IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


උනා මැකෝලි දිවියෙන් සමුගනී

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක නිලධාරිනිය වශයෙන් කටයුතු කළ උනා මැකෝලි මහත්මිය ඊයේ (23) රාත්‍රියේ අභාවප්‍රාප්ත වූවාය. 


පසුගිය කාලයේදී අසනීප තත්ත්වය නිසා රාජකාරී කටයුතුවලින් බැහැරව සිටි උනා මැකෝලි මහත්මිය මිය යන විට 54 වැනි වියේ පසුවූවාය.


ඇය අභාවප්‍රාප්ත වන විටදී ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක තනතුරට අමතරව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිතවරිය ද වූවාය. 


උනා මැකෝලි මහත්මිය ශ්‍රී ලංකාවට පත්වූ පළමු නේවාසික ස
ම්බන්ධීකාරක නිලධාරිනිය වන අතර මෙරට සිටි එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨතම නිලධාරිනිය ද වන්නීය. 


මෙරට නේවාසික හා නේවාසික නොවන එක්සත් ජාතීන්ගේ ආයතන 21ක ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් පත් කර සිටින එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ නියෝජිතවරිය වූයේ ද ඇයයි. 


වසර හයකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ සේවය කර තිබෙන උනා මැකොලි මහත්මිය ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිතවරිය වශයෙන් පත්වූයේ මීට වසර දෙකකට පෙරාතුවය. ඊට පෙර ඇය එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ  ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිතවරිය වශයෙන් ද කටයුතු කළාය.


එක්සත් ජාතීන්ගේ සංවිධාන පද්ධතිය තුළ වසර 17ක් සේවය කර ඇති උනා මැකොලි මහත්මිය
එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරමින් පැනමාව, ටොගෝ, ඇන්ගෝලාව, සුඩානය සහ කෙන්යාව යන රටවල ද සේවය කර ඇත. 


අයර්ලන්ත සහ එක්සත් රාජධානියේ ජාතිකයකු වන උනා මැකෝලි මහත්මිය පුතුණුවන් දෙදෙනකුගේ මව ද වන්නීය. 
උනා මැකෝලි මහත්මියගේ අභාවය ශ්‍රී ලංකාවට මෙන්ම ලෝකයට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට පාඩුවක් යැයි මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය සඳහන් කරයි.


යහපත් ලොවක් වෙනුවෙන් ලොව පුරා ජනතාව වෙනුවෙන් සේවය උනා මැකෝලි මහත්මියගේ අභාවය දරාගත නොහැකි පාඩුවක් යැයි ද කියයි.


උනා මැකොලි මහත්මිය මානුෂීය, තම වගකීම් නොපිරිහෙළා ඉටු කළ, විනෝදකාමී සහ සරල චරිතයක් යැයි ද එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වේ.   

- 055



අදහස් (3)

උනා මැකෝලි දිවියෙන් සමුගනී

Senarath Saturday, 24 February 2018 10:18 AM

මාසයක් ඇතුළත අපේ රටට විනේ කටින්න ආපු දෙන්නෙක්ම පරලොව ගියා. ඉතිරි ටිකදෙනා ගැනත් දෙවියෝ මේ විදියටම බලාගන්න ඕනේ. ඒ වගේම අපේ රටේ ඉපදිලා, මේ රටේම ජීවත් වෙනගමන් අපේ රටට විනේ කටින්න හදන පිරිසටත් මෙහෙම වෙන්න ඕනේ.

:       0       31

විකාශ් Saturday, 24 February 2018 02:00 PM

සමාදානයේ සැතපේවා! ද්‍රවිඩ අපට ගොඩක් දුකයි එතුමියගේ වියෝව ගැන.

:       0       0

yaha Sunday, 25 February 2018 02:21 AM

ඔබට නිවන් සුව ....ශ්‍රී ලංකාව වෙනුවෙන් කල සේවය ඉතා අගය කරමු....................

:       0       70

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 129 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 382 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 855 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 182 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 230 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 652 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1719 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site