිනම මම සියලූ මාධයෙන්  ඉල්ලා සිටියා. නමුත් එක් මාධ්‍ය ආයතනක් පමණක් එය විකාශය කළා.’කොරෝනා ආසාදිත තිදෙනකු මියගොස් ඇති බවට කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ මාධ්‍යට අදහස් දක්වමින්   සරත් ෆොන්සේකා මහතා එසේ පැවසීය.
 
මාර්තු මස 16 දින තලාහේන මගේ    කාර්යලයේ මධ්‍ය හමුවක් පවත්වා මම ප‍්‍රකාශ කළා   අපිට අරංචි  ලැබිලා තියනවා මේ වනවිට කොරෝනා   වලින් තිදෙනෙක් මියගොස් සිටින බවට . තවත් 40 ට පමණ කොරෝනා හැදිලා ඉන්නවා කියලා.
 
අපි ඒවා දැනගන්නේ නිල වාර්තා අනුව නෙවෙයි. අපිට නිල වාර්තා එන්නේ නැහැ. සමාජ මාධ්‍ය ජාලා වලින් තමයි වැඩි ප‍්‍රමාණයක් එන්නේ.   මම ඒ ගැන මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කළා.
 
එහිදී මාධ්‍යවේදියෙක් මගෙන් ඇහැව්වා  මියගියා කියන ප‍්‍රකාශය  ස්ථිරද කියලා. ඔහු කිව්වා මේක වැරදි ප‍්‍රකාශයක් කියලා. මම කිව්වා එහෙනම්  මේක  දාන්න එපා. මම නැවත  ස්ථිර කරගෙන කියන්නම් කියලා.  
 
පසුව මම යුද හමුදාපතිට කතා කළා. යුද හමුදාපති කිව්වා මියගියා කියන  ඒ ප‍්‍රකාශය වැරදි කියලා.  පසුව මාධ්‍ය ලේකම්ට කියලා  පැමිණි සියලූ මාධ්‍යවේදීන්ට කිව්වා එම ප‍්‍රවෘත්ති  දන්නා එපා කියලා.
 
 නැවත මම 18 මම නැවත  මාධ්‍ය හමුවක් පවත්වලා කිව්වා මේක  වැරුද්දක් වෙලා තියනවා මේ නිවැරදි විය යුතුයි කියලා.    ඒ සම්බන්ධයෙන්  කර තිබු පැමිණිලි අනුව කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර තිබුණා

මීට මාස දෙකකට පමණ පෙර පොලිසිය  මගේ කාර්ය මණ්ඩලයෙන් කටඋත්තර ගත්තා. නැවතත් මට එන්න කියලා  දැනුම් දුන්නා. ඒ අනුව ඇවිල්ලා මම ඒකට උත්තර දුන්නා.
 
ඒ වෙලාව වනවිට රටේ ව්‍යාකූල තත්ත්වයක් තිබුණා. 40 ගානකට කොරෝනා හැදිලා තිබුණා.  මියගිය සංඛ්‍යාව සම්බන්ධයෙන් නොයෙක්  ප‍්‍රකාශ  පැතිරුනා.
 
18 දින   රජයේ නිළ නිවේදනවල තිබුණෙ සැකකටයුතු  පුද්ගලයන් 204 යි  කියලා.  මේ වගේ වැරදි තොරතුරු රටපුරා පැතිරුණා. විපක්ෂයේ නිසා අපිට නිළ තොරතුරු  ලැබෙන්නේ නැහැ. එම නිසා ජනතාවගේ ලැබෙන තොරතුරු තමයි අපි වැඩි වශයෙන් විශ්වාස කරන්නේ.ඒ අනුව අපේ මතය ප‍්‍රකාශ කරන්නේ.

 



අදහස් (3)

කොරෝනා කතාව ගැන ෆොන්සේකාගෙන් පැයක ප්‍රකාශයක්

Prabha Friday, 29 May 2020 10:01 AM

රටම ආදරය කරපු මහා වීරයෙකු වැටුණු තැනක්... එකවතාවක් කව්දෝ කියපු සුදුකොඩි කතාවක් කියලා හිරෙත් ගියා.. දැන් කොරෝනාවක් ගැන කියලා... දැන්වත් නුවණින් කටයුතු කරන්න..

:       149       58

සමිත සේනක අලුත්ගමගේ. Friday, 29 May 2020 10:06 AM

අයියෝ.. මේකටද මේ අලියා යන තැන් බොහෝමයිනේ..? කූඹියා යන තැන්නේ වහන්න දඟලන්නේ.. අනේ මන්දා...

:       0       177

විපරමා Friday, 29 May 2020 01:15 PM

සමහර අය දේශපාලුවන්ට කඩේ යන හැටි, කියන බොරු බේගල් ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 391 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 810 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 984 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 554 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 575 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 200 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site