IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


උසස් පෙළ සිසුන්ට ටැබ් දෙන්න කැබිනට් අනුමැතිය

(අජන්ත කුමාර අගලකඩ)
 
රජයේ පාසල්වල ඉගෙනුම ලබන අපොස උසස්පෙළ සිසුන්ට නොමිලේ ටැබ් පරිගණක ලබාදීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
 
අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ඒ සඳහා ඉදිරිපත් කළ කැබිනට් සංදේශය අද(25) උදෑසන රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබීය.
 
මෙම කැබිනට් සංදේශය ඉකුත් සතියේ කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර තිබූ අතර එය සාකච්ඡාවට ගැනීම සතියකින් කල් දමා තිබිණි.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති කැබිනට් රැස්වීමේදී එම යෝජනාවට අනුමැතිය ලබා දී ඇත.
 
ඒ අනුව රජයේ පාසල්වල අපොස උසස් පෙළ සිසුන් 189,000කට මෙම ටැබ් පරිගණක නොමිලේ ලබාදෙනු ඇත.

අ.පො.ස උසස්පෙළ සිසුන්ට නොමිලේ ටැබ් පරිගණක ලබාදීමේ ව්‍යාපෘතිය වත්මන් ආණ්ඩුව ඉකුත් මහ මැතිවරණයේදී ලබාදුන් ප්‍රමුඛත ම ඡන්ද පොරොන්දුවක්ද වේ.



අදහස් (10)

උසස් පෙළ සිසුන්ට ටැබ් දෙන්න කැබිනට් අනුමැතිය

thushara Tuesday, 25 June 2019 11:10 AM

ලංකාවේ දුක්ෂර පළාත්වල තාමත් ළමයි ඉගෙන ගන්නේ පොල් අතු මඩුවල. කටුමැටි පන්ති කාමර තුල. පාසලට යන්න ඇදුම්, බෑගයක්, සපත්තු නැතුව ඉන්නවා. කොළබට කිරි අපට කැකිරි තමා...

:       5       100

Bamunuarachchi Tuesday, 25 June 2019 11:34 AM

මේක ඡන්ද ගුන්ඩුවක්.

:       6       124

Nimal Tuesday, 25 June 2019 12:25 PM

කීපදෙනෙක් කෝටිපතියෝ වෙයි ඉක්මණින්ම.

:       16       158

SenanayakeWednesday, 26 June 2019 02:22 AM

වලි කාලා සම්මත කර ගත්තේ ඒ නිසානේ.

:       0       0

විජිත් Tuesday, 25 June 2019 03:43 PM

ඉස්සෙල්ලා කිවේ මේක නියමු ව්‍යාපෘතියක් කියලා.දැන් මුළු රටටම.ගිලෙන නැවෙන් මියෝ පනිනවා කියනවානේ.ඒ නිසා මේ අවසන් අවස්ථාවේ ගහන්න පුළුවන් ඔක්කොම ගැහිලි ගහලා හොඳට හම්බකරගන්නයි මේ අය උත්සහකරන්නේ.

:       158       263

sanaTuesday, 25 June 2019 05:42 PM

ඔයා ඉක්මනටම ගිහින් අල්ලස් කොමිසමට කියලා ඔයා හොයාගත්ත අල්ලස් ගහන කෙනා අල්ලලා දෙන්නකො.

:       69       132

sharm warnWednesday, 26 June 2019 03:48 AM

අපේ රටේ ගොඩක් පාසල් තියෙනවා බොන්න වතුර පොදක් නැතුව දුක් විදින. මේ ළමයින්ට ටැබ් දෙන්නේ මොනවටද කියල මට නම් තේරෙන්නේ නැහැ. ටැබ් එකක් ලැප්ටොප් එකක් අවශ්‍ය වෙන්නේ උසස්පෙළින් පස්සේ උසස් අධ්‍යාපනය ලබන කාලේදී. මේකෙන් වෙන්න පුළුවන් ලොකුම අගතිය තමයි ළමයි තව දුරටත් අන්තර්ජාලයේ කාලය නාස්ති කරන්න පටන් අරගෙන අධ්‍යාපනය කඩාකප්පල් කරගන්න එක. දැනටමත් ස්මාට් ෆෝන් නිසා ඒ තත්වේ ඇති වෙලා තියෙද්දී තමයි මේ චන්ද ගුන්ඩුව දාන්නේ.

:       0       0

Amila Wednesday, 26 June 2019 02:12 AM

දුරනොදකින ළඟ දකින අදූරදර්ශි තීරණයක්. දැන් ඔය ටැබ් රෙපෙයාර් කරන්න වෙනකොට අමතර වියදම් එනවා. අනික දැන් විදුලිය ප්‍රශ්න තියේ ගගා මේවා දුන්නහම මේවා චාර්ජ් කරද්දී අනවශ්‍ය විදුලියක් නෙවේද නැති වෙන්නේ. තව ඕන තරම් තියේ කියනවනම්. මේවාට වඩා කොච්චර දේවල් තියේද කරන්න.

:       0       0

Amarabandu Wednesday, 26 June 2019 03:11 AM

අන්න ප්‍රංශේ ටැබ් එපා කියනවා.. මේගොල්ලෝ ළමයින්ගේ මොලෙන් හිතීම නැති කරලා තවත් එක විප්ලවයක් කරන්ඩ යන්නේ

:       0       0

දිලුම් Wednesday, 26 June 2019 03:37 AM

සනාට මොකද රිදිලා තියෙන්නේ. සනා කියන්නකො බලන්න අල්ලස් නොගහා මේ රටේ කරපු එක ව්‍යාපෘතියක නමක්. යල් පැනගිය විෂය නිර්දේශයක් උගන්න උගන්න ඒක ඉගෙන ගත්ත අයගේ තරුණ විරැකියාව 20%ක් තියාගෙන තව ටැබ් දෙනවා. අවංකවම මේ රටේ අධ්‍යාපනය නංවන්න ඕන නම් ඔය යල්පැනපු විෂය නිර්දේශය යාවත්කාලීන කරලා ශ්‍රම වෙලදලේ ඉල්ලුමක් තියන විදියේ නිපුණතා අපේ ළමයින්ට ඇති කරන්න වැඩපිලිවෙලක් හදන්නකෝ නිකං බොරු සංදර්ශන කර කර සල්ලි කන්නේ නැතිව.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 26 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 260 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 602 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 439 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 483 2

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 1096 1

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1559 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site