IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


එජාප ප්‍රතිසංවිධාන කටයුතු අනුරාධපුරයෙන්


 

(අනුරාධපුර - දයාරත්න ඇඹෝගම)

එජාප පාක්ෂිකයන්ගේ  විශ්වාසය දිනා ගෙන පක්ෂයේ අභිමානයද ආරක්ෂා කර ගනිමින් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වෙන බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අනුරාධපුරයේදි පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය අද (21) අනුරාධපුරයෙන් ආරම්භ විය.

මෙම සමාරම්භක උත්සවය අනුරාධපුර දිස්ත්‍රික්කයේ එජාප ආසන සංවිධායකවරුන් සහ ඔවුන්ගේ ආධාර කරුවන් රැසකගේ සහභාගිත්වයෙන් අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි සීදේවි හෝටලයේදි පැවැත්විණි.

එම සමාරම්භක උත්සවයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදි එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ බව පැවසීය.

‘‘එක්සත් ජාතික  පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු දිස්ත්‍රික් මට්ටමින් හා ආසන මට්ටමින් සිදු කිරිම අද (21) අපි අනුරාධපුරයෙන් ආරම්භ කළා. ආසන සංවිධායකයින් හා අපේ පක්ෂයේ ක්‍රියාකාරීන් සමග මේ සම්බන්ධයෙන්  සාකච්ජා කළා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ගම් මට්ටමින් ආරම්භ කිරිමට සැලසුම් කර තිබෙනවා.

ඒ වාගේම කොරෝනා රෝගය ව්‍යාප්තවි තිබෙන අවස්ථාවක සියල්ලන් සමග සාකච්ජා කරලා පක්ෂයේ කටයුතු ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පසුව හෙට අපි නුවර දිස්ත්‍රික්කයට යනවා. මේ ආකාරයට දිවයිනේ සියළුම දිස්ත්‍රික් ආවරණය වන පරිදි පක්ෂයේ ආසන සංවිධායකයන් හා ක්‍රියාකාරින් හමුවෙලා පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු දියත් කිරිමට තිරණය කොට තිබෙනවා.

විශේෂයෙන්ම අපේ පාක්ෂිකයන් කළ කිරිමකට පත්ව සිටියා මැතිවරණය පරාජය වූ  අවස්ථාවේ. ඒ වුණාට පාක්ෂිකයන්ගේ හිතේ එක්සත් ජාතික පක්ෂය තාමත් තිබෙනවා. අපි විශ්වාස කරනවා පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සාර්ථකව ඉදිරියට කරගෙන යන්න හැකිවෙයි කියලා.

පාක්ෂිකයන්ගේ හිත දිනාගෙන,විශ්වාසය දිනා ගෙන ඉදිරියේදි විශාල බලවේගයක් හදාගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. ඒක අපි කරනවා. 2025 වෙන කොට මීට වඩා ශක්තිමත්ව ඉදිරියට ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂයේ අභිමානය ආරක්ෂා කරගෙන ජයග්‍රහණය වෙනුවෙන් අපි කටයුතු කරනවා.

පක්ෂයේ මුහුණුවරේ වෙනසක් අවශ්‍යවි තිබෙනවා. අපේ ආණ්ඩුව තියෙන කාලයේ අපේ පාක්ෂිකයන්ට යම්කිසි අසාධාරණයක් සිද්ධ වෙලා තිබුනා. අපි ඒක පිළිගන්නට ඔනේ. ඒ නිසා නැවත පාක්ෂිකයන්ගේ හිත දිනා ගෙන පක්ෂය ශක්තිමත් කරන්න ඔනේ. දෙසැම්බර් මාසයේ අගවන විට ජනවාරියේ මුල් සතිය වන විට දකින්නට ලැබෙයි මේ පක්ෂයේ අපි ඇතිකරන වෙනස් කම්.
එජාප ආණ්ඩුව කාලේ ජනතාවගේ ජීවන බර අඩුකරලා දුන්නා, ගැබිණි මවුවරුන්ට පෝෂණ මල්ලක් ලබාදුන්නා. සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කළා. නමුත් අද මොනවද කරලා තියෙන්නේ.

පළමුවෙන්ම කොරෝනා රෝගය පැතිර යන අවස්ථාවේ එය මැඩ පැවැත්විම සදහා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා රජයට උදව්කළා. ඒ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහත්මයා කිව්වා ධීවරයන් ගැන බලන්න.. ඒ වගේම ඇඟලුම් කර්මාන්ත දිහා බලන්න කියලා. නමුත් එතුමා කියුව දෙයට ඇහුම්කන් දුන්නේ නැහැ. එදා ජනාධිපතිතුමා කියුවේ මම තමයි සියල්ල නතර කළේ කියලා. දැන් බලන කොට මොනවද වෙලා තියෙන්නේ?

පසුගිය මහ මැතිවරණයේදි අපට ජනවරමක් ලැබුනේ නැහැ පාර්ලිමේන්තුවට යන්නට. පරාජයට පත්වුනා. නමුත් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රි ධුරයක් තිබෙනවා. එම මන්ත්‍රිධුරය කාටද දෙන්නේ කියලා අපි සඳුදා සාකච්චා කරනවා. ඒ වාගේම විපක්ෂයෙන් කණ්ඩායමක් කඩාගෙන ගිහින් ආණ්ඩුවේ අසුන් ගැනිම ගැන කණගාටු වෙනවා. අපි මේ ගැන මැතිවරණයේදි අපේ පාක්ෂිකයන්ට කිව්වා. අපි දැන් තිරණයක් අරගෙන තියෙනවා ජාතික ලැයිස්තුවේ මන්ත්‍රි ධුරයට සුදුස්සෙක් පත්කරන්න.

විසිවැනි සංශෝධනය සම්මත කරගෙන විශාල බලතල සහිත ජනාධිපතිවරයෙක් ඉන්නේ.ඒ වාගේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් රජයට තිබෙනවා. ඒ බලයත් එක්ක හැප්පෙන්න පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සියළු පක්ෂ හා එක්ව කටයුතු කිරිමට එක්සත් ජාතික පක්ෂය සුදානම්...‘‘ යැයි එජාප නියෝජ්‍ය නායක රැවන් විජයවර්ධන මහතා මෙහිදි පැවසීය.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ හිටපු එජාප මැති ඇමතිවරුන් වන පාලිත රංගේ බණ්ඩාර, පාලිත තෙවරප්පෙරුම, සමන් රත්නප්‍රිය, රංජිත් සමරසිංහ යන මහත්වරු ඇතුළු අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරු ඔවුන්ගේ ක්‍රියාකාරිහු පිරිසක් එක්ව සිටියහ.

 



අදහස් (10)

එජාප ප්‍රතිසංවිධාන කටයුතු අනුරාධපුරයෙන්

Nihal Sunday, 22 November 2020 02:11 AM

නායකයා ඉවත් කළානම් පාක්ෂිකයන් එකතු වෙයි.

:       0       0

vidya Sunday, 22 November 2020 06:55 AM

අනේ අර දුටුගැමුණු නම් ගාවගන්නවත් එපා....

:       2       3

Ranjith Sunday, 22 November 2020 08:20 AM

නායකයා ඉවත් කලානම් පාක්ෂිකයන් එකතු වෙයි...

:       2       3

banda Sunday, 22 November 2020 11:13 AM

පාක්ෂිකයෝ සජිත් වටා එකතු වෙලා අවසන්... දැන් ඔබලාට පොහොට්ටුව වටේ එකතු වෙන්න පුළුවන්..

:       0       0

Channa Sunday, 22 November 2020 11:50 AM

කවුද එජාපයේ නායකයෝ? කවුද සහභාගි වුණේ?

:       0       0

Demuni Uduwara Sunday, 22 November 2020 12:25 PM

රුවන්, අපට ඔබ විශ්වාසයි.

:       0       0

NM Sunday, 22 November 2020 01:25 PM

රනිල් වික්‍රමසිංහ මහත්මයා පක්ෂයෙන් හෝ නායකත්වයෙන් හදිසියේ ඉවත්වන්නේත් නැත. පක්ෂයෙන් පිටවගිය කල්ලිය නැවත පැමිණෙන්නේත් නැත. මේ දෙකම සිදුනොවන කරණා දෙකකි. මේ වනවිට නියෝජ්‍ය නායකත්වය කැපවීමෙන් පක්ෂයේ සංවිධාන කටයුතු රටපුරා මෙහෙයවමින් කටයුතු කරනු පෙනේ. පක්ෂය හැරගිය කිහිප දෙනෙකු හැර රනිල් වික්‍රමසිංහ මහත්මයා නායකත්වයෙන් ඉවත් විය යුතු බව පාක්ෂිකයා අතර මතයක් ගොඩනගා තිබුණි. නමුත් එම මතය මේ වනවිට පහව ගොස් ඇත. සමගි බලවේගය වැනි කුඩා පක්ෂයක නායකයා වී එය මෙහෙයවීමට නොහැකි සජිත්ට එක්සත් ජාතික පක්ෂය වැනි වටිනා දේශපාලන පක්ෂයක නායකත්වය ලබා දෙන්නේ කෙසේද කියා පාක්ෂිකයන් ප්‍රශ්නකර සිටියි. ඔවුන් කියන්නේ සජිත්ලා අපව රැවැට්ටුවා කියාය.

:       0       0

vinivida Sunday, 22 November 2020 02:20 PM

එම සියලු විවේචන මුළුමනින්ම බලපානු ලබන්නේ එජාපට නිසාත් එම විවේචන සදහා පිළිතුරු ලබා දීමට සිදුවන්නේ රටවටා යමින් සිටින නියෝජ්‍ය නායකයට නිසාත් එජාපයේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රි ධුරයට කිසිවකු පත් නොකිරීම සුදුසුවේ. මේ වනවිට රටතුල ඇතිව තිබෙන්නා වූ අර්බුදකාරී වාතාවරණය තවදුරටත් බැරෑරුම් වෙමින් තිබෙන නිසා පාක්ෂිකයන් පමණක් නොව රටවැසියා තුල රජය කෙරෙහි ඇතිවෙමින් තිබෙන්නා වූ අකමැත්ත අපේ එජාප දෙසට හරවා ගැනීමට සියලු මෙහෙයුම් නිහඩව සාර්ථකව කරගෙන යාමට මුලිකත්වය දීම ජාතික ලැයිස්තුවේ මන්ත්‍රි ධුරයේ පාර්ලිමේන්තු පුටුව පිරවීමට වඩා වැදගත්වනු ඇත. මෙය මගේ පුද්ගලික මතය වේ. covid -19 වෛරසයට මේ වනවිට vaccine නිපදවා සාර්ථක අත්හදා බැලීම් කර ඇති නිසා එම vaccine ලබාදීම මේ වසරේ අග සිට හෝ ලබන වසරේ මුල සිට පටන් ගැනෙනු ඇත. ලබන වසරේ අප්‍රේල්වනවිට පක්ෂයේ සංවිධාන කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට හැකිවනු ඇත. covid -19 වෛරසයට එන්නත සමහර රටවල් නොමිලයේ ඔවුන්ගේ පුරවැසියන් හට ලබාදීමට කටයුතු කරන බව ප්‍රකශ කර ඇත. නමුත් මෙම එන්නත ලංකාවට ලබාගැනීම කෙසේ සිදුවේද කියා මෙතෙක් රජය කිසිවක් ප්‍රකාශ කොට නැත.

:       0       1

pradeepa Sunday, 22 November 2020 02:45 PM

අනේ අපි දුන්න ඡන්දය එජාපයට... තාම බැරි වුණා අපි වෙනුවෙන් කතා කරන්න කෙනෙක් පාර්ලිමෙන්තු යවන්න. තව මොන ප්‍රතිසංවිධානද? විකාර කාරයෝ...

:       1       1

විජේ Sunday, 22 November 2020 08:34 PM

මොකද්ද මහත්තයෝ එජාපය කියන්නේ..? කාලෙකට කලින් වඳවෙච්ච සතෙක්වත්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 112 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 263 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 307 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 240 1

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 346 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 125 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site