IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


එජාපයට සහය පළකිරීමත් සමඟ ටීඑන්ඒ සංවිධානයට විපක්‍ෂනායක ධූරය අහිමිවෙනවා

(නාලක සංජීව දහනායක)

රනිල් වික‍්‍රමසිංහ මහතාට අගමැතිධූරය ලබාගැනීමට සහය පළකිරීමත් සමඟම ද්‍රවිඩ ජාතික සංවිධානයට විපක්‍ෂනායක ධූරය අහිමිවන බව මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී  ඩලස් අලහප්පෙරුම මහතා අද (12) පැවැසීය.

එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද පැවැසීය.

       ‘‘රනිල් වික‍්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත‍්‍රී සංඛ්‍යාවකගේ සහය ලබාගැනීම සඳහා එක්සත් ජාතික පක්‍ෂය පසුගිය සතිය පුරාම ද්‍රවිඩ ජාතික සංධානය සමඟ සාකච්ඡා කළා. ඒ අනුව රනිල් වික‍්‍රමසිංහ මහතාට  කොන්දේසි සහිතව තමන් සහය පළකිරීමට එකඟවූ බව ද්‍රවිඩ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පැවසුවා. එක්සත් ජාතික පක්‍ෂයට ද්‍රවිඩ ජාතික සංධානය සමඟ ආණ්ඩු හැදීම පිළිබඳව අපි ප‍්‍රශ්න කරන්නේ නැහැ.

එහෙත් අගමැතිධූරය සඳහා රනිල් වික‍්‍රමසිංහ මහතාට සහය පළකිරීමත් සමඟම ද්‍රවිඩ ජාතික සංධානයට හිමිව තිබෙන විපක්‍ෂනායක ධූරය ඔවුන්ට අහිමිවෙනවා. ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කළ අපි මන්ත‍්‍රීවරුන් 54 දෙනෙක් එදා විපක්‍ෂයේ අයිතිය ඉල්ලා සිටි විටදී කතානායකවරයා අපිට ඒ අයිතිය දුන්නේ නැහැ. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් එකවිටම ආණ්ඩුව හා විපක්‍ෂය නියෝජනය කිරීම පිළිගත නොහැකි බව ඔහු එදා අපිට පැවැසුවා. ඒ තියරියම භාවිතා කළහොත් රනිල් වික‍්‍රමසිංහ මහතාට සහය පළකරමින් ඡන්දය භාවිතා කළ මොහොතේ සිටම ද්‍රවිඩ ජාතික සංධානයට විපක්‍ෂනායක ධූරය අහිමිවිය යුතුයි.‘‘

බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී අද (12) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (25)

එජාපයට සහය පළකිරීමත් සමඟ ටීඑන්ඒ සංවිධානයට විපක්‍ෂනායක ධූරය අහිමිවෙනවා

Rata Perata Wednesday, 12 December 2018 11:04 AM

නිකම් කයිවාරු ගහන්නේ නැතිව ඉන්න. ගන්න පඩියට වැඩේ කරගන්න තමයි මේ ඔක්කොටම බැරි. නීති උපදෙස් වගේ ඒවා නම් හොඳට දන්නවා.

:       220       290

de Wednesday, 12 December 2018 11:04 AM

ජනතාවට ඕනෑ ඔයාල ඔක්කොටම මන්ත්‍රිකම නැතිවෙලා රටට සෙතක් වෙන දවසක් දකින්න. ඔයාලා 225ම හරි කරදරයක් අනේ අපිට.., පොඩි රටකට මොකටද අනේ 225ක්?

:       0       220

karthini Wednesday, 12 December 2018 11:09 AM

මේක නම් හතරබීරි කතාවක්නේ!

:       165       253

silva Wednesday, 12 December 2018 11:24 AM

එහෙම වෙන්න ඕන එයාලට විතරද? එතකොට බහුතරේ නැති මහින්ද අගමැතිකමේ එල්ලිලා ඉන්නේ? ඔයාලට අවැසිනම් එහෙමයි වාසිනම් මෙහෙමයි කියලා අලුත් ව්‍යවස්ථාවක් හදාගෙන සම්මත කරගමු නේද...? මඩින්නේ නැතුව හොඳින් එන්න ඩලස්...

:       89       206

dingdong Wednesday, 12 December 2018 11:25 AM

එ්කත් ජනාධිපතිට දුන්නා නම් !!!

:       0       68

MO77 Wednesday, 12 December 2018 11:31 AM

මහින්ද විපක්ෂ නායකයා වෙනවා දැන්... රනිල් අගමැති වෙනවා දැන්.... ඩලස් අලහප්පෙරුම ඔයා හරි අනේ.

:       3       194

sudelmi Wednesday, 12 December 2018 11:35 AM

එ්ක ඇත්ත තමයි. එතකොට විපක්ෂ නායක අනුරකුමාර මොකද? පොහොට්ටුව මැතිවරණයක් ජය ගත්තේ නැති නිසා ඔබලාට විපක්ෂ නායකකම තියා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමටවත් නොහැකියි. අනෙක නොකියා කියන්නේ රනිල්ව අගමැති කියලා පිළිගන්නවා කියන එකනේද?

:       0       137

appuhami Wednesday, 12 December 2018 11:38 AM

ඈ බොල.... ඒ කියන්නේ පාර්ලිමේන්තු අාවේ නැතිවට වෙන දේවල් පිළිගන්නවා එහෙනම්...

:       0       1251

SilverWednesday, 12 December 2018 01:19 PM

ඒ වගේම ඒවා පිළිගන්නවා... එහෙනම්.

:       0       64

Duminda Wednesday, 12 December 2018 11:58 AM

මේ මොනවද කියන්නේ? ඒ කියන්නේ විපක්ෂ නායකකම... පොදුජන එක්සත් පෙරමුණට දෙන්න කියලද? එතකොට ආණ්ඩුව INP හා TNA ද? කොහොම හරි පොහොට්ටුවට ගිය සෙට් එකේ මන්ත්‍රීකම නැතිවෙයි වගේ... කට ඇරියේ නැතිවට මහමැතිවරණයක් ඉල්ලලා කෙඳිරි ගාන්නේ ඒකයි. මේ අවුල සමථයකට පත්වුණු ගමන් SLFP අය පොහොට්ටුවට ගිය අයගේ සීට් නැති කරන්න කෑ ගහනවා. එදාට මේ අයට අල්ලපු අත්තත් නැහැ. පයගහපු අත්තත් නැහැ.

:       0       88

SilverWednesday, 12 December 2018 01:23 PM

හරියට හරි... මහජනයා කියකියා මෙයාලටම තමයි ඡන්දයක් ඉල්ලන්නේ එහෙනම්...

:       0       31

wasantha Wednesday, 12 December 2018 12:01 PM

මචන්... යන යකා කොරහත් බිඳගෙනම පලයන් කිව්වලු...

:       0       27

Hafeel Wednesday, 12 December 2018 12:12 PM

එහෙමනං ඊළඟ ඉලක්කය විපක්ෂනායක ධුරයද? මේ ගමන ගිහින් නවතින්නේ වීරකැටිය සමූපකාර ඡන්දෙන් තමයි.

:       0       66

Kumara Wednesday, 12 December 2018 12:19 PM

මෙයා තරම් කෙනෙක් මුළු තුන්ලෝකෙවත් නැතිව ඇති...

:       0       47

Ravi Wednesday, 12 December 2018 12:28 PM

මේ අය කවද්ද රටට වැඩක් කලේ..?

:       0       75

mahesh Wednesday, 12 December 2018 01:29 PM

ගොන් කතා කියනවා මදිවට තවමත් හිතාගෙන ඉන්නේ රටේ ඉන්නේ ඔක්කොම නුගත් මෝඩයින් කියලයි...

:       0       21

dadi Wednesday, 12 December 2018 02:03 PM

අනතුරුව ඩලස් මහත්තයා අවසානයේදී පිළිගනීවි රනිල් ලංකාවේ ඇත්තම අගමැති කියලා...

:       0       79

Don Wednesday, 12 December 2018 02:08 PM

විපක්ෂ නායකකම වෙනුවට අගමැති පදවියත්, ඇමති පදවියත් ආරක්ෂා වුණාම ඇති..

:       0       69

weerakoon Wednesday, 12 December 2018 03:46 PM

විපක්ෂය කියන්නේ හරි, වැරදි දෙකටම විරුද්ධ වෙන කණ්ඩායමටද?

:       1       40

pj Wednesday, 12 December 2018 03:55 PM

ඒ කියන්නේ ඔයගොල්ලන්ට විපක්ෂනායකකම හිමියි කියන එකනේ....

:       0       61

kamil Wednesday, 12 December 2018 07:50 PM

හරි හරි තොප්පිය දාගත්තනම් විදවන්න රිලවෝ කිවුවලු.....

:       0       1

baminu Thursday, 13 December 2018 01:29 AM

මේ අය දේශප්‍රේමින්ද ? අපේ රට විනාස කරන්ඩ එපා.! පාර්ලිමේන්තුවට ඇවිත් ඡන්දයකට මුහුණ දෙන්ඩ? ඒකයි වැදගත් මහ්ට්වරුන්හේ වගකීම.

:       0       1

Don Thursday, 13 December 2018 03:09 AM

දැන් ඉතින් TNA එකට ඇමතිකම් ලැබෙන නිසා විපක්ෂ නායකකම නිමල් සිරිපාලට දෙන්න, එයා හරි ආසයි

:       0       1

Ajith Nissanka Thursday, 13 December 2018 05:10 AM

අනේ ඒකත් ඔයගොල්ලොම ගන්න!

:       0       1

mahinda Thursday, 13 December 2018 06:20 AM

හරි කියමුකෝ, එතකොට ඔබල විපක්ෂයද? එකත් කියල පාර්ලිමේන්තුවේ විපක්ෂේ අසුන් ගත්ත නම් හරිනේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 271 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 589 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 703 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 404 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 474 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 169 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site