IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කරන්නාගොඩ ඇතුළු සැකකරුවන්ට නඩු පවරන්න යයි

(නිමන්ති රණසිංහ)

තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු සියලුම සැකකරුවන්ට අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 296 වැනි වගන්තිය යටතේ නඩු පැවරීමට දැනටමත් නීතිපතිවරයා තීරණය කර ඇතැයි රහස් පොලිසිය අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

රහස් පොලිසිය එලෙස දැනුම් දුන්නේ තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.

සැකකාර සම්පත් මුණසිංහට ඇප ලබා දෙන ලෙස ඔහුගේ නීතීඥවරුන් ඉල්ලා සිටි අවස්ථාවේ ඊට විරෝධය පළ කරමින් රහස් පොලිසියේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා දැනුම් දුන්නේ සම්පත් මුණසිංහ, කරන්නාගොඩ ඇතුළු සියලු සැකකරුවන්ට මහාධිකරණයේ නඩු පැවරීමට නියමිත බවයි.



අදහස් (21)

කරන්නාගොඩ ඇතුළු සැකකරුවන්ට නඩු පවරන්න යයි

krishantha Wednesday, 06 March 2019 10:50 AM

මම යෝජනා කරනවා මීට පස්සේ යුද්ධයක් අාවොත් C.I.D. එකේ අයව යුද්ධයට යවන්න කියලා...

:       2629       2311

Hafeel Wednesday, 06 March 2019 11:37 AM

යුද්ධය මුවාවෙන් නිකම් මිනීමරන්න පුළුවන්ද? එ්කත් යුද්ධයට කිසිසේත්ම සම්බන්ධ නොවූ අය මරනඑක සාධාරණද? වැරැද්දක් කළානං, ඇයි පැහැරගෙන ගිහින් කප්පම් ඉල්ලන්නේ? සමහර තරුණයින්ගෙන් කප්පම් මුදල් අර‍ගෙනත් නිදහස් කරලා නැහැ. නීතිය රැකගන්න ආපු මේ අයගෙන්, මෙවැනි දේ නොකළ යුතුයි.

:       1393       1822

Chandima Wednesday, 06 March 2019 11:23 AM

එදා දරුණු යුද්ධයක් තිබුණු වෙලාවක්. හරිම අහිංසකයෝ විදියට තමයි පොට්ටුඅම්මාන්ගේ චරපුරුෂයෝ කොළඹ හැංගිලා ඉඳන් ගිනිජලාවල් කරන්න වෙලාවල් ලැබෙන කන් හිටියේ. ඔය මිනි මරල කප්පන් හොයා හොයා ඉන්නවට වඩා කරන්නාගොඩ මහත්මයට එදා කොච්චර දේවල් කරන්න සිද්ධවෙලා තිබුනද? කලාද? කොටින්ගේ මුහුදු බලය, පාවෙන අවි ගබඩ සහමුලින්ම විනාස කරන්න නායකත්වය සහ සැලසුම් කලේ එතුමා . ප්‍රභාකරන්ට පනින්න බැරි වෙන්නත් පිටින් සතුරන්ට රටට එන්න බැරි වෙන්නත් මුහුද වටේ දාපු ආරක්ෂක වළල්ල තමයි අපේ මුළු ඉතිහාසයේ විශිෂ්ටතම ක්‍රියාව. ඉතිහාසයේ ඔබ අහල තියෙනවද කිසිම රජෙකුට එහෙම කරගන්න සෙන්පතියෙක් හිටිය කියල? නීතිපතිට මෙහෙම දේවල් කරන්න කවුද අවසර දෙන්නේ? මෙතුමාව වැරදි කාරයෙක් කලොත් දෙමල ජනයට එරෙහි යුධ අපරාද වුනා කියන තර්කය ජය ගන්නවා. එතකොට වෙනම ස්වාධින රාජ්‍යයක් ගන්න බොහොම ලේසි වේවි.

:       1328       1101

Chanak Los angelesFriday, 08 March 2019 06:24 AM

හලෝ මේක යුද්ධයකට ගාවගන්නේ ඇයි? මෙතන කරලා තිබෙන්නේ සල්ලි තණ්හාවට යමක් කමක් තිබෙන පවුල්වල පුද්ගලයන්ට කොටි ලේබලය ගහලා ඔවුන් පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලා කීපදෙනෙකුගෙන් කප්පම් මුදල් අරගෙනත් ඔවුන්ව කුරිරු ලෙස ඝාතනය කර තිබීමයි. මෙම අපරාධයට නීතියෙන් මොහුව වැරදිකරුවෙක් කෙරුවොත් යුද අපරාධ සිදුවුණා කියා පිළිගැනීමකට ලක්වෙනවා කීම සත්‍යයෙන් තොරයි.. මන්ද මේ සමූල ඝාතනය යුද්ධයට අදාළ දෙයක් නොවන නිසා. ඒක නිසා ඔබ ඔය කාටකාටත් සුදුහුණු ගාන එක නවතලා බලාගෙන ඉන්න මොනවද උසාවියේදී සිදුවෙන්නේ කියලා...

:       0       2

C.K.Lankaputhra Wednesday, 06 March 2019 11:58 AM

මේ කොමෙන්ටුු දිහා බලපුවාම මට සමහර මිනිසුන් ගැන ඇතිවෙන්නේ මහ ලැජ්ජාවක් . නීතියෙයි අවනිතියෙයි වෙනස අඳුරන්නැති මිනිස්සු.

:       412       664

මුණසිංහ Wednesday, 06 March 2019 12:02 PM

සිංහල යාට සියල්ල මතක තිබෙන්නේ දින 10 බව ප්‍රභාකරන් කිව්ෙවි නිකම්ම ෙනාවන බව ඉතාම පැහැදිලි යි.

:       608       292

Ruwan Wednesday, 06 March 2019 12:32 PM

එදා ඉඳපු දේශපාලන නායකයෝ කරපු දේවල් දිහා බැලුවම හමුදාවේ අයත් ඒ අඩිපාරේම ගිහින් කියලා තමයි කියන්න වෙන්නේ..

:       299       526

Thilina Wednesday, 06 March 2019 01:19 PM

හොඳට මතක තියාගන්න මේ කරන්නේ ක්‍රීඩාවක්. එදා යුද්ධය දරුණු ලෙස පැවතුණු කාලයේ සිංහල කොටි කොච්චර හිටියද? ඒ වේලාවේ ආරක්ෂක අංශ යම් තීන්දු තීරණ ගත්තේ රටේ බහුතරයක් වෙනුවෙන් ඒවා සියල්ල නිවැරිදි ඒවා නෙමෙයි ..නමුත් අද ඒවා පලිහක් කරගෙන මේ කරන්නේ සුළු ජාතික ජන්ද කඩා ගැනීමේ දේශපාලන ක්‍රීඩාවක්

:       611       333

sirimal Wednesday, 06 March 2019 01:50 PM

ආණ්ඩුව අහක යන බෝලෙකට ගහලා අවුට් වෙන්නයි යන්නේ. ඒවගේ වැඩ වලට උල්පන්දන් දෙන්න ඕනෑ තරම් කට්ටිය ඉන්නවා කියලා තේරුම් ගත්තොත් හොඳයි.

:       40       162

Helaya Wednesday, 06 March 2019 02:23 PM

මෙහි කොමෙන්ට්ස් දාපු අයගේ දෙන ගැනීමටයි...මේ සිදුවීම වුනේ යුද්ධය නිම වූ පසුවයි. එ්ක නිසා, කොටි ප්‍රශ්නය මේකට ගාවන්න එපා. මේක අර රජ්ජුරුවෝ ගිය පාරේම යන්න ගිහින් වෙච්ච දෙයක්...

:       301       537

deva Wednesday, 06 March 2019 02:30 PM

ඇත්ත කතාව මෙකී සාර්ථක මෙහෙයුම් කරලා රට බේරා ගත්ත එක හරි... එවුන්ට රටේ ස්වෛරී පුරවැසියන් අතුරුදහන් කරන්න කාටවත් අයිතියක් තියෙනවාද?

:       224       427

WilderbeastSaturday, 09 March 2019 12:01 PM

අනික යුද්ධයට ගිය අයට හිඟයක් නැතුව වැටුප් ගෙව්වා නේද? ඒ අය නොමිලේ රාජකාරී කලේ නැහැනේ. ඔවුන් නීතියට උඩින්ද ඉගිලෙන්නේ? අපරාදයක් කල බව ඔප්පු කලොත් තරාතිරම නොබලා ඔවුන්ට නිසි දඬුවම් දෙනු.

:       0       0

kaveesha Wednesday, 06 March 2019 02:38 PM

අන්තිමට බස් බෝම්බ තියපු, කිරිදරුවො කැතිගාපු කොටි සැපට ඉන්නවා. යුද්ධය කරපු රණවිරුවන් හිරේට දක්කනවා. මෙහෙමත් කෙලෙහි ගුණ නොදත් මිනිස්සු.. කොලඹ බෝම්බ පුපුරද්දී ඇඳන් අයට රිංගලා අනේ මොනවා හරි කරලා අපිව බේරගන්න කියලා දෙවියන්ට කියකිය හිටපු අය හමුදාවේ රණවිරුවන් දහස් ගාණක් ජීවිත දීලා යුද්ධය දින්නට පස්සේ ඒ මිනිස්සු යුද්ධය කරපු විධියෙ හරි වැරදි හොයන්න එනවා.

:       171       1302

Chanak Los angelesFriday, 08 March 2019 08:46 PM

ඒවා කරන නිසයි ඔවුන්ට ත්‍රස්තවාදීන් කියා කියන්නේ. නමුත් රටක නිල හමුදාවට නිසි විනයක් තිබෙනවා. ඔබ කියන්නේ රාජ්‍ය හමුදාවටත් ත්‍රස්තවාදීන් ලෙස කටයුතු කරන්න කියලද? ත්‍රස්තයන් හා ගැටුමකදී ඇතිවෙන සාමාන්‍ය ජීවිත හානිය ලෝකයේ සෑම රටකම සිදුවෙනවා එය වෙනම කාරණයක්. මේ අපරාධය යුද්ධයකට කිසිම සම්බන්දයක් නොමැතිව ඉතා සැලසුම් සහගතවයි කර තිබෙන්නේ. නඩු වාර්තාවක සී අයිඩිය අධිකරණයට වාර්තා කර තිබෙනවා ඝාතනයට ලක්වූ එක් තරුණයෙක් අත්අඩංගුවේ සිටින විට දී තිබෙන දුරකථන ඇමතුම් පිළිබඳව. සී අයිඩිය එම දුරකථන විස්තර ලබාදෙන්න කියා ආයතනයෙන් ඉල්ලා සිටියත් හිටපු ආරක්ෂක ලේකම්ගේ බලපෑම මත එය ලබාදීම මගහැර ඇත කියා ..

:       0       0

chandima Wednesday, 06 March 2019 02:46 PM

මේ විදියට අපටම තලාගෙන අර මානව හිමිකම් කාරයෝ සතුටු කලොත් ඒ ප්‍රශ්නේ ඉවර කරගන්න පුළුවන් වෙයි කියල හිතනවද? එහෙමත් කරලා තවත් ඒ රටවල් කොටි නටවන්න පටන් ගත්තොත් මොකද කරන්නේ? මේ මානව හිමිකම් කොමිසම කරන්නේ අපට කියවල අපේ සියලු දේ ඔවුනට අවශ්‍ය විදියට වෙනස් කරවන එක. කරුමෙට මේ වගේ වැඩ වලට දෙකට නැමෙන ආණ්ඩුවක් වෙනස් කරලා වෙනත් ආණ්ඩුවක් ගෙනෙන්න තියෙන ඉඩකඩත් ඇහිරිලා තියෙන්නේ. කාට ඡන්දෙ දුන්නත් එන්නේ උන්මයි. දැක්කේ නැතිද අපි මරා ගත්තට අයවැයෙන් පස්සේ කට්ටිය ජෝඩු දාල ඉන්න හැටි.

:       58       179

Amarasinghe Wednesday, 06 March 2019 02:57 PM

මිනිසෙක් මැරුණා නම් මරණ සහතිකය පවුලේ අයට ලබා දෙන්න. මොකද ඒක නැතුව කිසි දෙයක් කරන්න බැහැ. මරණකරුගේ බැංකු , දේපල , අධ්‍යාපන , රැකියා , විශ්‍රාම කිසි දෙයක් ගැන ගනුදෙනු කරන්න බැහැ. නමුත් ලංකාවේ නීතියේ හැටියට මරණ සහතිකේ නිකුත් කරන්න නම් මරණ පරීක්ෂක වාර්තාව ඕන. ඔන්න ඔය සදහා අතුරුදහන් වුවන්ගේ පවුල්වල අයට මානව හිමිකමක් වගේම නිත්‍යානුකුල අයිතියක් තියනවා හඬ නගන්න, ඊට විරුද්ද වෙන ඔබලා මිනිස්සුද ???

:       0       7

Jayampathi Wednesday, 06 March 2019 03:44 PM

මේකට යුද්ධය හෝ රණවිරුවන් අදාල නැත. නඩු නිමිත්ත කියවා බලන්න "තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම..."

:       203       438

hithumathe Wednesday, 06 March 2019 05:01 PM

කට්ටිය අහිංසකයින් මැරුව ගානේ හරියට ඇහෙන් දැක්කා වගේ... යුද්ධය නැති රටේ සැපට ඉන්න ගමන් යුද්දෙ කරපු අයව හිරේ දානකොට හුරේ දානවා. ආත්මාර්ථකාමී නිවටයින්...

:       614       263

thaksala Wednesday, 06 March 2019 05:06 PM

දකුණේ ඡන්ද නොලැබෙන බව දන්න හින්දා උතුරේ ඡන්ද වලට කෑදරකමේ රණවිරුවන් බිල්ලට දෙනවා.. 2009ට කලින් කෝමා තත්වේ ඉඳපු සමහරු ඒවට හුරේදානවා.

:       525       307

Bishan Wednesday, 06 March 2019 06:04 PM

පාට කන්නාඩි දාන අයට මේවා තේරෙන්නේ නැ.

:       0       0

pradeep Wednesday, 06 March 2019 10:15 PM

මේක හරිම අසාධාරණයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 19 0

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 172 1

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 66 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 490 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 657 3

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 356 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site