IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඉරණතිව් දූපත් වැසියෝ විරෝධතාවකට සැරසෙති

(රොමේෂ් මධුෂංඛ)

කොරෝනා ආසාදිත මළ සිරුරු කිලිනොච්චිය ඉරණතිව් දූපතේ වළ දැමීමට රජය විසින් ගෙන ඇති තීරණයට එරෙහිව හෙට (03) දිනයේ දී ඉරණතිව් වැසියන් විරෝධතාවක් පැවත්වීමට සූදානමින් සිටින බවට දූපතේ වැසියන් පවසා සිටිති.

යුද්දෙන් පසුව 2017 වසරේ දී දුෂ්කරතා රැසක් හමුවේ ඉරණතිව් දූපතේ තමන් පදිංචියට ගොස් මේ වන විට ජීවිකාව රැගෙන යන අවස්ථාවේ දී තමන් ජීවත් වන දූපතේ කිසිවෙකුටත් කොරෝනා අවදානමක් නොමැති අතර මෙලෙස රජය විසින් ඉරණතිව් දුපතේ කොරෝනා ආසාදිත සිරුරු භූමදානයට ගත් තීරණයට දැඩි ලෙස තමන් විරෝධය පළ කරන බවයි.

මේ වන විට ඉරණතිව් දූපතේ පවුල් 165 ක් පමණ නැවත පදිංචිව සිටින හෙයින් ඉරණතිව් දූපතේ කොරෝනා සිරුරු භූමදානය කිරීම මගින් දූපතේ ජලය අඩුවැඩි වීම මගින් ජනතාවට වයිරසය ජලයට මුසු වී වැළඳීමේ අවදානමක් පවතින බව එම වැසියන් කියා සිටිති.

මුස්ලිම් ජනතාව ජීවත් වන ප්‍රදේශයන් රටේ බොහෝ තිබියදී ඉරණතිව් දූපතේ සිරුරු වළ දැමීමට සියලු දූපත්වාසීන් විරෝධය පල කරන අතරම හෙට දිනයේදී විරෝධතාවක් සංවිධානය කර ශ්‍රීලංකා මානව හිමිකම් කාර්යාලයටද පැමිණිළි කිරීමට තමන් බලාපොරොත්තු වන බවට ඉරණතිව් වැසියෝ පවසති.



අදහස් (29)

ඉරණතිව් දූපත් වැසියෝ විරෝධතාවකට සැරසෙති

පිටිගල මිලානෝ Tuesday, 02 March 2021 01:45 PM

මිනී ටික සෞදි අරාබියට යවමු. ඒ ගොල්ලෝ බාර ගනියි ඉහළින්ම...

:       21       63

LankaaWednesday, 03 March 2021 01:39 AM

සෞදියට යවන්නේ අහවල් දේකටද? ලංකාවේ මිනිස්සු වලලන්නේ ලංකාවේ. ඔහේත් ඉතාලියට කඹුරලා කඹුරලා ඉතාලියේම ඉන්න එහෙනම්.

:       2       9

fairoos Tuesday, 02 March 2021 01:50 PM

ලංකාවේ කොහේ වල දැම්මත් එකයි... මැරුණු මෘත ශරීරවලින් කොරෝනා බෝවෙන්නේ නැහැ කියලා ඔප්පුවෙලා තියෙන්නේ.. මේකෙන් නිකන් දේශපාලන වාසි ගන්න තමයි බලන්නේ...

:       79       45

NuwanTuesday, 02 March 2021 02:38 PM

කොහේද ඔප්පු වෙලා තියෙන්නේ..?

:       28       65

ලංකා Wednesday, 03 March 2021 01:33 AM

කමිටුව මාස 06ක් පොල් ගෑවාද? ඔප්පු වෙච්ච හින්දනේ වලලන්න අවසර දුන්නේ...

:       3       6

SLWednesday, 03 March 2021 04:25 AM

ඒක තමයි. එමනිසා වලලන්න කියන අයගේ ගමේ සුසාන භූමියේ වළලන්න. නැතිනම් ප්‍රෙස් කොන්ෆරන්ස් තියලා බෙරිහන් දුන්නු අයගේ ඉඩම් වල වළලන්න. එතකොට හැමෝටම සතුටු වියහැකියි.

:       0       3

JAYASEKARAWednesday, 03 March 2021 04:41 AM

එහෙමනම් වළදා ගන්න. කාන්තන්කුඩියේම... උදේ, හවස බලන්නත් පුළුවන්නේ..

:       0       2

pradeepa Tuesday, 02 March 2021 02:52 PM

අපිට බැරිද? මැදමූලනට, කුරුඳු වත්තට වගේ තැනකට ගෙනියන්නද?

:       18       82

bandara Tuesday, 02 March 2021 03:15 PM

දළදා මාලිගාව ඉදිරිපිට පිට්ටනිය ගමු. මල්වත්තෙන් අවසරය ලැබෙයි.

:       73       11

fairoozTuesday, 02 March 2021 04:04 PM

කාත්තන්කුඩි හොඳයි... එහෙම නැත්නම් මුස්ලිම් පල්ලිවල මැද වලක් හාරලා දැම්මත් කමක් නැහැ.

:       8       89

ලංකා Wednesday, 03 March 2021 01:36 AM

ඔව්, එහෙමහරි අවසර දෙන්න කියන්නකෝ ඔයාලගේ ලොක්කන්ට..? මේක ජාතිවාදී විකාරයක් නොකර... අපත් කැමතියි අපේ වත්තේ හරි වළලන්න.

:       1       2

jayasekaraWednesday, 03 March 2021 05:07 AM

ඊටත් වඩා හොඳයි... දුම් මැස්සේ තියලා... නැතිනම් කාත්තන්කුඩියේ පැදුරු දාලා අව්වේ වේලුවානම්...

:       3       5

කන්කානමගේ Wednesday, 03 March 2021 12:25 PM

බණ්ඩෝ, බණ්ඩෙක් වෙලත් මොලේ තියෙන කතාවක් කිව්වා. ඕවා ඔක්කොම මිත්‍යා දෘෂ්ටික වැඩ... බුදු හාමුදුරුවන් මහණුන්ට කියලා තියෙන්නේ සොහොනක තියෙන රෙදි වලින් සිවුර මසා ගන්න කියලා.

:       0       1

විපරමා Tuesday, 02 March 2021 03:28 PM

මාලදිවයිනට යවන්න බැරියැ. දූපත් හතර වටේම තියෙන්නේ... අනික මුස්ලිම්වරුන් ඉන්න රටක්..., බාර නොගෙන ඉන්න එකක් නැහැ.

:       12       42

nihal Tuesday, 02 March 2021 03:54 PM

මුස්ලිම් අය වැඩිපුරම ඉන්න ප්‍රදේශයේ පිට්ටනිය ගමු.

:       8       57

ලංකා Wednesday, 03 March 2021 01:35 AM

ඔව් එහෙමහරි අවසර දෙන්න කියන්නකෝ... ඔයාලගේ ලොක්කන්ට මේක ජාතිවාදී විකාරයක් නොකර. අපත් කැමතියි අපේ වත්තේ හරි භූමදානය කරන්න.

:       1       1

jayasekaraWednesday, 03 March 2021 04:42 AM

නැහැ... ඒ ගොල්ලන්ට දෙමු. ගෙදර සාලේ වළක් හාරලා දාගන්න කියලා.

:       0       1

Kumara Tuesday, 02 March 2021 05:28 PM

ඡායාරූපයේ පෙනෙන දසුනට සම අනුග්‍රහය පුතාණෝ...!!!

:       2       3

ගගන Tuesday, 02 March 2021 05:32 PM

ඇත්තටම මේ මිනිසුන් පව්... අහිංසකයින්ගේ සරළ ජීවිතවලට අනවශ්‍ය හෙන ගෙඩියක් පාත්කළා. ඇයි මුස්ලිම් මිනිසුන්ගේ ගමක මේ කටයුත්ත කරන්න බැරි? ඔවුන්ගේ මතයට අනුකූලව ස්වර්ගෙට යන්න ඔවුන්ගේම ගම්මානයක වල දමන්න..

:       1       5

Toni Tuesday, 02 March 2021 06:24 PM

සුදුසුම තැන කච්චතිවු...!!! 

:       0       3

BamunuarachchiThursday, 04 March 2021 02:15 AM

හරියට හරි මමත් යෝජනා කරන්නයි සිටියේ. මම කච්චතිව් ගියේ 1973 වගේ කාලයේ.. ඒ කාලේ තිබුණේ ළිඳක් එක පොල්ගහක් සහ පොඩි පල්ලියක් පමණයි.

:       0       0

wijendra Tuesday, 02 March 2021 10:09 PM

වෛරසය ජලය හරහා සම්ප්‍රේෂණය නොවන බව කිසිවෙකු ඔප්පු කර නැත. එය අදහසක් පමණි. එය වර්ධනය වන්නේ සජීවී සිරුරු මත පමණි. ශරීරයේ ඇති සියලුම පණුවන් ගැන සිතන්න. වෛරසයට ඒවා මත ජීවත් විය හැකියි..

:       2       3

BamunuarachchiThursday, 04 March 2021 02:30 AM

හලෝ ඔප්පු නොකළ පමණින් එය බොරුවක් වන්නේ කොහොමද? 8 පන්තියවත් පාස්ද? අපේ නොදන්නාකම නිසා අපිට ගෝචර නොවන නිසා ලෝකේ දේවල් සිදුවන්නේ නැහැ කියා සිතන්න එපා. රජයත් ඒ නිසා තමයි පුළුවන් තරම් පුර්වෝපාය, පෙර පරිස්සම ගන්නේ... එ්ක තේරුම් ගන්න මොලයක් නැද්ද? ආගමික මිථ්‍යාවන්ට තැන දෙනවාද නැතිනම් නොදන්නා පැති ගැන හිතලා හැම පැත්තෙන්ම පරිස්සම් වෙනවාද? මේ එන්නතත් ෂුවර්ද?

:       0       0

anura Tuesday, 02 March 2021 11:45 PM

ඔක්කොම එක්ක මානව හිමිකම් බැචර්ලිට ගිහින් කියන්න භූමදානයෙන් කොරෝනා බෝවෙන නිසා ඔක්කොම මළකුණු ටික ජිනීවා එවන්නද කියලා. කොහොමටත් අසූචි වළකට මළකුණු එකතු කළාට ලොකු වෙනසක් වෙන එකක් නැහැ. උතුරේ ඉන්නේ බැචර්ලිගේ යාළුවෝ නිසා ඒකට එයා ඉඩදේවි...

:       3       0

ලුම්බිණි Wednesday, 03 March 2021 03:53 AM

මේ වගේ තීරණ අරගෙන තියෙන්නේ මොන විදියේ මිනිස්සුද කියලා හිතාගන්න බැහැ. ඉරණතිව් වැසියන් විරෝධතාවක් පැවත්වීම සාධාරණයි.

:       1       3

BamunuarachchiThursday, 04 March 2021 02:44 AM

කච්චිතිව් තමයි හොඳ. අනිකුත් ආගමිකයින්ගේ මෘත ශරීර පුච්චන්න. භූමදානය ඉල්ලන අයගේ මෘත ශරීර කච්චිතිව් යවන්න. සවුදි අරාබියේ කාන්තාරයක් නියමයි.

:       0       0

sam Wednesday, 03 March 2021 06:22 AM

බණ්ඩාර කියලා කමෙන්ට් දාලා තියන කෙනා පදිංචි ගේ කඩලා ඒකේම භූමදානය කළා නම් හරි...

:       3       3

kamal Koyrala Wednesday, 03 March 2021 10:36 AM

මේ දඟලන්නේ තවත් ජාතිවාදයක් අවුලුවන්න. දැන් කොරෝනාවලට අවුරුද්දයි. තවම රජයට මිනියක්වත් වළදාගන්න බැහැ. මොකද විද්වත් ආණ්ඩුවක්නේ තියෙන්නේ?

:       1       2

BamunuarachchiThursday, 04 March 2021 02:40 AM

මෙතැන කොහෙද හලෝ ජාතිවාදයක්...? කොරෝනා මිනී පුච්චන්න කීවාම කොහේද ජාතිවාදයක්? මොන පාට කන්නාඩියක් දාගෙනද ප්‍රශ්නය දිහා බලන්නේ? රජයත් කරන්නේ පුළුවන් තරම් පුර්වෝපාය, පෙර පරිස්සම ගන්න එක. ඒක තේරුම් ගන්න තරම් මොලයක් නැද්ද? ආගමික මිථ්‍යාවන්ට තැන දෙනවාද නැතිනම් නොදන්නා පැති ගැනත් හිතලා හැම පැත්තෙන්ම පරිස්සම් වෙනවාද? මිනී වලලන්නම ඕනේ කියන්නේ ආගමික මිත්‍යාවක ඉඳගෙන ඒ මිනී පුච්චන්න ඕනේ කියන්නේ පුර්වෝපාය, පෙර පරිස්සම ගැන හිතලා. දැන් මුල් තැන දෙන්න ඕනේ මිථ්‍යා මතයටද පූර්වෝපාය, පෙර පරිස්සමටද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 101 0

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 244 0

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 148 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 377 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 740 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 571 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1722 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1560 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site