IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කංජිපානි ඉම්රාන් සමඟ සමීප සබඳතා පැවැත්වූ පොලිස් නිලධාරීන් ගැන පරීක්ෂණ

(ඉන්දිකා රාමනායක)

රැඳවුම් නියෝග මත රඳවාගෙන ප‍්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධ  කල්ලි නායකයකු වශයෙන් හැදින්වෙන  කංජිපානි ඉම්රාන් නැමැත්තා සමඟ  කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්  සමීප සම්බන්ධකම් පවත්වන බවට   ලැබුණු  පැමිණිල්ලක්  විමර්ශන සදහා  වැඩබලන පොලිස්පති  චන්දන වික‍්‍රමරත්න මහතා විසින්  බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා  වෙත යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
 

 රැඳවුම් නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසය බාරයේ සිටි කංජිපානි ඉම්රාන් නැමැත්තා සමග පොලිස් නිලධාරීන් සමීප සම්බන්ධකම් පවත්වන බවත් ඔවුන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට ඉල්ලා මාගල්කන්දේ සුදත්ත හිමියන්  පසුගියදා පොලිස් මුලස්ථානයට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.
 
කොළඹ අපරාධ කොට්ඨසයේ දී කංජිපානි ඉම්රාන් නැමැත්තා සමඟ උපන්දිනය ද සමරා ඇති බවටත් පොලිස් නිලධාරීන් සමඟ සිනා සෙමින් කථා කරමින් සිටින වීඩියෝ පටක් ද සමඟ සුදත්ත හිමියන්ගේ මෙම පැමිණිල්ලේ ඉදිරිපත් කර  තිබුණි.
 
වැඩබලන පොලිස්පතිවරයා  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා වෙත යොමු කර ඇති එම පැමිණිල්ල  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු යටතේ   විභාග කරන බවද   පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
 
 මෙම පරීක්ෂණයෙ දී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්  කංජිපානි ඉම්රාන් නැමැත්තා සමග සම්බන්ධකම් පවත්වා ඇති බවට හෙළි වුවහොත් ඔවුන්ට එරෙහිව  දැඩි කි‍්‍රයා මාර්ගා ගන්නා බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (13)

කංජිපානි ඉම්රාන් සමඟ සමීප සබඳතා පැවැත්වූ පොලිස් නිලධාරීන් ගැන පරීක්ෂණ

Raveendra Wednesday, 14 August 2019 10:23 AM

එහෙනම් ඉතින් අත්දෙකේ ඇඟිලි ගානට නිලධාරීන් ටිකක් ඉතුරුවෙයි පරීක්ෂණ නොකරන්න. එතරම්ම මහජන ආරක්ෂාවට තිබෙන මෙම ආයතනය "අපිරිසිදු හා වංක" සේවකයන්ගෙන් පිරි ඉතිරී ඇතිබව නොරහසකි.

:       1       484

silv Wednesday, 14 August 2019 10:51 AM

ලෝක හොරු ඉන්න තැනක්... ජරාවෙන් පිරුණු අායතනයක්..

:       1       165

isurandi Wednesday, 14 August 2019 11:04 AM

බොරුවැඩ නොකර ඉන්න මෙයාලා. ඔය කුඩ්ඩන්ට රැකවරණය දුන්නු අයව අල්ලගන්න බැරිව මේ මොන විහිළු වැඩද?

:       0       169

Nuwan Wednesday, 14 August 2019 12:41 PM

ඔය කොයි කොයි පොලිස් නිලධාරියත් මොටර්සයිකලයක් පදින සාමාන්‍ය තරුණයෙකුට මහමගදී සුළු හෝ මාර්ග නීතියක් කඩකළ විට දාන රැස් අන්තර්ජාලයෙන්ම බලාගන්න පුළුවන්... නමුත් ලංකාවේ කුඩු රජාත් එක්ක එකට පාටිදානවා. මිනිස්සු හිතන්නේ කන්ජිපානිට දැන් පොලිසිය හොඳට සලකනවා ඇති කියලා.. මේවට හිනාවෙන්නේ කොහෙන්ද කියලා හිතාගන්න බැහැ. ඔය දෙපාර්තමේන්තුවෙන් දුප්පතාට අසරණයට තමයි සේරම හිරිහැර...

:       5       325

kumarage Wednesday, 14 August 2019 05:50 PM

ඔතන ඉන්න අය ලොකු ලොකු මෝරු අල්ලාගෙන සුපිරි ජීවිත ගෙවනවා.. සල්ලි කාරයෙක් ඔතැනට ගියාම තියන සැලකිලි එයා එළියේ හිටියත් ගන්න බැහැ.. ඒ නිසා ඔය බොරු පරීක්ෂණ කරන්න එපා. මොකද සම්බන්ධකම් පැවැත්වූයේ මුස්ලිම් කෙනෙක් එක්ක.. ඕක තව සති දෙකෙන් ඔක්කෝටම අමතකයි.

:       0       26

ranjith Wednesday, 14 August 2019 09:59 PM

මේ රටේ පාලකයොත් ඒකේ නීතිය ක්‍රියාත්මක කරන ඔක්කොමත් රට අගාධයට ගෙනියනවා නේද ?

:       0       12

Mahee Wednesday, 14 August 2019 11:49 PM

ඉස්සර කොළඹ අපරාධ කොට්ටාශයෙන් ගිහින් හිටපු පොලිස්පති කෙනෙක් කුඩු ලොක්කෙකු එක්ක කරපු පාටි දැමිලි අල්ල ගත්ත. දැන් පොලිස්පති ගිහින් කොළඹ අපරාධ කොට්ටාශයේ කට්ටිය කුඩු ලොක්කොත් එක්ක කරන පාටි දැමිලි අල්ලනවා. අහෝ දෛවයක සරදම!

:       0       12

SL Thursday, 15 August 2019 01:36 AM

සාමාන්‍ය ජනයාට හරියට පැමිණිල්ලක් දාගන්නවත් බැහැ. මේ වගේ පොලිස් කාරයෝ හින්ද. කුඩු විකුණන එකෙක් ගැන පොලිසියට පැමිණිල්ලක් දැම්මොත් ,අනිත් පැත්තෙන් කුඩු මුදලාලි එනවා පැමිණිල්ල දාපු කෙනාගේ ගෙදරට පිස්තොලත් එක්ක. සාමාන්‍ය ජනයා රකින්න ඉන්න පොලිසිය කුඩු මුදලාලිලා රක්කහම රටක් විනාශ වෙන්නේ ඉබේම.

:       0       14

මුණසිංහ Thursday, 15 August 2019 02:29 AM

කංජිපානි දැකලවත් නැති අය කිහිප දෙනෙක් අහුවේවි...

:       0       19

Amila Thursday, 15 August 2019 03:03 AM

ඒකත් පොඩි මිනිහාට හෝ නිලධාරීන්ට තමයි. අර මධූෂ්ලා එක්ක ගනුදෙනු කරමින් එළිපිට එකට වැඩ කරපු මාතර පොහොට්ටුවේ මන්ත්‍රී ඇතුලු අනිත් මන්ත්‍රීලා, ඇමතිලා ගැන නිකමටවත් පරීක්ශණයක් කළාද? මේවත් නිකන් අර පොල්ගෙඩි නඩු වගේ තමයි...

:       1       9

amila peiris Thursday, 15 August 2019 03:32 AM

රටේ නමගිය අපරාධකරුවන් හා රැකවරණ දුන් අය මේ වෙනකොට නඩු තීන්දු වෙලා ඇතුලේ ඉන්න ඕනෑ. අන්තවාදී ආගම්, ත්‍රස්තවාදීන්, කුඩු රජවරු, කුලියට මිනීමරන අය රඟන්නේ ඉතා අකාර්යක්ෂම හා ඉතා දූෂිත නිලධාරීන් දෙපාර්තමේන්තුවේ ඉන්න නිසා. දේශපාලන අධිකාරියේ අවශ්‍යතාවයන් ඉටුකරන මහජන මුදලින් නඩත්තුවෙන ආයතනනයක්...

:       0       15

sanjaya Thursday, 15 August 2019 04:10 AM

පොලිසිය? දෙවරක් සිතන්න.

:       0       14

Hafeel Thursday, 15 August 2019 08:41 AM

ඇයි කංජිපානි ඉම්රාන් සමඟ සමීප සබඳතා පැවැත්වූ දේශපාලකයන් ගැන කිසිම පරීක්ෂණයක් නැද්ද? ඔවුන්ට පාස්පෝර්ට් හදලා දුන්, ගුවන් තොටුපොළට රැගෙනගිය දේශපාලකයිනුත් ඉන්නවනේ...

:       0       25

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 61 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 92 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 92 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 272 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 613 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 129 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1712 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site