IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ඌව පළාත් සභා මන්ත්‍රීවරු 34 එකවර රුසියා සංචාරයකට යාමේ සුදානමක්

එෆ්.අස්ලම්

සංවර්ධනයට වෙන්කර ඇති මුදල් වැය කරමින් ඌව පළාත් සභාව නියෝජනය කරන මන්ත්‍රීන් 34 දෙනාම එක්වරම රුසියාවේ සංචාරයක නිරත වීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.


එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීන් දෙදෙනාම මහජන මුදල් වලට මගින් යන මෙම සංචාරයට සහභාගී නොවන බවත් මෙය ජනතා මුදල් සූරාකෑමක් බවත් විද්‍යාරත්න මහතා පවසයි.

මේ සදහා මූල්‍ය ප්‍රතිපාදන පළාත් සභාවේ සංවර්ධන කටයුත්තක් සදහා මධ්‍යම රජය විසින් වෙන්කරන මූල්‍ය ප්‍රතිපාදනයක් මගින් ලබාගන්නා ලෙසට පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පළාත් ප්‍රධාන ලේකම් පී.බී.විජේරත්න මහතා වෙත උපදෙස් දී තිබෙන  ඇති බව සඳහන් කළේය.

රුසියාවේ මහාමාර්ග මංමාවත් යටිතල පහසුකම් ආදී සංවර්ධන කාර්යන් අධ්‍යනය කිරීමට යැයි කියමින් මෙම සංචාරය සිදුකරන බවත් මෙම සංචාරයේ සංවිධාන කටයුතු (ඒසියන් එවන්ට් මැනේජ්මන්ට්) නැමති සමාගමක් හට බාරදී තිබෙන බවත් කී මන්ත්‍රීවරයා පළාත් සභාවේ 2019 වසර සදහා වූ අයවැයට පෙරාතුව මෙම සංචාරය සිදුකිරීමට සැලසුම් කර ඇති බවද පෙන්වා දුන්හ.

පළාත් සභාවේ නිල කාලය අවසන් වීමට ආසන්න මොහොතක පළාත ආර්ථික හා සංවර්ධන අතින් වැටී තිබෙන මොහොතක පළාත් සභාවේ සියළුම සභිකයින්ද කැටුව මහජන මුදල් වැය කරමින් විදේශයේ විනෝද සංචාර කිරීම අනුමත කළ නොහැකි බවද කීය.

එමෙන්ම අධ්‍යන චාරිකාවක් නම් විෂය භාර අමාත්‍යවරුන් හා නිලදාරීන් කිහිප දෙනෙකු පමණක් සහබාගී විය යුතු බවද කියා සිටි මන්ත්‍රීවරයා මෙය අධ්‍යන සංචාරයක් නොව විනෝද සංචාරයක් බවද සදහන් කළහ.

මෙම සංචාරය සම්බන්ධයෙන් වැය වියදම් ඇස්තුමේන්තු මුදල් හා තොරතුරු සම්බන්ධයෙන් තමන් 2018 ජූලි 18 වනදා පළාත් ප්‍රධාන ලේකම්ගෙන් ලිඛිත විමසීමක් කළ බවත් ඔහු විසින් පිළිතුරු වශයෙන් සදහන් කර එවා ඇත්තේ විදෙස් සංචාරයේ න්‍යාය පත්‍රය පමණක් තමාට ලැබී ඇති බවය.



අදහස් (6)

ඌව පළාත් සභා මන්ත්‍රීවරු 34 එකවර රුසියා සංචාරයකට යාමේ සුදානමක්

vidya Thursday, 16 August 2018 04:41 PM

රුසියාව කියන්නේ අද දුප්පත් රටක්. මිනිස්සු දහා දුක් විඳිනවා. ලකාවේ ඉන්නව දක්ෂ සිවිල් ඉංජිනේරුවෝ, විදුලි ඉංජිනේරුවෝ , කාර්මිකයෝ , මේ පිරිස ගෙනල්ලා එම දක්ෂයන් ලවා පුහුණු පාඨමාලාවක් කරවන්න. කටුබැද්ද සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලවල ඉතාම දක්ෂ ගුරුවරු ඉන්නවා. මේ අය ලස්සනට වැඩේ කරලා පෙන්වයි. විශ්‍රාම ගිය දක්ෂ මිනිසුන් ප්‍රයෝජනයට ගන්න හොඳම අවස්තාව. ආණ්ඩුවේ හරි කොම්පැනියක වැඩ කරනකොට නිවාඩු ඉල්ලීමට තවත් කෙනෙක් අත්සන් කරන්න ඕනේ එම වැඩ කොටසත් අත්සන් කරන එක්කෙනා බලා ගන්නවා කියලා. ඔක්කොම ගිහාම මොකද වෙන්නේ.

:       1       19

Sanath Kandy Thursday, 16 August 2018 04:54 PM

ජවිපෙ මොන තරම් ආදර්ශයන් දුන්නත් අපේ රටේ මිනිස්සුන්ට ඒවගේ අගයක් නෑ. හැමදාම හොරුන්ටම තමා බලය දෙන්නේ.

:       2       265

Nandalal DE SILVA - France Thursday, 16 August 2018 06:40 PM

ඌව පළාත් සභා මන්ත්‍රීවරු 34 එකවර රුසියා සංචාරයකට යන්නේ කාගේ මොන දේකට සහභාගිවීමටද? "අධ්‍යනය කිරීමට" කියා මෙච්චර කාලයක් තිස්සේ, දුප්පත් මහජනයාගේ බදු මුදලින් රට සවාරි ගහපු අපේ "අයියලා" අපේ රට සංවර්ධනය වෙනුවෙන් රටට දුන්නේ මොනාද? තමන් හොඳින් හෝ නරකින් උපයාගත් මුදල්වලින් විනෝද චාරිකා සඳහා ඕනෑම තුත්තුකුඩියකට ගියාට අපට කමක් නැත. රොතු බුරුතු පිටින් ගුවන් යානා පුරෝගෙන රට රටවල "චාරිකා" සඳහා යාමට පෙර විෂය භාර ඇමතිවරයාගේ ලිඛිත අවසරය සීමිත පිරිසකට පමණක් දීමට රජය නීති ගෙන ආ යුතු වෙනවා.

:       0       0

Ranjith Friday, 17 August 2018 12:58 AM

ලංකාවේ මිනිස්සු කැමතිම හොරුන්ට, දූෂකයින්ට, වංචාකාරයන්ට, එ් තරම්ම අමනයි, ජවිපය සමග මතවාදී ගැටුම් තිබුණත් පැහැදිලිවම හොරු නෙමෙයි.

:       0       6

kalani Friday, 17 August 2018 05:11 AM

බස්නාහිර පළාත් සභාවේ සංගීත පුටු තරඟය පැවැත්වෙද්දී ඌව පළාත් සභා මන්ත්‍රීවරු රුසියානු සංචාරයකට සැරසෙති. ජවිපෙ මන්ත්‍රීවරු දෙදෙනා පමණක් සුපුරුදු පරිදි ජනතා මුදල් විනාශයට ලක්කරන මෙම සංචාරයට සහභාගි නොවෙති. දරුවා වෙනුවෙන් කිරිඑරෙනා මවක් වෙනුවට මේ ජඩ දේශපාලනය විසින් අපට උරුම කරදී ඇත්තේ දරුවා සාගින්නේ හඬද්දී මුල්ලකට වී කුඩු උරණා අම්මලාය. මහජනතාව මහ දුක් ගොඩක දැවෙද්දී මේ පාලකයින් විනෝද සංචාරවල යෙදෙති. මහා මාර්ග සඳහා යටිතල පහසුකම් පිළිබඳ විශාරද දැනුම් ඇති පිරිස් ලංකාවේ සිටිති. පිඹුරන් සේ අලස, කටට වැටෙන ගොදුර ගිලදමන්නට අලස නොවන මේ බාලයන්ගේ පිළිකුල් සහගත දේශපාලන හිස්කම සහ නූගත්කම අවසන් කළයුතුය. ස්වේච්ඡාවෙන් දේශපාලනය කිරීමට කැමති දේශප්‍රේමීන්ගෙන් මේ රට තවම හිස් නැත. ඔවුන්ට මගේ ආදරණිය මාතෘ භුමිය භාර දී මේ පරපුටු රැල පලවා හරිමු.

:       0       0

කල්ප Friday, 17 August 2018 10:08 AM

රුපියල වාර්ථාගත ලෙස ඉතාම පහළට බැස යනවා. ණයට හරි අරන් ගිතෙල් කාපල්ලා කියලා නිගණ්ඨනාථපුත්ත කියපු විදියට රටම කනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 311 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 651 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 793 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 434 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 507 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 178 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1728 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site