IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කොටි සාමාජිකයකුගේ නිවස අසලින් ස්කෑනර් යන්ත්‍රයක් සොයා ගනී

(සිතුම් චතුරංග)
                
කිලිනොච්චිය ,ධර්මපුරම් යුනිට් හත ප‍්‍රදේශයේ හිටපු කොටි සාමාජිකයකුගේ නිවස ආසන්නයේ වළදමා තිබූ ලෝහ උපකරණ සෙවීමට ගන්නා ස්කෑනර් යන්ත‍්‍රයක් හා ජීව පතුරම් තොගයක් අද (23) දහවල් පොලිසිය හා ආරක්ෂක අංශ එක්ව සිදුකළ පරීක්ෂාවකදී සොයා ගනු ලැබීය.


වවුනියාව පරයානම්කුලම ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් වෙත ලැබුණු බුද්ධි තොරතුරකට අනුව කිලිනොච්චිය මහෙස්ත‍්‍රාත් අධිකරණ නියෝගය යටතේ ආරක්ෂක අංශ නිලධාරීන් හා පොලිසිය නිවස ආසන්නයේ සැක සහිත ස්ථානයක් බැකෝ යන්ත‍්‍රයක ආධාරයෙන් සිදු කළ කැණීමකදී පොළව අභ්‍යන්තරයේ යකඩ පෙට්ටියක සූක්ෂම ලෙස අසුරා තිබූ ස්කෑනර් යන්ත‍්‍රය හා පිස්තෝල සඳහා යොදාගන්නා ජීව පතුරම් කිහිපයක් ද සොයා ගෙන තිබේ.


ජීව උණ්ඩ හා ස්කෑනර් යන්ත‍්‍රයේ කොටස් නොදිරන ලෙස පොලිතින් හා ග‍්‍රීස් යොදා අසුරා තිබූ බවද පොලිසිය පවසයි.


පොලිසිය පැවසූයේ නිවස හිමි හිටපු කොටි සාමාජිකයා වසර ගණනක් විදේශ ගතව සිටින බවත් ඔහුගේ බිරිඳ හා ඥාතීන් අදාළ නිවසෙහි පදිංචිව සිටින බවත්ය.


යුද සමයේදී මෙම උපකරණ තොගය නිවස අසල වළදමා ඇති අතර මෑත කාලයේ දී නිවැසියන් විසින් එම ස්ථානයට ඉහළින් සිමෙන්ති අසුරා ඇති බවද සඳහන් කළේය.


නිවස හිමි හිටපු කොටි සාමාජිකයා විසින් මෙම උපකරණ සඟවා තැබුවේද යන්න මෙතෙක් අනාවරණය නොවූ බවත් පැවසීය.

සොයාගත් ස්කෑනර් යන්ත‍්‍රය පසුගිය යුද සමයේ කොටි සංවිධානය විසින් බෝම්බ සෙවීම සඳහා යොදාගත් යන්ත‍්‍රයක් විය හැකි බවට ආරක්ෂක අංශ සැක පළ කරති.


 



අදහස් (5)

කොටි සාමාජිකයකුගේ නිවස අසලින් ස්කෑනර් යන්ත්‍රයක් සොයා ගනී

ජගත් ලියනගේ Wednesday, 23 May 2018 12:10 PM

ඉදිරියේදී ප්‍රයෝජනයට ගන්න තමයි ඕවා ඔහොම හොඳටම අසුරලා තියෙන්න ඇත්තේ...

:       0       417

Bamunuarachchi Wednesday, 23 May 2018 01:10 PM

වලෙන් අවිආයුධ ටික ගොඩට ගෙන කොටියා වලට දමා වසා දමන්න.

:       0       1633

Bamunuarachchi Wednesday, 23 May 2018 01:13 PM

යහපාලකයින් සංහිඳියාවක් ගැන කතා කරනවා. අපේ ඉඩම්වලින් හමුදාව අයින්කරගෙන නැවත ඒ අයට දෙන්න කතා කරනවා.

:       0       1664

රවීන්ද්‍ර Wednesday, 23 May 2018 02:03 PM

දැන් ඉන්න පාලකයින්ට තේරෙනකොට පරක්කු වැඩියි. යුද්ධය දෙමළ අය දින්නා නම් සිංහල අපට බල්ලෝ වගේ ඉන්න තමයි වෙන්නේ... හැබැයි යුද්ධය දිනපු ජාතිය සිංහලයෝ වෙලත් මේ රජය නිසා සිංහලයාට ඉන්න වෙලා තියෙන්නේ.... බල්ලන්ටත් වඩා පහත් විදියටයි.

:       0       1699

ජයන්ත මිලානෝ Wednesday, 23 May 2018 02:09 PM

බමුණුසිංහ මහත්තයාගේ උපහාසය නම් අගෙයි.

:       0       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 47 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 82 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 84 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 268 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 595 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 129 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1712 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site