IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


උමාඔය ඉදිකිරිම් අගෝස්තුවේ නිම කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ඉදිකිරීම් මෙම අගෝස්තු මාසය වන විට නිම කර එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දෙයි.

ව්‍යාපෘතියේ ඉදිකිරීම් 92 ක් පමණ මේ වන විට අවසන්ව තිබෙන අතර ඉදිරි කටයුතු ද කඩිනමින් සම්පූර්ණ කරන ලෙස ජනාධිපති ව්‍යාපෘතිය භාර ඉංජිනේරුවන් ඇතුළු නිලධාරින්ට  දැනුම් දුන්නේ ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම උපදෙස් ලබා දුන්නේ  උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීමේ නිරික්ෂණ චාරිකාවකට අද (22) එක් වෙමිනි.

මෙරට ක්‍රියාත්මක විශාලතම බහුකාර්ය ව්‍යාපෘතියක් වන උමාඔය ව්‍යාපෘතිය සඳහා අයෝජනය කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 535 කි.

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරෙන භූගත විදුලි බලාගාරයේ ඉදිකිරීම් ද මෙහිදී ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් විය. ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 120ක විදුලිබල ධාරිතාවක් එක් කෙරෙන මෙම බලාගාරයේ ඉදිකිරීම් මේ වන නිම වෙමින් පවතී.

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය මගින් දකුණේ සහ නිරිතදිග වියළි කලාපයේ ඉඩම් අක්කර 5000 කට යල මහ කන්නයේ  වාරි ජලය සැපයීමට සැලසුම් කර තිබේ. එමෙන්ම වැල්ලවාය, මොණරාගල පළාත්වල කුඩා වැව් 300 ක් පමණ මෙමගින් පෝෂණය කිරීමට නියමිතය.

ජලාශයේ ප්‍රධාන උමගේ ඉදිකිරීම් ද අද ජනාධිපතිතුමාගේ නිරික්ෂණට ලක් විය. 

ව්‍යාපෘතිය හරහා පුහුල්පොල දී සහ ඩයරබා දී ජලාශ දෙකක් ඉදි කෙරෙන අතර එම ඉදිකිරීම් ද ජනාධිපති නිරික්ෂණය කරනු ලැබීය. 

පාරිසරික බලපෑම් පිළිබද නිසි ඇගැයීම් සිදු කරමින් සහ නිරන්තර අවධානය යොමු කරමින් ව්‍යාපෘතියේ කටයුතු සිදුකෙරෙමින් පවතී. 

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා ඇතුළු නිලධාරින් ද  ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයා ඇතුළු පිරිසක් ජනාධිපති සමඟ මෙම නිරික්ෂණ චාරිකාවට එක්ව සිටියහ.

(28535)



අදහස් (10)

උමාඔය ඉදිකිරිම් අගෝස්තුවේ නිම කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

de silva Friday, 22 February 2019 02:02 PM

ජනාධිපතිතුමා උත්සහ කරන්නේ තම ධුර කාලය මේ අවුරුද්ද අවසානෙදි ඉවර වෙන නිසා ඕක හදිස්සියට කරලා විවෘත කරන්න. ඕවා හදිස්සියට කරන්න ගියොත් අමාරුවේ වැටෙන්නේ බදු ගෙවන අපි සහ ප්‍රදේශවාසි ජනතාව ඕව සෙමින් සෙමින් හරි නිසි ප්‍රමිතියට ඉදිකරන්න.

:       0       292

RaveendraFriday, 22 February 2019 02:44 PM

de silva කමක් නැහැ ඔබේ, මගේ, අපේ බදුමුදල් නේ එක ශතයක්වත් 225 ක් වූ ගව රෑනගෙ නෙවෙයිනේ. මෙයා තමයි සෑම දේශපාලුවෙකුගේම එකම එකපැතුම... එපමණක් නොවේ කාලකන්නින්ගේ නම් ගම් ටිකත් හරියට ලියලා තියෙන්න ඕනේ... අහවල් මහජන නියෝජිතයා වන මාගේ ගෙදරින් ගෙනාපු මුදල් වලින් සාදා නිමකරන ලදී. දේශපාලුවා යනු දේශය පාලුකරන මූසලයන් බව මෙයත් එක හොඳ උදාහරණයකි. මෙය දියවන්නා ඔයේ 225ක් සත්ව රෑනටම පොදු සාධකයකි. මම කෙසේ හෝ මගේ නම ලියා ගන්නවා හොඳේ... වැලිගම යනකොට ඒ බෝඩ් ලෑලිත්, කොන්ක්‍රීට් බෝඩ් අරගෙනම මම යනවා.. කාටද ආඩම්බර...? අමතක නොකරන්න. මේක මෙයාට විතරක් නොවේ... අනිත් 224ටත් මේ කාලකන්නි උණ තමයි තියෙන්නේ..

:       39       659

senaSaturday, 23 February 2019 07:11 AM

සිල්වා මහත්තයා හරියටම හරි, දේශපාලන නියාය පත්තරවලට වැඩ කරන්න ගියාම තත්වය බාල වෙනවා විතරක් නෙවෙයි "ප්‍රොජෙක්ට් අක්සලරේෂන් චාජස්" කියලා විශාල මුදලක් ගෙවන්න වෙනවා - මට මතකයි මහවැලිය කාලේ දේශපාලකයෙක් ඔය වගේ ලොකුමුදලක් ගෙව්වා කියලා පත්තරවල තිබුණා. ඒ කාලේ කොමිස් කන්න කියලා සැකයක් එම ලියුම් කරුවෝ මතුකරලා තිබුණා.

:       0       66

සමන්ති Saturday, 23 February 2019 01:28 AM

පහුගියකාලේ පලාබබෙක් වතුර කාන්දුවෙනවා. ජනතාවට පීඩාකාරියි කියකියා යටිගිරියෙන් කෑගැහුවා නේද? පිකටින් කලානේද? දැන් ඒ ප්‍රශ්න ඉවරද කියන්න...

:       0       42

RaveendraSaturday, 23 February 2019 04:48 AM

ඒ නිකන් ගානක් කප්පම් ගන්න වෙන්න ඇති. සල්ලි දැක්ක ගමන් "කටයි වසුරු පිටකරන "පැත්තයි වහගෙන " මොනවද කාපු " රිලව් වගේ ඉන්නවා ඇති...

:       0       36

Buddika Saturday, 23 February 2019 05:45 AM

ඔව් ඔව්.., ඉවර කරන්න වෙනවා. මොකද දෙසැම්බර් මාසෙන් පස්සේ මෙයා ගෙදර යන නිසා...

:       0       24

Gerami Saturday, 23 February 2019 10:14 AM

මෙයා මේ පවුලේ අයත් එක්ක ඔතනට ගිහින් බැම්මේ කොනකින් වාඩිවෙලා පොටෝ කීපයක් අරන් පත්තරේට දාගන්න ඔය දඟල්ලනේ...

:       0       30

rocky Saturday, 23 February 2019 02:00 PM

මට ඕන දවසට වැඩේ ඉවරකරපල්ලා..! මම තමයි ලෝකෙට ලොක්කා...!

:       0       0

Kumar Saturday, 23 February 2019 06:20 PM

ලංකාවේ ජනාධිපතිතුමා හිතන්නේ මේ ව්‍යාපෘති කේක් හදනවා වගේ කියලා වෙන්න ඇති. එහෙම නැතිනම් කවුරු හරි කියන්න ඇති අගොස්තුව විතර මේ ගොඩනැගීම් අවසාන කරනවා කියලා. ඒ කෙසේ වෙතත් ලබන මෝසමට කලින් නිමකරනවා නම් ලංකාවට යහපතක් සිදුවෙයි.

:       0       55

Rohana Sunday, 24 February 2019 01:43 AM

දේශපාලකයන් විවෘත කිරීම් වලට මෙතරම් ආශා කරන්නේ මොකද මන්ද. ඕව කරන්න ගිහිල්ල ප්‍රමිතිය නැතිවෙලා විශාල පාඩුවක් වෙන්න බැරිද?

:       0       25

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 5 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 137 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 365 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 114 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 116 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 105 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 329 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1711 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site