IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කන්දකාඩුව කපන්න සුදානම්

( වීනීතා  එම්. ගමගේ ) 

 
මහවැලි ගංගාවේ පහළ නිම්නයේ රක්ෂිත වනාන්තර ජාලය හා සම්බන්ධ කන්දකාඩුව හා ති‍්‍රකෝණමඩු වනාන්තරයේ හෙක්ටයාර 3415 ක් නැතහොත් අක්කර 8500 ක් ශී‍්‍ර ලංකා මහවැලි අධිකාරියට පවරා එම ඉඩම් වාණිජ කෘෂිකාර්මික හා සත්ත්ව පාලන ව්‍යාපෘති සඳහා මහ පරිමාණ සමාගම් වලට ලබා දීමට රජය සැලසුම් කර ඇත.  
 
‘‘පිබිදෙමු පොළොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන’’ යටතේ කන්දකාඩුව හා ති‍්‍රකෝණමඩු ප‍්‍රදේශ වල වනාන්තර සහ විල්ලූ හෙක්ටයාර 3415 ක භූමි ප‍්‍රමාණයක් කෘෂි කාර්මික හා සත්ත්ව පාලනය ආශි‍්‍රත කෘෂි ව්‍යාපාර ලෙස කඩිනමින් සංවර්ධනය කිරීමට එම ඉඩම් ශී‍්‍ර ලංකා මහවැලි අධිකාරිය වෙත පැවරීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා වශයෙන් මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර ඇති අතර ඒ සඳහා 2018 නොවැම්බර් මස 21 වන දින කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.
 
මහවැලි ගෙඟේ ප‍්‍රධාන අතු ගංගාවක් වන කන්දකාඩු ඔයේ පිටාර තැනි ආශි‍්‍රත ව පිහිටි විල්ලූ හා ජල පෝෂක වනාන්තර මෙලෙස සමාගම් වලට ලබා දීමට සැලසුම් කර ඇතැයි පරිසරවේදීහු චෝදනා කරති. 
 
 300 කට අධික අලි ගහනයකගේ නිජබිම වන මෙම ප‍්‍රදේශය විනාශ කිරීම සිදු වුවහොත් දැනට පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ වැලිකන්ද, සේරුනුවර, ලංකාපුර, මැදිරිගිරිය, තමන්කඩුව හා දිඹුලාගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් ගම්මාන වල පවතින අලි -මිනිස් ගැටුම උග‍්‍ර මට්ටමකට පරිවර්තනය වනු ඇතැයි ද ඔව්හු පෙන්වා දෙති.
  
මහවැලි බී කලාපයට අයත් ගම්මාන 38 න් ගම්මාන 27 ක පමණ අලි - මිනිස් ගැටුම පවතී. මෙම වනාන්තර හා විල්ලූ විනාශයත් සමඟ මේ තත්ත්වය තවදුරටත් උග‍්‍ර වනු ඇත. පසුගිය වසරේ දී වැලිකන්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පමණක් අලි මරණ 23 ක් හා අලින්ගේ පහර දීම් හේතුවෙන් මිනිස් මරණ 6 ක් පමණ සිදු ව තිබේ. මෙම වනාන්තර හා විල්ලූ විනාශයත් සමඟ ම ඒ තත්ත්වය තවදුරටත් වර්ධනය වී ගොවීන්, අලි - ඇතුන් හා වගා බිම් විශාල ප‍්‍රමාණයක් රටට අහිමි වනු ඇතැයි ඉඩම් හා කෘෂීකර්ම සංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂ සජීව චාමිකර මහතා ලංකාදීපයට පැවැසීය.  
 
ගැටලූ ගණනාවක් පවතිද්දී අක්කර 8500 ක වනාන්තර හා විල්ලූ විනාශ කර වාණිජ කෘෂිකර්මාන්තය ව්‍යාප්ත කිරීමෙන් කන්දකාඩුව, ගල්කන්ද, සිංහපුර, මුතුවැල්ල වැනි ප‍්‍රදේශවල අලි - මිනිස් ගැටුම තවදුරටත් වර්ධනය වනු ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.   
 
 මහවැලි මහ සැලැස්මට අනුව කි‍්‍රයාත්මක වූ මහවැලි කඩිනම් යෝජනා ක‍්‍රමය හේතුවෙන් අවතැන් වූ අලි - ඇතුන් ඇතුළු ජෛව ප‍්‍රජාවට වාසස්ථාන සැපයීම හා කෘෂිකර්මාන්තයේ තිරසර පැවැත්ම තහවුරු කිරීමට හා ජල පෝෂක ප‍්‍රදේශ වල සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා මහවැලි පහළ නිම්නයේ රක්ෂිත වනාන්තර ජාලය ස්ථාපිත කර ඇති  බව පෙන්වා දුන් චාමිකර මහතා වස්ගමුව ජාතික වනෝද්‍යානය, ගංගාධාර ස්වභාව රක්ෂිතය, ජලගැළුම්නිම්න ජාතික වනෝද්‍යානය, මින්නේරිය - ගිරිතලේ ස්වභාව රක්ෂිතය, මින්නේරිය ජාතික වනෝද්‍යානය, කවුඩුල්ල ජාතික වනෝද්‍යානය, සෝමාවතිය ජාතික වනෝද්‍යානය, ති‍්‍රකෝණමඩු ස්වභාව රක්ෂිතය වශයෙන් වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ ජාතික රක්ෂිත ජාලය ප‍්‍රකාශයට පත් කර තිබේ. 
 
 
මෙම රක්ෂිත වනාන්තර ජාලයේ අලි - ඇතුන් ඇතුළු බොහෝ ජීවීන්ගේ පැවැත්මට හා විල්ලූ ඇතුළු මහවැලි ගංගාවේ අතු ගංගාවක් වන කන්දකාඩු ඔයේ ජල පෝෂක වල පැවැත්මට දැඩි තර්ජන එල්ල කරමින් සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ හා ති‍්‍රකෝණමඩු ස්වභාව රක්ෂිතය අතර පිහිටන කන්දකාඩුව හා ති‍්‍රකෝණමඩු ප‍්‍රදේශයේ වනාන්තර හා විල්ලූ මෙම කටයුත්තට යොදා ගෙන ඇතැයි ඔහු පෙන්වා දුන්නේය. 
 
 
මේ නිසා වහා ම කන්දකාඩු හා ති‍්‍රකෝණමඩු වනාන්තර සහ විල්ලූ සමාගම් වලට ලබා දීමේ කි‍්‍රයාවලිය නතර කර ඒවායේ ආරක්ෂාව තහවුරු කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කර කි‍්‍රයාවට නැංවිය යුතු යැයි ද චාමිකර මහතා කීය.    



අදහස් (18)

කන්දකාඩුව කපන්න සුදානම්

Indunil Wednesday, 16 January 2019 10:19 AM

මෙව්වා කාලකන්නි වැඩ...

:       0       217

casmir Wednesday, 16 January 2019 02:31 PM

මේක ඇත්ත නම්... මේවගේ වැඩවලට වෙන කියන්න කිසිම දෙයක් නැහැ. අපේ රටේ ඉන්නේ තනිකරම කාලකන්නි පාලකයෝ සහ රජයේ නිලධාරින්... මේ අයට සල්ලි හම්බවෙනවා නම් අම්මා, තාත්තා වුනත් විකුණයි.

:       0       100

RaveendraThursday, 17 January 2019 05:48 AM

සහතික ඇත්ත.

:       0       3

වන අලියා Wednesday, 16 January 2019 10:29 AM

එයත් කැලෑ කපන්න යෝජනා ගෙනාවා නම් අනිත් අය ගැන කවර කතාද? විල්පත්තුව සහ සිංහරාජය ගැන අදහස අතහැර ගනිමු. දේශප්‍රේමී වෙස් ගත්තු හිවල්ලු...

:       0       252

Ravneedra Wednesday, 16 January 2019 10:58 AM

හත්දෙයියනේ... අපි හිතුවේ මේ හාදයා අද, හෙට රහත් වෙයි කියලා.. දෙන ටෝක් බැලුවම. එයාටත් කැලෑ පේන්න බැහැ වගේ ..ම්ම්...ම්ම්...පතෝල, වැටකොළු වගේ හිටියට වැඩ නම් සංස්ථා වානේ වගේ. හොඳයි යනකොට පෙට්ටියේ දාගෙනම යන්නකෝ...

:       0       105

d.upul Wednesday, 16 January 2019 10:59 AM

සියලු පොදු ජනතාව දවසට එක්වරක්වත් මේ කාලකන්නින්ට "හෙණ ගහපන්" කියා ශාප කළ යුතුයි.

:       0       36

ජයන්ත මිලානෝ Wednesday, 16 January 2019 11:39 AM

කවුරු කෙසේ මොනවා කීවත්, මේ අය දන්නවා තමන් බලයේ ඉන්න තාක් රට කාබාසිනියා වුවත් කොහොම හරි තමන්ගේ පවුලේ අයට සුඛෝපභෝගී ජීවිතයක් ඉදිරි අනාගතයේ ගත කරගන්න හම්බකර ගත යුතු ආකාරය. එ් වගේම ජනතාවත් දන්නවා මේ මහත් හොරු කෙතරම් රටට වින කලත්, මේ ගොල්ලන්ගේ වහල්ලු ලෙස දෙපැත්තට කතිරෙ ගහමින් සුදු මහත්තුරු ණය එවනකං මුහුදට දත නියව නියවා ඉන්න.

:       0       115

a.b.srila Wednesday, 16 January 2019 11:57 AM

රටක අවාසනාව... මුළු රටේම මිනිස්සු පරිසර විනශ වලින් විටින් විට බැටකන මේ වෙලාවේ .. අපේ මෝඩ දේශපාලකයෝ අලි - මිනිස් ගැටුම තවදුරටත් වර්ධනය වෙන මුළු පරිසරයම වනසන මේ වගේ වැඩවලින් පිබිදෙමු පොළොන්නරුවක් හදන්න පුලුවන් නම් හරි පුදුමයි...

:       0       37

naradha Wednesday, 16 January 2019 12:55 PM

රටට අවශ්‍ය අහාර රට තුළ නිපදවීම සඳහා ඊට යෝග්‍ය ඉඩම් කෘෂිකර්මාන්තය සඳහා යෙදවීමේ වරද කුමක්ද? මෙවැනි දේට විරුද්ධ වන අය යෝජනා කරන්නේ රටට අවශ්‍ය අහාර සැමවිටම පිට රටින් ආනයනය කරන්නටද? රටක වැඩිවන ජනගහනයේ අවශ්‍යතා පරිදි වනගත ප්‍රදේශ එළි කිරීමට සිදුවීම නොවැලැක්විය හැකි දෙයකි. පසුගිය ශතවර්ෂයේ මුල් භාගයේදී කොළඹ ප්‍රධාන නගරයට දකුණින් වූ භූමිභාගය සතුන්ගෙන් ගහන වන පෙදෙසක් වුවත්, අද එම ප්‍රදේශය මිනිසුන් විශාල ප්‍රමාණයක් වසන ජනාවාස බවට පත්වී ඇත. එසේනම්, අතීතයේ කොළඹ අවට තිබූ වනගත ප්‍රදේශ කපා හෙළි පෙහෙළි කිරීමත් වරදක්ද?

:       344       1

MalikaWednesday, 16 January 2019 02:37 PM

සොබාදහමේ පැවැත්ම සහ සමබරතාවයට වනාන්තර පැවතීම අත්‍යාවශ්‍ය කරුණකි. ඕනෑතරම් වගා නොකරන හේන් කුඹුරු තිබයදී වනාන්තර කැපීමට තිබෙන වුවමනාව කුමක්ද? රටට අවශ්‍ය තරම් ආහාර නිපදවා ගැනීමට නම් වගා නොකරන ඉඩම් වගා කළ යුතුයි. නව තාක්ෂණයෙන් ඉහළ ඵලදාවක් ලබාගත හැකි ක්‍රම හඳුන්වා දිය යුතුයි. සියලු වනාන්තර කපා දමා කාන්තාර නිර්මාණය වූ පසු වගා කිරීමට පමණක් නොව බීමට අවශ්‍ය ජලයද හුස්ම ගැනීමට අවශ්‍ය පිරිසිදු වාතයද රටින් ගෙන ඒමට සිදු වනු ඇත.

:       0       158

naradhaWednesday, 16 January 2019 03:52 PM

මේ අදහස තේ කෝප්පයක් තුළ කුණාටුවක් හට ගත හැකි බව කීම වැනිය. යටත් විජිත සමයේ සුද්දන් විසින් රටේ ඉඩම් විශාල ප්‍රමාණයක් හෙළිකොට තේ, රබර්, පොල් වැනි කෘෂිබෝග වගා කෙරුවත්, රට තුළ හුස්ම ගැනීම සඳහා වාතය හෝ බීම සඳහා ජලයේ හිඟයක් ඇතිවූ බවට වාර්තා වූයේ නැහැ. එසේනම්, හෙක්ටයාර 3415 වැනි රටේ කෘෂිකාර්මික ඉඩම් වලින් 1% ටත් වඩා අඩු බිම් ප්‍රමාණයක් හෙළි කිරීමෙන් මහා හානියක් සිදුවන්නේ කෙසේද?

:       104       1

MalikaThursday, 17 January 2019 02:07 AM

1800 ගණන් වල මෙරට වනාන්තර පද්ධතිය 50% වඩා පැවතුන අතර අද වන විට එය 16% ට ත් වඩා අඩුවී ඇත. රටක පැවැත්ම සදහා අවම වශයෙන් 40% වන්නන්තර පැවතිය යුතුය. දැනට අප ලබාගන්න අස්වැන්න මෙන් කිහිප ගුණයක් වැඩි අස්වනු ලබා ගත හැකි පරිසර හිතකාමී ක්‍රම මෙන්ම පසු අස්වනු විනාශය අඩු කරගත හැකි ක්‍රමද පවතී. එමගින් අපට අපනයනයට අවශ්‍ය තරම් වුවද ආහාර නිපදවිය හැක. කපා දමමින් පවතින වන්නන්තර ගණන දෙස බලන විට තව වසර කීපයක් යන විට ගස් ඉතුරු වෙන්නේ ගෙවල් වල පමණි. ඔබ පවසන ලෙස කුණාටු දැකිය හැකි වන්නේත් තේ කෝප්ප වල පමණි. අපට අහාර අවශ්‍යයි පවසා මුළු රටම කාන්තාරයක් බවට පත් කරන්නේ නම් මතු උපදින පරම්පරාව අපට ශාප කරනු ඇත.

:       0       3

prabha Wednesday, 16 January 2019 01:09 PM

අනිවාර්යයෙන්ම මොලේ පරික්ෂා කරන්න වෙනවා.

:       1       22

විජිත් Wednesday, 16 January 2019 07:26 PM

ඇත්තටම මේ රට කරන්නේ ' අමුම අමු මෝඩ රැලක් '..කොහෙන් හරි ඩොලර් කිහිපයක් දෙනවයි කිවොත්. ඇයි දෙයියනේ මේ රටේ මිනිස්සු ඔක්කොම එකතුවෙලා 1948 ඉඳලා අද වෙනකම් රට කමින් ඉන්න ඔක්කොම එලවාදමා , අලුත්ම අලුත් උගත්, වැදගත් ,බුද්ධිමත්, සොබාදහමට- රටට අවංකවම ආදරයකරන අවංක තරුණයින් පිරිසක් රටේ පාලනයට පත් නොකර ගන්නේ...? ඡන්ද කාලෙට දේශපාලුවන් බෙදන බත් මුලට, රුපියල් දාහට, අරක්කු බෝතලයට, සිල් රෙද්දට තමන්ගේ වටිනා ඡන්දය හුවමාරු කරගන්නා ' වහලුන් ' සිටිනාතක් කල් ...ලෝකයේ තියෙන අසමත්ම රාජ්‍යය ලෙස නම් කරන තෙක් ... අපේ රට ඔහේ පාවී පාවී තියේවි. එයයි අපේ අවාසනාව.

:       0       0

Chanak los angeles Thursday, 17 January 2019 02:04 AM

ජනපති වූ පලියට පරිසරය පිළිබඳව අවබෝධයක් නොමැතිව මෙවැනි තීරණ ගන්නේ කොහොමද ? පරිසරවේධීන් කීවොත් මෙයින් වෙන්නේ මහත් විනාශයක් කියා ඕනම කෙරුමෙක් ඊට සවන් දිය යුතුයි. හැබැයි එයට පිටුපා ක්‍රියා කරන්න හදනවානම් ඔවුන්ව දේශද්‍රෝහියෝ ලෙස බ්ලැක් ලිස්ට් කල යුතුයි.

:       0       0

දිලුම් Thursday, 17 January 2019 05:24 AM

මං දන්න විදියට නම් කැබිනට් සංදේශයකට අදාල කරුණු යටතේ ඊට අදාල රජයේ දෙපාර්තමේන්තු විසින් නිරීක්ෂණ ඉදිරිපත් කල යුතුයි. එතකොට මේ වගේ යෝජනාවක් නිවැරදි කරල අනුමැතිය දුන්න නිලධාරින් කවුද. දේශපාලකයො කියන අය කරන කරන හැමදේම හරිය කියන රජයේ නිලධාරින් ඉන්න රටක් මේක. අනික නාරද කියන කෙනා කහින්නේ කා වෙනුවෙන්ද. ඔබ ලංකාවෙන් ටිකක් එහාට ගිහිං ලෝකය දෙස බලන්න. කොරියාව ජපානය වැනි රටවල අධිවේගී මාර්ග දෙපස පවා වනාන්තර වගේ. ඒ රටවල් අද මහාපරිමාණ වශයෙන් වනාන්තර වගා කරනවා. මුළු රටපුරාම එකම හරිත යායක්. නමුත් ජපානය කන්න නැතුව බඩගින්නේ ඉන්න රටක්ද. ඔබ කියන විදියට නම් ඒ රටේ එක වනාන්තරයක් වත් ඉතුරුවෙන්න විදියක් නෑ වැඩිවන ජනගහනයට ආහාර දෙන්න ගස් කපන්න ගියොත්. එහෙත් රහස තියෙන්නේ ඔවුන් හැකි සෑම බිම් අගලකම වගා කරනවා. ටොකියේ නගරය ඔවුන්ගේ අගනුවර උනත් ඉන් කිලෝමීටර කීපයක් එහාාට ගියතැන සිට දුම්රිය මාර්ග දෙපස පෙනෙන්නට තිබෙන්නේ වී, කොමඩු, බඩඉරිඟු සහ එලවළු වගාබිම්. ඇයි අපිට ඒ රටවලින් මේ ආදර්ශ ගන්න බැරි.

:       0       2

naradhaThursday, 17 January 2019 03:28 PM

රටේ ඇත්ත තත්ත්වය කීමට කා වෙනුවෙන් හෝ කහින්නට අවශ්‍යමද?

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Thursday, 17 January 2019 07:41 AM

ගස් හිටවලා අලුතින් වනාන්තර ඇති කරන්න ඕනේ වෙලේ තියන කැලා කපන්න කියන අනුවන මිනිස්සු

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇල්ලේ නාය යාමක් සක්‍රීය වෙයි
2024 අප්‍රේල් මස 26 32 0

ඇල්ල මලිතගොල්ල ප්‍රදේශයේ පැරණි නායාමක් මේ වනවිට නැවත සක්‍රිය වී එම තත්වය වේගවත් වී ඇතැයි ද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ එම්


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 216 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 92 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 280 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 655 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1264 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site