IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඇමෙරිකානු තානාපතිනිය ජනපති හමුවෙයි

ශ්‍රී ලංකා ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය අද (22) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසී දෙරටට බලපාන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූවාය.

කොළඹ ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව සිදු වූ අතර එහිදි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද්විපාර්ශ්වීය වෙළෙඳ සබඳතා ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡාව පවත්වා ඇත.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය සහ කණ්ඩායම මුණ ගැසුණු බවත් ද්විපාර්ශවීය සබඳතා පිළිබඳ සාකච්ඡා පැවැත්වූ බවත් එම සාර්ථකව අවසන් වූ බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ශ්‍රී ලංකා ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ද ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබූ අතර එහි මෙසේ දැක්විණි.

“යහපාලනය මත පදනම් වූ සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන සහ ආර්ථික වර්ධනය ශක්තිමත් කරන ස්වෛරී, ආරක්ෂිත සහ සෞභාග්‍යවත් ශ්‍රී ලංකාවක් සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර නව සබඳතා ආරම්භ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පළමු හමුව සිදුවුණා”.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීම වෙනුවෙන් සුබ පැතුම් එක් කරමින් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය මීට පෙර ද ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබූ අතර ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ මහතා ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සුබ පැතුම් එක් කර තිබිණි.



අදහස් (58)

ඇමෙරිකානු තානාපතිනිය ජනපති හමුවෙයි

Elapatha Friday, 22 November 2019 06:04 PM

අපේ කියමනක් තියෙනවා " කපන්න බැරි අත සිඹිමි" කියලා...

:       583       654

siri Friday, 22 November 2019 06:29 PM

ගමේ කෙනානේ. මුණ නොගැහී කොහොමද?

:       510       1318

GuneFriday, 22 November 2019 09:02 PM

රටේ කෙනානේ, මුණ නොගැහී කොහොමද?

:       6       139

kamani Friday, 22 November 2019 06:31 PM

මොනවා කළත් අර ගිවිසුම් එහෙම අත්සන් කරන්න එපා. ඒකට තමයි ඔය රවුමෙන් එන්නේ.

:       17       568

සත්‍යා Friday, 22 November 2019 07:46 PM

ඒවා අත්සන් කළදාට රට ඉවරයි. එදාට ගෝඨාභයත් ඉවරයි, මහින්දත් ඉවරයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ- පොහොට්ටුවොත් ඉවරයි. රටේ මිනිස්සු පාරට බහිනවා. පොලිසිය විතරක් නොවෙයි ආමි, නේවි, එයාර් ෆොස් ඔය ඔක්කොම ආණ්ඩුවට විරුද්ධව රට රැක ගැනීමට එනවා.

:       329       429

MaheeSaturday, 23 November 2019 03:47 PM

ඔබ ඔය කියන්නේ MCC ගැන නම් මම හිතන්නේ නෑ එහෙම විරෝධතා රැල්ළක් එයි කියලා. අපේ මිනිස්සුන්ගේ මනස හැඩගස්සවලා තියෙන්නේ. කවුරු හරි වාචාල මහත්තයෙක් ඇවිත් ජනතාවනි, මේකෙන් අපිට ලැබෙන නහුතයක් ප්‍රතිලාභ වලට ඊර්ශ්‍ය කරන විරුද්ධවාදීන්ගේ බහට රැවටෙන්න එපා කිව්වහම අපි කටවහගෙන හිතනවා ඇත්ත නේන්නම් කියලා.

:       0       47

NishanSaturday, 23 November 2019 01:18 AM

එ්ක අත්සන් කරන්නම වෙනවා විශාල ණය වාරික ගෙවන්න.

:       393       264

karuSaturday, 23 November 2019 11:01 AM

එහෙම දැන දැනත් ඡන්දෙ ඉල්ලුවේ රට පාවා දෙන්නටනේ. මේ කට්ටියටම තව අවුරුද්දකින් විතර රොහාන් පල්ලෙවත්ත ළඟ දණගහන්න වේවි... එතුමගේ උපදෙස් ඉල්ලලා.

:       153       97

නන්නාදුනන හාදයා Saturday, 23 November 2019 11:33 AM

එදාට "තුවක්කු කරුවා" එළියට එනවා...!!! රට පාවාදුන් ඔක්කොම ලැහැස්තිවෙලා ඉන්න.

:       0       57

sharm warnMonday, 25 November 2019 05:17 AM

අයියෝ ඔයා එහෙනම් කතාව දන්නේ නැහැ.. ඒ දෙන සල්ලි එක පාරට දෙන්නේ නැහැ. අවුරුදු 5ක් තිස්සේ ටික ටික දෙන්නේ. දෙන්නෙත් MCC යටතේ කරන ව්‍යාපෘති වල වියදමට... ඒ ව්‍යාපෘති කරන්නේ ඇමරිකානු සමාගම් වලින්... අන්තිම උත්තරේ, ඒ සල්ලි වලින් 90% ටත් වඩා කොටසක් ආයෙමත් ඇමරිකාවට යනවා. නිකන් නෙමෙයි අපේ ඉඩම්වල අයිතියත් භූ සම්පත්වල අයිතියත් අරගෙන අර හයිටියට වුණා වගේ .. ඒකට කැමති නම් වැඩේට අත දෙන්න.. (හයිටියට මොකද වුනේ කියලා නිකම් ඉන්නකොට පොඩ්ඩක් හොයලා බලන්න.. අනාගතේට වුවමනා වෙයි)

:       0       0

kavantissa Friday, 22 November 2019 06:40 PM

සිංහල මිනිසුන්ගේ ගුණවත් සිරිත් දෙගොල්ලම පිළිපදිනවා. එ්කේ ඇති වරද මොකද්ද?

:       226       177

laalSaturday, 23 November 2019 03:11 AM

අනික් පැත්තේ අය හම්බවෙන්න ආවා නම් කියන්නේ ඇමෙරිකාවට රට පාවා දෙනවා කියලා..

:       53       442

tissa Saturday, 23 November 2019 03:17 AM

කිසිම වැරද්දක් නැහැ. අපි වුණත් අපේ රටේ කෙනෙක් පිටරටකදී මුණ ගැහුණම ආදරෙන් සාදරෙන් පිළිඅරගෙන සතුටු සාමීචියේ යෙදෙනවා.. අඳුරන්නේ නැති වුණත්...

:       215       235

සෙනෙවිරත්න Saturday, 23 November 2019 11:47 AM

හැබැයි අනුර කුමාරට තහනම්... ඔහු රනිල්, සම්බන්ධන් සමග සතුටින් කතා කළත් ඒ රට පාවාදෙන්න ලේබල් අලවනවා. ඒකයි ඇත්ත..

:       121       269

upali Friday, 22 November 2019 06:57 PM

ආවද හොරගල් අහුලන්න?

:       66       84

Kumar Friday, 22 November 2019 08:03 PM

ඇමරිකන් ජනාධිපති මුණගැසෙන එක අලුත් දෙයක්ද? අමෙරිකාවෙන් ලංකාවේ ජනධිපතිට විශ්‍රාම වැටුප් ගෙවන වග දන්නේ නැද්ද? ඒ විතරක් නොවේ, අාර්යාව තවම ඇමෙරිකන් පුරවැසියෙක් නිසා සෑම වසරේම අදායම් බදු ගෙවන්න ඕනේ. එසේ නොකලොත් ඒ කෙනාට අයත් දේපළ රජයට පවරා ගන්නවා. මේ රටේ බදු එක්ක සෙල්ලම් කරන්න බැහැ.

:       521       397

PerakumSaturday, 23 November 2019 01:20 PM

විශ්‍රාම වැටුපක් ගැන බොරු කියා ජනතාව නොමග යවන්න එපා. ඔබ ඉන්න තැන හෝ හමුවිය හැකි ක්‍රමයක් කියන්න. අපි හමුවී කතා කරමු.

:       121       209

KumarSunday, 24 November 2019 02:15 AM

ඇමෙරිකාවේ රැකියාව කළ ඕනෑ කෙනකුට අනිවාර්යෙන්ම විශ්‍රාම වැටුප් ලැබෙනවා. ඒ විතරක් නොවේ රැකියාව කළ විශ්ව විද්‍යාලයෙනුත් විශ්‍රාම වැටුපක් ලැබෙනවා ඇති. කවුරුහරි එතුමාගෙන් "social security නොම්මරය " මොකක්ද කියල අහන්න. ඒකට අංක නවයක් තිබෙනවා. ඒ විතරක් නොවේ ඒ මුදලට අදායම් බදු ගෙවන්නත් ඕනේ. ඔයගොල්ලන් කැමති දෙයක් විස්වාශ කරන්න.

:       107       67

Mahee Friday, 22 November 2019 09:11 PM

"සියලු ශ්‍රී ලාංකිකයින්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන සහ ආර්ථික වර්ධනය ශක්තිමත් කරන ස්වෛරී, ආරක්ෂිත සහ සෞභාග්‍යවත් ශ්‍රී ලංකාවක්" මේ වචන සෙට් එකෙන් කියවෙන්නේ හැම රටක්ම අපට දෙන්න පුල පුලා බලා ඉන්න දේ වුණත්, ඒ වචනවලට මට නම් ඇත්තයම බය හිතෙනවා. "ලාංකික" සහ "ලංකාව" කියන වචනවලට ඇමෙරිකාවේ නම ආදේශ වෙයිදෝ කියන බය මිසක් වෙන මොකුත් නෑ.

:       9       105

Gune Friday, 22 November 2019 09:15 PM

මොනවා? ඔබ අදහස් කරන්නේ එයා මෙයාව මුණගැහෙන්න ආවේ ඒ හින්දා කියන එකද? එයා කවුද කියලා දන්නවද?

:       0       3

Siripala Friday, 22 November 2019 09:22 PM

ගරු ජනපතිතුමනි, අපේ රාජකාරිය අහවරයි. දැන් ඔබේ වාරයයි.

:       0       137

බද්රානි Friday, 22 November 2019 09:31 PM

මේක අපි පමණක් නොවේ ඇමරිකාවත් ලද ජයග්‍රහණයක්. දේශපාලන වේදිකාවේ කවුරු මොනවා කීවත් ජනාධිපතිතුමා දන්නවා MCC ගිවිසුමේ පවතින වටිනාකම ගැන...

:       55       181

kamaniSaturday, 23 November 2019 11:08 AM

ඔයා ඉස්කෝලේ ගිහින් තියෙනවද..? මේ ගිවිසුම අතර මගදී ඒ ගොල්ලෝ නතර කළොත් අපි ගෙවන්න ඕන කියලා දන්නවාද...? මේ ගිවිසුම ගහපු ගොඩක් රටවල් වලට පොරොන්දු මුදල් නොදුන් බව දන්නවාද...? මේ ගිවිසුමේ අැමුණුම්වල මොනවා තියෙනවද කියලා ඔබ දන්නවද..?

:       2       121

KumarMonday, 25 November 2019 03:00 AM

කමනි MCC ගිවිසුම හොඳට අධ්‍යයනය කරලා තිබෙනවා වගේනේ. ගිවිසුම අත්සන් කරලා සල්ලි නොලැබුණු රටවල් කිහිපයක නම කියන්නකෝ... අපේ කොන්ග්‍රස් සභිකයාගෙන් අහලා බලන්න. ඇමෙරිකාවේ කොන්ග්‍රස් එක අනුමත කළදෙයක්.. ජනාධිපතිට වෙනස් කරන්න බැරිබව දන්නේ නැද්ද? මෙරට ජනාධිපති ලඟදී එවැනි දෙයක් තමන්ගේ වාසියට කරන්න ගිහිල්ලා විසිවෙන්න වගේ යන්නේ. MCC ගිවිසුමේ හොඳ නරක ලංකාවේ පාලකයින් තීරණය කරන්න ඕනේ...

:       0       1

ධනුෂ්ක Saturday, 23 November 2019 01:35 PM

කවුරු මොන බයිලා ගැහුවත් MCC ගිවිසුම අනිවාර්යයෙන්ම අත්සන් කරනවා. එ්ක සජිත් අාවත් කරනවා. කවුරු හරි කියනවද නෑ කියලා..

:       0       1

LebbeSunday, 24 November 2019 06:36 AM

ඉදගන්න එපා. මොළේ තැලෙයි.

:       0       1

Raveendra Friday, 22 November 2019 09:45 PM

මොකද මේ පැත්තේ ...? නැහැ .. අයියා දන්නවන්ගේ අපේ ලොකු අයියා මට කිව්වා ගිහින් බලලා වරෙන් හිච්චි අයියව කියලා.. වෙන නම් මුකුත් කිව්වේ නැහැ. පස්සේ කියයි එයාගේ සත්ගුණවත් උපාසක බිස්නස් වලට හා කියන්න කියලා. එහෙනම් ගිහින් එන්නම් හිච්චි අයියේ..

:       0       213

මල්ලි Friday, 22 November 2019 10:04 PM

බලමුකෝ දැන් ගිවිසුම් අත්සන් නොකර ඉඳිද කියලා...

:       40       233

Maalaka Friday, 22 November 2019 11:19 PM

රටවැසියන් එකට මුණගැහිලා..

:       2       115

Nishan Saturday, 23 November 2019 12:54 AM

ඒකට නෙවෙයි එන්න ඇත්තේ... අපි ඔක්කොම ඇමරිකානුවෝ කියලා සතුට බෙදා ගන්න වෙන්න ඇති.

:       143       127

Mahesh Saturday, 23 November 2019 01:19 AM

ඔවුන් ලැබූ එක්තරා ආකාරයක ජයක්නේ.. දැන් ඉතින් කියන විදියට වැඩකරන්නත් වෙයිද දන්නේ නෑ..

:       15       223

SL Saturday, 23 November 2019 02:52 AM

ගෝඨාභයගේ නියම පෞරුෂය තිබුණු තැනක්. සිනහව, බයනැතිකම සියල්ල එකට..

:       751       1073

GuneSunday, 24 November 2019 07:25 AM

මොහිදීන් බෙග්ගේ ලස්සන සින්දුවක් තියෙනවා 'සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා' කියලා.

:       0       4

jayath Saturday, 23 November 2019 04:28 AM

ඇමෙරිකාව වගේ රටකට මේ අත " කපන්න බැරි " එකක් නෙමෙයි. ඕනෑකමක් තියනවා නම්... ගඩාෆිට, සදාම්ට කරපු දේ (ෆිදෙල්ට කරන්න බැරි වූ දේ මතක නොවැ ඉතින්...) ඕනේ නම් මේ "අත " කපන එක කජුකනවා වගේ දෙයක්... අපි දැන් මේ අර විද්‍යාවේ එන "බල තුනක සමතුලිතතාවය" අත්හදා බලමින් ඉන්න කාලයක්... චීනය, ඉන්දියාව සහ ඇමෙරිකාව... ඔය බල තුන සමාන කරලා තියාගත්තේ නැත්නම් "වස්තුව " බිමට කඩාගෙන වැටෙනවා. ඒ නිසා දේශපාලන වාසි ගන්න බොරු ඇමෙරිකන් විරොධයක් මවාපාන්නේ නැතුව වැඩේ ගෙනියන්න වෙනවා. ගෝඨාභය දිනපු හැටියේ කලාපයේ අනිත් සහ අපට ඇහැගහගෙන ඉන්න අනිත් රටවල්වල හැසිරීම දිහා විමසිල්ලෙන් බලන්න මොකද්ද වෙන්නේ කියලා...

:       451       211

සංජීව Saturday, 23 November 2019 05:31 AM

තමන්ගේ අතකොලුවක් වෙන රටක නායකයෙක් වෙනවා දකින එක තරම් ප්‍රීතියක් තව කොහේද නේද? බලන්නකෝ මුහුණේ තියෙන සතුට...

:       471       845

රජින්ද Saturday, 23 November 2019 06:22 AM

මොන දේ කළත් එජාපයේ කුහක අදහස් දැක්කම අප්‍රසන්න හැඟීමක් නේද එන්නේ...?

:       1678       1238

සෙනෙවිරත්න Saturday, 23 November 2019 11:56 AM

පහුගිය දවස්වල කුහක අදහස් තිබුණේම නැහැ. මෙන්න එකක් වසර 10ක් විධායක ජනාධිපති කෙනෙක් රැස්වීම්වල කියනවා "දැන් ඉර කැපුවාම දඩය කීයද? සභාවෙන් 25000 යි, අපේ කාලෙ කීයද?" මේවා කුහක කතා නෙවෙයිද?

:       18       86

karuSaturday, 23 November 2019 02:09 PM

හැබෑට ඔහේ කව්ද...? මීට ඉස්සර ඔය නම තියෙන කෙනෙක් මේ පිටුවේ අපි දැකලා නැහැ. ඔබ ඔත්තු කාරයෙක් වත්ද..?

:       1       43

සෙනෙවිරත්න Sunday, 24 November 2019 01:14 PM

මම කාට ඔත්තු බලන්නද? 70 ඉඳලා මේ කාගෙත් කෙරුවාවල් හොඳට මතක තියෙන සිංහල බෞද්ධයෙක්.. හැබැයි මගේ සිංහල බෞද්ධකම ගස්, කොන්ක්‍රීට්, පිළිම වඳින එකත්, අනෙක් ජාතීන් පහත් කිරීමත් නෙවෙයි.

:       0       1

nisha Saturday, 23 November 2019 06:48 AM

2005 වෙනකල් ඇමරිකාවේ සාමාන්‍ය රස්සාවක් කරගෙන හිටපු ගෝඨාභයට ඔය තත්වයේ කට්ටිය හම්බ වුණාම මොනවා හිතෙන්න ඇතිද?

:       0       226

lakshman jayasekara - boston usaSaturday, 23 November 2019 11:04 AM

අනේ අපිට අමතක වෙන්නේ නැහැ.. අපේ නන්දසේන තීන්ත බාස් උන්නැහේ. ඉනිමගත් බයිසිකල් එකේ බැඳගෙන බොස්ටන්වල අපේ ගෙදර ඇවිත් තීන්ත ගාපු හැටි අදටත් අමතක නැහැ. රස කතා කියන්න සූරයා.

:       13       40

සෙනෙවිරත්න Saturday, 23 November 2019 11:51 AM

පැහැදිලි මදි... තව ටිකක් පැහැදිලි කරන්න.

:       18       1

lasithSaturday, 23 November 2019 01:32 PM

කෙනෙක් අතීතයේ දවසක තීන්ත ගෑවා කියලා, හැමදාම තීන්ත ගාන්ට ඕනේ නැහැ. උනන්දුව තියෙනවා නම් රටක ජනාධිපති වුණත් වෙන්ට පුළුවන්...

:       1       1

ramendra Saturday, 23 November 2019 06:49 AM

කොහොමත් MCC ගිවිසුම අත්සන් කරනවා. අත්සන් කරනකොට මැතිවරණ කොමසාරිස්තුමා කියපු මාධ්‍ය ආයතන ගිවිසුම ගැන මේ රටේ ජනතාවට සාධාරණීය කරලා ජනතාවගේ ඔලුවට දමනවා.

:       12       361

රාලහාමි Saturday, 23 November 2019 11:11 AM

එදාට මේ රට ලේ විලක් වෙයි. හමුදාව රට රැකගන්න පෙරට එනවා. ගෝඨාව බලයට ගෙනාපු සඟ රත්නයට මදි නොකියන්න බලපෑම් එනවා. බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. මේ රට පාවාදෙන්න ලැබෙන්නේ නැහැ. ඊට කලින් ත්‍රිවිධ හමුදාව ක්‍රියාත්මක වෙනවා.

:       109       1

සෙනෙවිරත්න Saturday, 23 November 2019 11:49 AM

වෙයි... වෙයි.. නිවට, නියාලුව බලාසිටිනවා හැර කුමක් කරන්නද?

:       49       80

ධනුෂ්කSaturday, 23 November 2019 01:45 PM

රාලහාමි, අද දිනේ හොඳට මතක තියාගන්න. මගේ නම ධනුෂ්ක මම අද කියනවා ඔය MCC ගිවිසුම නුදුරේම අත්සන් කරනවා. එදාට බලමු එ් ගිවිසුමට විරුද්ධව කෑ ගහපු අය මොකද කරන්නේ කියලා. ඔබලා අනේ පව්...!!!

:       0       1

රාලහාමි Saturday, 23 November 2019 04:46 PM

ඔබ වැනි නිවටයින් ඉන්නකම් මේ රට දියුණු වෙන්නේ නැහැ.

:       17       0

GuneSunday, 24 November 2019 07:58 AM

රාළහාමි, දැන් නැගිටින්න සැහෙන්න දවල් වෙලා.

:       0       1

odiliya Saturday, 23 November 2019 11:15 AM

අපේ රටට එවපු පිල්ලියක් වෙන්නත් බැරි නැහැ...

:       78       94

sena Saturday, 23 November 2019 11:45 AM

ෂුවර් එකටම අර ගිවිසුම අත්සන් කරන්න කියන්න වෙන්න ඇති...

:       0       5

සෙනෙවිරත්න Saturday, 23 November 2019 02:31 PM

එතැනදී තානාපතිනිය මෙහෙමයි කිව්වේ "ඔන්න අපි කටක් ඇරලා මොනවත් කිව්වේ නැහැ. තමුන්නැහේගේ පුරවැසිභාවය ගැන. ගම්මන්පිල වීරවංශ මොනවා කිව්වත් අපි දන්නවා තමුන්නැහේ මේ රටට වඩා ඇමරිකාවට ආදරේ බව. නැත්නම් දරුපවුල එහෙ තියලා මෙහෙ ඡන්දෙ කරාවිද? අපි ගිවිසුම අත්සන් කරමු. වීරවංශ, ගම්මන්පිල දෙපළ ජාතිය පෙන්නලා රටේ විරෝධතා ෂේප් කරාවි"

:       31       290

Hh Saturday, 23 November 2019 07:56 PM

ඔබ සහ මම

:       0       1

Ratawasiy Sunday, 24 November 2019 12:11 AM

නව රාජ්‍ය නායකයෙක් පත්වූ පසු සම්ප්‍රදායික හමුවීමක් තේරුම් ගන්න බැරි පණ්ඩිතයන්.

:       20       0

Athula Sunday, 24 November 2019 12:50 PM

නොයෙක් දෙනා නොයෙක් කමෙන්ට්ස් දානවා. මොනවා කළත් ඔය MCC අත්සන් කරන්න නොවේ ඔබට බලය දුන්නේ. එ්ක අත්සන් කළොත් එදාට අපි පාරට බහිනවා.

:       1       0

kamaniSunday, 24 November 2019 01:34 PM

ඔව්... එදාට ඔබව අපි බලයෙන් පහකරනවා. නියම විප්ලවය එළියට එන්නේ එදාටයි. ඔබට ඡන්දය දුන්නු ගෝත්‍රික වහල්ලුන් යන එනමන් නැතිව තැන තැන අතරමං වේවි. ඔබට සියදිවි නසාගන්න වේවි...

:       0       1

සෙනෙවිරත්න Sunday, 24 November 2019 01:18 PM

පාරෙ බැහැලා කඩේකට, ගමනක් බිමනක් යන්න වෙන්න ඕනෑ... වීරවංශ, ගම්මන්පිල යුවල කුමන්ත්‍රණත්, සංඝ සමාජය බෞද්ධකමත් මතක් කළ පසු සියල්ල සතුටින් විසිරයනු ඇත.

:       0       1

sharm warn Monday, 25 November 2019 05:20 AM

ගෝඨාභය මහත්මයා, කරුණා කරලා කොළපාටින් වෙන්න ගියදේ කුරක්කන් පාටින් කරන්න එපා.. (ඔබ ද්විත්ව පුරවැසියෙක් නම් සහ දේශපාලන චරිතයක් බැවින්) මේ රට විනාශ වෙන්න ගත්තොත්, ඔබට ඕනෑම රටකට යන්න පුළුවන්... යන්න බැරිව නිරා දුක් විඳින ඔබට ඡන්දය දුන් මිනිස්සු ගැන කරුණා කරලා දෙවරක් හිතන්න.. මෙච්චර කල් පත් වුණු කාලකන්නින්ගේ ගොඩට වැටෙන්න එපා. කරුණා කරලා...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 220 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 490 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 586 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 365 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 443 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 163 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site