IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කොටි සොහොන්කොත් ප්‍රතිසංස්කරණයට විමධ්‍යගත අරමුදලෙන් ලක්‍ෂ 40 ක්

(සිරාජ් හසීම්)

යුද්ධයේදී මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් මිහිදන් කර ඇති කිළිනොච්චියේ කනකපුරම් සොහොන ප්‍රතිසංස්කරණය කිරීම සදහා දෙමළ ජාතික  සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා තම විමධ්‍යගත අරමුදලෙන් ලක්ෂ 40ක මුදලක් ලබා දී ඇතැයි වාර්තා වේ.

මන්ත්‍රීවරයාට වෙන්කොට ඇති විමධ්‍යගත අරමුදලෙන් කිළිනොච්චිය දිස්ත්‍රික් සංවර්ධන වැය ශීර්ෂය යටතේ මෙම මුදල ලබා දී ඇත.ඒ සදහා කරච්චි ප්‍රාදේශීය සභාවෙන්ද කිලිනොච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්ද අවසර ලැබී ඇත.

2009 වර්ෂයේදී මෙම ස්ථානයේ තිබූ සොහොන් බිමේ එල්.ටී.ටී,ඊ.සොහොන් කොත් 97 ක් තිබූ බවත් මෙම මුදලෙන් එම සොහොන් කොත් තිබූ ආකාරයටම සකස් කරන බවත් නව සොහොන් බිමේ වැඩකටයුතු නිරීක්ෂණයට පැමිණි ශ්‍රීධරන් මන්ත්‍රීවරයා පවසා තිබේ.

කිලිනොච්චිය දිස්ත්‍රීක් සංවර්ධන කමිටුවේ තීරණයක් සහ අවසරය සහිතව මෙම සොහොන ප්‍රතිසංස්කරණය කෙරේ.



අදහස් (16)

කොටි සොහොන්කොත් ප්‍රතිසංස්කරණයට විමධ්‍යගත අරමුදලෙන් ලක්‍ෂ 40 ක්

indika Thursday, 23 November 2017 08:39 AM

ප්‍රභාකරන්ගේ පිලිමෙකුත් හැදුවනම් හරියටම හරි!

:       5       258

රූපසිංහ Thursday, 23 November 2017 09:28 AM

රටේ අනෙකුත් පලාත්වල ආදායමින් දෙන්නකෝ ත්‍රස්තවාදීන්ගේ සොහොන්කොත් හදන්න

:       1       342

හිරාන් Thursday, 23 November 2017 09:45 AM

ගත්ත ණය ගෙවා ගන්න බැරිව උතුරේ මිනිසුන් මිනිසුන් වස කා මැරේද්දි රටට පිළලයක් වු එල්.ටි.ටි.ඊ සංවිධානයේ ත්‍රස්ත නායකයින් සහ සමාජීකයින් වෙනුවෙන් නැවත ස්මාරක ඉදිකරන්න මේ මන්ත්‍රිවරුන් වැය කරන මුදල ගැන දෙවරක් රටේ බළධාරින් අවධානය යොමු කල යුතුයි. මේ ජනතාවගේ සංවර්ධනයට දුන්න ප්‍රථිපාදන මිසක් ස්මාරක ඉදිකරන්න දුන්න මුදල් නොවන බවත් මේ මන්ත්‍රිවරයා සිහියට ගත යුතුයි.

:       1       1033

ධම්මThursday, 23 November 2017 12:14 PM

මේවා නවත්වන්න සක්කරයටවත් බැහැ දැන්. අනේ මං ඡන්දේ දීලා කරපු අපරාධයක්.

:       0       127

asanka Thursday, 23 November 2017 10:09 AM

ඔය බලතල දීලත් නැතුව, දුන්නනම් කොහොමට හිටීද

:       0       111

N.G.A. Sanjaya Bandara Thursday, 23 November 2017 10:27 AM

එදා කොටි ත්‍රස්තවාදීන් මායිම් ගම්මානවලට පැන කිරි දරැවන්, ගැබිණිමව්වරැන්, දෙමව්පියන් කඩුවෙන් කෑලි කෑලි කපා මරාදමා මිනිස් බෝම්බ, බස් බෝම්බ වලින් මස් ගොඩවල් බවට පත්වූ අපේම මිනිසුන්ව ඩෝසරෙන් වලවල් කපා එක වලේ තිහ හතලිහ වලදමා අද කොටි ත්‍රස්තවාදීන්ගේ සොහොන් කොත් අපේම සල්ලි වලින් ප්‍රතිසංස්කරණය කරනවලු.... මේක අැත්තටම ජරාම රටක්...

:       0       399

sarath Thursday, 23 November 2017 10:55 AM

කෝ මේ අගමැති ,ජනාධිපති. කොටි ලංකාවේ තහනම් ද ?

:       0       111

Hafeel Thursday, 23 November 2017 11:04 AM

රටේ ජනාධිපති, ආරක්ෂක රාජ්‍ය ඇමති, පොලීසිය භාර ඇමති කොහෙද ඉන්නේ? රාජ්‍ය බුද්ධි මොනවාද කරන්නේ?

:       0       106

Perera Thursday, 23 November 2017 11:31 AM

අනේ කාලේ වනේ වාසේ

:       0       105

Nandalal DE SILVA - France Thursday, 23 November 2017 12:07 PM

කොටි සොහොන්කොත් ප්‍රතිසංස්කරණයට විමධ්‍යගත අරමුදලෙන් ලක්‍ෂ 40 ක් ලබාදීම කිසිසේත් පිළිගත හැකි දෙයක් නොවේ. කිළිනොච්චිය දිස්ත්‍රික් සංවර්ධන වැය ශීර්ෂය යටතේ මෙම මුදල වෙන්කර තිබෙන්නේ පළාත සංවර්ධනය සඳහා මිස සොහොන් හදන්න නොවන බව මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නොදන්නවාද ? පළාතේ බදු ගෙවන්නන්ට විශාල සේවයක් කිරීමට තිබු මේ අති විශාල මුදල යලි භාරදෙන ලෙස මධ්‍යම රජය ඔහුට බල කල යුතු වෙනවා. එමෙන්ම ඒ සඳහා පළාතේ සාමකාමී මහජන උද්ඝෝෂණයක් පවත්වා මේ මුදල් කන්දරාව යලි ඉල්ලා සිටිය යුතු වෙනවා ! කරච්චි ප්‍රාදේශීය සභාවෙන්ද කිලිනොච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්ද අවසර ලැබුනේ කොහොමද කියාත් පරික්ෂා කරන්න. මෙහෙම ගියොත් මහජන මුදල් කාබාසීනියා කරමින් මිනීමරු කොටි ත්‍රස්තවාදීන් වෙනුවෙන් "ටජ් මහල්" වැනි මන්දිරයක් හදන දිනය වැඩි ඈතක නොවනු ඇත !!!!!

:       1       249

daham Thursday, 23 November 2017 03:02 PM

කොහොමද වෙනස සැපයි නේද

:       0       109

Sridaran Thursday, 23 November 2017 03:25 PM

මේ ඡන්ද ගන්නම කරන වැඩක්මත් නෙවෙයි. ඊට වඩා ගැඹුරින් හිතන්න වෙනවා. මේ කරන්නේ මැරිච්ච අයව වීරයන් කරන්න.

:       0       25

Sampath Thursday, 23 November 2017 04:18 PM

සංවර්ධනයයි සොහොන් කොතයි අතර සම්බන්ධය මොකක්ද? මේවා රජය මුදල් අවභාවිතයක්. නිත්‍යානුකුලව කටයුතු කරන්න.

:       0       85

Sathyayaa Thursday, 23 November 2017 06:38 PM

යුද්ධයකින් මියයන්නේ මිනිසුන් බව ඇත්ත. සටන පැවතියේ බල අරගලයක් ලෙස නොව කුරිරු ත්‍රස්තවාදයකට විරුද්ධව මිස අහිංසක සිවිල් වැසියන්ට විරුද්ධව නොවේ. අපේ හමුදාවල අය තම ජීවිතය පුදා ත්‍රස්තවාදයෙන් බේරා ගත්තේ භුමිය පමණක් නොව සෑම ජන වර්ගයකටම අයත් මිනිස් ජීවිතයි. ඒ නිසා යුද්ධයෙන් මියගිය හැම කෙනෙක්ම වීරයෙක් නොවන්නේ එහි එක පාර්ශවයක් මිනිස් කමට එරෙහිව අවි එසවූ නිසයි. වෙනත් වචන වලින් කිවහොත් එවැනි පාපතරයන් වල දමන්න උතුරේ වේවා දකුණේ වේවා එක බිම් අඟලක් වෙන් කිරීම යුද්ධයේදී දිවි පිදු විරුවන්ට කරන අවමානයක්.

:       0       67

sameera Thursday, 23 November 2017 07:06 PM

සිංහලයා ඉල්ලන් කනවා කියන්නේ ඕකට තමා. ජාතික කොඩිය පිළිගන්න බැහැ කියනවා , මේ රටේ ආණ්ඩුවක් නැද්ද එක එක නරින්ට ඕන විදිහට නටන්න දෙන්න..

:       0       46

nihal Thursday, 23 November 2017 07:13 PM

ඔය සල්ලිවලින් දුප්පත් පීඩිත උතුරේ ජනතාවට යමක් කරනවකෝ ඒක ලොකු පිනක්. ඒ බව තමුන්ගේ අම්ම අප්පා හෝ ගුරුබවතුන් හෝ කියා දුන්නේ නැතිද ...

:       0       12

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 144 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 322 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 375 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 270 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 379 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 135 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site