IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් කාර්යාලයෙන් අනතුරු ඇඟවීමක්

නීතිවිරෝධී බෝට්ටු වලින්  ඕස්ට්‍රේලියාවට ගමන් කර හැකි යැයි මිනිස් ජාවාරම් කරුවන් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන ව්‍යාජ වෙළඳ දැන්වීම් වලට මුලා නොවන ලෙස ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. 
 
ඕස්ට්‍රේලියාව දේශ සීමා ආරක්ෂාව තර කර ඇති බැවින් ශ්‍රී ලංකිකයන් මෙසේ නීතිවිරෝධී ලෙස පැමිණීම තම  ජීවිත අනතුරට පත්කර ගැනීමක් බව මහකොමසාරිස් කාර්යාලය නිකුත් කර ප්‍රකාශයේ දැක්වේ. 
 
මෙසේ පැමිණෙන්නන් වැළැක්වීමට ශක්තිමත් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට ඕස්ට්‍රේලියාව උත්සහ ගෙන ඇත.
 
පසුගිය සිව් වසර තුළ නීතිවිරෝධී ලෙස බෝට්ටුවෙන් පැමිණෙන පිරිස් නැවත හරවා යැවීමට කටයුතු කළ බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්  බ්‍රයිස් හචිසන් පවසා සිටියේය. 
 
කලාපීය රටවල් හවුල්කර ගනිමින් අඛණ්ඩව ආරක්ෂණ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය පැවසුවේය.
 
පසුගිය අවුරුදු පහ තුළ  ඕස්ටේලියානු ආධාර ඇතිව ජාත්‍යන්තර බලධාරීන් විසින්  2525 දෙනෙකගේ නීති විරෝධී පැමිණීම වළක්වා ඇති අතර 614 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.
 
2013 සිට ඕස්ට්‍රේලියාවේ දේශ සීමා ආරක්ෂක විධි විධාන තදින් ක්‍රියාත්මක වේ.
 
මෙසේ නීතිවිරෝධී ලෙස පැමිණි 827ක්  ආපසු හරවා යවා ඇති අතර  ඒ අතර ශ්‍රී ලාංකිකියන් 166 ක් සිටිති. 
 
- ඩේලි මිරර්  ඇසුරෙනි- 
 
- 63226     



අදහස් (0)

ඕස්ට්‍රේලියා මහකොමසාරිස් කාර්යාලයෙන් අනතුරු ඇඟවීමක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 436 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 874 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1040 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 592 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 605 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 209 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site